විමල් වීරවංශ පක්ෂෙන් ගියේ අලූත් වමක් හදන්නයි. දැන් වම දකුණ හොයාගන්න බැරුව ඉන්නවා – ටිල්වින් සිල්වා – ජනතා විමුක්ති පෙරමුණ

අපේ පක්‍ෂයෙන් අවස්ථා දෙකකදී කණ්ඩායම් දෙකක් ඉවත් වී තිබෙනවා. දෙවැනි අවස්ථාවේදී අපේ පක්‍ෂයේ සංවිධානවල සුළු බිඳවැටීමක් සිදුවුණා. නමුත් මේ වනවිට අපි මුළු රට පුරාම ශක්තිමත් සංවිධාන ජාලයක් ගොඩනගලා තිබෙනවා. යාපනය, මඩකලපුව, දිස්ති‍්‍රක්කවල පළාත් පාලන ආයතනවලට පවා නාමයෝජනා ලබාදීමට අපි සමත්වෙලා තිබෙනවා. මේ මැතිවරණයේදී විශේෂත්වයක් තිබෙනවා. ලයිස්තු දාලා බේරෙන්න පුළුවන්කමක් නැහැ. කොට්ඨාශ මට්ටමින් කි‍්‍රයාකාරී අපේක්‍ෂකයින් ඡුන්දෙට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. බිමේ ඇත්ත නියෝජනය නාමයෝජනාවලට ඇතුළත් කළ යුතුව තිබෙනව. අපිට කි‍්‍රයාකාරී සාමාජිකයින් නැත්නම් එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. අපේ පක්‍ෂය කඩාගෙන වෙන පක්‍ෂ හදන්න ගිය අය අද ඉතිහාසයේ කුණු කූඩයට වැටිලා තිබෙනවා. විමල් වීරවංශ පක්ෂෙන් ගියේ අලූත් වමක් හදන්නයි. දැන් වම දකුණ හොයාගන්න බැරුව ඉන්නවා. රට රකිනවා කියන විමල් බොරුව කරන්නේ කියලා ඉන්න හතර පස්දෙනාත් අද විමල් දාලා යනවා. පෙරටුගාමී අය ඡුන්දෙ ඉල්ලන්නෙත් නැහැ. ඒකට හේතුවක් කියාගන්නත් බැහැ. මොකද, ඒ අයට ජනාධිපතිවරණයෙදී තිබුණේ ඡුන්ද 7,000යි මේ මැතිවරණයට අපේක්‍ෂකයෝම 8,000ක් විතර ඕනෑ. ඒ නිසා අපිට කිසි ප‍්‍රශ්නයක් නැහැ. එහෙන් මෙහෙන් අහුලන්නේ නැතිව කොට්ඨාස මට්ටමෙන් අපේක්‍ෂකයෝ දාන්න අපි සමත් වෙලා තිබෙනවා. තනි පක්‍ෂයක් ලෙස ශක්තිමත්ව ඡුන්දෙට ඉදිරිපත් වෙන්න ජනතා විමුක්ති පෙරමුණට පුළුවන්.
ජනතා විමුක්ති පෙරමුණට අපේක්‍ෂයින්ගේ මදිකමක් නැහැ. නමුත් අපි මෙම මැතිවරණයේදී දේශපාලන වෙනසකට මුල පුරන්න වංචාව, දුෂණය නතර කිරීමට, ගම ගොඩනැගීමට කොට්ඨාශ මට්ටමෙන් මන්තී‍්‍රවරුන් අවශ්‍යයි. එනිසා ගම් මට්ටමේ සිට අලූත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය යුතුයි. වංචාවට-දුෂණයට එරෙහි ගම වෙනුවෙන්, රට වෙනුවෙන් වැඩ කිරීමට සූදානම් නමුත් දේශපාලනයේ නොමැති විශාල පිරිසක් රට තුළ ඉන්නවා. එනිසා ඔවුන්ට අවස්ථාව උදාකිරීම සඳහා ඉඩක් දෙන්න ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළා. ඒ වෙනුවෙන් අපි පුවත්පත් දැන්වීමක් දාලා දුෂණයට විරුද්ධ අවංකව ස්වේච්ඡුාවෙන් වැඩ කළ හැකි එජාප-ශී‍්‍රලනිප දේශපාලනයට අකමැති අයට ආරාධනා කළා. අපිට විශාල ලිපි ප‍්‍රමාණයක් ලැබුණා. එම ලිපිවලින් තෝරාගත් පිරිසකට අපි මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදුන්න.
වීරකුමාර දිසානායක වැනි අය දේශපාලනය බාගෙට ඉගෙනගත්ත අය. කතාවක් තිබෙනවා, යම් දෙයක් නොදන්නවාට වඩා බාගෙට ඉගෙන ගන්න එක භයානකයි කියලා. සමහර අයට දේශපාලනය හරියට ඉගෙන ගත්තත් තමන්ට ලාභ ප‍්‍රයෝජන ලබා ගැනීමේ මානසිකත්වයක් හැදෙනවා. එහෙම අය ජවිපෙන් ඉවත් වුණෙත් තමන්ගේ ලාභ ප‍්‍රයෝජන වෙනුවෙනුයි. ගියපු තැන ඒවා නැතිවුණාම තව තැනකට යනවා. ජවිපෙට දොස් කියලා ගිය පිරිස් බංකොලොත් රස්තියාදුකාරයින් බවට පත්වෙලා තිබෙනවා. අපේ රටේ ඡුන්ද කාලය කියන්නේ, ඡුන්ද සර්කස් තියෙන කාලයක්. එහෙට පනිනවා, මෙහෙට පනිනවා. ඇතැම් අය පනින්නේ කොහොට කියලා ඔංචිල්ලාවේ පැද්දෙනවා. එහෙට මෙහෙට පනින අයගෙන් අපිට වැඩක් නැහැ. රට හදන්න හැඟීමක් තිබෙන හොඳ අය එකතු කරගෙන මේ පුංචි ඡුන්දෙන් අපි ඒ ගමන ආරම්භ කරනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *