මහින්දට නව පෙනුමක් දෙන්න විමල්ගෙන් “නිර්වස්ත්‍රයක්”

සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට නැවත එන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට අලුත් පෙනුමක් ලබාදීමට තමන් අලුත් වස්ත්‍රයක් සකස්කරන බව විමල් වීරවංශ මහතා ප්‍රකාශ  කොට ඇති බව වාර්තාවෙයි . මහින්ද රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවසේදී මහින්දවාදීන් අතර පැවති සාකච්චාවකදී වීරවංශ මහතා මේ බව ප්‍රකාශ  කොට තිබේ . “ඒක නිර්වස්ත්‍රයක් වේවිදැ”යි එහි සිටි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විමසු බවද එය එහි සිටි සියලුදෙනාගේ සිනහවට හේතු වූ බව ද  දැනගන්නට ඇත .

මැතිවරණ පරාජයෙන් පසු නව “අප්පච්චි මලෝ ” කණ්ඩායම බහුතරය වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දන  ගසන තත්ත්වයක් වර්ධනය වීම නිසා රාජපක්ෂ මහතාට මෙම නිර්වස්ත්‍රය අවශ්‍ය වී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි . ඒ අනුව ජනාධිපතිවරයාගේ ජාතික ආණ්ඩු වැඩ පිළිවෙළට රාජපක්ෂ මහතාගේද සහාය පළකොට ඇති බවද වාර්තා වීය .

අගමැති වන්නට තරග කළ මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායකකම දෙන්නට කිසිවකු මෙතෙක් යෝජනා කොට නැතත් තමන් විපක්ෂ නායක ධුරය භාර නොගන්නා බවට රාජපක්ෂ මහතාගේ නමින් නිවේදනයක්ද නිකුත් වී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *