අඬුව අතේ තියාගෙන අත පුච්චා ගන්නේ ඇයි ? – භාතිය බරුකන්ද

‘‘බඬේ ඉන්න ළමයින්ට හඳහන් හදන්න එපා’’ කියලා ප‍්‍රකට කතාවක් අපි අතරේ තියෙනවා. ඒ වගේම ‘‘ලෙහන්න තියෙන මල්ල ඔබලා බලන්න එපා’’ කියලත් කියනවා. මේ මොන කතා කිවුවත් අපි මේ දෙකම කරනවා. එහෙම කරනවා විතරක් නෙමෙයි රට ගිනි තියන්න, පුද්ගලයින්ගේ කීර්ති නාමය විනාශ කරන්න මේවා යොදා ගන්නවා. බොහෝ විට මේ දේවල් සිද්ධ වෙන්නේ ඉතාම පටු, අවස්ථාවාදී හෝ පුද්ගලික න්‍යාය පත‍්‍ර මත බව අපට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්.
මේ වැඬේට කප් ගහපු දෙපාර්ශ්වයක් අප අතර ඉන්නවා. ඒ අතර මුලින්ම ඉන්නේ ජනමාධ්‍ය. ඊට පස්සේ දේශපාලනඥයින්. මේ දෙපාර්ශ්වයම ‘‘ජාඩියට මූඩිය වාගේ’’ එකතු වෙලා මේ අනිසි භාවිතය මගින් පසුගිය කාලය තුළ රටට අත්කර දුන් විනාශය සුළුපටු නැහැ. ඒත් ප‍්‍රශ්නය තියෙන්නේ කොතරම් ජනමාධ්‍ය පරිහරණය කළත් ජනමාධ්‍ය සාක්ෂරතාවකින් තොර, විසිහතර පැයේම දේශපාලනය කතා කළත් දේශපාලන සාක්ෂරතාවයකින් තොර මේ රටේ ජනතාවට මේ තිරය පිටුපස සිදුවන කතාව නොතේරීමයි. එසේ නැති නම් තේරුම් ගැනීමට වුවමනාවක් නොවීමයි. මේක පුද්ගලිකවත්, සමාජයක් ලෙසත් බරපතළ තත්ත්වයක්. ඊට හේතුව වන්නේ ‘‘නිවැරදි තොරතුරු නොලබන ජාතිය කඩිනමින් හෝ පමා වී හෝ කාගේ හෝ වහළුන් බවට පත් වන බව’’ අපට ඉතිහාසය විසින් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා සහිතක කර තිබීමයි. ඒත් පුදුමයට කරුණ වන්නේ මේ හානිකර තත්ත්වය ගැන සමාජය තුළ අවම හෝ සංවාදයක් සිදු නොවීමයි.
ඇත්ත ඕනෑද ?
ඉහත සඳහන් කළ ලංකාවේ (ගෝලීය තත්ත්වය ද මීට නොදෙවෙනිය* ජනමාධ්‍ය සහ දේශපාලනඥයින් සිදුකරන මේ අවභාවිතය ගැන පසුගිය කාලය පුරාම දැඩි අවධානයකින් සිටි සමාජ හා මාධ්‍ය පර්යේෂකයෙක් මේ ලියුම්කරු සමග අපූරු කරුණක් හෙළිකළා. ඒ තමයි ‘‘ජනතාවට ඇත්ත දැන ගැනීමට කිසිම වුවමනාවක් නැහැ’’ කියන එක. ඔහු ඉතාම පැහැදිලිව හා තර්කානුකූලව මේ තත්ත්වය පැහැදිලි කරමින් කියා සිටියේ දේශපාලනඥයින් සහ බලපෑම් කණඩායම්වල කතා ජනතාව වෙත සන්නිවේදනය කරන ජනමාධ්‍ය න්‍යාය අනුවම සන්නිවේදනය කරන්නේ ‘‘තෝරාගත් හෝ ප‍්‍රතිනිර්මාණය කළ කොටසක් ’’ පමණක් බවයි.
‘‘දේශපාලනඥයෙක් හෝ ජනමත ප‍්‍රධානියෙක් කළ සම්පූර්ණ ප‍්‍රකාශයක් අපට කිසිමදාක ජනමාධ්‍ය මගින් ලබාගත නොහැකියි. ඔවුන් වාර්තා කරන්නේ ඔවුන්ට අවශ්‍ය, ඔවුන්ගේ න්‍යාය පත‍්‍රයට අදාළ තෝරාගත් කොටසක් පමණයි. මේක ජනමාධ්‍ය න්‍යායට පවා අනුකූලයි. අනික් අතින් ජනමාධ්‍ය යමක් වාර්තා කරන කොට අදාළත්වය, සමීපත්වය වාගේ කරුණු ගැනත් දැඩිව සැලිකිලිමත් වෙනවා. ඒ අනුව ඔවුන් ප‍්‍රවෘත්තිවල දැඩි තෝරා ගැනීමක් කරනවා. ඒ වගේම සන්නිවේදනය හා සම්බන්ධ ‘‘දොරටුපාල සංකල්පය’’ වාගේ ප‍්‍රායෝගික තත්ත්වයන් නිසාත් ජනතාවට සත්‍ය පණිවුඩය සන්නිවේදනය වෙන්නේ නැහැ’’ ඔහු සන්නිවේදන න්‍යායන් අනුව යමින් පැහැදිලි කරනවා.
‘‘ජනමාධ්‍ය’’ කියන්නේ දැඩි තෝරා ගැනීමක් ඇතිව පරිහරණය කළ හැකි දෙයක්. මාධ්‍ය වාර්තාකරණයේදී ඔවුන් සන්දේශය තෝරවා වාගේම ජනතාවත් ජනමාධ්‍ය භාවිත කිරීමේ දී දැඩි සේ තෝරා ගැනීමක් කරනවා. මාධ්‍ය බහුලත්වය තුළ ඔවුන්ට මේක ඉතාම පහසු කරුණක්. ඒ නිසා ඔවුන් තෝරා ගන්නේ ‘‘තමන් කැමැති ඇත්ත’’ වාර්තා කරන මාධ්‍යයක් පමණයි. මෙහිදී අපි දකින්නේ ප‍්‍රවෘත්තියකය ඉතාම පැහැදිලිව හඳුනාගත හැකි පැති තුනක් තිබෙනවා. ඒ ‘‘මගේ පැත්ත’’ ‘‘උගේ පැත්ත’’ සහ ‘‘හරි පැත්ත’’ වශයෙන්. පුදුමයකට වාගේ මාධ්‍ය පරිහරණය කරන අති බහුතරක් ඉතාම පහසුවෙන් තෝරා ගන්නේ ‘‘මගේ පැත්ත’’ එහෙම නැතිනම් ‘‘තමන් කැමැති ඇත්ත දකින්න’’ තමයි ඔවුන් කැමැති. අද ආණ්ඩුවට පක්ෂ පුද්ගලයින් ආණ්ඩුවේ මාධ්‍ය ද ආණ්ඩු විරෝධීන් අනෙක් මාධ්‍යය ද පරිහරණය කරන්නේ මේ තත්ත්වය නිසයි. ඒත් කනගාටුවට කරුණ වන්නේ ‘‘හරි පැත්ත’’ වාර්තා කරන / සන්නිවේදනය කරන මාධ්‍ය ලංකාවේ අති විරලයි. ඒ නිසා ජනතාවගෙන් අති බහුතරයක් තමන් කැමැති ඇත්ත අසමින්, බලමින්, කියවමින් ඉන්නවා.
ඒත් ලංකාවේ මේ න්‍යායන් ගැන දන්නේ කීයෙන් කී දෙනාද ? ඒ නිසා ජනමාධ්‍යවලට ඉතා පහසුවෙන් තමන්ගේ දැඩි පාලනයට යටත් සන්දේශයක් අඛණ්ඩව සමාජගත කරමින් එය ජනමතයක් බවට පත් කිරීමේ හැකියාව තිබෙනවා. මේ තත්ත්වය සමග සුප‍්‍රකට ගොබොල්ස් න්‍යායත් (එකම බොරුව සියවරක් කී විට එය සත්‍ය එකක් බවට ඒත්තු යාම* එක් වූ විට සිදුවිය හැකි විනාශය සුළුපටු නැහැ. මේ හරහා ක‍්‍රමිකව නිර්මාණය කරන විකෘති, සාවද්‍ය ජනමතය ආණ්ඩු පෙරළි කිරීමට පවා සමත් බව අප අමතක නොකළ යුතුයි.
යහපාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට ලංකාවේ බහුතරයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය භාවිතය උඩින් පල්ලෙන් නිරීක්ෂණය කළත් මේ තත්ත්වය අපට මනාව වටහාගත හැකියි. උදාහරණයක් විදිහට මේ වන විට ලංකාවේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන ‘‘බැඳුම්කර කොමිසම’’ දැක්විය හැකියි.
බොරුවට කීකරු වීම
ජනමාධ්‍ය සහ දේශපාලනඥයින් කල්ලි ගැසී අවස්ථාවාදී / පුද්ගලික න්‍යාය පත‍්‍ර ඉටුකර ගැනීම සඳහා මේ අතිෂය පුද්ගලික කරුණු ‘‘ජනමතය’’ බවට පත් කිරීමට ගන්නා වෑයම සහ ජනතාව ඒ වෙත දක්වන ඇඳී යාම අපට සැලකිය හැක්කේ ‘‘බොරුවට කීකරු වීමක්’’ ලෙසයි. මේ ගැන මේ දක්වා ලංකාවේ විධිමත් ජනමාධ්‍ය විමසීමක් සිදුවෙලා නැහැ. ඒත් දශක ගණනාවක් පුරා මේ ජනමාධ්‍ය හා දේශපාලන සිදුවීම් සියුම්ව නිරීක්ෂණය කරන, එහි ප‍්‍රායෝගිකව නිරතව සිටින අය පවසන්නේ ජනමාධ්‍ය හා දේශපාලනඥයින් කල්ලි ගැසී ඇති කරන මේ කෘත‍්‍රීම තත්ත්වය / රැුල්ල මගින් ජනතාව තුළ ස්වේච්ඡුාවෙන්ම බොරුවට කීකරු වීමේ මානසිකත්වයක් නිර්මාණය කරන බවයි.
මේ තත්ත්වය අපට මනාව වටහා ගත අවස්ථාවක මේ වන විට අප සිටිනවා. ඒ ප‍්‍රකට ‘‘බැඳුම්කර කොමිෂම’’ හරහා පසුගිය කෙටි කාලය තුළ නිර්මාණය කර ඇති විස්මයජනත තත්ත්වයයි.
අවුල ලිහා ගැනීම
බැඳුම්කර කොමිෂම ගැන මේ රටේ ජනතාව තමන්ගේ අම්මා තාත්තාටත් වඩා හොඳින් දන්නා නිසා මෙම ලිපිය මගින් ඒ ගැන කිසිම අවධානයක් යොමු වන්නේ නැහැ. ඒත් මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ අද වන විට යහපාලන ආණ්ඩුවට, විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව නිර්මාණය කර ඇති ඊනියා ‘‘බැඳුම්කර සුනාමිය’’ විසින් මහින්ද රාජපක්ෂ යුගයේ සියලූම පව් සෝදා හරිමින් අන්ත ¥ෂිතයින් සෝදා පවිත‍්‍ර කිරීමට ගන්නා සියුම් හා අතිෂය සටකපට ප‍්‍රයත්නසේ සැබෑ හැඩරුව විමසා බැලීමයි.
බැඳුම්කර කොමිෂම ද අයත් වන ‘‘ජනාධිපති කොමිෂන් සභා’’ පත් කිරීම සම්බන්ධයෙන් / ‘‘කෝකටත් තෛලයක් වූ’’ යුගයක් ලංකාවේ තිබුණා. ඒ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දැරූ 2005 – 2015 කාලයයි. ඒ කාලේ ඇතැම් දේශපාලනඥයින් වගේම ජනමාධ්‍යයත් උපහාසයෙන් කිවුවේ ‘‘මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනාධිපති කොමිෂමක් පත් නොකළේ බුදු හාමුදුරුවෝ ලංකාවට තෙවරක් වැඩියාද ? නැද්ද ? ගැන සොයන්න විතරයි කියලයි.
රාජපක්ෂ යුගයේ ජනාධිපති කොමිෂන් සභා මෙවැනි හාස්‍යජනක තත්ත්වයකට පත් වුණේ හේතු රහිතව නොවෙයි. ඊට හේතු වුණු කරුණු ගණනාවක් තිබුණා. උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා මේ ජනාධිපති කොමිෂන් සභා පත් කළේ ඉතාම පටු හෝ අවස්ථාවාදී අරමුණු ඉටුකර ගැනීමටයි. එහෙම නැතිනම් ඒ ඒ අවස්ථාවට අදාළව ‘‘ගැලවිජ්ඡුාවක්’’ විදිහටයි. එහෙම නැතිනම් ජාත්‍යන්තර ප‍්‍රජාව, බලපෑම් කණ්ඩායම්වල බලපෑමෙන් මිදිලා කල් මැරීමටයි. ඒ අතර රාජපක්ෂ යුගයේ ප‍්‍රකට කොමිෂන් වන ‘‘උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිසම’’ ‘‘උදුලාගම කොමිසම’’ ‘‘කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින්ට වෙඩි තැබීම (රෝෂාන් චානක ඝාතනය* වැනි පරීක්ෂණ කොමිෂන් දැක්විය හැකියි. මේවා ජනතාවගේ සහ විශේෂඥයින්ගේ විශාල කාලයක් ගෙවා දමමින්, දැවැන්ත මහජන මුදලක් වැයකරමින් කළ පරීක්ෂණ කොමිෂම් වුණත් ඒවායේ වාර්තාවල සඳහන් කළ නිර්දේශ කිසිමදාක රාජපක්ෂ ආණ්ඩුව විසින් ක‍්‍රියාත්මක කළේ නැහැ. ඒ වෙනුවට කළේ අදාළ කොමිෂන් සභා වාර්තාවල තමන්ට වාසිදායක නිර්දේශ හා නිරීක්ෂණ උළුප්පා දක්වමින් හානිකර නිර්දේශවලට එරෙහිව ප‍්‍රහාර එල්ල කිරීමයි. මේ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය වන්නේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවයි.
හොරා කෑම්වලට වැට බැන්දේ නැහැ
මේ ආකාරයෙන් කිවිසුමක් ගියත් ජනාධිපති කොමිෂන් සභා පත් කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත් වූ රාජපක්ෂ පාලනය මේ කාලයේ මහත් ආන්දෝලනයට ලක් වූ දැවැන්ත මූල්‍ය වංචා සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත්තේ නැහැ. උදාහරණයක් වශයෙන් එවකට රාජපක්ෂ ආණ්ඩුවේම ප‍්‍රබලයින් වන ඇමැති ඩිව් ගුණසේකර, ආචාර්ය විජේදාස රාජපක්ෂ සභාපතීත්වය දැරූ කෝප් කමිටුව විසින් වාර්තා කළ කිසිදු ¥ෂණයක් සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය කිසිදු පියවරක් ගත්තේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා කළේ ඒ සියලූ වාර්තා හමස් පෙට්ටියේ තියාගෙන අදාළ ඇමැතිවරුන්, නිලධාරීන් බලැක් මේල් කිරීම පමණයි. ඒ දවස්වල ජනමාධ්‍ය සහ දේශපාලන වේදිකාවල කතා වූ ප‍්‍රකට කියමනක් වුණේ ‘‘ෆයිල් තියෙන ඇමැතිවරු සහ නිලධාරීන් රාජපක්ෂ පවුලේ වහළුන් බවට පත්ව සිටින බවයි.
මහින්ද රාජපක්ෂ පාලනය ආන්දෝලනාත්මක කෝප් කමිටු වාර්තා පමණක් නොවෙයි එයින් ඔබ්බට ගොස් දැවැන්ත මාධ්‍ය හා සමාජ අවධානයක් දිනාගත් තවත් බොහෝ ¥ෂණ, ඝාතන ගැන නෑසූකන්ව සිටි බව ජනතාවට රහසක් නොවෙයි. උදාහරණ වශයෙන් කුප‍්‍රකට ‘‘හෙජින් ගනුදෙනුව’’ ‘‘ග‍්‍රීක බැඳුම්කර සිදුවීම’’ ඒ අතර ප‍්‍රධානයි. එමෙන්ම රාජපක්ෂ පාලනයේ දැවැන්ත ¥ෂණයක් වශයෙන් සැලකෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට ඍජු චෝදනා එල්ල වූ ‘‘මිග් 29 ගනුදෙනුව’’ ගැන රටට හෙළිකළ ලසන්ත වික‍්‍රතුංගට අවසානයේ සිදු වුණේ ජීවිතයෙන් වන්දි ගෙවීමටයි.
මේ තත්ත්වය රාජපක්ෂ මහතාගේ පවුලේ ආරක්ෂාවට පමණක් නොවෙයි මුළු පාලන තන්ත‍්‍රය පුරාම පැතිරී ගියා. අද රාජපක්ෂ කල්ලියේ ප‍්‍රබලයෙක් වී සිටින රෝහිත අබේගුණවර්ධනගේ අයථා උපයා ගැනීම් ගැන සෙවීමට අල්ලස් හා ¥ෂණ විමර්ශන කොමිසම පියවර ගත් විට ඔහු ඉතාම හාස්‍යජනක හේතු දක්වමින් එය මගහැර ගියා. මේ ආකාරයෙන්ම විනිමය හා සුරැුකුම්පත් කොම්ෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් ක‍්‍රියාකළ තිලක් කරුණාරත්න මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වෙමින් සිදු කළ බරපතළ ප‍්‍රකාශය ගැන පවා රාජපක්ෂ පාලනය කිසිදු තැකීමක් කළේ නැහැ.
මේ සමග අද කිසිවකුට මතක නැති තවත් සුවිශේෂ ¥ෂණයක් සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනය ක‍්‍රියාකළ ආකාරය ගැන ජනතාවට මතක් කරදිය යුතුයි. ඒ සේවක අර්ථ සාධක අරමුදලේ මුදලින් ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගත් ප‍්‍රයත්නයයි. ඵ්ර 31ල 2013 එකල මාධ්‍ය විසින් අන්ත ¥ෂිත හා වංචනික ගනුදෙනුවක් වශයෙන් හැඳින් වූ මෙම ගනුදෙනුව පිටුපස මහින්ද රාජපක්ෂ මහතා විසින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අධ්‍යක්ෂවරුන් වශයෙන් පත් කළ රාජකීය ජ්‍යෙතිෂවේදී සුමනදාස අබයගුණවර්ධන සේම හිටපු අගවිනිසුරුවරියගේ සැමියා ද සිටි බව අප අමතක කළ යුතු නැහැ.
මෙවැනි අන්ත ¥ෂිත තත්ත්වයක පැවැති රජාපක්ෂ රෙජිමය පරාජයට පත් කිරීම හැර 2015 වන විට ජනතාවට වෙනත් කිසිදු ආකාරයක විකල්පයක් තිබුණේ නැහැ. ජනතාව 2015 ජනවාරි 08 වැනිදා සහ යළි 2015 අගෝස්තු 17 වැනිදා දෙවැනි වරටත් රාජපක්ෂවරුන් ඇතුළු කල්ලිය පරාජය කිරීමේදී ප‍්‍රධාන කොන්දේසියක් බවට පත්ව තිබුණේ රාජ්‍ය සම්පත් මහ දවාලේ කොල්ලකෑ මේ ¥ෂිත තත්ත්වයක්.
යහපාලනය බලයට පත් වූ පසු
මහින්ද රාජපක්ෂ පාලනයේ අන්ත ¥ෂිත රාජ්‍ය දේපොළ කොල්ලයට තිත තබමින් යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු සිදු කළ මුල්ම ක‍්‍රියාමාර්ගයක් වූ රාජපක්ෂ සමයේ සිදු වූ මූල්‍ය ¥ෂණ සොයා බැලීම සඳහා විධිමත් කොමිෂන් සභා ස්ථාපිත කිරීමයි. එය යහපාලනයට ඡුන්දය දුන් ලක්ෂ 62ක් වන පිරිසකගේ බලවත් අපේක්ෂාවක් වුණ දෙයක්.
ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ 2010 ජනවාරි මස 01 වැනි දා සිට 2015/01/01 දක්වා කාලය තුළ සිදු වූ බව කියන බරපතළ වංචා සහ ¥ෂණ සිදුවීම් මෙන්ම රාජ්‍ය බලය අවභාවිත කිරීම මගින් රාජ්‍ය ආයතනවලට සිදු කළ පාඩු ආදිය සෙවීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2015 මාර්තු 15 වැනිදා බරපතළ වංචා සහ ¥ෂණ චෝදනා විමර්ශන කොමිෂම පත් කළා. ඒ සමගම තවත් එවැනිම ආයතනයක් වශයෙන් ‘පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය’’ පත් කළා.
මේ කොමිෂන් සභා පත් කිරීම් යහපාලනිකයින්ගේ සතුටට හේතු වුණත් රාජපක්ෂ පවුල සහ රාජපක්ෂ කල්ලිය මෙය අර්ථකථනය කළේ දේශපාලන දඩයමක් විදිහටයි. එමෙන්ම රාජ්‍ය නිලධාරීන් දඩයම් කිරීමක් විදිහටයි. ඒ අනුව මෙම ¥ෂණ විමර්ෂණ ආයතන හෙළා දැකීමෙන් නොනැවතී ඔවුන් අධිකරණයම ක‍්‍රියාමාර්ග වෙත පවා යොමු වුණා. එහි නිලධාරීන්ට තර්ජන ගර්ජන කළා. අවසානයේ ඒ කිසිවක් නොහැකි වූ තැන විවිධ හේතු දක්වමින් කොමිෂමේ පරීක්ෂණ මගහැර යාමට පියවර ගත්තා. අදත් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කරමින් (ඞී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර සිද්ධිය* මේ පරීක්ෂණ ක‍්‍රියාවලි මගහැරමින් සිටිනවා. ඒ අතර මෙම කොමිෂන් හමුවේ වෝදනා ලබා සිටින බැසිල් රාජපක්ෂ (මල්වාන මාළිගාව, මාතර මාළිගාව, සෙවිලි තහඩු සිදුවීම…* සුරංගනා කතා කියන කොට, රෝෂිත රාජපක්ෂ තමන්ගේ මිත්තනිය පවා දෙනවා. නාමල් රාජපක් ඊට අන්ත ගමනක් යනවා. ‘ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොමිෂම හමුවට කැඳවන විට මහින්ද රාජපක්ෂ මහතා ජනතාව වීදි බස්සවමින් ඒ නීතියට අභියෝග කරනවා. සිල් රෙදි වංචාව සම්බන්ධයෙන් ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට වරදකරු වන විට අධිකරණයේ තීන්දුවට අපහාස කරමින් දඩ මුදල් ගෙවන්න පිඬු සිඟා වඩිනවා.
රාජපක්ෂ පාලනය තුළ සිදු වූ ¥ෂණ ඇතුළු අක‍්‍රමිකතා සෙවීමට පත් කළ කොමිෂන් සභා හමුවේ කට්ටි පනින, කිතුලට නැග්ග මිනිහා වාගේ කතා කියන රාජපක්ෂ කල්ලිය අද යහපාලනයේම තවත් සාර්ථක කතාවක් වුණ බැඳුම්කර කොමිෂම දඩමීමා කර ගෙන යහපාලන ආණ්ඩුව, විශේෂයෙන් එජාපය දඩයම් කිරීමට යාම හාස්‍යජනත දෙයක් ලෙස සැලකිය හැකියි. මන්ද තමන් පත් කළ කප්පරක් කොමිෂන් සභාවල වාර්තා කුණු කූඩයට දැම්ම, ¥ෂණය සෙවීමට පත්කළ කොමිෂන් හමුවේ කට්ටි පනින මේ කල්ලිය අද මේ අපයෝජනය කරමින් සිටින්නේ 62 ලක්ෂයක් ජනතාව ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් යහපාලන වටිනාකම් වීම නිසයි.
දිය රත්වෙන තෙක් සැලියේ
‘‘වතුර රත් වෙන කල් කකුළු දිය කෙළිනවා’’ කියලා කතාවක් අප අතරේ තිබෙනවා. මෙම ලේඛකයාගේ අදහස වන්නේ අද ඊනියා ඒකාබද්ධ විපක්ෂය / පොහොට්ටු කල්ලිය ද දිය රත්වෙන කල් හැලිය තුළට වී දිය කෙළින කකුළුවාගේ තත්ත්වයට පත්ව ඇති බවයි. ඒත් විශ්මයජනක ආකාරයෙන් ඔවුන් මේ භීතිය සිනාවක් බවට පත් කිරීමට දැවැන්ත මාධ්‍ය රංගනයක නිරත වෙමින් සිටිනවා. මේ දේශපාලන කකුළුවන්ට හිතූ හැටියට දිය කෙළින්න රාජපක්ෂ පාලනය තුළ ඍජු හා වක‍්‍රාකාරයෙන් දැවැන්ත වරදාන ලැබූ, ඔවුන් සමග ඍජුව දේශපාලනයේ නිරත වූ මාධ්‍ය පුළුල් අවකාශයක් හදලා දීලා තිබෙනවා. මෙම මාධ්‍ය හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් රාජපක්ෂ කල්ලියට මේ ශක්තිමත් මාධ්‍ය අවකාශය නිර්මාණය කරදීම මගින් බලාපොරොත්තු වන ඍජු ප‍්‍රතිලාභ ගැන ජනතාවගෙන් සැලකිය යුතු පිරිසකට මහත් අවබෝධයක් තිබෙනවා. උදාහරණයක් ලෙස අද බැඳුම්කර කොමිෂම කරේ තියාගෙන යමින් යහපාලනට වින කටින ප‍්‍රධාන විද්‍යුත් මාධ්‍ය හා පුවත්පත් රැුසක හිමිකරුවන්ගේ ඍජු අපේක්ෂාව වන්නේ යළි රාජපක්ෂ පාලනයක් බිහිකර ගැනීමයි. එවැනි පාලනයක් උදා වුවහොත් ඒ පාලනය බිහි වී පැයක් යාමටත් පෙර වැලිකඩ හිරගෙදර යකඩ ගේට්ටු ඇරෙන බව මේ මාධ්‍ය කල්ලිය හොඳින් දන්නවා. අද ඔවුන්ට අවශ්‍ය ඊනියා ජනමතයක් නිර්මාණය කිරීම තුළින් වැලිකඩ බන්ධනාගාරයේ ගේට්ටු විවරකර ගැනීම පමණයි.
මේ සමග මුලින් සඳහන් කළ කරුණ වෙත යා යුතුයි. ඒ මේ මාධ්‍ය බඬේ ඉන්න දරුවන්ට මේ තරම් හඳහන් හදන්න යන්නේ ඇයි ? යන්නයි. බැඳුම්කර කොමිෂමේ අකුරක් නොදැකපු මේ ජනමාධ්‍ය පසුගිය දින කිහිපය ම වෙන් කළේ එහි නිර්දේශ සම්බන්ධයෙන් සමාජය තුළ දැවැන්ත මතයක් නිර්මාණය කිරීමටයි. එහි නිර්දේශ දිවැසින් දක්කා වාගේ වාර්තා කිරීමටයි. ඒත් අපි පසුගිය කාලය පුරාම දැක්ක සුලභ තත්ත්වක් වුණේ මේ ජාතික යැයි කියා ගන්නා මාධ්‍ය උදේ සවස වපුරන කතා සම්පූර්ණයෙන් මිත්‍යාවක් බවට පත්වන සුලභ තත්ත්වයයි. ඒ සඳහා උදාහරණ දස දහස් ගණනක් දැක්විය හැකියි. ආසන්නම උදාහරණය වන්නේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ නිර්මාණය කළ දැවැන්ත ප‍්‍රවාදයයි. විදුලි පුටුව, ජාත්‍යන්තර යුධ අධිකරණය ගැන නිර්මාණය කළ බොරුවයි.
බැඳුම්කර කොමිෂමේ අවසන් වාර්තාව එහි සභාපතිවරයා විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට භාරදීම සමග බරපතළ වංචා ¥ෂණ පරීක්ෂණ කොමිෂම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදු වූ බරපතළ වංචා සහ ¥ෂණ සිද්ධීන් 17ක් පිළිබඳ පරීක්ෂණ වාර්තා ද ජනාධිපතිවරයාට භාර දුන් බව අප අමතක නොකළ යුතුයි. එමෙන්ම තවත් බොහෝ පරීක්ෂණ වාර්තා අවසන් අදියරට පැමිණ තිබෙන බව ද (වැලිකඩ රිමාන්ඞ් සිරකරුවන් ඝාතනය ඇතුළු* අප අමතක නොකළ යුතුයි. මේ තත්ත්වය තුළ මුළු රාජපක්ෂ රෙජිමයම බැඳුම්කර සිදුවීම මත එල්ලී තමන්ගේ ජීවිතය රැුක ගැනීමට ගන්නා අවසන් වෑයම ගැන අප පුදුම විය යුතු නැහැ. එමෙන්ම යළි රාජපක්ෂ පාලනයක් උදාවී වැලිකඩ බන්ධනාගාරයේ යකඩ දොරවල් ඇරෙන තුරු ඇඟිලි ගණින, රාජ්‍ය භාණ්ඩාගාරය, අධිකරණය තමන්ගේ කෙළිබිමක් කර ගැනීමට පෙරුම් පුරන ඇතැම් මාධ්‍ය කල්ලි බැඳුම්කර සිදුවීම මහා සුනාමියක් බවට පත් කරමින් රාජපක්ෂ පාලනයේ සියලූ පව් සෝදා හැරීමට ගන්නා ප‍්‍රයත්නය ගැන ද අප පුදුමයට පත්විය යුතු නැහැ.
යහපාලනය බලයට පත් කළ 62 ලක්ෂයක් ජනතාව, තමන්ගේ ආණ්ඩුවට අවුරුදු තුනක් සම්පූර්ණ වන මේ මොහොතේ මේ සියලූ දේවල් දෙස මහත් පුදුමයෙන් යුතුව බලා සිටිමින් විමසන්නේ ‘‘ ආණ්ඩුව අඬුව අතේ තියාගෙන මේ අත පුච්චා ගන්නේ ඇයි දෙයියනේ ? ’’ කියලයි. ඇත්තටම ආණ්ඩුව අඬුව අතේ තියාගෙන අත පුච්චා ගන්නේ ඇයි ? යහපාලනයට අවුරුදු තුනක් පිරෙන මේ මොහොත් ආණ්ඩුව ජනතාවගේ මේ පැනයට පිළිතුරු දිය යුතුයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *