ඡන්දයෙන් ආණ්ඩුව ශක්තිමත් වෙතැයි වෛද්‍ය සංගමය බියෙන්

පළාත් පාලන ඡන්දයෙන් පසුව ආණ්ඩුව දේශපාලන වශයෙන් තවත් ශක්තමත් වන බවත් එයින් තම සංගමයට තිබෙන ශක්තිය පිරිහී යන බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ අභ්‍යන්තර සාකච්ඡාවකදී තක්සේරු කොට ඇතිබව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඡන්දයේදී ආණ්ඩුව ශක්තිමත් වීම අවම කරීමට ගතයුතු පියවර ගැනද එම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාල සිසුන් සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව මෙහිදී තවදුරටත් සාකච්ඡා වී තිබේ. එහිදී රජය ගන්නා ක්‍රියාමාර්ග වලට තිබෙන මහජන පිළිගැනීම නිසා තම විරෝධතා ආණ්ඩුව ගණන් නොගන්නා බවද ඉහත කී සාකච්ඡාවේදී අදහස් පුකාශ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *