මහින්දට ගමේ බලය නොදිය යුත්තේ ඇයි ? – භාතිය බරුකන්ද

‘‘තට්ටු කරන්නාට දොර ඇරේ’’ කීවාසේ ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටි පළාත් පාලන මැතිවරණය දැන් පැමිණ තිබෙනවා. ඒත් මැතිවරණයට නාම යෝජනා භාරදීම අවසන් වන විට ඒකාබද්ධ විපක්ෂයට, නැහොත් පොහොට්ටු පක්ෂයට පළාත් පාලන මැතිවරණය පරාවළලක් වන ලකුණු පහළ වුණා.
ඒ අතර ප‍්‍රධාන වුණේ ඒකාබද්ධ විපක්ෂයේ නාමයෝජනා ලැයිස්තු ගණනාවක් ප‍්‍රතික්ෂේප වීම සමග ඇති වූ දැඩි පසුබෑමයි. කොටින්ම පොහොට්ටුව මේ වන විටත් පළාත් පාලන ආයතන 11ක කිසිදු නියෝජනයක් අහිමි කරගෙන තිබෙනවා. මෙය මෑත ඉතිහාසයේ දේශපාලන පක්ෂයක් මැතිවරණයක් ආරම්භයේදීම ලැබූ දැවැන්ත පසුබෑමක් වශයෙන් සැලකෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කාලයක් පුරා දරදිය ඇද්ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා ඇතුළු මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් මේ වන විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙතට පැමිණ සිටිනවා.
දේශපාලන ආරංචි මාර්ගවලට අනුව 2018 උදාවත් සමග පොහොට්ටුවට සහාය දෙන තවත් ප‍්‍රබලයින් පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා එක්වීමට නියමිතව තිබෙනවා. මේ තත්ත්වය පළාත් පාලන මැතිවරණය ආසන්න වන විට තවත් තිව‍්‍රර වනු ඇතැයි අපේක්ෂා කරනවා. මෙමගින් මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ පොහොට්ටු කල්ලිය දැඩි මානසික හා දේශපාලන පසුබෑමකට ලක්කර ජනතාව තුළ රැුල්ලක් ඇති කිරීම මගින් ශ‍්‍රීලනිපයේ ජයග‍්‍රහණය ශක්තිමත් කිරීම අපේක්ෂා කරනවා. පොහොට්ටු පක්ෂය තුළ පවතින බැසිල් විරෝධය සේම ප‍්‍රමාණවත් ජයග‍්‍රහණයක් ලබා ගැනීම පිළිබඳව පවතින දැඩි අවිශ්වාසය මේ සඳහා ප‍්‍රබල දායකත්වයක් ලබා දෙන බවක් දැකිය හැකියි.
මේ අතර පොහොට්ටුව නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ප‍්‍රතිඥාවක් ලබාදීමේ සූදානමක් ගැන ද පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කළා. එම වාර්තා අනුව මෙම අපේක්ෂකයින් තමන් බලයට පත් වූ පසු රජයේ කොන්ත‍්‍රාත් නොකිරීම ඇතුළු ප‍්‍රතිඥා කිහිපයක් ලබාදීමට සූදානමින් සිටිනවා. පසුගිය රාජපක්ෂ පාලනය පුරා බැසිල් රාජපක්ෂ සමග එක්ව ප‍්‍රාදේශීය වශයෙන් ලැබුණු රාජ්‍ය ප‍්‍රතිපාදන යටිමඩි ගසමින් ජාතික ධනය කොල්ලකෑ හිටපු ප‍්‍රාදේශීය දේශපාලනඥයින් ඒ බැසිල් රාජපක්ෂ යටතේ ම ‘‘රජයේ කොන්ත‍්‍රාත් නොකරන ’’ බවට ප‍්‍රතිඥාවක් ලබාදීමට සූදානම් වීම හාස්‍යජනක බව ඉක්මවා ගිය දේශපාලන අධමත්වයක් බව බොහෝ දෙනෙක් කියනවා.
මහින්දට ගමේ බලය නොදිය යුතු ඇයි
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ප‍්‍රකාශ කළේ ගමේ ආණ්ඩුවේ බලය පොහොට්ටුවට ලබාදීම මගින් ආණ්ඩුවට එරෙහිව පවතින ජනමතය ප‍්‍රකාශ කළ හැකි බවයි. එහෙත් රාජපක්ෂ මහතාගේ මේ ප‍්‍රකාශය සමග ජනතාව තුළ ක්ෂණිකව ඇති වන ගැටලූව වන්නේ ‘‘මහින්ද රාජපක්ෂ මහතාගේ කීම අනුව යමින් ඔහුට යළිත් වරක් ගමේ ආණ්ඩුවේ බලය ලබාදිය යුත්තේ ඇයිද ? යන ප‍්‍රශ්නයයි. ජනතාවට ක්ෂණිකව මෙවැනි ගැටලූවක් ඇතිවීමට හේතු වන පැහැදිලි කරුණු කිහිපයක් තිබෙනවා.
ඒ අතර ප‍්‍රධාන වන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ ජනතාවගේ දැඩි පිළිකුළට ලක් වූ මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයින් කල්ලියම යළිත් වරක් පාලන බලය වෙත ඔසවා තැබුවහොත් තමන්ට යළිත් වරක් අධම යුගයකට යාමට සිදුවනු ඇති බවට ජනතාව තුළ පවතින භීතියයි. ඔවුන්ට අනුව මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයින් මහින්ද රාජපක්ෂ යුගය තුළ දැවැන්ත ලෙස රාජ්‍ය සම්පත් කොල්ලකමින් ¥ෂණයේ යෙදුණු පිරිසක් වනවා සේම නීතිය හා පරිපාලන බලය දැඩිව අපයෝජනය කළ කල්ලියක් වශයෙන් ද සැලකිය හැකියි.
ගමේ කොල්ලකෑම
මහින්ද රාජපක්ෂ යුගයේ මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයින් වෙත එල්ල වූ බරපතළම චෝදනාව වන්නේ ඔවුන් ප‍්‍රසිද්ධියේ රජයේ කොන්ත‍්‍රාත් කරමින් ග‍්‍රාමීය සංවර්ධනය සඳහා විවිධ රාජ්‍ය ව්‍යාපෘතිය යටතේ ලැබුණු ධනය කොල්ලකෑ බවයි. (අද ඔවුන් යළි බලයට පත් වුවහොත් රජයේ කොන්ත‍්‍රාත් නොකරන බවට ප‍්‍රතිඥා දෙන්නේ මේ වරද වටහා ගෙන නොවිය හැකියි* මේ සම්බන්ධයෙන් මෙම ලේඛකයා සමග අදහස් දැක්වූ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ප‍්‍රධානියෙක් කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉතා සූක්ෂම ලෙස බිම් මට්ටමේ දේශපාලන බලය ගොඩනැගීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා දැවැන්ත ධනයක් විවිධ ව්‍යාපෘතිවලට මුවා වෙමින් මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයින් අතට පත් කළ බවයි.
‘‘බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වශයෙන් ක‍්‍රියාකළ පස්වසරකට ආසන්න කාලය තුළයි මේ දැවැන්ත විනාශය උපරිමය කරා ගමන් කළේ. ගම නැඟුම, මඟ නැඟුම, දිවි නැඟුම, ගෙවතු වගා දස ලක්ෂයේ වැඩසටහන, එක් ගමට එක වැඩක් ව්‍යාපෘතිය ආදි වශයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා දියත් කළ සියලූම ප‍්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිවල මුදල් ගලා ගියේ අදාළ ගම්වල ආණ්ඩුවේ දේශපාලනඥයින් සහ ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන්ටයි. ඒ වගේම මේ කාලය තුළ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ග‍්‍රාමීය මට්ටමින් අනුයුක්ත කර සිටි සියලූම රාජ්‍ය නිලධාරීන් නිල හා නොනිල වශයෙන් රජයේ කොන්ත‍්‍රාත් කළා. මේ කිසිඳු ව්‍යාපෘතියක විනිවිධභාවයක් හෝ පිළිගත් මූල්‍ය පාලනයක් තිබුණේ නැහැ. අපට සිදුවෙලා තිබුණේ නත්තල් සීයලා වාගේ රජයේ මුදල් මේ ව්‍යාපෘතිවලට මුදා හරින්න. අවසානයේ කිසිදු ආකාරයකට රාජ්‍ය විගණනයකට හෝ පරීක්ෂාවකට ලක් නොවුණ ව්‍යාපෘති දියත් වුණා. මේවා කොතරම් ¥ෂිත වුවත් අපට කළ හැකි දෙයක් තිබුණේ නැහැ. ඒ සියලූම ¥ෂණ සඳහා උපරිම ආරක්ෂාව හා අනුබලය ලැබී තිබුණා’’
අද බැසිල් රාජපක්ෂගේ නාමයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට දිනපතා බඩගාන මෙම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියා තමන්ගේ විශ‍්‍රාම වැටුප අහිමි වෙතැයි ද දැඩි බියකින් පසුවන්නෙකි.
‘‘බැසිල් රාජපක්ෂ මහතාට වුවමනා කරලා තිබුණේ ප‍්‍රාදේශීය වශයෙන් ශක්තිමත් පදනමක් ඇතිකර ගන්නයි. ඔහු ඒ සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පමණක් නොවෙයි මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම යොදා ගත්තා. මේ සමග නාමල් රාජපක්ෂ මහතා ඇතුළු තමත් ආණ්ඩුවේ ප‍්‍රබලයින් තමන්ගේ කල්ලිවලට මේ අවභාවිතය ඉදිරියට ගෙන යාමට අනුබල දුන්නා. අද දේශපාලන ක‍්‍රමයේ විකෘතියක් ඇති කරමින් ආණ්ඩුව පෙරළන්න උපරිම උත්සාහ ගනිමින් සිටින්නේ එදා රාජ්‍ය භාණ්ඩාගාරයට හිස්කළ මේ කල්ලිය තමයි’’
ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ප‍්‍රධානියෙක් මේ ආකාරයෙන් ස්වයං පාපොච්චාරණයක් කරන්නේ රාජපක්ෂ පවුල තමන්ගේ කල්ලියට ගමේ බලය යළි ඉල්ලා සිටීමට දෙස දැඩි තිගැස්මකින් බලමිනි.
‘‘මේ ප‍්‍රාදේශීය දේශපාලනඥයින් ඔවුන්ට පරම්පරා හතකටවත් උපයා ගැනීමට නොහැකි තරම් ධනයක් පසුගිය කාලයේ උපයා ගෙන තියෙනවා. අද ඔවුන් යළිත් රාජපක්ෂ මහතා බලයට ගේන්න දැඩි වෙහෙසක් ගන්නේ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති මත එවැනි සොරා කෑමක් කිසිදා කළ නොහැකි නිසයි. ඒ නිසා ජනතාව මේ ගැන යළි යළිත් තමන්ගේ අවධානය යොමු කළ යුතුයි. මොකද මේ පළාත් පාලන ඡුන්දේ හුදු පළාත් පාලන ඡුන්දයක් නෙමෙයි යහපාලන ආණ්ඩුවේ බලය තක්සේරු කරන ජනමත විචාරණයක තත්ත්වයට පත්වෙලා තිබෙන නිසයි. අද යම් වරදක් වුණොත් ලංකාවේ යළිත් ඡුන්ද තියෙයි කියලා හිතන්න බැහැ’’ මේ හිටපු රාජ්‍ය නිලධාරියා අවසන් වශයෙන් කීවේය.
මේ කතාව එක් රාජ්‍ය නිලධාරියෙක් හෝ පොදු ජනතාවගෙන් පුද්ගලයින් කිහිප දෙනකුට පමණක් සීමා වූ කතාවක් නොවන්නේ මහින්ද රාජපක්ෂ යුගයේ අසීමිත ධනයක් උපයා ගෙන ඇති ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ගේ පැටිකිරිය ජනතාව වඩාත් හොඳින් දන්නා නිසාය.
‘‘අපේ ප‍්‍රාදේශීය සභාවට එජාපයෙන් පත් වුණ සභාපතිවරයා ලොකු කුට්ටියකට මහින්දගේ පැතත්ට පැන්නා. අද මිනිහා ප‍්‍රකෝටිපතියෙක්. ගමේ සිල්ලර කඩයක් කරගෙන හිටිය මිනිහෙක්ගේ පුතෙක් (හිටපු පොලිස් පරීක්ෂකවරයෙක්* අද ජේ.සී.බී මැෂින් දහයක් පහලොවක් තියෙන, ට‍්‍රක් පනහක් හැටක් තියෙන කොන්ත‍්‍රාත්කාරයෙක්. මේ හැම දෙයක්ම කළේ අන්ත ¥ෂිත විදිහට රාජ්‍ය සම්පත් ගසා කාළා. අද මේ හිටපු සභාපතිවරයා පොහොට්ටුවේ ලොක්කා වෙලා ආයෙත් බලය ඉල්ලනවා’’ මේ බියගම ප‍්‍රදේශයේ පුරවැසියෙක් කියන කතාවකි.
මෙවැනි කතා බියගමින් පමණක් නොව මුළු ලංකාව පුරාම ඇසෙන්නේ මහින්ද රාජපක්ෂ යුගය මේ ¥ෂිත ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ට කොතරම් සරු ගොදුරුබිමක් වූවාද යන්න මනාව පැහැදිලි කරමිනි.
බල අපයෝජනය
ගම හප කිරීම ගැන චෝදනා එල්ල වන මේ ප‍්‍රාදේශීය දේශපාලනඥයින්ට අඩුවක් නොමැතිව නීතිය හා රාජ්‍ය බලය අපයෝජනය කරමින් ප‍්‍රාදේශීය වශයෙන් භීෂණය වැපිරීම සම්බන්ධයෙන් ද අසීමිත ලෙස චෝදනා එල්ල වන්නේය. ඒ සමග ම ඔවුන් වෙත එල්ල වන තවත් ඍජු චෝදනාවක් වන්නේ රාජපක්ෂ පවුලේ වුවමනා එපාකම් මත දේශපාලන පාතාලය සහ මැර කල්ලි මෙහෙය වීම ද එවකට විපක්ෂය සහ සිවිල් සමාජ සංවිධාන ක‍්‍රියාකාරීන්, ජනමාධ්‍යවේදීන් ඇතුළු රාජපක්ෂ පාලනයට එරෙහි බලවේග මර්ධනය කිරීම සඳහා මැර බලය යෙදවීමට ද මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයින් නොබියව ඉදිරිපත් වූ බවටයි.
මේ සඳහා 2005 – 2015 රාජපක්ෂ පාලන සමය තුළින් උදාහරණ සිය දහස් ගණනක් ලබාදිය හැකිය. උදාහරණ වශයෙන් රාජපක්ෂ යුගය තුළ මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයින් සාමාන්‍ය ජනතාව භීතියට හා පීඩාවට පත් කරමින් ප‍්‍රාදේශීය වශයෙන් පාතාල රාජධානි පවත්වා ගෙන ගිය ආකාරය නූරි වත්ත වතු අධිකාරීවරයා ඝාතනය කිරීම සමග දැරුණියගල ප‍්‍රදේශයෙන් ද, කැළණිය ඇතුළු ප‍්‍රාදේශීය සභාවලින් ද දිනපතා වාර්තා වුණේය. ඒ සමග මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයින් සාමාන්‍ය ජනතාවට, එකී ප‍්‍රදේශවල කාන්තාවන් ඇතුළු දැරියන්ට කොතරම් පිළිලයක් වූවාද යන්න අකුරැුස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සර්වා සුනිල් නැමැත්තාගේ සිදුවීම සහ කාන්තාවන් 500 දෙනකු සමග යහන්ගත වීම උත්සවාකාරයෙන් සැමරූ ගාල්ල ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභා සභාපතිවරයාගේ හැසිරීමෙන්ද මනාව පැහැදිලි වේ.
බි‍්‍රතාන්‍ය ජාතික සංචාරකයෙක් ඝාතනය කරමින් ඔහුගේ පෙම්වතිය සමූහ ¥ෂණයකට ලක් කරමින් මුළු ශ‍්‍රී ලංකාවේම ගරුත්ව කෙළසා දැමූ තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙන්ම රාජපක්ෂ පවුලේ මුර බල්ලාගේ භූමිකාව ඉටු කරමින් එවකට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිටුපස පිස්තෝලයක් ගෙන හඹා හා හම්බන්තොට නගර සභාවේ සභාපතිවරයා ද මේ කාලය තුළ තමන්ගේ මැර හා ප‍්‍රජාපීඩක භූමිකාව අපූරුවට රට හමුවේ නිරාවරණය කළේය. එසේම සිරස මාධ්‍ය ජාලයට පහරදීම, රූපවාහිනි සංස්ථාවට පහරදීම ඇතුළු ජනමාධ්‍යවලට එරෙහි සියලූ පහරදීම් හා බියවැද්දීම් එළිපිට සිදු කළේ මර්වින් සිල්වා ඇමැතිවරයාගේ අනුබලය ලැබූ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් බව එදා රටට රහසක් වූවේ නැත. මේ තත්ත්වය දම්වැලක් සේ තවත් දිගු වන්නේ සිවිල් සමාජ සංවිධාන විසින් රටපුරා පැවැත් වූ විවිධ ක‍්‍රියාකාරකම් කඩාකප්පල් කිරීම සඳහා ඍජුව මෙහෙවනු ලැබුවේ මෙම ප‍්‍රාදේශීය දේශපාලනඥයින් වන නිසාය.
අද මහින්ද රාජපක්ෂ මහතා යළි බලය ඉල්ලා සිටින්නේ මෙවැනි ¥ෂිතයින්, භීෂකයින් සහ ඝාතකයින් යළි ඔසවා තැබීමට නම් ජනතාව වරක් දෙවරක් නොව සියවරක් වුව කල්පනා කළ යුතු වන්නේ මොවුන් විසින් දශකයක් පුරා සිත්සේ වැපිරූ භීෂණයේ ගොදුරු බවට යළි පත්වීම වළකා ගත හැකි වන්නේ රාජපක්ෂ බල ව්‍යාපෘති වෙනුවෙන් සාමාන්‍ය ජනතාව බිලි ගන්නා මෙවැනි පුද්ගලයින්ගේ ගමන සදාකාලිකව නතර කළ හැකි වන්නේ ඡුන්ද පත‍්‍රිකාවේ බලය මගින් පමණක් වන නිසාය.
මහින්ද රාජපක්ෂ මහතාට කිසිඳු හේතුවක් නිසා යළි ගමේ බලය අත්පත් කර ගැනීමට ඉඩ නොදිය යුත්තේ යහපාලනය විසින් බැඳ දැමූ මේ දඩ බල්ලන් රාජපක්ෂවරුන් බලවත් වන ඕනෑම අවස්ථාවක යළි ජනතාව වෙත බුරා පනිමින් ඔවුන්ගේ සියලූ අයිතිවාසිකම් වනසා දමන නිසාය.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *