නිවුස් මෑන්ගෙ ඉන්ටොව් එක

නිවවුස් මෑන් – හලෝ මේ පොහොට්ටු පක්ෂෙ නායක ජිල් මහත්තයද?

ජිල් – භාගයක් ඔව්! භාගයක් නැහැ!

නිවුස් – සාමාවෙන්න මේ ජිල් මහත්තයගෙ දුරකථන අංකය නෙමේද?

ජිල් – ඔවු. ජිල් මහත්තයගෙ නම්බරේ තමයි.

නිවුස් – එතකොට මේ කතා කරන්නෙ පොහොට්ටු පක්ෂෙ නායක ජිල් මහත්තය නෙමේද?

ජිල් – ජිල් මහත්තය තමයි කතා කරන්නෙ. එත් පොහොට්ටු පක්ෂෙ නායක ජිල් ද කියල සුවර් නෑ.

නිවුස් – අංඥකොරොස් වෙන කතාවක්නෙ ජිල් මහත්තය කියන්නෙ. පොහොට්ටු පක්ෂෙ  නායක ජිල් මහත්තය නේමේද?

ජිල් – මට ඒ ගැන ටිකක් අධ්‍යයනය කරන්න ඕන. පක්ෂ නායක මමද සාටක මල්ලිද ඇසිල් බැසිල් ද කියල හොයල බලන්න එෆ්.සී.අයි.ඩී. එකට බාර දෙන්නයි මම හිතාගෙන ඉන්නෙ.

නිවුස් – එෆ්.සී.අයි.ඩී. එකට බාර දෙන්නෙ මොකද? මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් අහන්න පුළුවනි.

ජිල්  – මේ දවස්වල හැටියට වැඩේට ගැලපෙන්නෙ එෆ්.සී.අයි.ඩී. එක. ඇසිල් බැසිල්ගෙ විස්තර හොඳටම දන්නෙ එයාල තමයි. එහෙම නැත්නම් අල්ලස් විමර්ශනෙන් අහන්න වෙනව.

නිවුස් – පළාත් පාලන ඡන්දෙ පොහොට්ටුව දැනටමත් දිනල ඉවරයි කියල සාටක රජතුමා කියල තිබුණා. මැතිවරණය පවත්වන්නත් කලින් ඡන්දෙ දින්න කියල කියන්නෙ කොහොමද?

ජිල් – ඒක අපි කියන්නෙ ඩන්කන් වයිට් ක්‍රමයට.

නිවුස් – ඩන්කට් වයිට ක්‍රමය ගන්නෙ ක්‍රිකට් වලට නේද?

ජිල් – මැතිවරණවලටත් ඒ ක්‍රමය යොදාගන්න පුළුවනි.

නිවුස් – මැතිවරණවලට ඩන්කන්වයිට් ක්‍රමය යොදා ගන්නෙ කොහොමද?

ජිල් – ඩන්කට්වයිට් ක්‍රමය ඡන්දෙදි දෙවිදිහකට යොදා ගන්න පුළුවනි.

නිවුස් – මොනවද ඒ ක්‍රම දෙක?

ජිල් – පළමු ක්‍රමය ප්‍රතික්ෂේප වූ නාම යෝජනා ගණන අනුව. දැන් අපේ නාම යෝජනා 11 ක් ප්‍රතික්ෂේප වුණා. පුලතිසිගෙ දෙකයි. අලිමහත්තයටයි සීනු අනුරටයි එකක්වත් පුතික්ෂේප කරගන්න බැරි වුණා. එකොළහක්වත් ප්‍රතික්ෂේප කරගන්න ලැබීම  ගැන අපට සන්තෝෂ වෙන්න පුළුවනි.

නිවුස් – නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පරාජයක් නේමේද?

ජිල් – නැහැ. ඒක විශාල ජයග්‍රහණයක්. දැන් පළාත් පාලන ආයතන 341ක් තියෙනව. ඒ තුන්සිය හතලිස් එකෙන්ම අපේ නාමයෝජනා අනුමත වුණා නම් අපට ආසන 341න්ම පරාජය වෙන්න වෙනව. දැන් අපි පරදින්නෙ පළාත් පාලන ආයතන 330කින් විතරයි. ක්‍රිකට් වලදිත් අඩු ලකුණු ගණනකින් පරාජය වීම සතුටට කාරණයක් වගේ, අපිටත් අඩු ආසන සංඛ්‍යාවකින් පරාජය වෙන්න ලැබීම සතුටට කාරණයක්. ඩන්කන් වයිට් ක්‍රමයට අපි දැනටමත් දිනල කියල සාටක රජ්ජුරුවො බය නැතිව කියන්නෙ ඒ නිසයි.

නිවුස් – ඡන්දෙදි ඩන්කට් වයිට් ක්‍රමය ආකාර දෙකකට යොදන්න පුළුවන් කීව නේද?

ජිල් – දෙවන ක්‍රමය තමයි, ඉවත් වෙන පාක්ෂිකයන් අපේක්ෂකයන් අනුව. දැන් බලන්න අපේ සැල්ෆෝන්විමලෙගෙ හොඳම සැට් එකත් දැන් ඉන්නෙ පුලතිසි ළඟ. පුලතිසිගෙන්වත් අලි මහත්තයගෙන්වත් කවුරුවත් අපි ළඟට ආවෙ නැහැ. අපෙන් කීප දෙනෙක් හරි වෙන තැනකට යාම අපේ ජයග්‍රහණයක්. මොකද අපේ මිත්‍රයො තවදුරටත් අපි ළඟ ඉඳල පරාජය වෙනව අපට බලා ඉන්න අමාරුයි. දැන් කීප දෙනෙක් හරි දිනන පැත්තට ගියා නේද කියල අපට පක්ෂයක්  වශයෙන් සතුටු වෙන්න පුළුවනි.

නිවුස් – අපරාධකාරයටත් නාමයෝජනා දීලය, හරක් හොරු, කසිප්පුකාරයෝ,  මංකොල්ලකාරයොත් ඒ අතර ඉන්නවය කියල පැෆරල් මහත්තය කියනව නේද?

ජිල් – අපරාධකාරයන්ට නාම යෝජනා නොදී ජන්ද කරන්නෙ කොහොමද?

නිවුස් – ඇයි එහෙම කියන්නෙ?

ජිල් – දැන් බලන්න අපේ පොහොට්ටුවෙ මුලට ඉන්න සැට්එක එහෙමපිටින්ම අපරාධකාරයො. සාටකට කේස්, සාටකගෙ ද්විත්ව පුරවැසි ඇසිල් බැසිල්ටත් කේස්. ගෝඨා බෝඨාටත් කේස්. සැල් ෆෝන් විමලයා, පිවිත්‍රරු උදයා, ජාතියේ මල නා මල හැමෝටම කේස්. ඉතිං අපරාධකාරයන්ට නාම යෝජනා නොදී අපි මිනිස්සු පිට සක්වලින් ගේන්නද?

නිවුස් – එතකොට හරක් හොරු,  කසිප්පුකාරයො, මංකොල්ලකාරයො?

ජිල් – සමානුපාත ක්‍රමය අනුව ඒ අයටත් දෙන්න වෙනව.

නිවුස් – ඒ කිව්වෙ?

ජිල් – කම්බ හොරුන්ට වැඩිපුර දුන්නම පොඩි පොඩි හොරුන්ටත් ටික ටික දෙන්න වෙනවනෙ. නැත්නම් බැලන්ස් වෙන්නෙ නැහැ.

නිවුස් – ඔබතුමාගෙ පක්ෂෙ අපේක්ෂිකාවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලුවය කියනව නේද?

ජිල් – ඒ චෝදනාව මම ප්‍රතික්ෂේප කරනව.

නිවුස් – ඇයි?

ජිල් – මට මහලු වයසේ බැරිය වෙණ ගායනා පෙරසේ.

*

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *