බැඳුම්කර කොමිෂම මෙතැනින් කොතැනටද ? – භාතිය බරුකන්ද

බැඳුම්කර කොමිෂම සම්බන්ධ ක‍්‍රියාවලියේ ප‍්‍රධාන තීරණාත්මක පියවර නිමාවට පත් වුණේ එය එජාපයට එරෙහිව පරමාණු බෝම්බයක් බවට පත්කර ගැනීමට තිබූ අවස්ථාවට සම්පූර්ණයෙන් අවසන් කරමින්. කොමිෂන් සභාවේ වාර්තාව මේ දක්වා සම්පූර්ණයෙන් ප‍්‍රකාශයට පත්ව නැතත් එහි තීරණාත්මක යෝජනා, නිර්දේශ ගැන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවේ කරුණු දක්වා සිටියා. එහිදී ජනාධිපතිවරයා තමාගේ උධෘතද දැක්වීමට අමතක කළේ නැහැ. එයත් බොහෝ දෙනා අපේක්ෂා කළ ආකාරයට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් වුණේ නැහැ. ජනාධිපතිවරයා එජාපය/ ආණ්ඩුව කෙරෙහි තිබෙන තමාගේ වගකීම සේම වගවීම ද මනාව ආරක්ෂා කරගෙන තුලනාත්මකව කරුණු දැක්වීම කළා. මේ තත්ත්වය තුළ මෛත‍්‍රී – රනිල් දේශපාලන දීගය තවත් බොහෝ දුරට ගමන් කරන බවට පැහැදිලි ඉඟියක් ද පළ වූ බවයි මේ කරුණ ගැන සියුම්ව විශ්ලේෂණය කරන විට පැහැදිලි වන්නේ.
බැඳුම්කර කොමිෂමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් එජාපය ද දක්වන ලද ප‍්‍රතිචාර සාධනය වන්නාසේම තමන් අතින් සිදු වූ ඓතිහාසික වැරැුද්ද පිළිගැනීමක් වශයෙන් ද සැලකිය හැකියි. විශේෂයෙන් ‘‘යහපාලන ආණ්ඩුව නම් කිරි කළයට බැඳුම්කර සිදුවීම හරහා සිදු වූ ගොම බිඳුව මිශ‍්‍රවීම ගැන’’ එජාප නායකත්වය වගේම මන්ත‍්‍රී කණ්ඩායමත් සංවේදී වීම වැදගත් කරුණක්. දැන හෝ නොදැන රවී කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා සිදු කළ බව කියන අවභාවිතයට එජාපය තුළින්ම සමාවක් නොලැබීම එජාප පාක්ෂිකයින්ගේ පවා විවේචනයට ලක්වන බවක් නැහැ. ඔවුන් මේ සිදුවීම දකින්නේ ‘‘කිරි කළයට ගොම මුසුවීමකටත් වඩා එහා ගිය දෛවෝපගත සිදුවීමක් විදිහට.
ඇතැම් එජාප පාක්ෂිකයින් මේ ගැන භීතියට පත්ව සිටියේ 2001 – 2004 අපේ‍්‍රල් එජාප ආණ්ඩුවට සිදු වුණා වාගේ දෙයක් වෙයි කියන විශ්වාසයෙන්. මොකද ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ ඇතැම් මාධ්‍ය විසින් මේ සිදුවීම සමාජගත කරලා තිබුණ ආකාරයට එජාප පාක්ෂිකයින් පමණක් නොවෙයි මේ සිදුවීම දෙස පාක්ෂික නොවන ඇසකින් බලන මධ්‍යස්ථ ජනතාව පවා පුදුමයට පත් කරන සිදුවීමක් වීමයි.
‘‘මේක සාමාන්‍යයෙන් සිදු විය නොහැකි තරමේ දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක්. මෛත‍්‍රී – රනිල් ආණ්ඩුව ගත් සියලූම සාධනීය ක‍්‍රියාමාර්ග මේ සිදුවීම මගින් හකුළා දැම්මා. පසුගිය ආණ්ඩුව කාලේ සිදු වූ බවට ජනතාව විශ්වාස කළ දැවැන්ත ¥ෂණ මේ සිදුවීම ඉදිරියේ අගුටුමිටි තත්ත්වයට පත් කරන්න ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ මේ මාධ්‍යවලට හැකි වුණා. මේක හරියට පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ සියලූම පව් සෝදා හරින්න වැස්ස ධාරාණිපාත වර්ෂායක් වාගේ. එජාප පාක්ෂිකයින් මේ නිසා අතිෂයින් දුර්වල වෙලා හිටියේ’’ මේ බැඳුම්කර සිදුවීම ගැන මාධ්‍ය විමසුමක යෙදුණු කැළණිය සරසවියේ ජනමාධ්‍ය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මේ ලියුම්කර සමග කළ අදහස් දැක්වීමක්.
‘‘මේ කාලය තුළ පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරුන්ට, ඉහළ නිලධරීන්ට එරෙහිව, විශේෂයෙන් රාජපක්ෂ පවුලේ ප‍්‍රබලයින්ට එරෙහිව විවිධාකාර අපරාධ හා ¥ෂණ චෝදනා විමර්ෂණය කෙරුණා. ඒත් ඔවුන්ට ඒවා මාධ්‍ය සංදර්ශන බවට පත්කර ගැනීමට අවස්ථාව ලැබුණා. ඒවා මාධ්‍යවල වාර්තා වීම අවම වුණා වාගේම ඒ වාර්තාකරණය මගින් ඔවුන්ට කිසිදු හානියක් වුණේ නැහැ. ඒත් බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් මේ මාධ්‍ය ගෙන ගිය ඒකපාර්ශ්වික, දැවැන්ත මාධ්‍ය භාවිතය මගින් එජාපය සම්පූර්ණයෙන්ම විනාශ වෙන තැනකට ආවා. මේක හරියට 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ එජාපය මුහුණ දුන්න තත්ත්වය වාගේ. මුලතිව්, අලිමංකඩ දැවැන්ත කඳවුරු බිඳ වැටිලා, කටුනායක, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරුවලට දැවැන්ත ප‍්‍රහාර එල්ල වෙලා හමුදාව දැවැන්ත මානසික පසුබෑමකට ලක්වෙලා ඉන්න කොට තමයි එජාප ආණ්ඩුව කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමට ගියේ. ඒ වගේම මේ වන විට ආර්ථිකය තිබුණේ ඍණ අගයක. එජාපය ඉතාම කෙටි කාලයකින් මේ ඍණ ආර්ථිකය ඉහළ වර්ධනයකට ලක් කරලා, කොටි සංවිධානය සමග සාම සාකච්ඡුා ආරම්භ කරලා ඔවුන්ව ජාත්‍යන්තර කොටු කිරීමකට ලක් කළා. කරුණා අම්මාන් කොටි සංවිධානයෙන් බිඳී ගියා. ටෝකියෝ ආධාර සමුළුව හරහා ‘පිබිදෙමු ශ‍්‍රී ලංකා’’ ව්‍යාපෘතියට රුපියල් කෝටි 45,000ක අධාර අනුමත වෙලා තිබුණා. මේ සියලූ සාධනීය තත්ත්ව හමුවේත් එදා විපක්ෂයට, ඇතැම් ජනමාධ්‍යවලට සහ අන්තවාදීන්ට ආණ්ඩුවට එරෙහිව කොටි ලේබල්, රට කඩන, පවා දෙන ලේබල් අලවන්න පුළුවන් වුණා. එදා ජනාධිපතිනියට ආණ්ඩුව විසුරුවන ලෙස බලපෑම් එල්ල කළේ මිත්‍යා කතාවලට මුවා වෙලා. අදත් ඔවුන් බැඳුම්කර කොමිෂමට මුවා වෙලා කරන්න ගියේ 2004 ජනවාරි පමණ වන විට සිදු කළ දේම තමයි. බොරු භීතියක් රටපුරා වපුරලා එදා ඉතාම අවස්ථාවාදී ලෙස එජාප ආණ්ඩුව විසුරුවා හරින්න අති සුළුතරයක් වුණ විපක්ෂයට පුළුවන් වුණා. ඔවුන් මෙදාත් සැලසුම් කළේ මේ දේම තමයි. ඒත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ විචක්ෂණශීලීභාවය සහ නිවැරදිව ජනමතය හඳුනා ගැනීම නිසා මේ අවස්ථාවාදී සැලසුම කඩාකප්පල් වුණා’’
ඔහු සඳහන් කරන ආකාරයට වසරක් පුරා අඛණ්ඩව එජාපයට එරෙහිව ගෙන ගිය බැඳුම්කර සිදුවීම සම්බන්ධ ගොබෙල්ස්වාදී ප‍්‍රචාර පළාත් පාලන මැතිවරණයේදී තීරණාත්මක ලෙස බලපෑ හැකිය.
‘‘ගම්වල පමණක් නොවෙයි අර්ධ නාගරික ජනතාව පවා ඇතැම් විද්‍යුත් මාධ්‍ය පසුගිය කාලය පුරා අඛණ්ඩව ගෙන ගිය මේ දැවැන්ත මිත්‍යා ප‍්‍රචාරයේ ගොදුරු බවට පත්වෙලා ඉවරයි. ඔවුන්ට ලැබුණේ ඒකපාර්ශ්වික වාර්තාකරණයක් පමණයි. මේ තත්ත්වයට ආණ්ඩුවට, විශේෂයෙන් එජාපයට කඩිනම් ප‍්‍රතිචාර දැක්වීමට සිදු වෙනවා. නැතිනම් පළාත් පාලන මැතිවරණයේදී එහි අහිතකර ප‍්‍රති විපාකවලට ඍජුව මුහුණ දෙන්න සිදුවන එක සහතිකයි’’
බැඳුම්කර සිදුවීම ඇතුළු පසුගිය කාලය තුළ විද්‍යුත් මාධ්‍යවලට අඛණ්ඩ වාර්තාකරණයට ලක් වූ සිදුවීම්වල දේශපාලන ප‍්‍රතිවිපාක ගැන ඔහු දක්වන අදහස සමග බොහෝ නිර්පාක්ෂික ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් මෙන්ම සිවිල් ක‍්‍රියාකාරීන් ද එකඟය.
‘‘අවුරුද්දක්, දෙකක් තුළ සිදු වුණ අඛණ්ඩ වගේම ප‍්‍රබල ඒකපාර්ශ්වික මාධ්‍ය වාර්තාකරණයක ඍජු ගොදුරක් බවට ආණ්ඩුව, විශේෂයෙන් එජාපය පත්ව තිබෙනවා. මේ අතරේ සමාජ මාධ්‍ය තුළ සිදුවන අඛණ්ඩ ප‍්‍රචාරයත් දැඩි හානියක්. අපේ විශ්ලේෂණ අනුව 2015 දී සමාජමාධ්‍ය බහුතරයක සහාය යහපාලනයට හිමි වුණත් මේ වන විට ඉතාම කෘත‍්‍රීම ආකාරයෙන් එය ආපසු හැරී තිබෙනවා. බැඳුම්කර සිදුවීම, පොහොර හිඟය, ජීවන වියදම ඉහළ යාම ආදිය ගැන ඉතාම රළු, ඒකපාර්ශ්වික අදහස් සමාජ මාධ්‍ය තුළ අඛණ්ඩව වගේම ඉතාම නිර්මාණශීලීව හුවමාරු වෙනවා. මේ තත්ත්වය ගැන ආණ්ඩුවේ, එජාපයේ අවධානයක් ඇත්තේ නැති තරම්. අපිට මතකයි 2015 ජනවාරි 08 ජයග‍්‍රහණය නිර්වචනය කිරීමේදී ඇතැම් අය එය අරාබි වසන්තය අනුව යමින් සිදු වූ ‘‘ෆේස්බුක් විප්ලවයක්’’ ලෙසත් අර්ථකථනය කළා. එදා එවැනි තත්ත්වයක සිටි සමාජ මාධ්‍ය අද නොසලකා හැරීම බරපතළ වරදක් ලෙස සැලකිය හැකියි’’ මේ මාධ්‍ය විශ්ලේෂණ ආයතනයක පර්යේෂකයෙක් තමන්ගේ විශ්ලේෂණය කැටි කොට දක්වන ආකාරය.
එජාපයේ ප‍්‍රතිචාරය කුමක්ද ?
රාජපක්ෂික මාධ්‍ය සහ ඔවුන් විසින් සැලසුම් සහගතව සිදුකරන සමාජ මාධ්‍ය ක‍්‍රියාකාරකම්වලින් එජාපයට, ආණ්ඩුවට සිදුවන දැවැන්ත හානිය එහි උපරිම තලයේදී හෝ එජාප පසුපෙළ මන්ත‍්‍රී කණ්ඩායමේ අවධානයට යොමුව තිබෙන බවක් පසුගිය දා වාර්තා වුණා. ඒ පසුගිය 08 වැනිදා අරලියගහ මන්දිරයේ දී පැවැති එක්සත් ජාතික පක්ෂ රැුස්වීමේදී. එහිදී එජාප මන්ත‍්‍රීවරු චෝදනා කර තිබුණේ බැඳුම්කර සිදුවීමට මුවා වෙමින් විද්‍යුත් මාධ්‍ය කිහිපයක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දැවැන්ත ලෙස පහර දෙමින් සිටින තත්ත්වයයි. එහෙත් පුදුමයකට කරුණ වන්නේ මේ ගොබෙල්ස්වාදී දැවැන්ත මාධ්‍ය ප‍්‍රචාරයට එරෙහිව එජාපය විසින් මේ දක්වා කිසිදු නීතිමය හෝ පියවරක් නොගැනීමයි. මේ තත්ත්වය තුළ එජාප පාක්ෂිකයින් දැඩි අසහනයකට පත්ව සිටින බව දැන දැනත් එජාපය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මගින් සිදුවන්නේ පාක්ෂිකයින් දුර්මුඛ වීම පමණයි. ඊට හේතුව වන්නේ බහුතරයක් එජාප පාක්ෂිකයින්ගේ අදහස වන ‘‘1994 සිට මේ දක්වා එජාපයට ආණ්ඩු බලය අල්ලන්න බැරි මාධ්‍ය කළ හානිය’’ විසින් බවට වන මතයයි.
පාර්ලිමේන්තු විවාදය
මේ තත්ත්වය තුළ බැඳුම්කර සිදුවීම සම්බන්්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද (10* පැවැත්වීමට නියමිතයි. බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයා යැයි සැලකෙන දිනේෂ් ගුණවර්ධන විසින් ඉල්ලා සිටි පාර්ලිමේන්තු විවාදය කඩිනමින් ලබාදීමට අගමැතිවරයා පියවර ගැනීම දේශපාලනික වශයෙන් සාධනීය සේම නිර්භීත පියවරක් වශයෙන් ද සැලකිය හැකියි. ඒ හරහා අගමැතිවරයා ආණ්ඩුවේ නිර්දේෂීභාවය සේම අදාළ සිදුවීමට මුහුණදීමේදී එජාපය දක්වන නිර්භීතභාවය ද මනාව ප‍්‍රකට කර තිබෙනවා.
එහෙත් මේ ගැනත් එජාප පාක්ෂිකයින් තුළ තිගැස්මක් තිබෙන බවක් පැහැදිලිව දැකිය හැකියි. ඔවුන් එජාප නායකත්වයෙන් විමසන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ සිදු වූ බව කියන බර බරපතළ වංචා සහ ¥ෂණ ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂම විසින් වාර්තා 34ක් ජනාධිපතිවරයාට භාරදී තිබියදීත් ඒ ගැන නෑසූ කන්ව බලා සිටින්නේ ඇයිද ? යන්නයි. උදාහරණයක් වශයෙන් බැඳුම්කර කොමිෂමේ වාර්තාව ජනාධිපතිවරයාට භාර දුන් දා විමල් වීරවංශ ඇතුළු පරාජිත ආණ්ඩුවේ අමැතිවරුන් විශාල පිරිසක් සම්බන්ධ පරීක්ෂණ වාර්තා කොමිෂම විසින් ජනාධිපතිවරයාට භාර දුන්නත් ඒ ගැන එක වචනයක් හෝ ජනාධිපතිවරයාගේ මුවින් පිට නොවීම ගැන එජාප පාක්ෂිකයින් තුළ තිබෙන්නේ දැඩි කණස්සල්්ලක් බව එජාප නායකයින් අවබෝධ කර ගත යුතු බවයි පාක්ෂිකයින්ගේ අදහස වෙන්නේ.
මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ බරපතල වංචා සහ ¥ෂණ වාර්තා ගැන විවාද කරන්න දවස් තුනක විවාදයක් අවශ්‍ය බවට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත‍්‍රීවරු තීරණය කර ඇති බව පසුගිය 09 වැනිදා මාධ්‍ය වාර්තා කළා. මෙය යම් ආකාරයක හෝ යහපත් තත්ත්වයක් වශයෙන් සැලකිය හැකි වුණත් කරුණු කාරණා යෙදී තිබෙන්නේ ‘‘අශ්වයා පැන ගිය පසු ස්තාලය වසා දමන ’’ ආකාරයෙන් නම් එමගින් ද සිදුවන යහපත් නැහැ. අවසානයේ සිදුවනු ඇත්තේ ඉතාම උපක‍්‍රමශීලීව මාධ්‍ය හසුරුවන රාජපක්ෂවරුන් විසින් තමන්ට අවශ්‍ය හා වාසිදායක ලෙස මාධ්‍ය අවකාශයට අත්පත් කර ගෙන පාළු ගෙයි වළං බිඳීමක් පමණයි. ඒ තත්ත්වය තුළ ලක්ෂ 750කට අධික වත්කම් අයථා ලෙස උපයා ගත්, නිවාස සංවර්ධන අධිකාරිය උලා කෑ, ව්‍යාජ හැඳුනුම්පත් හදා ගත්ත විමල් වීරවංශලාට මහා ප‍්‍රතිරූප මෙන් යළිත් බලය අල්ලා ගැනීමට අවස්ථාව උදාවන බව ආණ්ඩුවට අමතක වීම පුදුමයක්. හෙජිං ගනුදෙනුව, ග‍්‍රීක බැඳුම්කර සිදුවීම ආදිය ගැන කිසිදු විමර්ශනයක් නොවන තත්්ත්වය තුළ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල්ට මාධ්‍ය හමු තබමින් ආණ්ඩුව පතුරු ගැසීමට අවස්ථාව ලැබීම පුදුමයක්. වැලිකඩ බන්ධනාගාර ඝාතන පරීක්ෂණ වාර්තාව, රතුපස්වල, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම වැනි පරීක්ෂණ වාර්තා සහ පරීක්ෂණ වලට සිදුවී ඇති දේවල් දිහා බලන විට අද එජාප පාක්ෂිකයින්ට සිදුව ඇත්තේ ‘‘වත්ත බද්දට දී ඇස්සට දත නියවන’’ මිනිසාගේ තත්ත්වයට පත්වීමට බව අප අමතක නොකළ යුතුයි.
බෝතලේ මාරු වුණාට වයින් පරණයි
මේ තත්ත්වය තුළ ජනතාවගේ අපේක්ෂාව වන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ හමස් පෙට්ටිවල, නීතිපතිවරයාගේ සේප්පුවල තිබෙන පරීක්ෂණ වාර්තා හැකි ඉක්මනින් එළියට ගෙන බැඳුම්කර කොමිෂම වාගේ හැල්මේ දුවන පරීක්ෂණ ක‍්‍රියාවලියක් සිදුවනු දැකීමයි.
මේ ගැන ජනතාව මැසිවිලි නැඟීමට තවත් හේතුවක් තිබෙනවා. ඒ විජේදාස රාජපක්ෂ මහතා ඇමැති ධූරයෙන් පළවා හැරීම සමග කඩිනම් වනු ඇතැයි ජනතාව විශ්වාස කළ නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු තලතා අතුකෝරාළ මහත්මිය යටතේ ද ජනතාවට දැනෙන සුළු වෙනසකින් තොරව පරණ ආකාරයෙන්ම සිදුවනු දැකිය හැකිවීමයි. අලූත් අධිකරණ පිහිටුවීම් ගැන කතා ආවත් ඒවා ක‍්‍රියාවට පරිවර්තනය නොවන පසුබිමක, පසුගිය ආණ්ඩුවේ කන්දක් තරම් ¥ෂණ සිදුවෙද්දී ඒවා ගැන නෑසුකන්ව සිට යහපාලන ආණ්ඩුව යටතේ සිදු වූ එකම අත්වැරැුද්දට මුළු පක්ෂයකින්ම වන්දි ඉල්ලන ක‍්‍රමයක් යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීමට ඡුන්දය දුන් 62 ලක්ෂයක් ජනතාව බලාපොරොත්තු වුණේ නැති බව ආණ්ඩුව වටහාගත යුතුයි. ඒ නිසා ‘‘බෝතලේ මාරු වුණාට වයින් නම් පරණ ඒවාමයි’’ කියලා ජනතාවට නොසිතෙන්න ආණ්ඩුව වග බලා ගත යුතු බවයි අපගේ අදහස වන්නේ.
බැඳුම්කර කොමිෂමෙන් පසු
බඳුම්කර කොමිෂමේ අවසන් වාර්තාව නිකුත් කිරීමෙන් පසු මහා දේශපාලන පෙරළියක් සිදුවන බවට රාජපක්ෂවාදී ජනමාධ්‍ය සහ රාජපක්ෂ කල්ලිය විසින් පාරම්බෑව ද ඒ කිසිඳු දෙයක් සිදු වුණේ නැහැ. ඒත් එයින් ආණ්ඩුවට සිදු වූ හානිය එයින් හානිපූරණය වූ බවක් නම් දැකිය නොහැකියි. ඊට හේතුව වන්නේ එයින් පසුව ද දිගින් දිගටම රාජපක්ෂ කල්ලිය විසින් අසීමිත ලෙස මාධ්‍ය අවකාශය අල්ලා ගැනීමයි. ඒ තත්ත්වය වත්මන් පළාත් පාලන මැතිවරණය මගින් බිම් මට්ටම දක්වාම රැුගෙන යාමට පොහොට්ටුවට අවස්ථාව උදාවෙලා තිබෙනවා. මේ තත්ත්වය විසින් මේ වන විටත් ඇති කර ඇති හානිකර තත්ත්වය ගම් තුළට පමණක් නොව කොළඹ රජයේ රැුකියා කරන දැන උගත් පිරිස් තුළ පවා දැකගත හැකියි. ඒ නිසා අගමැතිවරයා පසුගිය 08 වැනිදා ප‍්‍රකාශ කළ ආකාරයට වගේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බැඳුම්කර කොමිෂමේ නිර්දේශ රට හමුවේ තබමින් කළ කතාවේදී කී පරිදි මහින්ද රාජපක්ෂ යුගයේ අජිත් නිවාඞ් කබ්රාල් ඇතුළු කල්ලිය විසින් මහ බැංකුව පමණක් නොව ජාතික ඉතිරි කිරීමේ බැංකුව, සේවක අර්ථ සාධක අරමුදල වැනි දැවැන්ත ගසා කෑම් ගැන ද කඩිනමින් වේගවත් හා බලවත් පරීක්ෂණ ක‍්‍රමවේදයක් ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම මේ වන විට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සතුව තිබෙන බව කියන කොමිෂන් සභා වාර්තා ද කඩිනමින් එළියට ගෙන ඒවා මගින් හෙළි කර ඇති ¥ෂිතයින්ට හා ඝාතයින්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවන තාක් කල් ජනවාරි 08 වෙනසට දායකත්වය දුන් ලක්ෂ 62 ක් වන පොදු ජනතාවට නම් යුක්තිය ඉටු නොවන බව ආණ්ඩුවේ සියලූ ප‍්‍රධානීන් මෙනෙහි කළ යුතුයි.
එමෙන්ම යපාලනය බිහි කළ ජනතාව මේ අවස්ථාවේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ වගකීමට වඩා ඔවුන් තුළ යහපාලන ආණ්ඩුව කෙරෙහි තිබෙන ‘‘වගවීම’’ දෙස බලා සිටින බව අවසානයේ අවධාරණය කළ යුතුයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *