පොහොට්ටුවේ නාමයෝජනා 11ක් විසිවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තු එකොළහක් ප්‍රතික්ෂේපවී තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතන 93ක් සඳහා ඉකුත් 14 දා අවසන්වු පළමු අදියරේ නාමයෝජනා භාරදීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු හයක් ප්‍රතික්ෂේපවිය.  එහිදි කොළඹ දිස්ත්‍රිකයේ මහරගම නගර සභාව, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර නගර සභාව, අගලවත්ත ප්‍රාදේශිය සභාව , මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාව සහ බදුල්ල, මහියංගණය, ප්‍රාදේශීය සභාවල නාමයෝජනා මෙසේ ප්‍රතික්ෂේප විය.

පළාත් පාලන ආයතන 248ක් සඳහා දෙවන අදියරේ නාමයෝජනා භාරදීම ඊයේ(21) දහවල් 12.00න් අවසන්වු අතර එහිදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරිප්පනේ ප්‍රාදේශීය සභාව, යාපනයේ මහා නගර සභාව, වලිකාමම් උතුර, නැඟෙනහිර සහ ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවල පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වි තිබේ. සියයට විසි පහේ කාන්තා නියෝජනය නොමැති වීම නිසා මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුව ද නිසි බලධාරියකුගේ අනුමැතිය නොමැති වීම නිසා වැලිගම නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ලැයිස්තුවද ප්‍රතික්ෂේප විය.

පානදුර සහ අගලවත්ත නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ ඇතැම් අත්සන් නිසි පරිදි නොමැති වීම නිසාය.

පළාත් පාලන ආයතන 248ක් සඳහාවන දෙවන අදියරේ නාමයෝජනා භාරදීම ඊයේ(21) සිදුවු අතර එහිදි දේශපාලන පක්ෂවල නාමයෝජනා විස්සක් හා ස්වාධින කණ්ඩායම් නවයක නාමයෝජනා ලැයිස්තු ප්‍රතික්ෂේපවි තිබෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් මහතා ප්‍රකාශ කරයි.

එහිදි ‘දිනමිණ’ සිදුකළ විමසුමක දී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා…ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ආයතන පහකට ඉදිරිපත් කළ නාමයෝජනා විවිධ හේතුමත ප්‍රතිකේෂේපවි තිබෙනවා. එහිදිඅනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වී ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ආර්.එම් වන්නිනායක මහතා පවසයි.පක්ෂ ලේකම්වරයාගේ අත්සන සහතික නොකිරීම හේතුවෙන් අදාළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ බව ඔහු සඳහන් කළේය. ඊට අමතරව යාපනයේ මහා නගර සභාව, වලිකාමම් උතුර, නැඟෙනහිර සහ ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවල පොදුජන පෙරමුණ නාමයෝජනා ප්‍රතික්ෂේපවි තිබේ.

වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය, නියමිත කාන්තා නියෝජනය නොමැති වීම හේතුවෙන් ප්‍රතික්ෂේප වූ බව මාතර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා කියා සිටියේය. එමෙන්ම රිදීගම ප්‍රාදේශීය සභාවට එම කොංග්‍රසය ඉදිරිපත් කළ නාමයෝජනාවද ප්‍රතික්ෂේපවි තිබෙනවා.

දික්වැල්ල ප්‍රාදේශීය සභාව සඳහා මව්බිම ජනතා පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වූ බව ද ඔහු සඳහන් කළේය.

කොළඹ මහනගර සභාව සඳහා ජාතික ජනතා පක්ෂය ලබාදුන් නාමයෝජනා පත්‍රය අපේක්ෂකයන් නියමිත සංඛ්‍යාවක් නොමැතිවීම හේතුවෙන් ප්‍රතික්ෂේප වී තිබෙන අතර එම පක්ෂය කෝරළේ පත්තු උතුර ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනාවද ප්‍රතික්ෂේපවුණා.

ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාව සඳහා එක්සත් සමාජවාදී පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රයේ ද අපේක්ෂකයින් නියමිත සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් සඳහන් කර තිබී හේතුවෙන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

එක්සත් ජාතික නිදහස් පෙරමුණ ඇල්පිටිය, පොල්ගහවෙල හා බිබිල ප්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තියෙනවා. ජනසෙත පෙරමුණ කටුනායකසීදුව නගර සභාව හා වැලිකන්ද ප්‍රාදේශීය සභාව සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික‍්ෂේපවිය.

අකිල ඉලංගෙයි තමිල් කොංගුසය මඩකළපුව මහා නගර සභාව හා තුනුක්කායි ප්‍රාදේශිය සභාව සඳහා ඉදිරි පත් කළ නාමයෝජනා ලැයිස්තු ප්‍රතික්ෂේපවි තියෙනවා.

ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය නුවර එළිය ප්‍රාදේශීය සභාවට ඉදිරිපත්කළ නාමයෝජනාවද, යහපාලනය සඳහාවු ජාතික ව්‍යාපාරය මහව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේපවි තියෙනවා.

කල්මුණේයි මහ නගර සභා 02ක්, කැස්බෑව, හාරිස්පත්තුව, වලිකාමම් බටහිර හා වවුනියාව උතුර ප්‍රාදේශීය සඳහා වෙනුවෙන් ස්වාධීන කණ්ඩායම් නවයක් ඉදිරිපත් කෙරු නාමයෝජනා ප්‍රතික්ෂේපවි තියෙන බව ඒ මහතා වැඩිදුරටත් කීවේය.්ෟ

අනුර ප්‍රේමලාල්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *