නම්බුව බේරාගන්න සුසිල් පියුන් වැඩක් කරයි !

සන්ධානයේ නව ලේකම් මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා මගින් මැතිවරණ කොමසාරිස් වරයාට භාරදීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සකස් කළ ජාතික ලැයිස්තු මන්ත්‍රී යෝජනාව ඉල්ලාගෙන ගිහින් දී සුසිල් ප්‍රේමජයන්ත මහතා තම නම්බුව බේරාගත් බව වාර්තා වෙයි . මෙම ලයිස්තුව කොමසාරිස් වරයාට භාරදීම තමන් අතින්ම කිරීමට ඉඩදෙන ලෙස ප්‍රේමජයන්ත මහතා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ඉඩ ලැබීම නිසා ඔහුට මෙම අවස්ථාව හිමිවී තිබේ .

සුසිල් ඇතුළු මහින්ද කල්ලිය විසින් කුමන්ත්‍රණ කාරී ලෙස පරාජය කොට ගෙදර යැවීමට උත්සාහ කළ එස් බී දිසානායක , මහින්ද සමරසිංහ , ලක්ෂ්මන් යාපා අබේවර්ධන , පියසේන ගමගේ ආදීන්ගේ නම් ද එම ලැයිස්තුවේ ඇතුලත්ව තිබූ බව වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *