සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුම මාස දෙකකින්; ඉන්දියාව සමඟ එට්කා ප්‍රමාදයි

සංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම ඉදිරි මාස දෙක ඇතුළත සිදුවනු ඇතිබව සංවර්ධන උපායමාර්ග හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය කියයි. එම ගිවිසුම සැකසීම බොහෝදුරට අවසන් වී ඇතිබවද කියති.

ඉන්දියාව සමග යෝජිත එට්කා ගිවිසුම තවමත් සකසා අවසන් නැති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියති. එට්කා ගිවිසුම ගිවිසුම ප්‍රමාද වීමට හෙතු වී ඇත්තේ ඉන්දියානු නියෝජිතයෝ අනුගමනය කරන ආරක්ෂණවාදි පිළිවෙත බවද ඉහත ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *