ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් ප්‍රසන්න රණතුංග ගේන සැලැස්මක් !

ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  අපේක්ෂකයා ලෙස ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කිරීමේ අදහසක් ගැන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ අතර කතාබහට ලක්ව ඇත . ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ තවත් පිරිසකගේ සැලැස්මට එරෙහි පිරිසක් මෙම උත්සාහය දරන බව කියති . ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ගෝටාභය රාජපක්ෂ මහතා පළාත් පාලන මැතිවරණය මගහැර ඇමෙරිකාවට ගොස් සිටින අතර මැතිවරණය අවසන් වනතෙක් ඒ මහතා ආපසු නොඑන බව ද දැනගන්නට ඇත . පළාත් පාලන මැතිවරණයට ගෝටාභය රාජපක්ෂ මහතා සහභාගී කරගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලවත් කණ්ඩායමක් විරුද්ධ වීම නිසා මෙම තත්වය ඇතිවී තිබේ . ගෝටාභය රාජපක්ෂ මහතාට හිතවත් පිරිස කියන්නේ මෙය නාමල් රාජපක්ෂ මහතා නායකත්වයට ගෙන එන තුරු කල් බැලීමේ සැලැස්මක් බවයි . ලබන ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා පරාජය කිරීම මිස තම අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය නැතැයි එම පිරිස චෝදන කරති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *