රටේ ප‍්‍රධාන ප‍්‍රශ්නය වංචාව, දුෂණය, නාස්තියයි – ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු අඩක් පමණ අවසන් වී තිබෙනවා. මෙවර මැතිවරණය විශේෂ සලකුණක් තියපු මැතිවරණයක්. මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ අලූත් ක‍්‍රමයකටයි. එනිසා මෙවර මැතිවරණය අලූත් අත්හදා බැලීමක්. මහා දැවැන්ත තරගය, ගැටුම් අඩුවෙලා තිබෙනවා. කොට්ඨාස ක‍්‍රමයට මැතිවරණය පැවැත්වෙන නිසා තරගය කොට්ඨාසයට සීමා වෙලා. තරගකාරිත්වය, ගැටුම අඩුවෙලා.
මැතිවරණ තේමා පාඨයන් අතර වංචාවට, ¥ෂණයට එරෙහි සටන උඩට ඇවිත් තිබෙනවා. මීට පෙර ප‍්‍රතිපත්ති සහ වෙනත් තේමා පාඨයන් කතාබහට ලක්වුණත් මෙවර මුලට ඇවිත් තිබෙන්නේ වංචාවට, ¥ෂණයට එරෙහි සටන් පාඨයයි. එයට හේතුව අපේ රටේ පළාත් පාලන ආයතන සියල්ල වංචාවෙන්, ¥ෂණයෙන්, හොරකමෙන් පිරී තිබීමයි. අනෙකුත් පක්‍ෂවල අපේක්‍ෂකයින් මන්තී‍්‍රධුරය ලබා ගන්නේම වංචා, ¥ෂණ කිරීමටයි. ඔවුන්ට මන්තී‍්‍රධුරය හොරකම් කරන්න බලපත‍්‍රයක් වී තිබෙනවා. මීට පෙර හිටපු උප සභාපතිලා, සභාපතිලා, විශාල ප‍්‍රමාණයක් නීති විරෝධී කටයුතු සිදුකොට තිබෙනවා. දැනුත් කරමින් සිටිනවා. පහුගිය දවසක වාර්තා වුණා, හිටපු උප සභාපතිවරයෙක් බුරුත ගස් කපලා අත් අඩංගුවට අරගෙන තිබෙනවා කියලා. තවත් අපේක්‍ෂකයෙක් ගංජා කිලෝ 32ක් එක්ක අත්අඩංගුවට අරගෙන තිබෙනවා. තව කෙනෙක් කසිප්පු පෙරලා අත් අඩංගුවට අරගෙන තිබෙනවා. මේ වගේ නීති විරෝධී වැඩ පහසු කරගන්න තමයි මේ අය මන්තී‍්‍රකමට තරග කරන්නේ. වංචාවට, ¥ෂණයට හවුල් වෙන්න මන්තී‍්‍රකම අරගන්න පොරකනවා. මේ තත්වය නිසාම වංචාවට, ¥ෂණයට එරෙහි ජනතාවගේ හඬ වැඩිවෙලා තිබෙනව.
ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැතිවරණ තේමාව වූයේ ‘ගම ගොඩනගන, ¥ෂණය පරදන ජවය’ යන්නනයි. ¥ෂණය පරාජය කරලා ගම ගොඩනගන්න ජවයක් තියෙන අය පත් කරගන්න අවශ්‍යයි. මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ආරම්භයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපි පළාත් පාලන අපේක්‍ෂකයින් කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයට කැඳවලා ප‍්‍රතිඥාවක් දුන්නා, වංචාව, ¥ෂණය නතර කිරීමට කි‍්‍රයා කරනවා කියලා. මොකද, ජනතා විමුක්ති පෙරමුණේ කිසිවෙක් ¥ෂණයට සම්බන්ධ නැති නිසා වංචාව, ¥ෂණය නැති කරන්න පුළුවන් ජවිපෙට පමණයි. අපිට පස්සේ අනෙක් පක්‍ෂත් සමුළු තිබ්බා; ප‍්‍රතිඥා දුන්නා. ඒ පක්‍ෂවල නායකයෝ වංචාව, ¥ෂණය නතර කරනවා කියලා ප‍්‍රතිඥා දුන්නා. මේ දවස්වල ජනාධිපතිවරයාගේ කතාවලත් සාරාංශය වෙන්නේ ¥ෂිතයන් අල්ලනවා, හොරකම නතර කරනවා කියන එකයි. මහින්ද රාජපක්‍ෂත් හොරකම නතර කරන්න කතා කරනවා. මහින්දගේ අපේක්‍ෂකයන්ට පළාත් පාලන ආයතනවලට පත්වීමෙන් පසුව කොන්ත‍්‍රාත් කිරීම නතර කරනවා කිව්වා. එජාපයත් හොරකම ¥ෂණය නවත්වන්න කතා කරනවා. මේ දවස්වල වැඩිම වටිනාකමක් ලැබී තිබෙන්නේ ¥ෂණයට එරෙහි සටන් පාඨය. ඒ ඇයි? අපේ රටේ ප‍්‍රධාන ගැටලූව වෙලා තිබෙන්නේ මහා පරිමාණ වංචාව, මහා පරිමාණ ¥ෂණයයි. ඛේදවාචකය තමයි, ¥ෂිතයින්ම වංචාව, ¥ෂණය නැවැත්වීමේ අයිතිය තමන් අතට ගන්න උත්සාහ කිරීමයි. මෙයින් සිදුවන්නේ ජනතාව තුළ තිබෙන ¥ෂණයට එරෙහි මානසිකත්වය අවුල් වීමයි. ඒ නිසා අපි ජනතාවට කියනවා, මේ පක්‍ෂවල නායකයින් කියන දෙයින් නොව ඔවුන්ගේ කි‍්‍රයාකාරිත්වයෙන් ඔවුන් තේරුම් ගන්න කියලා. ඔවුන්ගේ භාවිතයෙන් හඳුනා ගන්න කියලා. වංචාව, ¥ෂණය නතර කරන්න පුළුවන් කාටද කියලා තේරුම් ගෙන ඒ අනුව ගමේ බලය ලබාදිය යුත්තේ කාටද කියලා තීරණය කරන්න කියලා අපි ජනතාවට කියනවා.
හොරු අල්ලන්න ආපු ආණ්ඩුවේ විශාලම හොරකම බැඳුම්කර හොරකමයි. මේ ආණ්ඩුව ජනතාවට දුන්නු ප‍්‍රධානම පොරොන්දුව හොරු අල්ලනවා කියන එකයි. දැන් වසර 3ක් ගතවී තිබෙනවා. ජනාධිපති කොමිෂන්, පරීක්‍ෂණ කතා විතරයි. හොරුන්ට දඬුවම් දෙනවා කියලා දඬුවමක් දුන්නේ දෙන්නෙකුට විතරයි. සිල් රෙදි බෙදපු නිසා වැරදිකරුවන් වුණු ලලිත් වීරතුංගට, අනූෂ පැල්පිටට බරපතළ වැඩ ඇතිව වසර 3ක සිර දඬුවමක් දුන්නා. නමුත් මොකද වුණේ? ඇපිල් එකක් දාලා ඇප අරගෙන ගෙදරට වෙලා ඉන්නවා. ඒ නිසා මේ ආණ්ඩුව හොරු අල්ලන ආණ්ඩුවක් නෙවෙයි. බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ ජනාධිපති කොමිසම කිවුවා, රුපියල් මිලියන 11,145ක වංචාවක් සිදුවී තියෙනවා කියලා. බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න ඇත්ත වුවමනාවක් තිබුණා නම් කාලය ගතකරන්න ඕනෑ නැහැ. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවත් පරීක්‍ෂණයක් කළා. එජාප මන්තී‍්‍රවරුන්ගේ බාධා මැද්දේ වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාව නීතිපතිට බාර දීලා තිබෙනවා. නමුත් නීතිමය කි‍්‍රයාමාර්ග නැහැ. ජනාධිපති කොමිසම බැඳුම්කර පිළිබඳව විමර්ශනය කළේ ප‍්‍රසිද්ධියේමයි. නමුත් දැන් ජනාධිතිවරයා වාර්තාව හංගාගෙන ඉන්නවා. ඒ වාර්තාව ජනතාවට අවශ්‍ය දෙයක්. පාර්ලිමේන්තුවටත් අවශ්‍ය වාර්තාවක්. මොකද, ඒ වාර්තාවේ තියෙන්නේ මහජන මුදල් හොරාකාපු විදිහයි. මහජන මුදල්වල වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ නිසා පාර්ලිමේන්තුව ඒ වාර්තාවේ කරුණු දැනගත යුතුයි. නමුත් එම වාර්තාව දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කරනවා.
බැඳුම්කර කොමිසමට කලින් මහා පරිමාණ වංචා, ¥ෂණ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කළා. මහා පරිමාණ වංචා, ¥ෂණ සිදුවීම් 34ක් පිළිබඳ පරීක්‍ෂණ වාර්තා ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා. ඒ වාර්තා කොහේද? දැන් එම වාර්තා 34 බැඳුම්කර වාර්තාවෙන් යට වෙලා තිබෙනවා. ඒකට හේතු වෙලා තිබෙන්නේ බැඳුම්කර වාර්තාවේ තිබෙන්නේ එජාපයේ හොරකම් ගැනයි. මහා පරිමාණ වංචා, ¥ෂණ පිළිබඳ වාර්තා 34ට අනුව ජනාධිපතිවරයා ළඟ ඉන්න අයගේත් ¥ෂණ හෙළිවෙන්න පුළුවන්. ඒ නිසා ඒ වාර්තා හංගාගෙන ඉන්නවා. එයින් පේනවා, කොමිෂන් පත් කිරීම, විමර්ශන කිරීම, දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගන්නවා කියලා. පක්‍ෂ බේද නොසලකා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න නොවෙයි මේ කොමිසම් පත් කරන්නේ. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා මෙම වාර්තා 34 වහාම එළියට දාන්න කියලා.
ජනාධිපතිවරයා මීට අවුරුද්දකට කලින් විශේෂ වංචාවක් පිළිබඳ හෙළිදරව් කිරීමක් කළා. මාතර නිල්වලා ව්‍යාපෘතියට මුදල් වෙන් කළේ 2015 ජනවාරි 08වැනිදා පැවති ජනාධිපතිවරණයට දිනකට කලින් බවත් එසේ නීති විරෝධීව වෙන්කළ මුදලින් පස් පිඩැල්ලක්වත් කපා නොමැති බවත් ජනාධිපතිවරයා කිවුවා. එම ¥ෂණයට හවුල් වූවන්්ට දඬුවම් කරනවා කිවුවා. එදා ඒ කතාව කරලා මාධ්‍ය ඉදිරිපිට ජනපි‍්‍රය වුණා. දැන් ඒ හොරකම ගැන කාටවත් මතක නැහැ. පරීක්‍ෂණත් නැහැ. එම සිදුවීම වනවිට වාරිමාර්ග ඇමති නිමල් සිරිපාලයි. නමුත් දැන් නිමල් සිරිපාල ඉන්නේ මෛතී‍්‍රගේ පැත්තේ. වංචා, ¥ෂණ පිළිබඳ පරීක්‍ෂණ දේශපාලන කී‍්‍රඩාවක් කරගත යුතු නැහැ. දැන් ශී‍්‍ර ලංකා ගුවන් සමාගම සහ මිහින් ලංකා සමාගම පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කරන්න හදනවා. එම ආයතන දෙකේ විශාල මුදල් නාස්තියක් සිදුවෙලා තියෙන බව ඇත්ත. මීට පෙර එය පාලනය කළේ මහින්දගේ මස්සිනා. රාජපක්‍ෂලා එය පාලනය කළේ පවුලේ බූදලයක් කියලා හිතාගෙන. මහජන මුදල් කෝටි ගාණක් විනාශ කළා. ජනාධිපතිවරයා තමන්ට එල්ල වන පීඩාව මගහැර ගන්න තමන්ගේ ප‍්‍රතිවාදීන්ට ප‍්‍රහාර එල්ල කරන්න කොමිසම් පත්කරලා හරියන්නේ නැහැ. ¥ෂිතයින්ට එරෙහි පරීක්‍ෂණ දේශපාලන කී‍්‍රඩාවක් කර නොගෙන ¥ෂිතයින්ට දඬුවම් දෙන්න කියලා අපි ජනාධිපතිවරයාට කියනවා.
මේ දෙගොල්ලන්ම ¥ෂිතයෝ බව පැහැදිලියි. වංචාව, ¥ෂණය නවත්වන්න ¥ෂිතයින්ට බැහැ. සරලම කතාව නම් හොරුන්ට හොරකම නතර කරන්න බැහැ. මෙතෙක් බලයේ හිටපු අයත් නැවත බලය ඉල්ලූවට වංචාව, ¥ෂණය, නාස්තිය නතර කරන්න බැහැ. ජනතාව ඒ පාඩම ඉගෙන ගන්නවා නම් හොඳම අත්දැකීම පහුගියදා පාර්ලිමේන්තුවේදී ලැබුවා. අගමැතිවරයා බැඳුම්කර වාර්තාව පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් කරන්න ගියපු වෙලාවේ මහින්ද රාජපක්‍ෂගේ කණ්ඩායම රනිල් හොරා කියන්න පටන් ගත්තා. රනිල් වික‍්‍රමසිංහ තමන්ගේ කණ්ඩායමත් එක්ක මහින්ද හොරා කියන්න පටන් ගත්තා. ජනමාධ්‍ය ඉස්සරහ, කැමරා ඉස්සරහ දෙගොල්ලන් දෙපැත්තේ ඉඳලා මහින්ද හොරා, රනිල් හොරා කියලා කෑ ගැහුවා. සමහරු සුනාමි හොර, බැඳුම්කර හොරා කියලා කෑ ගැහුවා. දෙගොල්ලම හොරු. ඒ ඝෝෂාවට ගුටි බැට හුවමාරුවට සම්බන්ධ නොවූ එකම කණ්ඩායම ජවිපෙ විතරයි. රටක විනය හදනවා නම් විනයගරුක පාලනයක් හදනවා නම් ආදර්ශය නොදී බැහැ. පාර්ලිමේන්තුවේ මැරයෝ වගේ හැසිරෙන පිරිසක් විනයගරුක රටක් හදන්නේ කොහොමද? මේ කණ්ඩායම් දෙකේ කාටවත් ජනතා විමුක්ති පෙරමුණට හොරු කියලා චෝදනා කරන්න බැහැ. අපිට එරෙහිව කොමිසම් නැහැ; පරීක්‍ෂණ නැහැ. ඒ ජනතා විමුක්ති පෙරමුණේ හොරු නැති නිසා. ඒ නිසා වංචාව, ¥ෂණය, නාස්තිය නතර කරන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට පමණයි.
මේ දවස්වල ජනාධිපතිවරයා ජනපි‍්‍රය වෙන්න විවිධ වැඩ කරනවා. මුදල් අමාත්‍යාශයෙන් ගැසට් එකක් ගැහුවා මත්පැන් අලෙවිසැල්වලින් කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීමට තිබූ තහනම ඉවත් කිරීමටත් මත්පැන්හල් රාති‍්‍ර 10.00 දක්වා විවෘත කර තැබීමටත්. ඒවා අමාත්‍යාංශ මට්ටමින් ගන්නා තීරණයි. එවැනි තීරණයක් ගන්නකොට ආණ්ඩුව ඇතුළේ සාකච්ඡුා කරලා, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡුා කරලා තමයි තීන්දු ගන්නේ. නමුත් ජනාධිපතිවරයා ප‍්‍රචාරක රැුස්වීමකදී කියනවා, එම ගැසට් නිවේදනය අවලංගු කරනවා කියල. ඒ ගැසට් එක පිළිබඳව දැනගත්තේ ප‍්‍රවෘත්තිවලින් කියලා ඔහු කියනවා. රේඩියෝ එකේ ප‍්‍රවෘත්තිවලින් පත්තර ප‍්‍රවෘත්තිවලින් රටේ වෙන දේවල් දැනගන්න ජනාධිපතිවරයෙක් කොහොමද රට පාලනය කරන්නේ? අමාත්‍යාංශයකින් ගන්න තීරණ, රැුස්වීමකදී අවලංගු කරන්නේ කොහොමද? ඒ නිසා අපි ජනාධිපතිිවරයාට කියනවා, රේඩියෝ අහලා, පත්තර බලලා රට පාලනය කරන්න බැහැ කියල. දේශපාලන රැුස්වීම්වලදී තීරණ ගන්න බැහැ කියලා. එහෙම ජනාධිපතිවරයෙක් ඉන්න එක ගැන කණගාටුයි. මේ වගේ දේවල් ආණ්ඩුව ඇතුළෙ කතා වෙලා ජනපි‍්‍රය වෙන්න කරන වැඩ වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ සංදර්ශනවලට මැජික්වලට රැුවටෙන්න එපා කියලා අපි ජනතාවට අවධාරණය කරනවා.
පෙබරවාරි 10වැනිදා තියෙන්නේ පළාත් පාලන ආයතන 341ක් සඳහා පාලනයක් හදාගන්න එකයි. ජනතාවගේ උපතේ සිට මරණය දක්වා මේ පළාත් පාලන ආයතනවලට ජනතාව සම්බන්ධයෙන් වගකීමක් තිබෙනවා. ඒ වගේම මේ පළාත් පාලන ආයතනවලට විශාල වශයෙන් බදු මුදල්වලින්, දඩ මුදල්වලින් ආදායමක් ලැබෙනවා. එම ආදායම කළමනාකරණය කරලා ජනතාවට සේවය කිරීම තමයි පළාත් පාලන ආයතනවල වගකීම. නමුත් අද බොරු ඝෝෂා කරලා ජනමතය වෙනස් කරලා ඡුන්දය ගන්න උත්සාහ කරනවා. නමුත් මෙම පළාත් පාලන ආයතනවල වංචාව, ¥ෂණය නතර කරලා ජනතා සේවය ගොඩනගන්න ඕනෑ. එජාපයටවත්, ශී‍්‍රලනිපයටවත් අලූත් පක්‍ෂවලටවත් ඒ කටයුත්ත කරන්න බැහැ. වංචාව, ¥ෂණය නැතිකරලා සැබෑ ජනතා සේවයක් ගොඩනගන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණට පමණයි. අපි ජනතාවගෙන් ඉල්ලනවා, ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව විශ්වාසය තබා පළාත් පාලන ආයතනවල වැඩි බලයක් ජනතා විමුක්ති පෙරමුණට ලබාදෙන්න කියලා.
ජනවාරි 08වැනිදා පැවති ¥ෂිත පවුල් පාලනය නිමා කරන්න හවුල් වුණු විශාල පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ප‍්‍රධාන අරමුණ වුණේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති කිරීම නෙවෙයි; පැවති ¥ෂිත පවුල් පාලනය නිමා කිරීමයි. නමුත් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති බවට පත්වුණා. නමුත් ඒ ජනාධිපතිවරයා ජනතාව තැබූ බලාපොරොත්තු ඉටුකළේ නැහැ. එදා ¥ෂිත පවුල් පාලනය නිමා කරන්න කටයුතු කරපු බලවේගවලට අද බලකර තිබෙනවා, අලූත් දේශපාලන බලවේගයක් සමඟ පෙළ ගැහෙන්න. අපි එම කණ්ඩායම්වලට ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණත් සමඟ එකතු වෙන්න කියල. අද ලංකාව ලෝකයේ ¥ෂිතම රටවල් අතර හතවැනියා බවට පත්වෙලා. දැන් අපට තෝරා ගන්න තිබෙන්නේ ලංකාව ¥ෂිතම රටවල් අතර පළමුවැනියා වෙනවාද එසේ නැත්නම් වංචාව, ¥ෂණය, නාස්තිය නතර කරලා ගෞරවාන්විත රටක් බවට පත්වෙනවාද කියන එකයි. ඒ නිසා අපි ජනතාවට කියනවා ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳ විශ්වාසය තබලා මෙවර මැතිවරණයේදී ඡුන්දය භාවිත කරන්න කියලා
ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දී ඇති නිසා ඒ පිළිබඳව ගැටලූවක් පැන නගින්නේ නැහැ. නමුත් මෙම මතය විමසීම පිළිබඳව ගැටලූවක් තිබෙනවා. මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්නයි. දින 100 ආණ්ඩුවේ ඒ සඳහා 19වැනි සංශෝධනය ගෙනාවා. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න නීතිමය ප‍්‍රශ්න තිබූ නිසා බලතල අඩු කරන්න සාකච්ඡුාවක් මතුවුණා. නමුත් මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරණයේදී පරාජය කරන්න කටයුතු කරපු ශී‍්‍රලනිපයේ කණ්ඩායමක් පසුව මෛතී‍්‍රට සහාය දීපු නිසා 19වැනි සංශෝධනයේ බලතල අඩුකර ගැනීම ගැටලූවක් වුණා. තමන් පරාජය කරන්න කටයුතු කරපු ශී‍්‍රලනිපයේ නායකත්වයට පත්වීම නිසා ඔහු පක්‍ෂය රැුකගන්න කටයුතු කළා මිසක් ලක්‍ෂ 62ක් ඡුන්දය දුන්නු ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා වැඩ කළේ නැහැ. දැන් බලය අත්හරින්න ආපු ජනාධිපතිවරයා බලය තහවුරු කරගන්න උත්සාහ කරනවා. වංචා, ¥ෂණ යට ගහලා පක්‍ෂය රැුකගන්න හදනවා. බලය අත්හරිනවා කියපු ජනාධිපතිවරයා බලය තහවුරු කරගන්න කටයුතු කරනවා. තමන්ගේ ධුර කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්නේ 19වැනි සංශෝධනයෙන් ධුර කාලය වසර 5ක් අඩු කරගත්ත ජනාධිපතිවරයායි. මෙම විමසීම කරන්නෙත් මැතිවරණයක් පවතින වෙලාවෙයි. මැතිවරණය වෙලාවේ වසර 6ක් කියලා අධිකරණයේ මතය ආවාම ජනාධිපතිවරයාට තමන්ගේ බලය තහවුරු කරගන්න වාසියක් වෙනවා. මතය විමසන්න තිබුණේ 19වැනි සංශෝධනය ගේන්න පෙරයි. එසේ නැතිනම් වසර 5 අවසන් වූ පසුවයි. අධිකරණයේ මතය වසර 06ක් වුවත් මේ ජනාධිපතිවරයා කළ යුත්තේ වසර 05ක් ඇති කියලා භාර ගන්න එකයි. මේ ජනාධිපතිවරයාගේ කතාව බලය අත්හරින්න. නමුත් උත්සාහ කරන්නේ බලයේ රැුඳී ඉන්නයි. කතාව තිබුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න. නමුත් කි‍්‍රයාව ජනාධිපති ක‍්‍රමය තියාගන්නයි. ජනාධිපතිවරයාගේ කතාව හොරු අල්ලන එක ගැනයි. නමුත් කි‍්‍රයාව තමන් අකමැති හොරු අල්ලලා තමන් කැමති හොරු ආරක්‍ෂා කරන්නයි. නමුත් මේ දේශපාලන කි‍්‍රයාමාර්ගවලින් රටට යහපතක් වෙන්නේ නැහැ.

ස්තූතිය-මාධ්‍ය ඒකකය,-ජනතා විමුක්ති පෙරමුණ
මනෝජ-රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *