ගෝඨා කල්යල් බලන්නේ කුමකටද ? – භාතිය බරුකන්ද

‘‘යමක් මේ නම් සුදුස්සාටම අයිති විය යුතු’’ මේ ලංකාවේ ප‍්‍රවීන නාට්‍ය හා රංග ශිල්පී හෙන්රි ජයසේනයන්ගේ ‘‘හුණු වටයේ කතාව’’ නම් නාට්‍යයේ (මෙය බර්ටොල් බ්‍රෙෂ්ට් නම් ලෝ ප‍්‍රකට නාට්‍යකරුවාගේ කොකේසියන් චෝක් සර්කල් නම් නාට්‍යයේ පරිවර්තනයකි* සාරය හකුලා දක්වන වාක්‍ය කණ්ඩයයි. අසඩක් නම් විනිසුරුවරයා (ඔහු සොරෙක් ලෙස හැඳින්වේ* විසින් මයිකල් කුමාරයාගේ අයිතිය වැ¥ මව වන නතාලියා බිසවට නොව ඔහුව හදාවඩා ගත් මව වූ ගෲෂා නම් මෙහෙකාරියට පවරා දෙමිනුයි මෙහෙම කියන්නේ. මේ කතාව දේශපාලනකිව මෙන්ම සාමාන්‍ය ජීවිතය සම්බන්ධයෙන් ද ඉතා වැදගත් ප‍්‍රායෝගික කියමන් ලෙස සැලකෙනවා.
මේ කතාව අපි ලංකාවට ආදේශ කරන්නේ, විශේෂයෙන් ලංකාවේ වර්තමාන දේශපාලන ප‍්‍රවණතා සමග ගළපා ගන්නේ කෙසේද ? එය ඉතා වැදගත්. හේතුව ඉදිරි පළාත් පාලන මැතිවරණය සමග ලංකාව දේශපාලනිකව ඉතාම තීරණාත්මක මංසන්ධියකට පැමිණ තිබෙනවා. පෙබරවාරී 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව ලංකාව ඉදිරියට ගමන් කරන මාර්ගය අපට පහසුවෙන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවෙනවා. ඒ අනුව ලංකාවේ පුරවැසියන් ගමන් කළ යුත්තේ 2015 ජනවාරි 08 වැනිදා දිනාගත් සියලූ ප‍්‍රජාතන්්ත‍්‍රවාදී හා මානවවාදී වටිනාකම් බැහැර කරමින් නැවත මර්ධනකාරී රෙජිමයක යකඩ සපත්තුවක් යටතට ද එසේ නැතිනම් යහපාලනයේ ජයග‍්‍රහණ සහතික කරන, නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජීව ගුණය සපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනයක් වෙතට ද යන්න පිළිබඳ තීරණාත්මක සංඥාව පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල මගින් ලැබෙනු ඇති.
නැවත සොහොන් ලකුණු පෙනීම
මේ තත්ත්වය කෙරෙහි අපගේ දැඩි අවධානයට යොමුවිය යුත්තේ යම් ජනතාව විසින් දිනාගත් මේ නිදහසට ඉහඳ තැබීමට පරාජිත රෙජිමය සහ රෙජිමයට කත් ඇද්ද සියලූ බලවේග අඛණ්ඩ ප‍්‍රයත්නයක් ගනිමින් සිටින නිසයි. ගොබෙල්ස්වාදී මාධ්‍ය භාවිතය සහ පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීමට ගන්නා සංවිධානාත්මක වෑයම හරහා ඉදිරියේදී සිදුවීමට නියමිත ව්‍යසනය ගැන ජනතාව සවිඥානික විය යුතුයි.
මේ අතර 2020 ජනාධිපතිවරණය ගැන සහ ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන පරාජිත රෙජිමය විසින් ඉදිරිපත් කරන අදහස් අපගේ සුවිශේෂ විමසුමට ලක්විය යුතුයි. ඒ ඉහතින් සඳහන් කළ පරිදි සුදුසු පුද්ගලයා අතට නොව යම් කිසි ආකාරයකින් නුසුදුස්සා අතට කුමන්ත‍්‍රණකාරී ආකාරයෙන් බලය හිිමිවුවහොත් සිදුවිය හැකි ‘‘නාසි තර්ජනය’’ ගැනයි.
මේ අතර පසුගිය දා ඊනියා ඒකාබද්ධ විපක්ෂයේ (පොහොට්ටුවේ* පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ 2020 පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන හෙළි කිරීමක් කළා. ජනමාධ්‍යවල ක්ෂණික අවධානය දිනාගත් මේ උණුසුම් පුවත අනුව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වන්නේ ගොඨාභය රාජපක්ෂ මහතායි. රොෂාන් රණසිංහට අනුව ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපති කරමින් ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විධායක අගමැති කරමින් ද සිදුවන අපූරු පාලනයක සියලූ සැලසුම් මේ වන විටත් සම්පාදනය කොට අවසන්.
යළි ගෝඨාගමනයක් ගැන කෙරෙන මේ ඉඟි අප සැලකිය යුත්තේ 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ 62 ලක්ෂයක් ජනතාව දිවිහිමියෙන් දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම්වලට වළ කපන සංඥාවක් විදිහටයි. ඒ යම් කිසි හෝ දෛවෝපගත ආකාරයකින් යළිත් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලට සහ අන්තජාතිවාදී කල්ලියට බලය හිමි වුවහොත් ලංකාව රටක් වශයෙන් මුහුණ දෙන අභාග්‍ය සම්පන්න ඉරණම නිසයි. ඒ නිසා රොෂාන් රණසිංහලාගේ වචන හරහා යළි සමාජය ඉදිරියේ පා¥ර්භූත වන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගමේ සොහොන් ලකුණු ලත් තැනට ලොප්කර දැමීමට පියවර ගැනීම අප සැමගේ වගකීමක්.
සමාජය ගෝඨාභයට බය ඇයි ?
ගෝඨාභය රාජපක්ෂ ගැන මේ තරම් භීතියක් සමාජය තුළ තිබෙන්නේ ඇයි ? ඔහු යුද්ධය ජයග‍්‍රහණය කළ, කොළඹ සංවර්ධනය කළ අසහාය පුද්ගලයා නේද ?’’ මේ ප‍්‍රශ්නය ඇතැම් අවස්ථාවල අසනු දැකිය හැකියි. මෙවැනි අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් ධනාත්මකව ඉදිරිපත් වන ප‍්‍රබල තර්කයක් වන්නේ ‘‘යුද්ධය අවසන් කළේ ගෝඨා’’ කියන ප‍්‍රලාපයි. අනෙක් කරුණ වන්නේ ‘‘කොළඹ ලස්සන කළේ, දියුණු කළේ ගෝඨාභය’’ යන්නයි.
මේ ද්විත්ව කරුණ මීට මාස කිහිපයකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය විසින් සිදුකළ බව කියන සමීක්ෂණයේ ප‍්‍රතිඵල මගින් ද හුවා දක්වා තිබුණා. (මෙවැනි සමීක්ෂණයක් කොළඹ විශ්වවිද්‍යාලය විසින් නිල වශයෙන් නොකළ බව විශ්වවිද්‍යාල පරිපාලනය මගින් අවධාරණය කළා* එහිදීත් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය කාලය පුරා අතිසූක්ෂම ආකාරයෙන් සමාජගත කළ ඉහත සඳහන් ප‍්‍රලාපයට ඉහළම වටිනාකමක් ලබාදී තිබුණා.
ඒත් මේ සියලූු කතා හුදු කතා බවට පත්වන කරුණු කාරණා මේ සමග ම අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එකී කාලය තුළම ස්වේච්ඡුාවෙන්ම සමාජයට මුදාහැර තිබුණා.
නීතිය අවභාවිත කිරීමේ ඉතිහාසය
ඒ අතර ප‍්‍රමුඛ කරුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ලේකම්වරයා ලෙස දශකයකට ආසන්න කාලයක් තුළ සිදු වූ සුපිරි පරිපාලන භූමිකාව (දේශපාලන භූමිකාව ගැන පසුව විමසමු* කිසිසේත් ‘‘හුදී ජන පහන් සංවේගය’’ පිණිස නොවීමයි. එය තනිකරම ලංකාව මිලිටරි ජුන්ටා පාලනයක් කරා රැුගෙන යන අධිකාරීවාදී පාලනය ලක්ෂණ අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා ප‍්‍රකට කළා මිස නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම්වලට ගරුත්වයක් ලබා දෙන පොදු පිළිගැනීමට ලක් වූ පරිපාලනයක් වුණේ නැහැ. අපට මේ තත්ත්වය ඉතා පහසුවෙන් වටහා ගැනීමට කරුණු කිහිපයක් සාකච්ඡුාවට ගත හැකියි.
ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේ ‘‘නීතියට ඉහළින් සිටීමට’’ ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ සහ දක්වන පුදුමාකාර කැමැත්තයි. රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී තෝරාගත් පුද්ගලයින් වෙනුවෙන් ඍජුව සිදුකළ දේශපාලනය මේ අතර ප‍්‍රමුඛයි. දුමින්ද සිල්වා, උදය ප‍්‍රභාත් ගම්මන්පිල වැනි තෝරාගත් චරිත මැතිවරණවලදී ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ මැතිවරණ වේදිකාවලට පිවිසීමට ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේ සියලූම රාජ්‍ය පරිපාලන චක‍්‍ර ලේඛන බැහැර කරමින්. ඔහු ඉතාම පැහැදිලිව පක්ෂ දේශපාලනයේ යෙදුණා පමණක් නොව ඒ සඳහා අසීමිත ආකාරයෙන් තමා යටතේ තිබූ රාජ්‍ය සම්පත් හා වරප‍්‍රසාද අපයෝජනය කළා. මෙහි උපරිම 2010 ජනාධිපතිවරණයේදී සිදු වෙන අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිවාදියා වුණ හිටපු යුද්ධ හමුදාපති සරත් ෆොන්සේකා මහතාව දේශපාලනකිව මෙන්ම පුද්ගලිකව ද පරාජය කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය සේවකයෙකු ලෙස ඍජු මැදිහත්වීමක් කළා. අවසාන වශයෙන් සරත් ෆොන්සේකා මහතාට ජම්පර් අන්දනවන තත්ත්වය දක්වා මේ අව ක‍්‍රියාකාරීත්වය දිගු වුණා.
සමාජය වෙත මර්ධනය මුදා හැරීම
ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සමාජය තුළ ‘‘භීතියක්’’ නිර්මාණය වන්නේ ඇතැම් අවස්ථාවාදීන්ගේ හා අන්තවාදීන්ගේ මහත් ඇගයීමට ලක්ව ඇති ‘‘ඍජු / දැඩි තීන්දු ගැනීම ’’ නාමයෙන් සිවිල් සමාජය වෙත මර්ධනය මුදා හැරීමට රාජපක්ෂ මහතා ගත් අනිසි පියවර නිසයි. රාජපක්ෂ පාලන සමය තුළ සිදු සියලූ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට අසීමිත ආකාරයෙන් රාජ්‍ය මර්ධන හස්තය දිගු වුණා. උදාහරණ වශයෙන් ‘‘රතුපස්වල ඝාතන’’ ‘‘කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ රොෂාන් චානක ඝාතනය සහ නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් වෙත එල්ල වූ දැවැන්ත ප‍්‍රහාරය, හලාවත ධීවර උද්ඝෝෂණයට එල්ල කළ හමුදා ප‍්‍රහාරය හරහා සිදු වූ ධීවර කාර්මික ඝාතනය මේ අතරින් කිහිපයක් පමණයි. මේ අතර ඉතාමක් සංවිධානාත්මක හා කෲරතරම ඝාතන සිදුවීම වන්නේ වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ තෝරාගත් රැුඳවියන් පිරිසක් ඝාතනය කිරීමේ සිදුවීමයි. මේ සියලූ ඝාතන හා ප‍්‍රහාරයන් ඉතාම ඍජුව ආරක්ෂ අංශවල සහභාගීත්වය මත සිදු වූ ඒවා බැවින් ඒ කිසිදු සිදුවීමක වගකීමෙන් ගැළවී යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාවක් නැහැ.
ජනමාධ්‍ය මර්ධනය හා වෛරී ප‍්‍රකාශ
ගෝඨාභය රාජපක්ෂ මහතාව 2020 දී මේ රටේ ජනාධිපතිවරයා කිරීමට පිඹුරුපත් සකසන, සිහින දකින රොෂාන් රණසිංහ ඇතුළු කල්ලිය මේ සමාජය කොතරම් ‘‘භෝඨා භීතියකින් ’’ සිටින්නේද යන්න නොදැන සිටීම ගැන අපට පුදුමයක් නැහැ. ඒත් ලංකාව තුළ ජීවත් වන 62 ලක්ෂයක් ජනතාව ඉතාම තීරණාත්මකව මහින්ද රාජපක්ෂ මහතාව දෙවරක්ම පරාජයට පත් කරන විට ඒ තුළ බැසිල්, නාමල්, ශිරන්ති යන රාජපක්ෂවරුන් සේම, ඇතැම් විට ඒ සියලූ දෙනාටම වඩා ඉහළින් ගෝඨාභය රාජපක්ෂ විරෝධය ප‍්‍රකාශයට පත් වූ බව අප විසින් අමතක නොකළ යුතුයි.
කම්කරුවන්, තරුණයින්, සමාජ ක‍්‍රියාකාරීන් ඇතුළු සිවිල් සමාජය වෙත දඩබල්ලන් මුදා හරිමින් ඔවුන් දඩයම් කරන වේගයට වඩා වැඩි වේගයකින් ගෝඨාභය රාජපක්්ෂ මහතා ජනමාධ්‍ය ඇතුළු මතවාදී තලය වෙත ද භීෂණයේ හස්තය දිගු කළ බව අප විසින් කිසිසේත් අමතක නොකළ යුතුයි. රාජපක්ෂ පාලන සමය තුළ සිදුවූ සිය ගණනක් වන ජනමාධ්‍ය සම්බන්ධ භීෂණකාරී සිදුවීම් පිටුපස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශක්තිමත් සෙවනැල්ල වැටී තිබූ බවට වන චෝදනාවෙන් රාජපක්ෂ මහතා මේ දක්වා නිදොස් කොට නිදහස් කර නැහැ. ජනමාධ්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජය විසින් පසුගිය කාලය පුරාම යුක්තිය ඉල්ලා සිටින ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රදීප් එක්නැලිගොඩ, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, නාමල් පෙරේරා, සිවරාමන්, උපාලි තෙන්නකොන් ආදි සිදුවීම් ජාලය සේම සන්ඬේ ලීඩර් කර්තෘ පෙඞ්රිකා ජෑන්ස් මහත්මියට සිදුකළ චාචික තර්ජන (දුරකථනය මගින්* සේම ජනමාධ්‍ය සමාජය වෙත එල්ල වූ නිමක් නැති තර්ජන ගර්ජන ගැන චෝදනා ලැයිස්තුවක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ තිබෙනවා. ඒ නිසා 2020 දී අලූත් සළුපිළි පැළඳගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී වේදිකාවට ගෙවැදීමට පෙර මේ කුණුවලින් නීතිය ඉදිරියේ පිරිසිදු වීමට ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත යුතු බවයි අපගේ අදහස වන්නේ.
ඥාතිමිත‍්‍ර සංග‍්‍රහය ගැන චෝදනා
දස වසරක පාලන සමය තුළ සිදු වූ කප්පරක් වංචා සහ ¥ෂණ ගැන නෑසූකන්ව සිටිමින් යහපාලන ආණ්ඩුවේ බැඳුම්කර සිදුවීම දඩමීමා කරගෙන යළි බලය අල්ලා ගැනීමට තැත් කරන පොහොට්ටු පක්ෂයේ සුපිරි වීරයාගේ ඥාතී මිත‍්‍ර සංග‍්‍රහය ද කිසිදා සෝදා හැරිය නොහැකි දැවැන්ත තාර පැල්ලමක් බව අප අමතක නොකළ යුතුයි. මිග් 28 ගුවන් යානා මිලදී ගැනීමේ සිදුවීමේ සිට ඉදිරියට ඇදෙන මේ සිදුවීම් ජාලය තුළ සමාජය තුළ මහත් ආන්දොලනයක් ඇති කළ, යම් යම් තාක්ෂණික කරුණු නිසා යටපත් වෙමින් තිබෙන ‘‘ඇවන්ගාඞ්’’ සිදුවීම සේම ‘‘ඒ.ඞී. රාජපක්ෂ කෞතුකාගාරය’’ සම්බන්ධ සිදුවීම ද තිබෙන බව අප විසින් කිසිසේත් අමතක නොකළ යුතුයි. මේ සිදුවීම් ද්විත්වයේදීම අධිකරණය හමුවේ තම නිර්දෝෂීභාවය ඔප්පු නොකරමින් කට්ටි පනින ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම හා සම්බන්ධ චෝදනාවෙන් තම දෑත් පිරිසිදු කර ගන්නේ කවදාදැයි සමාජය මහත් වුවමනාවෙන් බලාසිටින බව අප අමතක නොකළ යුතුයි.
යුද්ධ හමුදා මූලස්ථානයේ ඉඩම
අද බැඳුම්කර සිදුවීම හරහා ආණ්ඩුවට රුපියල් කෝටි 1000ක් අහිමි වුණා යැයි කියමින් රට ගිනි තබන හිටපු පාලකයින් වසරකට රුපියල් කෝටි 500 බැගින් පසුගිය අවුරුදු කිහිපය පුරා දැවැන්ත මුදලක් රටට අහිමි කළ සිදුවීමක් ගැන පසුගිය දා ඇමැති චම්පික රණවක මහතා හෙළි කළා. ඒ ගාලූ මුවදොර පිටියේ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම චීන ෂැන්ග‍්‍රිලා හෝටල් සමාගමට පැවරීම සමග සිදු වූ දැවැන්ත වංචාව හා නාස්තිය ගැනයි.
‘‘කොළඹ තිබුණා ගාලූ පාරේ අංක 01 දරන ලිපිනය. එම ලිපිනය සුද්දාගේ කාලේ ඉඳන් තිබුණේ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලස්ථානය. එක රැුයින් මේ යුද්ධ හමුදාව මෙතැනින් පන්නලා දාලා ඒ ඉඩම් අක්කර 10 දුන්නා විදේශීය සමාගමකට සින්නක්කරව. අද ජාතික සම්පත් විකුණනවා කිය කිය පපුවට අතින් ගහගන්න රාජපක්ෂ, හමුදා කඳවුරු උතුරින් ඉවත් කරනවා කිය කිය කෑගහන ගෝඨාභය රාජපක්ෂ පැය 24න් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව පාරට දැම්මා. යුද්ධ හමුදාව පාරට දාලා ඒ ඉඩම සින්නක්කරව වික්කා. ලංකාවේ වටිනාම ඉඩම සින්නක්කරව විකුණන කොට කිසිම ටෙන්ඩර් කැඳවීමක් නැහැ. දැන් මොකද තත්ත්වේ ? පාරට වැටිච්ච හමුදාව තැන් තැන්වල වැටිලා ඉන්නවා. අවුරුද්දකට කුලිය රුපියල් කෝටි 500ක් ගෙවන්න වෙලා තිබෙනවා හමුදාවට.
මේ ඉඩම විකුණලා ගත්තා රුපියල් මිලියන 8000ක්. ඒකෙන් පැලවත්තේ යුද්ධ හමුදා මූලස්ථානය හදනවා කියලා කිවුවා. මේ ආණ්ඩුව ආපු හැටියේ ජනාධිපතිතුමා මට කිව්වා ගිහින් බලන්න කියලා. මම ගියා. ගිහින් බැලූවා. ඔක්කොම ළමයි සිමෙන්ති අනනවා. ගඩොල් කපනවා. කොන්්ක‍්‍රීට් අනනවා. යකඩ ගැට ගහනවා. ඔක්කොම හමුදාවේ ශ‍්‍රමය.
මම ඇහුවා ‘‘මොකෝ මල්ලි කරන්න තියෙන්නේ අවසානෙට ?’’
‘‘සර් අක්කර 20ක ටයිල් අල්ලන්න තියෙනවා. කියලා ළමයෙක් කිව්වා.
මේ ගෝල්ෆේස් එකේ අක්කර 10යි. හිතාගන්න පුළුවන්නේ බිල්ඩිමේ සයිස් එක. අක්කර 20ක ටයිල් අල්ලන්න කීය ද ගාන ? මිලියන 8000ක් කියලා කිවුවේ ගෝඨාභය. මිලියන 64,000ක් යනවා අද ඒකට. හමුදාවේ ශ‍්‍රමය ඔක්කොමත් එක්ක. මිත‍්‍රවරණි, වර්ග අඩියක් හදන්න යනවා රුපියල් 24,000ක්. ලෝකයේ බලවත්ම හමුදාව තියෙන්නේ ඇමෙරිකාවේ. එහි මූලස්ථානය තමයි පෙන්ටගනය. ඒක තමයි ලෝකේ ලොකුම හමුදා මූලස්ථානය. ඒකෙන් හරියටම භාගයක් මේක. එක පැත්තකින් අපි හමුදා කඳවුරු පිට තියෙන ඒවට ණය ගෙවන්න ඕනෑ. 2023 වෙනකම් මේක හදලා ඉවර කරන්න බැහැ. කාගෙද මේ සල්ලි ? ගෝඨාභයගේ අම්මගේ අප්පගේ සල්ලිද? රටේ ජනතාවගේ සල්ලි. පාන් පිටිවලින්, කිරිපිටිවලින්, භූමිතෙල්වලින් බුදු ගන්න වෙලා තියෙන්නේ මෙන්න මේ වාගේ මූසල සංවර්ධනයකට රට යොමු කරපු නිසයි. හමුදාවට මූලස්ථාන ඕන. ගෞරවය ඕනෑ. ඒක ලබා ගන්න පුළවන් වෙන්නේ රටේ ධනය කාබාසිනියා කරලා නොවෙයි. ඒ සඳහා විධිමත් ආකාරයේ ගොඩනැගිලි ඉදිකිරීමෙන්.
මේකේ අනික් කතාව. මේ ඉඩම වික්ක චීන සමාගමට තිබෙනවා සිංගප්පූරුවේ අනු ශාඛාවක්. මේ අනු ශාඛාවෙන් එනවා මේ ඞීල් එකේ ප‍්‍රතිඵලයක් හැටියට මේ පාරේ ගල් අල්ලපු කොම්පැණියකට දශ ලකෂ 175ක්. සමහර අහනවා ‘‘සිඟිති ඞීල්වත් අල්ලලා නැහැ’’ කියලා. මේ කට්ටිය ගෙන්වනවා. ගෙන්නලා අහනවා මේ දශ ලක්ෂ 175 කාගෙද කියලා. ‘‘අපි දන්නේ නැහැ අපේ එකවුන්ට් එකට පිටින් වැටිලා කියනවා. අන්න ඒ සල්ලි ටික යනවා මහා භාණ්ඩාගාරයට. සිඟිති ඞීල් අල්ලන්නේ නැහැ කියලා කියන අයටයි අපි කියන්නේ. ඊළඟට තව දශ ලක්ෂ 60කට වැඩි මුදලක් එනවා ‘‘කොස්මොස්’’ කියන ආයතනයටයි සී.එස්.එන් ආයතනයටයි. කාගේද ඒවා, නාමල් බේබිගේ. ඒ නඩු අද හැහෙනවා’’
ඇමැති චම්පික රණවක මහතා විසින් සිදුකළ මේ හෙළිදරව්ව මගින් අපට පැහැදිලි වන්නේ කුමක්ද ? ඒ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කිල්ලෝටයේ සමාජය හිතවනාටත් වඩා කුණු තිබෙන බවයි.
පුරවැසියෙක්වත් නොවන දේශපේ‍්‍රමියා
අවසාන වශයෙන් කිව යුත්තේ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව අතිෂයින් තීරණාත්මක අඩියකට පත්ව සිටි 1990 දශකයේ යුද්ධ හමුදාවෙන් ඉල්ලා අස්වී ඇමෙරිකාවට සංක‍්‍රමණය වී එහි පුරවැසිභාවය ලබා ගෙන මහින්ද රාජපක් මහතා ජනාධිපති පදවියට පත්වන තෙක් ඇමෙරිකාවේ ජීවත් වෙමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා තම ද්විත්ව පුරවැසිභාවය අහෝසිකර ගෙන නැති බවයි. ගීතා කුමාරසිංහ මහත්මියගේ නඩුව හරහා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සහතික කර තිබයදීත් ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසිකර ගැනීමට මේ දක්වා පියවර නොගන්නා ගෝඨාභය රාජපක්ෂ මහතා කල් යල් බලමින් සිටින්නේ කුමක් සඳහා දැයි පැහැදිලිය.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *