ජාතික ලැයිස්තුවට බෙලි කැපිලි- රතන හිමි කැපීමට චම්පිකත් උත්සහ කරලා.

Rathane 1එක්සත් ජාතික පෙරමුණ හැර අනිකුත් සියළුම පක්ෂ, මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදී තිබූ ජාතික ලැයිස්තු නාම ලේඛණයේ ඇතැම් නම් කපාහැර අළුත් නම් ඇතුල්කර කොමසාරිස්වරයාට මේ වනවිට භාරදී ඇති බව වාර්තාවේ
මේ අතර ජාතික ලැයිස්තුවට ඇතුලත් කර තිබූ අතුරලියේ රතන හිමියන්ගේ නම එක්සත් ජාතික පෙරමුණේ ලැයිස්තුවෙන් කපා හැරීමට චම්පික රණවක මහතා ද උත්සාහ දැරූබව සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. රතන හිමි වෙනුවට කළුතර දිස්ත්‍රිික්කයෙන් තරඟ කර පරාජයට පත් වූ නිශාන්ත වර්ණසිංහ මහතා ගේ නම් ඇතුලත් කර ගැනීමට චම්පික රණවකට අවශ්‍ය වී තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුව පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොතිබූ නමුත් ඊයේ සවස් වනතුර මැතිවරණ කොමසාරිස්වරයාට බාරදීම ප්‍රමාද වී තිබෙන්නේ හෙළ උරුමයේ මේ කඹ ඇදීම නිසා ය.
චම්පිකට වඩා ජාතික ප්‍රශ්නය පිළිබඳව තරමක් ලිහිල් ප්‍රතිපත්තියක සිටින රතන හිමිට වඩා චම්පිකගේ ගෝලයකු වන නිශාන්ත වර්ණසිංහ පාර්ලිමේන්තුවට ගැනීම හෙළ උරුමයේ ඉදිරි ගමනට වාසිවන බව චම්පිකගේ අදහස වී ඇත. අනික් අතට දේශිය ආර්ථිකය කෙරෙහි තරමක අවධාන යොමු කරන රතන හිමියන් ගේ දේශපාලන දැක්ම පිළිබඳව ද චම්පිකගේ එකඟතාවයක් නැති බව ද හෙළ අරුමයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
කාලයක් තිස්සේ රතන හිමියන් හා චම්පික රණවක අතර පැවති මත ගැටුමේ ප්‍රතිඵලයක් වූ මේ කැපිල්ල ව්‍යාර්ත වී ඇති අතර රතන හිමියන් එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *