නාමල පිපිපෙන තුරු කල් මැරීම – භාතිය බරුකන්ද

‘‘රාජපක්ෂ පවුලට කඩිනමින් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ සැබෑ වුමනාවක් තිබෙනවාද ?’’ පසුගිය කාලය තුළ දේශපාලන කරළියේ සිදු වූ දේශපාලන ප‍්‍රවණතා විශ්ලේෂණය කරන ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මේ ප‍්‍රශ්නය උද්ගත විය හැකියි. එස්.බී. දිසානායක, සරත් අමුණුගම, දයාසිරි ජයසේකර වැනි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ට අනුවත් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රාජපක්ෂ පවුලට කඩිනමින් යළි රාජ්‍ය බලය අල්ලා ගැනීමට සැබෑ වුවමනාවක් නැහැ. පළාත් පාලන මැතිවරණයට පෙර ශ‍්‍රීලනිපය එක්සත් කිරීමේ සාකච්ඡුා අසාර්ථක වුණේ මේ ප‍්‍රශ්නය නිසා බවයි මේ ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් අවධාරණය කරන්නේ.
බැලූ බැල්මට මේ කතා දේශපාලනය ගැන වඩාත් උනන්දුමත් සාමාන්‍ය පුරවැසියන් තුළ තිගැස්මක් ඇති කිරීමට හේතු විය හැකියි. ඊට හේතුව වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේ සමස්ත ප‍්‍රතිඵල නිකුත් වීමටත් පෙර 2015 ජනවාරී 09 වැනිදා උදෑසන මැදමුලනට ගිය මොහොතේ පටන් ශ‍්‍රීලනිප පාක්ෂිකයින්ගෙන් සැලකිය යුතු පිරිසක් මැදමුලන වලව්වට ගියේ කොක්කෙන් බැරි නම් කෙක්කෙන් හරි යළිත් මහින්ද රාජපක්ෂ මහතා රටේ බලය අල්ලා ගන්නා ඇතැයි යන විශ්වාසයෙන්. එහි උපරිමය ඊට මාස හතකට පස්සේ පැවැති මහ මැතිවරණයේදී දැකිය හැකි වුණා. ඒ නිසා තමයි රාජ්‍ය බලය වෙනස් වෙලා, ඒකේ උණුසුම යන්නටත් පෙර පැවැති මහ මැතිවරණයේදී සාම්ප‍්‍රදායික ශ‍්‍රීලනිප පාක්ෂිකයින්ගෙන් අති බහුතරය යළිත් ඡුන්ද පොළට ගිහින් ඡුන්දය පාවිච්චි කරන්නේ. ශ‍්‍රීලනිප පාක්ෂිකයින්ගේ මේ අති උද්යෝගය නිසා තමයි එජාපයට තනියම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට අවශ්‍ය වන පාර්ලිමේන්තුවේ සරල බහුතර බලය පවා නොලැබී යන්නේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නායකත්වය දුන්, ඒ මහතාට හිතවත් යැයි සැලකූ ශ‍්‍රීලනිප අපේක්ෂයින් තීරණාත්මකව පරාජය කරන්නේ. ( එස්.බී. දියානායක, ඩිලාන් පෙෙරේරා, තිලංග සුමතිපාල, මහින්ද සමරසිංහ ආදී මෛත‍්‍රීවාදීන් පාර්ලිමේන්තුවට එන්නේ ජාතික ලැයිස්තුවෙන්*
මහ මැතිවරණයෙන් පස්සේ අපි දැක්කේ මහින්ද රාපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ශ‍්‍රීලනිපය ඉතා පැහැදිලිව දෙකඩ වන තත්ත්වයක්. නඩුපිට නඩු පැවරෙමින් තිබියදී පවා මේ පිරිස ආණ්ඩුවට ඍජුව අභියෝග කරමින් ‘‘ඒකාබද්ධ විපක්ෂය’’ නමින් ප‍්‍රසිද්ධියේ පෙනී සිටියා. අඛණ්ඩව ජනහමු සහ උද්ඝෝෂණ, පා ගමන් පවත්වමින් ආණ්ඩුවට අභියෝග කළා. ඉතා ඉක්මනින් (වෙසක් පෝය ආදි වශයෙන්* මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ආණ්ඩුවක් පිහිටු වන බව කියමින් තම පාක්ෂිකයින්ගේ සහ අනුබල සපයන්නන්ගේ උද්යෝගය රැුක රැුක ගත්තා. කොටින්ම මේ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂිකයින්ගේ එකම සිහිනය වුණේ ‘‘මහින්ද අගමැති හෝ වෙනවා දැකීම’’යි.
මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අපි පසුගිය කාලය පුරාම දකින මේ තත්ත්වය ශ‍්‍රී ලංකාවේ සාම්ප‍්‍රදායික දේශපාලනයේදී පාක්ෂිකයින් හැසිරෙන ආකාරයට හාත්පසින්ම වෙනත් තත්ත්වයක්. අපි මීට පෙර දැක්කේ මැතිවරණ පරාජයක් සමග අබල දුබල වෙලා දිගින් දිගටම කුලල් කා ගන්නා පක්ෂ නායකත්වයක්. බියට පත්ව ඡුන්ද පොළට පවා නොයන, ආණ්ඩුවට විරුද්ධව වචනයක් හෝ කතා නොකරන තාවකාලිකව අක‍්‍රියභාවයට පත් පාක්ෂිකයින් හා පක්ෂ යාන්ත‍්‍රණයක්. අවුරුදු 17ක් අඛණ්ඩව ආණ්ඩු කළ (1977-1994* එක්සත් ජාතික පක්ෂය 2015 ජනවාරි දක්වා යළි හිස එසවීමට නොහැකි වීමට ප‍්‍රධාන හේතුව වුණෙත් මේ පක්ෂ අභ්‍යන්තර අර්බුද, පාක්ෂිකයින් නිද්‍රාශීලී වීම, ඔවුන් ඡුන්ද පොළට නොයාම සහ පක්ෂයේ යාන්ත‍්‍රණය දුර්වල වීම ආදි හේතුයි. ඒත් පුදුමයකට මෙන් මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් මේ මුළුගැන්වෙන, බියට පත්ව සිටින ස්වභාවය නැහැ.
මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් වන මේ තත්ත්වය හුදු අහම්භයක් වශයෙන් සැලකිය නොහැකියි. ඊට බලපෑ දේශපාලනික මෙන්ම මනෝමූලික හේතු රැුසක් තිබෙනවා. ඒ අතර යම් පිරිසයක් පිළිගැනීමට අකමැති වුණත් ඉතිහාසය විසින් කිසිදා බැහැර නොකරන ‘‘කොටි ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජයග‍්‍රහණය කිරීම’’ යන සාධකය ඉහළින්ම තිබෙනවා. ඊට පසුව අඩුවැඩි වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වය දැරූ දශකයකට ආසන්න කාලය තුළ (2005-2015* සමස්ත රාජ්‍ය යාන්ත‍්‍රණයම අසීමිත ලෙස භාවිත කරමින් ගොඩනගා ගත් දේශපාලන ප‍්‍රතිරූපය තිබෙනවා. ඒ යටතේ මාධ්‍යවේදීන්, භික්ෂූන් වහන්සේලා ඇතුළු ජනමත නායකයින් සේම මහින්ද රාජපක්ෂ යුගය තුළ දැවැන්ත ලෙස ප‍්‍රසාරණය වූ රාජ්‍ය අංශයේ රැුකියා ලබාගත් පිරිසක් ද සිටිනවා. ඊට පසුව ඇතැම් විට මේ සියලූ බලවේග දෙවැනි කරන රාජපක්ෂ සමයේ සංවර්ධන හා පරිපාලන ක‍්‍රමෝපායන් මගින් දැවැන්ත ආර්ථික ප‍්‍රතිලාභ ලැබූ ප‍්‍රාදේශීය දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය පරිපාලන යාන්ත‍්‍රණයේ නිලධාරීන් පිරිසක් සිටිනවා. රාජපක්ෂ යුගයේ වරප‍්‍රසාදිත තත්ත්වයට ඍජුව හිමිකම් කියන ලද මෙම දැති රෝදවල අඛණ්ඩ ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් තමයි අදත් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ජීවිතය සක‍්‍රීයභාවයට පත්ව සිටින්නේ.
මේ පිරිසට මහින්ද රාජපක්ෂ මහතාව අතහැර දැමීමට නොහැකි ඇයි ? යන්න ඇතැමෙකුට ප‍්‍රශ්නයක් විය හැකියි. සාමාන්‍යයෙන් දේශපාලනයේ ස්වභාවය වන්නේ ‘‘බලයට අසීමිත ලෙස අවනත වීම හෝ ගැතිවීම’’ බලය අහිමි මහින්ද රාජපක්ෂ විෂයෙහි මෙය පවතින්නේ කොහොමද ?
මෙය සංකීර්ණය ප‍්‍රශ්නයක් සේ පෙනුනාට භාවිතයේදී අතිෂය සරල, පැහැදිලි කරුණක්. මොවුන් දිගින් දිගටම, නොබියව මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ පාලනයක් වෙනුවෙන් පෙනී සිටින්නේ, සිහින මවන්නේ රාජපක්ෂ පවුල විසින් අසීමිතව විවර කරන ලද අවස්ථා තුළින් ධනය, බලය යළිත් අත්පත් කර ගැනීමට දක්වන අසීමිත වුවමනාව නිසයි. උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ, බැසිල් රාජපක්ෂ විසින් මුදා හරින ලද දැවැන්ත රාජ්‍ය ධනය ප‍්‍රාදේශීය දේශපාලනඥයින් සහ සමෘද්ධි නිලධාරීන් ඇතුළු ග‍්‍රාමීය මට්ටමේ රාජපක්ෂවාදීන්ට පහසු ගොදුරු බිමක් වුණා. ඔවුන් මෙම දීර්ඝ කාලය තුළ අසීමිත උපයා ගත් ධනය තවත් දශකයක කාලයක් වුවත් අල්ලා ගෙන සිටීමට හැකියාව ලබාදී තිබෙනවා. මේ තත්ත්වය රාජපක්ෂ පාලනයේ ඉහළම තත්ත්වයේ සිටි කැබිනට් ඇමැතිවරුන්ගේ සිට අමාත්‍යාංශ ලේකම්වරු, සභාපතිවරු ද දක්වා අදාළ බව අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ආදිය තුළ සිදුවන පරීක්ෂණ අනුව පැහැදිලි වෙනවා.
අනෙක් පසින් රාජපක්ෂ පාලනය තුළ නීතිය ක‍්‍රියාත්මක වීමේදී පැවැති අන්ත රාජපාක්ෂිකභාවය මගින් මේ පිරිස් අසීමිත මුක්තියක් භුක්ති වින්දා. ග‍්‍රාමසේවක මහතාගේ සිට පොලීසිය දක්වාත්, ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාත් රාජපක්ෂ ගැතිකම මත නීතිය ක‍්‍රියාත්මක වීමේ ද්විත්වභාවය සිදු වුණා. භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතනයට ප‍්‍රධාන සැකකරු වූ දුමින්ද සිල්වා රාජපක්ෂ යුගය පුරා නිදැල්ලේ සිටින්නේ, වයීම් තාජුඞීන්, ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රදීප් එක්නැලිගොඩ ආදි සිදුවීම් නීතිය ඉදිරියට නොයන්නේ මේ ස්වභාවය නිසයි. රාජපක්ෂ යුගයේ මෙම පිරිස් භුක්ති වින්ද මේ අසීමිත තත්ත්වය නිසා ඔවුන් මොන තරම් කැපකිරීමක් හෝ අවදානමක් දරමින් හෝ යළි රාජපක්ෂ පාලනයක් බිහි වනවාට කැමැතියි. ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට කැමැතියි. අද ශ‍්‍රී ලංකාවේ දේශපාලනය ජනමතය තුළ දැවැන්ත විකෘතියක් ඇති කරලා තිබෙන්නේ ඉහත සඳහන් තත්ත්වයන් යටතේ ක‍්‍රියාත්මක වන පිරිස් විසින් අඛණ්ඩව හා ශක්තිමත්ව නිර්මාණය කර පවත්වා ගෙන යමින් සිිටින දැඩි ආණ්ඩු විරෝධය සහ මහින්ද රාජපක්ෂ උත්කර්ෂයට නංවාලීමයි.
විලෝමය වශයෙන් ක‍්‍රියාත්මක වීම
මේ පිරිස පසුගිය කාලය පුරාම රාජපක්ෂ පවුල යළි බලයට ගෙන ඒමට කොතරම් තදින් ක‍්‍රියාත්මක වුවත් පුදුමයකට මෙන් මහින්ද රාජපක්ෂ මහතා හෝ රාජපක්ෂ මහතාට නොදෙවෙනි ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ යළි බලය අල්ලා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් දියත් කරමින් ක‍්‍රියාත්මක වූවාද යන්න අප ගැඹුරින් විමසා බැලිය යුතුයි. මෙහිදී බැලූ බැල්මට පෙනී යන කරුණ වන්නේ දේශපාලනයේ ගැඹුරට ළඟාවිය හැකි ( මීළඟ නායකයා* මහින්ද රාජපක්ෂ මහතා (19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු එහි ඇති ප‍්‍රතිපාදන අනුව මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපති විය නොහැකිය* සහ ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි බල පෙරළියකට කිසිඳු සූදානමක් නොදක්වන බවයි. එහිදී අපට පෙනී යන්නේ බැසිල්, නාමල්, යෝෂිත විවිධ චෝදනා යටතේ සැකකරුවන් කරමින් අධිකරණය හමුවේ නඩු පිට නඩු පවරා ඇතත් මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා (ඞී.ඒ රාජපක්ෂ කෞතුකාගාර නඩුව * මේ දක්වා සුරක්ෂිතව සිටින බවයි. (එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ යැයි සැකකරෙන වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය සම්බන්ධ පරීක්ෂණ වාර්තා නුදුරේදීම ඉදිරිපත් වීමට නියමිත බව අගමැතිවරයා පසුගිය දා පැවසුවා* එමෙන්ම මහින්ද සහ ගෝඨාභය වටා නිර්මාණය වී තිබෙන භික්ෂු, හමුදාමය පවුර අනෙක් රාජපක්ෂවරු සම්බන්ධයෙන් දැකිය නොහැකි තත්ත්වයක් තුළ තමන්ගේ පැවැත්මට සැබෑ තර්ජනයක් නොමැති බව මෙම දෙදෙනාම දන්නවා. ඒ වගේම පොදුවේ බොහෝ සිංහලයින් තුළ (පාට පක්ෂ භේදයකින් තොරව* මහින්ද සහ ගෝඨාභය රාජපක්ෂ වැලිකඩ දක්කනු දැකීමට කැමැත්තක් ඇතැයි ද සිතිය නොහැකියි.
මේ තත්ත්වය අපට සැලකිය හැක්කේ විමල් වීරවංශ, උදය ප‍්‍රභාත් ගම්මන්පිල වැනි මහින්ද රාජපක්ෂ මත යැපීමෙන් තොර දේශපාලන පැවැත්මක් නැති හුදු දේශපාලනඥයින්ගේ සහ මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ දැවැන්ත ලෙස රාජ්‍ය බලය අපයෝජනය කිරීම තුළින් ධනය සහ විවිධ වටිනාකම් උපයාගත් ප‍්‍රාදේශීය සභා දේශපාලනඥයින්, සමෘද්ධි නියාමයකින් ඇතුළු නිලධාරී සහ ඇතැම් මාධ්‍ය ප‍්‍රබලයින්ගේ වුවමනා එපාකම්වල පැහැදිලි විලෝමයක් හැටියටයි. එය සරලව පැහැදිලි කරන්නේ නම් රාජපක්ෂ පාලනය දඩබිමක් කරගත් මෙම පිරිස ඉතා ඉක්මනින්, හැකි ඕනෑම ආකාරයකින් යළි ආණ්ඩු බලය අල්ලා ගැනීමට කැමැත්තෙන් සිටියත් මහින්ද රාජපක්ෂ මහතාට මේ මොහොතේ එවැනි වුවමනාවක් නොමැති බව ඉතාම පැහැදිලියි.
හදිසි බල පෙරළියකට බාධක
මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා හදිසි බලය අල්ලා ගැනීමක් ගැන සිහින නොදැකීමට හේතු ඉතාම පැහැදිලියි. මේ අතර ප‍්‍රමුඛ වන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වීමට කිසිදු නෛතික පදනමක් නැහැ. ඔහුට යළි බලය අල්ලා ගැනීම සඳහා හැකියාව ලැබෙන්නේ මහ මැතිවරණයකදී පමණයි. එහෙත් මේ වන විට සිදු වෙමින් තිබෙන දේශපාලන සිදුවීම් අනුව ආසන්නම ජාතික මැතිවරණය වන්නේ ජනාධිපතිවරණයයි. එය බොහෝ විට 2020 දී සිදුවිය හැකියි. (නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකළහොත් පමණයි* වත්මන් දේශපාලන ප‍්‍රවණතා අනුව නෛතිකව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි මහින්ද රාජපක්ෂ මහතාට යම් ආකාරයකින් ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් වුවහොත් පවුල තුළින් ඉදිරිපත් කළ හැකි විකල්පය වන්නේ (ශිරන්ති රාජපක්ෂ ඇතුළු මහින්ද රාජපක්ෂ පවුලේ අනුමැතිය හිමි වුවහොත් පමණයි* ඉතාම පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඒත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආසන්න ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සුළුජන පක්ෂ සමග කරට කර සටනක් ලබාදිය නොහැකියි. විශේෂයෙන් එජාපයේ දැවැන්ත ඡුන්ද පදනම යළි ඡුන්ද පොළට යන තත්ත්වයක් උදා වුවහොත්, සුළු ජාතීන් සහ සුළු ආගමිකයින් ඇතුළු මෙරට ජනගහණයෙන් සියයට 31ක් වන පිරිසේ (ලංකාවේ වඩාත් සක‍්‍රිය ඡුන්දදායකයින් වන්නේ සුළුජාතීන්ය* අති බහුතරය (2015දී මෙන්* ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි වන බව ඉතාම පැහැදිලියි. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවල ආකර්ෂණය කිසිසේත්ම ගෝඨාභය රාජපක්ෂ වෙත හිමි නොවන බවත් පැහැදිලියි. මෙවැනි තත්ත්වයක් තුළ ආසන්න ජනාධිපතිවරණයකදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා නොවන ඕනෑම ශ‍්‍රීලනිප අපේක්ෂකයෙකුට ශ‍්‍රීලනිපයේ ඡුන්ද පදනම මත පමණක් යැපීමට සිදුවන බව පැහැදිලියි. මෙය ශ‍්‍රීලනිපයට ඉතා අසීරු තත්ත්වයක් බව 1952 සිට 2015 දක්වා පැවැති සියලූම ජාතික මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය මගින් අපට පැහැදිලි කරගත හැකියි.
උදාහරණයක් ලෙස 1994දී 17 වසරක එජාප පාලනය නිමා කරමින් පැවැති මහ මැතිවරණයෙන් පවා ඉතා පුළුල් දේශපාලන පෙරමුණක් වශයෙන් සංවිධානය වී තරඟ කළ ශ‍්‍රීලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් පොදුජන එක්සත් පෙරමුණට ලබාගත හැකි වූයේ පාර්ලිමේන්තුවේ ආසන 105ක් පමණයි. ශ‍්‍රීලමුකෝ සහාය ලබාගෙන පිහිට වූ මේ ආණ්ඩුව ආසන 112ක සුළුතර ආණ්ඩුවක් වුණා. පසුව ගාමිණි දිසානායක ඇතුළු එජාපයේ ප‍්‍රබලයින් ඝාතනය නොවුණා නම් 1995 ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල (සියයට 62ක් ලබාගත්* මීට වඩා බොහෝ දුර්වල වීමට ඉඩ තිබුණා. ඒ තත්ත්වයම 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ ජනාධිපතිවරණයෙදීත් දැකිය හැකි වුණා. ‘‘අලි කොටි ගිවිසුම්’’ වැනි දැවැන්ත ප‍්‍රවාද මගින් එජාප අපේක්ෂ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රතිරූපය සම්පූර්ණයෙන් විනාශ කළ, මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම අසීමිත ලෙස මහින්ද රාජපක්ෂ වෙනුවෙන් භවිතා කළ මෙම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කළේ වැඩි ඡුන්ද 187,000කට ආසන්න අති සුළුතරයකින්. ඒ කොටි සංවිධානය විසින් උතුරේ සම්පූර්ණ ඡුන්ද වර්ජනයක් ක‍්‍රියාත්මක කරමින් උතුරේ ඡුන්ද නොදැමුණු තත්ත්වයක් තුළයි. 2005දී යම් ආකාරයකින් උතුරේ ඡුන්ද වර්ජනයක් ක‍්‍රියාත්මක නොවුණා නම් දකුෙණේ සිංහල බෞද්ධ ඡුන්දවලින් මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය නොකරන බව සහතිකයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය කාලය තුළ (1994 – 2015* බලය රැුක ගත්තේ සුළුතර ආණ්ඩු (1994, 2000, 2001, 2004 යන කිසිදු මහ මැතිවරණයකින් ශ‍්‍රීලනිපය නායකත්වය දුන් දේශපාලන සන්ධානය පාර්ලිමේන්තුවේ ආසන 113ක සරල බහුතරය දිනාගෙන තිබුණේ නැත* බව අප අමතක නොකළ යුතුයි. මේ සියලූම ආණ්ඩු පවත්වාගෙන ගියේ විධායක ජනාධිපති බලතල අසීමිත ලෙස යොදා ගනිමින් (2004 එජාප ආණ්ඩුව විසුරුවා හැරීම* සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු ආණ්ඩුවට එක්කර ගනිමින් බව අප අමතක නොකළ යුතුයි. මේ තත්ත්වය 1994 සිට අඛණ්ඩව සිදු වුණා. ඒ වගේම පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බලය පත් වූ දා සිට පැවැත් වූ සෑම මැතිවරණයකදීම අසීමිත ලෙස රාජ්‍ය සම්පත් හා මැර බලය භාවිත කළා. 1997 වයඹ පළාත් සභා මැතිවරණයෙන් ආරම්භ වූ මේ තත්ත්වයේ කූඨ ප‍්‍රාප්තිය 2015 දී සටහන් වුණා. එමෙන්ම කඩින් කඩ පළාත් සභා මැතිවරණ පැවැත්වීම මගින් විපක්ෂය දුර්වල කිරීම, දේශපාලන පක්ෂ කඩා බිඳ දැමීම වැනි සියලූ දේශපාලන අපයෝජන මැද තමයි ශ‍්‍රීලනිපය නායකත්වය දුන් ආණ්ඩු 1994 – 2015 දක්වා බලය අල්ලා ගෙන සිටියේ.
මේ අනුව අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ 2010 දී මෙන් සිංහල බෞද්ධ මනසට දැඩි බලපෑමක් කළ හැකි තත්්ත්වයක් අහිමි, රාජ්‍ය බලය අසීමිත ලෙස යොදාගත නොහැකි, සුළුතරයේ විශ්වසය දිනාගත නොහැකි ඉදිරි මැතිවරණ කිසිසේත්ම ශ‍්‍රීලනිපයට යළි ආණ්ඩු බලය අල්ලා ගැනීමට අවස්ථාවක් උදා නොකරන බවයි.
මහින්දගේ උපාය
මේ තත්ත්වය දේශපාලනයේ අති ප‍්‍රායෝගික මිනිසෙකු වන මහින්ද රාජපක්ෂ මනාව වටහා ගෙන සිටින බවට සැකයක් නැහැ. අද ඔහු කරමින් සිටින්නේ පහණේ දැල්ල නොනිමී පවත්වා ගෙන යාමට ක‍්‍රියා කිරීම පමණයි. මෙමගින් මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත වනවා සේම ඔහු වටා තිබෙන බව පෙනී යන දැවැන්ත ජන බලය ආණ්ඩුව භීතියට පත් කිරීමට, රාජ්‍ය නිලධාරීන් තුළ බියක් ඇති කිරීමට අසීමාන්තික ලෙස යොදා ගත හැකියි. ‘‘අද ආණ්ඩුව වැටෙයි, හෙට ආණ්ඩුව වැටෙයි’’ කියමින් ජනතාව තුළ, රාජපක්ෂ පවුලට හා හිතවතුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වන යාන්ත‍්‍රණ තුළ ඇති කර ඇති තිගැස්මේ තරම මේ වන විටත් අපට පැහැදිලිව දැකිය හැකියි.
ආණ්ඩු බලය අල්ලා ගැනීම යන කැරට් අලය පෙන්වමින් මහින්ද රාජපක්ෂ මහතා සිදුකරන මේ විජ්ඡුාව විමල් වීරවංශලාට, ගම්මන්පිලලාට නොතෙරෙන කොට ප‍්‍රාදේශීය සභා දේශපාලනඥයින්ට, සමෘද්ධි නියාමකයින්ට සහ සාමාන්‍ය පොදුජනතාවට නොතේරීම පුදුමයක් නොමෙයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ උපාය මාර්ගය වන්නේ ඉතාම පැහැදිලිව ‘‘රාජපක්ෂ පවුලට යළි බලය අල්ලා ගැනීම නොව නාමල් රාජපක්ෂට බලය හිමිකර දීම’’ බව අප ඉහත දේශපාලන සමීකරණය තුළ වටහාගත යුතුයි. දේශපාලන විචාරකයින්ට අනුව නාමල් රාජපක්ෂ ප‍්‍රමුඛ මහින්ද රාජපක්ෂ මහතාගේ පුත‍්‍රයින් තිදෙනාට සේම ශිරන්ති රාජපක්ෂ ආර්යාව ප‍්‍රමුඛ ඇයගේ පවුලේ සාමාජිකයින්ට කිසිසේත් බැසිල් හෝ ගෝඨාභය සුරක්ෂිත තෝරා ගැනීමක් වන්නේ නැහැ. ඊට අදාළ කරුණ ඉතාම පැහැදිලියි. දේශපාලන උපකල්පනයක් අනුව යම් ආකාරයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත් වුවහොත් (2020* ඔහු ඉදිරි ධූර කාල දෙකක් ද බලය අල්ලා ගෙන සිටින බව පැහැදිලියි. පුටින් පන්නයේ ඒකාධිපතියෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා එතැනින්ද නැවතිනු ඇතැයි සිතිය නොහැකි වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ද යාවජීව ජනාධිපතිවරයෙක් වීම සඳහා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පසුබිම සකසාගත් නිසයි. දැඩි බලලෝභියෙකු සහ අත්තනෝමතික පාලකයෙකු වශයෙන් සුප‍්‍රසිද්ධ ගෝඨාභය රාජපක්ෂ මහතා ද තම වැඩිමහළු සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතාගේ අඩි පාරේ ගමන් කළහොත් නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපති සිහිනයට සිදුවනු ඇත්තේ බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි කුමරා වන චාල්ස් කුමාරයාට සිදුව තිබෙන තත්ත්වයට අකමැත්තෙන් හෝ මුහුණ දීමටයි.
මේ තත්ත්වය තුළ අපට පැහැදිලි වන්නේ අද ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ කල්ලිය සිහින දකින ආකාරයට 2020දී ගෝඨා යුගයක් බිහි වුවහොත් එයින් වැඩිම හානිය සිදුවනු ඇත්තේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් උතුරු කොරියානු පන්නයේ පාලනයක් සඳහා මුල්ගල තැබූ, තම දෙටු පුත් නාමල් රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වීම සඳහා නිසි වසය එනතුරු ජනාධිපතිකම් කිරීමට සිහින මැවූ මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ යුවළලේ සුභ සිහින බිඳී යාම පමණයි. මෙවැනි තත්ත්වයේ අවදානමක් ගැනීමට නාමල් රාජපක්ෂ, යෝජිත රාජපක්ෂ යන රාජපක්ෂ පුතුන් සේම (නාමල් රාජපක්ෂ තුළ ශෂින්ද්‍ර රාජපක්ෂ කෙරෙහි තිබූ විරෝධය, බිය සිහියට ගන්න* ශිරන්ති රාජපක්ෂ ආර්යාව ප‍්‍රමුඛ ඇයගේ පවුල (ශ‍්‍රීලන්කන් සමාගමේ සභාපති නිශාන්ත වික‍්‍රමසිංහ ඇතුළු* කිසිසේත් කැමැති වනු ඇතැයි සිතිය නොහැකියි. ඒ සමගම නාමල් රාජපක්ෂ විසින් තම දේශපාලන ගමන් මග සකසා ගැනීම සඳහා නිර්මාණය කළ ‘‘නිල් බලකාය’’ ඇතුළු සංවිධාන ජාලයේ ප‍්‍රමුඛයින් සේම නාමල් රාජපක්ෂට වඩාත් සමීප ප‍්‍රසන්න රණතුංග වැනි ශ‍්‍රීලනිපයේ තරුණ නායකයින් ද කැමැති වනු ඇතැයි සිතිය නොහැකියි. ඊට හේතුව වන්නේ යම් ආකාරයකින් ගෝඨාභය ජනාධිපති වුවහොත් ආණ්ඩුව තුළ ප‍්‍රමුඛ භූමිකාව හිමිවනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය කාලය තුළ නඩත්තු කළ මිලිටරි – භික්ෂු කල්ලියට මිස මහින්ද රාජපක්ෂ විසින් නඩත්තු කළ සාම්ප‍්‍රදායික දේශපාලන කුලකයට නොවීමයි. මෙය මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින ව්‍යාපාරික, පරිපාලන, මාධ්‍ය ජාලය තුළ ද කණසල්ලක් ඇති කළ හැකි බව අප අමතක නොකළ යුතුයි. (ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ වික‍්‍රමසිංහ පවුල වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳගේ පවුල බලවත් වන තත්ත්වයක් ගැන සිතන්න*
අප රාජපක්ෂ පවුල තුළ තිබෙන, කවුරුත් පිළිනොගන්නා මේ බල අරගලය සියුම්ව විමසා බලන විට පළාත් පාලන මැතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ ශ‍්‍රීලනිපය යළි එක්සත් කිරීමට නාමල් – බැසිල් දක්වන දැඩි විරෝධය මනාව වටහා ගත හැකියි.
මේ තත්ත්වය තුළ මහින්ද – නාමල් පිය – පුතු හවුලේ අරමුණ වන්නේ ඉතාම පැහැදිලිව 2018 පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ වන ඉදිරි මැතිවරණ රැුල්ල තුළ තම ශක්තිය පරීක්ෂාවට ලක් නොකර හැකි තරම් උපරිම බලයක් අත්පත් කොට ගැනීම මිස 1993 දකුණු පළාත් සභා මැතිවරණය (එජාපයේ 17 වසරක පාලනයට පළමු ප‍්‍රහාරය එල්ල වූයේ මෙම මැතිවරණයෙනි* මෙන් ශ‍්‍රීලනිපයට යළි බලය ඇල්ලීමට හැකියාව ලබා දෙන දේශපාලන රැුල්ලක් නිර්මාණය කිරීම නොවන බව පැහැදිලියි.
මේ තත්ත්වය තුළ අපට පළාත් පාලන මැතිවරණයේදී ප‍්‍රදර්ශනය වනු ඇත්තේ ‘නාමලට පිපෙන්න අවශ්‍ය දේශපාලන පසුබිම සකසන මැතිවරණ සටනක්’’ මිස ගෝඨාභයට හෝ ශ‍්‍රීලනිපයේ වෙනත් ප‍්‍රබලයෙකුට හිස එසවීමට අවස්ථාව ලබාදීම සඳහා ‘‘මහින්ද සාධකය’’ අලෙවි කරන මැතිවරණයක් නොවේ.
මෙහිදී පොහොට්ටුවේ නිර්මාතෘ මෙන්ම, ශ‍්‍රීලනිපය – පොහොට්ටු හවුලට එරෙහි ප‍්‍රධාන බලවේගය වන රාජපක්ෂ පවුල් සමාගමේ විධායක කළමනාකරු වන බැසිල් රාජපක්ෂගේ භූමිකාව වනු ඇත්තේ රාජපක්ෂ සමාගමේ ආයෝජන සුරක්ෂිත කිරීම පමණක් ම බව ද අප සිහිතබා ගත යුතුයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *