රාජපක්‍ෂ කණ්ඩායමට වංචාවට දුෂණයට එරෙහිව කටයුතු කරනවා කියන්න බැහැ – ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක

පළාත් පාලන ආයතනවල කාලය අවසන් වූයේ පසුගිය 2015 වර්ෂයේ මාර්තු මාසයේදී. මේ වනවිට අවුරුදු දෙක හමාරක කාලයක් ඡුන්දය නොපවත්වා ගෙවී ගොස් තිබෙනවා. එනිසා පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් රට තුළ තිබුණා. සීමා නිර්ණය සම්බන්ධ කටයුතු අවසන් නොවී තිබීමත් නව ඡුන්ද ක‍්‍රමයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයත් නිසා මැතිවරණය ප‍්‍රමාද වුණා. පාලන පනත සම්මත කළා. එසේ තිබියදී ආණ්ඩුවේ ඇතැම් කොටස් මැතිවරණය ප‍්‍රමාද කිරීමට විවිධ කි‍්‍රයාමාර්ග ගත්තා. ආණ්ඩුවේ කණ්ඩායමක් විසින් අධිකරණ කි‍්‍රයාමාර්ග ගත්තා. ඔවුන් දැමූ නඩුව ඔවුන් ලවාම ඉල්ලා අස්කර ගැනීමට සලස්වා මැතිවරණය එකවර පැවැත්වීමට දැන් අවස්ථාව උදාකරගෙන තිබෙනවා.
මෙම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නව ඡුන්ද ක‍්‍රමයකට අනුවයි. මීට කලින් පැවතුණේ මනාප ක‍්‍රමය සහිත සමානුපාතික ඡුන්ද ක‍්‍රමයක්. 2012දී අතාවුල්ලා විෂය භාර ඇමතිවරයාව සිටියදී බැසිල් රාජපක්‍ෂ විසින් නව ඡුන්ද ක‍්‍රමයක් ස්ථාපිත කළා. ඒ මුළුමනින්ම විකෘතිසහගත එකක්. ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස නියෝජනය වෙනවා වෙනුවට ජනතාවගේ කැමැත්තේ විකෘති පිළිබිඹුවක් තමයි එම ඡුන්ද ක‍්‍රමය අනුව ඇති වුණේ. ඒ නිසා නව ඡුන්ද ක‍්‍රමයක අවශ්‍යතාවයක් පැනනැගී තිබුණා. නව ඡුන්ද ක‍්‍රමය 100%ක්ම සමානුපාතික ජනතාවගේ පැත්තෙන් සාධාරණ ඡුන්ද ක‍්‍රමයක්. අපේ රටේ මනාප ඡුන්ද ක‍්‍රමයක් පිළිබඳව විශාල විරෝධයක් තිබුණා. අපේ දේශපාලන සංස්කෘතිය බිඳ වැටුණා. ඒ නිසා නව ඡුන්ද ක‍්‍රමයෙන් මනාප ක‍්‍රමය අහෝසි කොට තිබෙනවා. අපේ රටේ ජනගහනයෙන් 51%ක් නියෝජනය කරන්නේ කාන්තාවන්. ඒ වගේම විදෙස්ගත ශ‍්‍රමිකයින්ගෙන් වැඩි පංගුවක්, තේ කර්මාන්තය, ඇඟළුම් අංශයෙන් වැඩි පංගුවක් කාන්තාවන් නියෝජනය කරනවා. ඒ වගේම සාමාන්‍ය සමාජය තුළ කාන්තාවගේ කාර්යභාරය ඉතා විශාලයි. නමුත් දේශපාලනයේදී කාන්තා නියෝජනය සීමාවී තිබෙනවා. කාන්තාවන්ට ග‍්‍රාමීය වශයෙන් දේශපාලනයට ප‍්‍රවිශ්ට වීමට නව මැතිවරණ ක‍්‍රමයේ ප‍්‍රතිපාදන සකස්කොට තිබෙනවා. එමෙන්ම නව මැතිවරණ ක‍්‍රමයෙන් කොට්ඨාසයට සෘජුව වගකියන ජනතා නියෝජිතයෙක් පත්වෙනවා. එනිසා මෙය ගමටත් රටටත් හිතකර ඡුන්ද ක‍්‍රමයක්. නමුත් මේ මැතිවරණය සඳහා ජනතාව මැදිහත් වන්නේ නැත්නම් එම වාසිය ලැබෙන්නේ නැහැ. එනිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා, වැඩි අවධානයක් මෙම මැතිවරණයට යොදවන්න කියලා. ඒ වගේම කොට්ඨාසයට ලබාගත යුතු මන්තී‍්‍රවරයාත් දේශපාලන ව්‍යාපාරයත් තීරණය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කරන්න කියලා.
ජනතා විමුක්ති පෙරුමණ ලෙස අපි නාමයෝජනා වැඩි ප‍්‍රමාණයකට අත්සන් කර අවසන්. එමෙන්ම පළාත් පාලන ආයතන ගණනාවකට නාමයෝජනා බාරදී අවසන් කර තිබෙනවා. ඉදිරි 18 සහ 21 දින අතර බාරදීමට ඇති නාමයෝජනා අත්සන් කිරීම අවසන් කොට තිබෙනවා. අනෙක් සෑම දේශපාලන පක්‍ෂයකටම කලින් අපි අපේ අපේක්‍ෂක ලැයිස්තු සම්පූර්ණ කර අවසන් කිරීමට සමත් වුණා. එක්සත් ජාතික පක්‍ෂයේ මෛතී‍්‍ර පිලේ, මහින්ද පිලේ නාමයෝජනා අර්බුදයකට ගිහින් තිබෙනව. ඊට හේතුව වෙලා තිබෙන්නේ, එම පක්‍ෂවල ඉන්නේ රට වෙනුවෙන් හෝ ගම වෙනුවෙන් සිතන හෝ වැඩ කරන අය නොව තමන් වෙනුවෙන් තමන්ට දෙයක් කරගැනීම වෙනුවෙන් මැතිවරණයට එන අය වීමයි. එනිසා ඔවුන් නාමයෝජනා බාරදීමට අවසන් මොහොත වනතෙක් බලා ඉන්නවා. මහින්දගේ පිලේ නාමයෝජනා නැත්නම් මෛතී‍්‍ර පිලට පනිනවා. මෛතී‍්‍ර පිලෙන් නාමයෝජනා නැත්නම් මහින්ද පිලට පනිනවා. එහෙම නැන්තනම් එජාපයට පනිනවා. එනිසා ඔවුන්ට ගම ගැන හැඟීමක් නැහැ. ඔවුන්ගේ දේශපාලන සංස්කෘතිය මොකක්ද කියලා නාමයෝජනා සකස් කිරීමේදීම පෙන්නලා ඉවරයි. ජනතා විමුක්ති පෙරමුණ උතුරු නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන ගණනාවකටම මේ වනවිට නාමයෝජනා සකස්කර අවසන්. යාපනයේ මෙන්ම මඩකලපුව දිස්ති‍්‍රක්කයේ මෙතෙක් ජවිපෙ තරඟ නොකළ පළාත් පාලන ආයතන සඳහා මෙවර තරඟ වදිනවා.
බණ්ඩාරවෙල නගර සභාව සහ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරග වදින්නේ නැහැ. එම පළාත් පාලන ආයතන දෙක සඳහා උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය සමඟ ජවිපෙ එක්වී ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කරනවා. මොකද, උමාඔය විනාශය පිළිබඳ එම පළාත් පාලන ආයතන දෙකට වඩා විශාල වගකීීමක් පැවරී තිබෙනවා. එම නිසා එම පළාත් පාලන ආයතන දෙක සඳහා ජවිපෙ සාමාජිකයන්ද සහිතව එම ව්‍යාපාරය මැතිවරණයේදී තරග කිරීමට තීරණය කර තිබෙනවා. මෙම උමාඔය සටන මැතිවරණය සමයේදීද පවත්වාගත යුතු නිසා මෙම තීරණයට එළඹුණා. එසේ නැතහොත් මැතිවරණය සමයේදී උමාඔය ව්‍යාපෘතියට එරෙහි සටන යට යනවා. එම සටනට සහභාගී වී සිටින සියලූම පක්‍ෂවල සාමාජිකයන් බෙදීම වැළැක්වීමට මෙම තීරණය අරගෙන තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක කටයුතු ලෙස ලබන 17වැනිදා පළාත් පාලන අපේක්‍ෂකයින්ගේ ජාතික සමුළුව කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එහිදී රට තුළ ඇතිවී තිබෙන දේශපාලන තත්වයත් අපේක්‍ෂකයන්ගේ කාර්යභාරයත් පක්‍ෂයේ කාර්යභාරයත් සාකච්ඡුා කිරීමට නියමිතයි. එමෙන්ම පළමු ජාතික රැුලිය 27වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අමතරව කුඩා රැුස්වම්, ජනහමු විශාල ප‍්‍රමාණයක් සූදානම් කර තිබෙනවා.
මෙවර ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණය තේමාව වූයේ ”ගම ගොඩනගන, ¥ෂණය පරදන ජවය” යන්නයි. රට ගොඩනගන කාර්යභාරයක් තිබෙන අතර එය පළාත් පාලන ආයතනවලින් ආරම්භ කළ යුතුව තිබෙනවා. පළාත් පාලන ආයතනවලට විශාල කාර්යභාරයක් පැවරී තිබුණත් මේ වනවිට පළාත් පාලන ආයතන කියන්නේ, ජනතාව රස්තියාදු කරන ජනතාවගේ සතුරු ආයතන බවට පත්වෙලා. එනිසා ජනතාවගේ සතුරන් බවට පත්වී ඇති පළාත් පාලන ආයතන ජනතාවගේ සමීපතම නෑදෑයන් බවට පරිවර්තනය කළ යුතුව තිබෙනවා. එමෙන්ම මේ වන විට දේශපාලන මැදිහත්වීම අන්ත ¥ෂිත එකක් බවට පත්වී තිබෙනවා. අද රටේ ලාභදායිම ව්‍යාපාරය වී තිබෙන්නේ දේශපාලනයයි. අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයා දක්වා වංචාව-¥ෂණය, අල්ලස පගාව පිරුණු රටක් බවට පත්වෙලා තිබෙනවා. අපේ රටේ ජාතික හොර තිප්පොළ පාර්ලිමේන්තුවයි. පළාත් හොර තිප්පොළ වී තිබෙන්නේ පළාත් සභාවයි. ප‍්‍රාදේශීය වශයෙන් හොර තිප්පොළ බවට පත්වෙලා තිබෙන්නේ ප‍්‍රාදේශීය සභාවයි. ඒක තමයි ඇත්ත. එම නිසා මෙම හොර තිප්පොළවල් බවට පත්වී තිබෙන ප‍්‍රාදේශීය සභා පිරිසිදු කිරීමේ වගකීම අපිට තිබෙනවා. ජාතික වශයෙන් පිරිසිදු කිරීම කළ යුතු අතර එය ප‍්‍රාදේශීය වශයෙන් ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ජනතාවට විශාල කාර්යභාරයක් තිබෙනවා. හොර තිප්පොළවල් බවට පත්වෙලා තිබෙන ආයතන වසා දමා පිරිසිදු කිරීමේ කාර්යභාරය කළ යුතුව තිබෙනවා.
අනෙක් පක්‍ෂවල තේමා පාඨයන් විය හැක්කේ මොනවාද? රාජපක්‍ෂ කණ්ඩායමට තව දුරටත් වංචාවට-¥ෂණයට එරෙහිව කටයුතු කරනවා කියන්න බැහැ. මොකද, පළාත් පාලන ආයතන වැඩි කාලයක් පාලනය කළේ රාජපක්‍ෂ කණ්ඩායමයි. ප‍්‍රාදේශීය සභා මගින් ගම සංවර්ධනය කරනවා කියන්න බැහැ. වංචාවට, ¥ෂණයට, නාස්තියට, ස්තී‍්‍ර ¥ෂණයන්ට හවුල් වූ පළාත් පාලන නියෝජිතයින් තවමත් රාජපක්‍ෂ කණ්ඩායමේ ඉන්නේ. එනිසා ඔවුන් කියන්න වෙන්නේ සුපුරුදු කතාවයි. එනම් මේ මැතිවරණය ප‍්‍රාදේශීය ලෙස නොසිතා රට බෙදන එක වළක්වා ගන්න මහින්ද කණ්ඩායමට ඡුන්දය දෙන්න කියලා කියයි. පසුගිය ජනාධිපතිවරණයේදී විදුලි පුටුව ගැන කිවුවා. ඒ වගේම රට ගැන හිතලා ඡුන්දය දෙන්න කියලා. අපේ රටේ ජනතාව තුළ තිබෙන රට ගැන හැඟීම ලාබෙට කපටිකමින් දේශපාලනයට ඔවුන් යොදාගන්නවා. බොරු දේශපේ‍්‍රමය දේශපාලනය වෙනුවෙන් තවරාගෙන ඉන්නවා. අද ඒ දේශපේ‍්‍රමීන් ලාබෙට විකිණෙන විදිහ ජනතාවට දැක බලාගන්න පුළුවන්. ඔවුන්ට තිබෙන්නේ වැස්සේ ගියොත් හේදෙන තවරාගත් දේශපේ‍්‍රමයක් පමණයි.
රනිල් කියන්නේ මොකක්ද? රට ගොඩනැගුවා වගේ ගම ගොඩනගන්න ඡුන්දය දෙන්න කියලා කියයි. රටේ සම්පත් ටික විකුණන පාලකයෙක් රට හදන්නේ කොහොමද? හම්බන්තොට වරාය විකුණුවා. තෙල් ටැංකි ටික, මත්තල ගුවන්තොටුපොළ, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්න හදනවා. එවැනි පාලකයෙක් ගමේ බලය ගත්තොත් කරන්නේ ගමේ තියෙන වැව් ටිකත් විකුණන එකයි. එක්සත් ජාතික පක්‍ෂයටත් වංචාව නැතිකරනවා කියන්න බැහැ. රටේ බලය අරගෙන මහ බැංකු වංචාව කළා. ගමේ බලය අරගෙන කරන්නේ සමූපකාර බැංකුවලටත් වැඬේ දෙන එකයිි.
මෛතී‍්‍ර කණ්ඩායමට කියන්න තියෙන්නේ මොකක්ද? පක්‍ෂය කැඩෙන එක වළක්වන්න ඡුන්දය දෙන්න කියයි. බණ්ඩාරනායක මහත්තයා හදපු, පංච මහා බලවේගය එක් වුණු පක්‍ෂය බිඳවට්ටන්න එපා කියලා මෛතී‍්‍ර සුපුරුදු අඳෝනාවම මේ ඡුන්දෙදිත් කරයි. එයාලගේ පක්‍ෂ කැඩුණාම අපිට මොකද? එයාලගේ පක්‍ෂ කැඩෙන එක ගැන ජනතාවට වැඩක් නැහැ. ඒ නිසා මේ කණ්ඩායම් තුනම අලූත් දේශපාලන දැක්මක් නැති යල් පැනගිය දේශපාලන ව්‍යාපාරයි. ජනතා විමුක්ති පෙරමුණ අලූත් දේශපාලන දැක්මක් සහිත අලූත් පණිවඩුයක් ජනතාව අතරට ගෙන යන ව්‍යාපාරයයි. ජනතාවට ග‍්‍රාමීය නායකයන් හඳුන්වා දෙමින් ග‍්‍රාමීය සංවිධාන මට්ටම් ගොඩනගමින් සෑම නිවසකටම අපේ පක්‍ෂයේ දේශපාලන පණිවුඩය රැුගෙන යාමට කටයුතු කරනවා. මැතිවරණ කාල සීමාව තුළදී සෑම නිවසකටම අපේ දේශපාලන පණිවුඩය ලබාදීමට කටයුතු කරනව. එනිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා, නව දේශපාලනයක් භුක්ති විඳීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ වටා එක්රොක් වෙන්න කියලා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *