මිස්ටර් “දොං – සිමන්” – මහින්ද රාජපක්ෂගේ පොහොට්ටු භූමිකාව – භාතිය බරුකන්ද

‘‘දොං නම් දොං – සිමන් නම් සිමන්, දොනුයි සිමනුයි දෙකක් බැහැ’’ අපි ඇතැම් අවස්ථාවල මෙහෙම කියනවා. අපි එහෙම කියන්නේ එකම අවස්ථාවේ චරිත දෙකක් රඟපාන්න උත්සාහ කරන අවස්ථාවාදීන්ව විවේචනය කරමින්. ඒ වගේම ‘‘ගඟන් වතුර බී මුහුදට ආවඩනවා’’ ‘‘කරල පැහෙනකම් ඉන්නවා’’ වාගේ තවත් කතා රැුසක් මේ අවස්ථාවාදීන්ව හෙළා දැකීම සඳහා අපි භාවිත කරනවා.
‘‘මහත්තයෝ මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයට කරන මේ විනාශය ගැන ලියන්න’’ මට එහෙම කිවුවේ 2003 ඉඳන් බණ්ඩාගරම ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරයෙක් වෙලා හිටිය මෙවරත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප‍්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න (කැපුවත් නිල්* අපේක්ෂකයෙක්.
‘‘අපි 2005 ඉඳන් මහින්ද මහත්තයාගේ ජයග‍්‍රහණයට කැපවෙලා වැඩ කළ මිනිස්සු. අපි 2015දීත් එතුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවෙලා වැඩ කළා. ඒත් එතුමා පැරදුණා. එක පාරක් නෙමෙයි දෙපාරක්ම පැරදුණා. ඒ පැරදුණේ එතුමාගේ, එතුමාගේ පවුලේ වැරදි වගේම අපේ හිටපු සභාපතිවරුන්ගේ වැඩ නිසා කියලා තමයි අපි කියන්නේ. අද ඒ හොරු සේරම එතුමාව වටකරගෙන. මේ හොරු කල්ලිය එතුමාව මල් වට්ටියක් වාගේ සුදු රෙද්දකින් වහලා බොහොම භක්තියෙන් අරං යනවා. ඒත් ඒ සුදු රෙද්ද යට තියෙන්නේ ඡුන්ද කියලා එතුමාට තේරුම් ගන්න බැරිවීම පුදුමයක්’’ ඔහු දිගටම කියාගෙන යනවා.
‘‘අද අපි මෙහෙම කොන්ද කෙලින් තියාගෙන ඡුන්දේ කරන්නේ මේක අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නිසා. ජනාධිපතිතුමා ආණ්ඩුවේ නායකයා, ඒ වගේම අපේ ප‍්‍රබල ඇමැතිවරු ආණ්ඩුවේ බාගෙට බාගයක් ඉන්නවා. ඉතිං කොහොමද මේක පොහොට්ටු කල්ලිය චෝදනා කරන විදිහට එජාප ආණ්ඩුවක් වෙන්නේ. මේ කියන විදිහට ජනාධිපතිවරණය දිනපු ගමන් ආණ්ඩුව විසුරුවලා ඒකත් දිනාගෙන 2003 වාගේ ප‍්‍රාදේශීය සභා ඡුන්දේ තිබ්බ නම් ශ‍්‍රී ලංකා එකට ඇපත් නැහැ. මතකනේ 2003දී වුණ දේ. යූඑන්පී එක 2001 දෙසැම්බර් ඡුන්දේ දිනලා ඊට පස්සේ සටන් විරාම ගිවිසුම එහෙම ගහලා 2003දී ප‍්‍රාදේශීය සභා ඡුන්දදේ තිබ්බා. අපි අත්තනගල්ලත් පරාදයි. එහෙම තත්ත්වයක් තමයි 2015දීත් වෙන්න තිබුණේ. ඒත් ජනාධිපතිතුමා හින්දා ඒ විනාසේ වැළකුණා. අදත් 1994 ඉඳන් මේ රටේ ජනාධිපති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂට අයිති එකක්. 1994 ඉඳන් එක ශ‍්‍රී ලංකාකාරයෙකුට රස්සා නැති වෙලා නැහැ. 2015දී එහෙම දෙයක් නොවුණේ මේ යහපාලන ආණ්ඩුව නිසා. එහෙම නොවුණා නම් ඔය ලංගම, වරාය වාගේ තැන්වල කී දෙනෙක් එළියෙද ? අපි අද මෙහෙම නිදහසේ ඡුන්දේ කරන්නද?’’ ඔහු මා දෙස බලමින් මගෙන්ම ප‍්‍රශ්න කරයි.
‘‘ඒත් අද මහින්ද මහත්තයා කරන්නේ නැග්ග ඉණිමඟ පයින් ගහනවා වාගේ වැඩක්. අතු කඩාගෙන මොර කනවා වාගේ වැඩක්. මේකෙන් මහින්ද මහත්තයට සුගතියක් වෙනවා නම් කමක් නැහැ. එහෙම දෙයක් වෙන්නෙත් නැහැ. වෙන්නේ විමල් වීරවංශලා, ගම්මන්පිලලා, දිනේෂ්ලා වාගේ කිසිම ඡුන්ද පදනමක් නැති වාචාලයෝ ටිකක් ශ‍්‍රී ලංකා අපේ ඡුන්දවලින් ගොඩයන එක විතරයි. පක්සෙට ශාපයක් වුණ හිටපු සභාපතිලා ටිකක් කොහොම හරි මන්ත‍්‍රීවරු වෙන එක විතරයි. ඒත් මහින්ද මහත්තයා කරන මේ වැඬේ නිසා අපේ පක්සෙට වෙන විනාසේ කියලා නිම කරන්න බැහැ’’ ඔහු දිගටම කියාගෙන යයි.
‘‘මේක මහ දෙපිට කාට්ටු වැඩක්. මහින්ද මහින්ද මහත්තයා, කුමාර වෙල්ගම මහත්තයා අවංක නම් කරන්න තියෙන්නේ වෙනම පක්ෂයක් හදාගෙන, ඒකේ සභාපතිකම්, සමාජිකම් අරගෙන ඒ පක්ෂේ ගොඩදාන එක. එහෙම නැතිව ශ‍්‍රී ලංකා එකේ ඉඳන්, බණ්ඩාරනායක මහත්තයාගේ, මැතිණියගේ පින්තූර දාගෙන අෙඟ් ඉඳන් කන කන වැඩ කරන එක නෙමෙයි. මේක අපි ගමේ කියන විදිහට ‘‘ගෙඟන් වතුර බීලා මුහුදට ආවඩනවා’’ වාගේ වැඩක්නේ. මහින්ද මහත්තයලා උපන් ගෙයි ශ‍්‍රී ලංකාකාරයෝ. මන්ත‍්‍රීකම්, ඇමැතිකම්, විපක්ෂ නායකකම්, අගමැතිකම් විතරක් නෙමෙයි විධායක ජනාධිපතිකම පවා හම්බ වුණේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂේ නිසා. එයා විතරක් නෙමෙයි කිසිම දේශපාලනයක් නොකළ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මේ හැමෝම ගොඩ ගියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂේ හින්දා. ඒත් අද මේ අය මොකක්ද මේ කරන වැඬේ. ‘‘දොං නම් දොං වෙන්න ඕනෑ. සිමන් නම් සිමන් වෙන්න ඕනෑ. එකපාර දොනුයි සිමනුයි දෙකම කරන්න බැහැනේ’’
අත්දැකීම් බහුල, වෘත්තීමය වශයෙන්ම දේශපාලනය කරන අපේ ප‍්‍රාදේශීය දේශපාලන බලවතා දිගින් දිගටම මහින්ද රාජපක්ෂ මහතාගේ මේ අමුතු භූමිකාව විවේචනය කළේ හදවතින්ම උපන් කණස්සල්ලෙනි. ඔහුට අනුව මහින්ද රාජපක්ෂ මහතා මේ කරමින් සිටින්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සියලූම වරප‍්‍රසාද ලබාගත් අයෙකට තරම් නොවන ‘‘බාල වැඩකි’’
‘‘2005 දී මැඩම් (චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය* විශ‍්‍රාම ගිය හින්දනේ මහින්ද මහත්තයා ජනාධිපති වුණේ. මැඩම් 2004දී යූඑන්පී ආණ්ඩුව විසුරුවේ නැත්නම් 2005දී ජනාධිපති වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා. අපි මුළු බරම ඇඳලා තමයි 2005දී මහින්ද මහත්තයා ජනාධිපති කළේ. ඒත් බලය ලැබුණ ගමන් එතුමා මොනවද කළේ ? මැඩම්ව කපලා දැම්මා. පළිගත්තා. මැඩම් ළඟ හිටපු නියම ශ‍්‍රී ලංකාකාරයෝ කපලා දැම්මා. රත්නසිරි වික‍්‍රමනායක මහත්තයා ( හොරණ විදුර වික‍්‍රමනායක මන්ත‍්‍රීවරයාගේ පියා* වාගේ ජ්‍යෙෂ්ඨයින්ට ජ්‍යෙෂ්ඨ ඇමැතිකම් දීලා කොන්කළා. බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහත්තයා (දුමින්ද දිසානායක ඇමැතිවරයාගේ පියා* වාගේ ජේ්‍යෂ්ඨයෝ විනාශ කරලා දැම්මා. ඒත් ඒ කිසිම කෙනෙක් මහින්ද මහත්තයා වාගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂෙන් පළිගන්න ගියේ නැහැ. පක්ෂය කඩදා දැම්මේ නැහැ. අද මහින්ද මහත්තයා කරන්නේ සමාව දෙන්න බැරි තරම් වරදක්. මේ හදන්නේ මේ පාර ඡුන්දෙන් ශ‍්‍රී ලංකා එක පරාද කරලා 2020 දී යූඑන්පී ආණ්ඩුවක් හදලා දෙන්න කියලා අපිට තේරෙණවා. මහින්ද මහත්තයාට ඕනෑ නාමල් බේබිට කාලේ එනකම් මේ විනාශය කරලා ශ‍්‍රී ලංකා එක දුර්වල කරලා දාන්න. අපිට මේක තේරෙණ නිසයි අපි මෛත‍්‍රී මහත්තයා ළඟට ගියේ’’
මේ අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය නායකයින් අතර පවතින පොදු මැසිවිල්ලක් එක් අයෙකුගේ මුවින් පිට වූ ආකාරයකි. පසුගිය සති කිහිපය පුරා විවිධ ප‍්‍රදේශවල ශ‍්‍රීලනිප ප‍්‍රාදේශීය දේශපාලනඥයින් හා ක‍්‍රියාකාරීන් හමුවීම තුළින් මෙම ලියුම්කරු ලබාගත් පොදු අත්දැකීම වූයේ ක‍්‍රමිකව, එහෙත් වේගයෙන් පොහොට්ටුව වෙතින් සැබෑ ශ‍්‍රී ලංකා කාරයින් ඉවත් වෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාම්ප‍්‍රදායික නායකයින් විසින් නායකත්වය දෙන ‘‘නියම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය’’ වෙත ගොනු වෙමින් සිටින බවය.
‘‘මහින්ද මහත්තයා ළඟ ඉන්නේ හොරු බව කියන්න අපි බය නැහැ. අපේ පක්ෂය විනාශ කළ හොරු කල්ලිය, පක්ෂේ නියම වටිනාකම් විනාශ කළ ජාතිවාදී කල්ලිය ඉන්නේ මහින්ද මහත්තයා ළඟ. ප‍්‍රාදේශීය සභා අපායවල් කළ හොරු කල්ලිය ඉන්නේ එතුමා ළඟ. මොකද මේ කල්ලියට අවශ්‍ය බලය. ඒ හොරා කන්න. නීතිය අතට ගන්න. ඉතිං මේ අයට මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාගේ යහපාලනේ නයාට අඳුකොළ වාගේ’’ ‘‘ගැරඬියාට භූමිතෙල්’’ වාගේ. ඕක තමයි ඇත්ත තත්ත්වේ. මේ මිල්ලනිය ප‍්‍රාදේශීය සභාව සඳහා අද ශ‍්‍රීලනිපයෙන් තරඟ වඳින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙකුගේ කතාවයි.
මෙවැනි කතා අපට දස දහස් ගණනක් ඇසිය හැකිය. ඒ සියලූ කතාවල පොදු පදනම හා පොදු විවේචනය වන්නේ අද පොහොට්ටුවට නායකත්වය දෙමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරන විනාශය ගැන ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් බහුතරයකගේ හදවත් තුළ ක‍්‍රමයෙන් මෝදු වෙමින් පවතින පිළිකුළයි.
‘‘නාමල් මහත්තයාට තැනක් ලැබෙන කල් ඇයි අපේ පක්ෂේ විනාශ කරන්නේ. මේක හරිම කුහක වැඩක්. අර කතාවකට කියනවානේ ‘‘තැල්ල බඳින්න බෙල්ල තියෙන්න ඕනෑ ’’ කියලා. මහින්ද මහත්තයා මේ කරන වැඩෙන් ශ‍්‍රීලංකා එකේ බෙල්ල ගහලා යන එක සහතිකයි. එක ඡුන්දෙන් කොට්ඨාශේ පරදින්න පුළුවන්. අපි බෙදිලා නිසා ඒ වාසිය යන්නේ යූඑන්පී එකට. ‘‘වල් ඌරෝ කැකුණ තලන කොට හඹන් කුකුළන්ට රජ මඟුල් කිවුවා වාගේ මහින්ද – බැසිල් මේ කට්ටිය කරන වැඩෙන් යූඑන්පී එකට රජ මඟුල් තමයි’’ මෙහෙම කියන්නේ බියගම ප‍්‍රාදේශීය සභාවට තරඟ වඳින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයෙක්.
‘‘රනිල් මහත්තා එක්ක මොන ප‍්‍රශ්න තිබුණත් සජිත් මහත්තයා කවදාවත් පක්ෂේ කඩලා දැම්මේ නැහැ. ඒත් මහින්ද මහත්තයා එයාගේ පව් යවන්න හදන්නේ ශ‍්‍රී ලංකාකාරයින්ගේ පිටින්නේ’’ ඔහු තව දුරටත් කියයි.
එජාපය දිනනවාට මහින්ද කැමැති ඇයි ?
උපන් ගෙයි ශ‍්‍රී ලංකාකාරයින් අද මහින්ද රාජපක්ෂ මහතා විසින් එළිපිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුකරමින් සිටින විනාශ ගැන කම්පා වෙමින් සිටින්නේ මේ බෙදීම තුළ ඉතාම පැහැදිලිව එජාපයට දැවැන්ත වාසියක් අත්පත් වන බව ඔවුන් දන්නා නිසාය.
‘‘පහුගිය කාලේ (1994-2015* අපි හැම ඡුන්දයක්ම දිනුවේ උපරිම රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් භාවිත කරලා බව කියන්න මම ලැජ්ඡුා වෙන්නේ නැහැ. අපි නියම ශ‍්‍රී ලංකාකාරයෝ විදිහට දිනා ගත්තේ 1994 මහ ඡුන්දෙයි, 1995 ජනාධිපතිවරණෙයි විතරයි. ඊට පස්සේ 1997 වයඹ පළාත් සභා ඡුන්දේ ඉඳන් සිද්ධ වුණේ රාජ්‍ය සම්පත්, රාජ්‍ය මාධ්‍ය වගේම එජාපයට එරෙහිව බොරු ප‍්‍රචාරය කරලා ඡුන්ද දිනා ගන්න එක. 1999 ජනාධිපතිවරණේ දිනාගත්තේ කොළඹ පුරහලේ දී ජනාධිපතිනියට එල්ල වුණ මරාගෙන මැරෙන බෝම්බේ හින්දා. ඊට පසසේ මේ සේරම වැඩ කරලත් 2001 දෙසැම්බර් 05 මහ ඡුන්දෙන් ශ‍්‍රී ලංකා එක පරාදයි. 2003 පළාත් පාලන ඡුන්දෙන් අපිට අත්තනගල්ලත් නැති වුණා. 2004 එජාප ආණ්ඩුව විසුරුවා හැරියේ නැත්නම් 2005දී අපිට ඇපත් නැහැ. ඒ හැම ඡුන්දයක්ම සිද්ධ වුණේ අසීමිත ලෙස රාජ්‍ය බලය යෙදවලා. 2005 ඡුන්දේ බලාගෙන උපාධිධාරීන්ට රජයේ පත්වීම් 45,000ක් දුන්නා. 350ට පොහොර දෙනවා කියලා පොරොන්දුවක් දුන්නා. ඒත් කොටි යාපනේ ඡුන්දේ වර්ජනය නොකලා නම් රනිල් මහත්තයා දිනුම්. ඊට පස්සේ හැම ඡුන්දයක්ම දිනුවේ යුද්දේ හින්දා. එජාප පාක්ෂිකයෝ ඡුන්දපොළට නොගිය හින්දා. ඒත් යූඑන්පී කාරයෝ ඡුන්දපොළට ගිය 2014 ඌව පළාත් ඡුන්දෙන් අපි පරාදයි. ඒ රැුල්ල තමයි 2015දී සුනාමියක් වෙලා මහින්ද මහත්තයාව පරාද කළේ. අපි මේක තේරුම් ගන්න ඕනෑ. යූඑන්පී කාරයෝ එකාවාගේ ඡුන්පොළට ගියොත් මොන දහංගැට දැම්මත් ශ‍්‍රී ලංකා එක පරාදයි. මේ ඡුන්දෙදී යූඑන්පී එකට බෝනස් වාසිත් තියෙනවා. 94න් පස්සේ යම් ප‍්‍රමාණයක හෝ රාජ්‍ය බලය එක්ක යූඑන්පී එක ඡුන්දයකට මුහුණ දෙන්නේ මේ ඡුන්දෙදී. අද සිද්ධ වෙන දේවල් එක්ක යූඑන්පී කාරයින්ට ඕනෑ කරන්නේ තනිකරම යූඑන්පී ආණ්ඩුවක්. යූඑන්පී ප‍්‍රාදේශීය සභාවක්. ඒ නිසා කිසිම පැකිලීමක් නැතිව යූඑන්පීකාරයෝ මේ පාර ඡුන්දේ දාන්න යයි. අපි බෙදිලා ගහ මරා ගන්න කොට, යට ගේම් ගහන කොට ඒ වාසිය ගෙඩිය පිටින්ම යූඑන්පී එකට තමයි. එහෙම වුණොත් ඊළඟ පළාත් සභා ඡුන්දේ වාසියත් ඒ අයටම තමයි. එහෙම වුණොත් ශ‍්‍රී ලංකා එක ගෙදරම තමයි. අද මහින්ද මහත්තයාට මහත්තයාට ඕනෑ මෙන්න මේ දේ වෙනවා දකින්න. එයාට ඕනෑ නාමල් පොහොට්ටුව පිපෙන තුරු ජීඑල් පීරිස්ගේ නාටු පොහොට්ටුව රැුක බලා ගන්න. මේවා දේශපාලන කුහකම් විතරක් නෙමෙයි ඊට එහා ගිය අමනකම්. තමන්ගේ පටු වාසිය වෙනුවෙන් පක්ෂයක් බිල්ලට දුන්න ලෝකේ එකම නායකයා විදිහට මහින්ද මහත්තයා ඉතිහාසගත වෙන එක නතර කරන්න කාටවත් බැහැ. දැන් වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි. 2015 ජනවාරි 09 වැනිදා මැදමුලනට ගිය මහින්ද මහත්තයා අදත් ඒ වාගේ හිටියනම් අපි තාවත් එතුමාට දේවත්වයෙන් සලකනවා. ඒත් බල තණ්හාවට ගිහින් මේ විමල්ලාගේ නරාවළට පැනලා දැන් ගිලිලා යනවා. මඩ නොගාගෙන ඔය පොහොට්ටු පිපෙන්නේ නැහැ. ගිලිලා යන එක විතරයි වෙන්නේ’’
මේ සියලූ කතා, කතාවක් ලෙස ගොනු කිරීමට සිදු වූයේ පසුගිය සති කිහිපය තුළ මෙම ලේඛකයා හමු වූ අති විශාල පිරිසක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රාදේශීය සභා අපේක්ෂකයින් ඉතා ආවේගයෙන්, කණස්සල්ලෙන් ප‍්‍රකාශ කළ ඔවුන්ගේ සැබෑ වේදනාකාරී හැඟීම් මේ කතා තුළ තිබෙන නිසාය.
දේශපාලන විචාරකයින්, විශ්ලේෂකයින්ට වඩා දස දහස් සංඛ්‍යාත සාමාන්‍ය පුරවැසියන් උදේ සවස හමුවන, ඔවුන් සමග කතා කරන මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයින් කියන කතාවල විශ්වාසනීයභාවය ඉතා ඉහළය.

සටහන පමණක්
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *