මෛත්‍රිට 2020 ජනපතිවරණයට තරඟ කරන්න පොල්ලක්!

2020 ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයට හෝ තරඟ කිරීමට නුසුදුස්සකු බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත්ව ඇත්දැයි දේශපාලන නිරීක්ෂකයෝ සැක පළ කරති. එසේ වීමට හේතුව නම් ජනාධිපතිතුමා කොරියානු නිල සංචාරයේදී ‍සෝල් මෙට්‍රොපොලිටන් නගරයේ ගෞරවණීය පුරවැසිභාවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමයි. පසුගිය නොවැම්බර් 30 වැනිදා ‍සෝල් මෙට්‍රොපොලිටන් නගරාධිපති පාර්ක් හේන් සුන් මහතාගේ නිල කාර්යාලයේ දී පැවැති විශේෂ උත්සවයේ දී ‍මෙම පුරවැසිභාවය ප්‍රධානය කිරීම සිදුව තිබේ. ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා කොරි‍යාවේ සෝල් නුවර ගෞරවණීය පුරවැසියකු බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා පුරවැසි මෛත්‍රිපාල සිරිසේන මහතා මේ  අනුව කොරියානු පුරවැසිභාවයද ලබා තිබේ.

ද්විත්ව පුරවැසියන්ට මෙරට මැතිවරණ තරගකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංසෝධනය අනුව තහනම්ය. ගීතා කමාරසිංහ මහත්මියට මන්ත්‍රීධුරයද අහිමි වූයේ ද්විත්ව පුරවැසිභාවය නිසාය. ගෞරවණීය පුරවැසිභාවය හිමිවීම. ද්විත්ව පුරවැසිභාවය දැරීමක්ද ගැන නීතිමය වශයෙන් විග්‍රහ කරගත යුතුව ඇත. එසේ වුවද මෙය නීතිමය වශයෙන් විග්‍රහ කරගත යුතුව ඇත. එසේ වුවද මෙය නීතිමය අභියෝගයකට හේතුවිය හැකි බව කියති.

කෙසේ වෙතත් තතු  දත් ආරංචි මාර්ග කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට ඇත්ත වශයෙන්ම ලැබුණේ ගෞරව සම්මානයක් බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *