බන්දුල පච කෙළියි – මහ බැංකුව ඇත්ත හෙළිකරයි

හම්බන්තොට වරායේ බදු ගිවිසුමෙන් ලැබුණු මුදල් මහ බැංකුවට බරකොට නැතැයි බන්දුල ගුනවර්දන මන්ත්‍රීවරයා කල චෝදනාවට ශ්‍රී ලංකා මහ බැංකුව පිළිතුරු දී ඇත. මහා බැංකුව කියා ඇත්තේ සියලු මුදල් මහා බැංකුවේ තැන්පත් කොට ඇති බවයි .

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගන්නා ලද ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 292.1 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව බන්දුල ගුනවර්දන මහතාගේ තවත් බොරුවක් අතේ පත්තු වී ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *