yukthiya

ජනාධිපති සැරසෙන්නේ එජාපය විනාශ කිරීමටයි – ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක


බැඳුම්කර කොමිසම් වාර්තාව එළිදක්වමින් ජනාධිපති මෛත්‍රිපාල මහතා අපෙක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පවසයි.
බැඳුම්කර

කොමිසමි වාර්තාව එළ දක්වමින් ජනාධීපතිවරයා අපේක්‍ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිමට බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා කිය.ඒ මහතා එසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් හැටන් දික්ඔය නගර සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්‍ෂකයන් හදුන්වා දිම සදහා  හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්වීමකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු බිමල් රත්නායක මහතා කියා සිටියේ එම කොමිසමි වාර්තාවේ සදහන් පරිදි එම වංචාව සිදුකළ අයගෙන් මුදල් අය කර ගැනිමට නිති සකස් කර ගැනිමට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්නේ නමි එම පතනට සහයෝගය දක්වා ජනතා විමුක්ති පෙරමුණද ඡන්දය ලබා දෙන බවයි.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි මහින්ද රාජපක්‍ෂ මහතා වට එක්රැස්වී තරග වදින්නේ එතුමා වටා සිටි පැරණීම හොරු කණ්ඩායම බවයි බිමල් රත්නායක මහතා කියා සිටින්නේ.

මෙවර පළාත් පාලන මැතිවරණයේදි මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ මෙතෙක් ලබා ගෙන ඇති ජන්දය ප්‍රමාණය අභිබවා කිසිදු දේශපාලන පක්ෂයක් ලබා නොගන්නා බවත් ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ලබා ගෙන තිබු ඡන්දය ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවද බිමල් රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේය.

(හැටන් රංජිත් රාජපක්‍ෂ)   – ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *