මහින්ද පාර්ලිමේන්තු එන්නේ මෛත්‍රීට ඔරෝප්පුවටලු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති සටනින් පරාද වුවද පාර්ලිමේන්තුවට පැමිණීමට තීරණය කළේ මැතිවරණ සමයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශ පිලිබදවත්, තමන්ට ගෞරවණිය සමුගැනීමකට අවස්ථාව ලබා දෙන ලස කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම ගැනත් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග උරණ වී සිටීම නිසා බව අපගේ ආරංචි මාර්ග කියයි .

මේ නිසා පරාජයෙන් පසුව ඉවත්ව යාම වෙනුවට රැදී සිට ජනාධිපතිවරයාගේ වැඩ කටයුතුවලට බාදා  කිරීමට රාජපක්ෂ මහතා දැන් අදිටන් කරගෙන ඇතැයි කියති . රාජපක්ෂ මහතාගේ කෝපය තුනී වූවහොත් ඒ මහතාගේ තීරණය වෙනස් විය හැකි බවද අපගේ ආරංචි මාර්ග සදහන් කරයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *