අත නැත්නම් පොහොට්ටුවද? – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

හරියටම කියනවනම් දෙසැම්බර් 20 දා රාත්‍රි ප්‍රවෘත්ති විකාශනය අස්සේ එක් රූපවාහිනි නාලිකාවක් කීවේ, අපේ සහයෝගය පොහොට්ටුවට කියල, මහාමාර්ග ඇමති ඩිලාන් පෙරේරා කිවය කියලයි. 21 වෙනිදා පත්තරවලත් ඒ පුවත පළවෙලා තිබුණා. එතනදි කියැවුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණු දෙහිඅත්තකණ්ඩිය සහ පදියතලාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සියලු දෙනා සහයෝගය ලබා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය පරාජය කළ හැකි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බව ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමතිවරයා කියූ බවයි.

ජනවාරි 08 වෙනසට කලින් ඩිලාන්ලගෙ හැසිරීම දන්න අට ඩිලාන්ගෙ ඒ ප්‍රකාශය පුදුමයක් නෙමෙයි. ඒත් ජනවාරි 08 වෙනසට ඉතාම සුළුවෙන් හරි දායක වුණු කෙනෙකුට ඩිලාන්ගෙ ඒ වචන හිරිකිතයි. අපූලයි.

ඇත්තෙන්ම කීවොත් රටේ ජනතාවට දැන් තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවන්න බැරිනම් පොහොට්ටුව දිනවල මහින්ද බලයට ගෙනෙන්න වුවමනාවක්ද? ජනවාරි 08 වෙනසට කලින් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් (එක්සත් ජාතික පක්ෂය) පැහැදිලිවම කීවේ රටේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා අවුරුදු දෙකක් රට වෙනුවෙන් රට පාලනය කරනවයි කියලයි. පස්සේ ඉන් ඔබ්බටත් සම්මුතිවාදි ආණ්ඩුව ගෙනියන්න තීරණය වුණා.

ඒ අතර වාරේ පළාත් පාලන මැතිවරණයක් ඇවිත් තියෙනව. පළාත් පාලන ආයතන කියන්නෙ ලංකාවේ දූෂිතම දේශපාලන ආයතනවලින් එක් කොටසක් වශයෙනුයි පසුගිය කාලෙය පුරාම පැවතුණේ. මහින්ද රාජපක්ෂ පාලන සමයේ ප්‍රාදේශීය දේශපාලනය කළ අතකොටා වැනි අයට මිනී මරන්න ශක්තිය ලැබුනෙත්, තරුණියන්ගේ කන්‍යාභාවය විනාශ කල ඒක සමරන්න උත්සව පවත්වපු ප්‍රාදේශීය සභා දේශපාලකයො සිටියෙත් ඒ ජරාජීර්ණ දේශපාලනය නිසයි. දැන් ඩිලාන් පෙරේරා යෝජනා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා පුතික්ෂේප වුණු තැන්වල ‍පොහොට්ටුව දිනවල පරණ දූෂිතයන්ට ආයෙත් කරළියට එන්න ඉඩ දෙන්න කියලද?

යහපාලන අපේක්ෂාවෙන් පසුවන රටේ ජනතාවට පොහොට්ටුව බලයට ගෙනෙන්න කිසිම වුවමනාවක් නැහැ. යහ පාලන අපේක්ෂාවෙන් බලාපොරොත්තුවන ජනතාව බලාපොරොත්තු වෙන්නෙ එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතුවෙලා පවතින දූෂිත ජරාජීර්ණ තත්ත්වයෙන් පළාත්පාලන ආයතනත් මුදා ගනියි කියලයි.  ඒ අපේක්ෂාව මුදුන්පත් කරගන්න නම් කළ යුතු හොඳම දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුණු තැන්වලට එක්සත් ජාතික පක්ෂය හෝ ඉටත් වඩා යහපත් කණ්ඩායමක් ‍හෝ පත්කර ගැනීම මිස මහින්දවාදීන්ට බලය දීම නොවෙයි.

ඩිලාන් පෙරේරා කියන්නෙ එක්සත් ජාතික පක්ෂය ප්‍රාදේශිය සභා ගණනාවක බලය ඇල්ලුවොත් ගේඨාභය රාජපක්ෂ හිරේ දානවමයි කියලයි. ඒ අනුව පෙනෙන්නෙ ඩිලාන් පෙරේරට අවශ්‍ය වෙලා තියෙන්නේ රටට යහපත් පාළන ක්‍රමයක් ගොඩනගනවට වඩා ගෝඨාභය රාජපක්ෂ (ඔහුගෙන් නියෝජනය වන දුෂිත, මැර, ප්‍රජාතන්ත්‍ර විරෝධි, ඒකාධිපති ක්‍රමය) ආරක්ෂා කරන්න.

ජනාවාරි අට වෙනසට කලින් ඩිලාන් පෙරේරා වස කුප්පි අරන් කළ රංගනය රටේ ප්‍රගතිශිලි ජනතාවට අමතක නැහැ. ඡන්දය පරාජය වුණාට පස්සෙ ඩිලාන් යහපාලනයට මුක්කු ගැහුවෙ රටට ආදරයට නොවන බව මේ රටේ බුද්ධිමත් ජනතාව තේරුම් ගත්ත. හිටපු පාලක පන්තියට එහෙයි කියාන හිටිය අය ඡන්දෙන් පස්සෙ ආණ්ඩුවට ආවෙ ඇමැතිකම් නියෝජ්‍ය ඇමතිකම් අරගෙන දේශපාලන සුඛ විහරණය ආරක්ෂාකර ගන්න. නඩුවලින් බේරෙන්න මිස රටට ජනතාවට ආදරේට නෙමෙයි.

දැන් අවුරුදු දෙකකට පස්සෙ ආයෙත් ඩිලාන්ලට පරණ ඒකාධිපති ක්‍රමය අවශ්‍ය වෙලා. 18 වැනි සංසෝධනයට විරුද්ධව වචනයක් නොකියපු, රතුපස්වල, මීගමුව, කටුනායක ඝාතන මුවින් නොබැණ ඉවසපු ඩිලාගෙ තත්ත්වය නැවත නැවතත් දැන් පැහැදිලි වෙන්න පටන් අරන්.

අකුරැස්සෙ සාරුව සුනිල් 13 වියැති දැරියක් දූෂණය කළාම එදා රාජපක්ෂලා කළේ ඔහු අත්අඩංගුවට ගැනීම බාධා කිරීමයි. ඊට පස්සෙ සාරුව සුනිල් බාලවයස්කාර දැරියන් සීයක් දූෂණය කරල පවත්වපු සාදයට කැබිනට් ඇමතිවරු පවා ගිය බව දකුණේ ජනතාව විතරක් නෙමෙයි රටම දන්නවා.

තංගල්ලෙ ප්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ 2011 දි බ්‍රිතාන්‍ය සංචාරකයෙක් ඝාතනය කරල ඔහුගෙ රුසියනු ජාතික පෙම්වතිය සමූහ දූෂණයකට ලක් කළ බව ඩිලාන් දන්නෙ නැද්ද? ඒ වෙලාවෙ සම්පත් විදාණ පතිරණ අත්අඩංගුවට ගන්න පොලීසිය අදිමදි කළේ අද පොහොට්ටවෙන් එන රජපක්ෂළගෙ දේශපාලන හයිය නිසා නෙමේද? ඩිලාන් යෝජනා කරන්නෙ එක්සත් ජාතික පක්ෂය පරාජය කරන්න ඕන නිසා ඒ පරණ දූෂිත කල්ලිය බලයට ගෙන්න කියලද?

අපට තේරෙන තරමට ඩිලාන්ලට තියෙන ප්‍රශ්නය දැන් ඉස්සර වගේ හිතේ හැටියට කන්න නැතිකම. ලැබිල තියෙන රාජ්‍ය ඇමති කට්ට වෙනුවට ඇමති පට්ටමක් ලැබෙනව නම් ඩිලාන් රටට හෙන ගැහුවත් සද්ද නැතුව ඉඳියි. එයා ඒ බව ආදර්ශයෙන්ම පෙන්නල තියෙනව.

ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැති කෙනෙකුට මො‍නම හේතුවක් නිසාවත් රාජපක්ෂලට ආයේ බලය දෙන්න කියල යෝජනාකරන්න පුළුවන්ද? බබා දේශපාලනය නතර කරන්න කියල ඩිලාන් දුමින්ද දිසානායකට යෝජනා කරල තිබුණ. ලාමක දේශපාලනය නතර කරනන්න කියල එයා නාමල් රාජපක්ෂටත් කියනව. එහෙම ඩිලාන්ට කරන්න යෝජනාවක් අපටත් තියෙනව. ඩිලාන් ඔයා කෂඩ දේශපාලනය නතර කන්න. එහෙම නැත්නම් අර වස කුප්පි තුනෙන් එකක් ඔයා පාවිච්චි කරන්න. ඒක මේ මොහොතෙ රටට කරන ලොකුම සේවයක්. වස බී මැරුණොත් ජනතාව ඔයාට ජාතික වීරයෙක් කියල ගෞරව කරයි.

අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *