හොරාට කලින් කැන වැට පැනීම හෙවත් 2020 දී රටේ නායකයා තේරීම – භාතිය බරුකන්ද

‘‘හොරාට කලින් කැණ වැට පණිනවා’’ කියලා බොහොම පැරණි කතාවක් අප අතර තිබෙනවා. දේශපාලනයේදී බොහොම සුලභ මේ වැඬේ ඇතැම් වෙලාවට සිද්ධ වෙන්නේ විශ්වාස කරන්නත් බැරි තරම් මජර විදිහටයි. මේ සම්බන්ධයෙන් දැක්විය හැකි ඉතාම සමීප උදාහරණය වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ දියත් වෙමින් තිබෙන මාධ්‍ය සහ පෝස්ටර් මෙහෙයුමයි.
මේ මාධ්‍ය හා පෝස්ටර් මොහෙයුමේ අරමුණ අපට ඉතාම පැහැදිලිව වටහාගත හැකියි. එහි එක් අරමුණක් වුණේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවට සැකපිට (ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මුදල් අවභාවිත කිරීම* ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට තිබූ සැලසුම කඩාකල්පල් කිරීමයි. කවුරුත් බලාපොරොත්තු වූ ආකාරයට ඒ කටයුත්ත ඉතා පහසුවෙන් සිදු වුණා. යකඩ මල්ලටත් ගුල්ලෝ ගහපු රටක මේ වාගේ දේවල් තව තවත් සිදුවන බවට වන තිත්ත ඇත්ත අකමැත්තෙන් හෝ පිළිගැනීමට යහපාලනිකයින්ට සිදුවෙලා තිබෙනවා. ඒ නිසා දැන් ඔවුන් තුළ ආණ්ඩුව බලයට පත් වූ මුල් යුගයේ මෙන් හිත කීරි ගැහෙන කළකිරීමක් ඇති වන්නේ නැහැ. මෙවැනි තත්ත්වයන් දරා ගැනීමට ඔවුන් දැන් පුරුදු වෙලා ඉන්නවා.
ඒත් ගෝඨාභය රාජපක්ෂ මෙරට රාජ්‍ය නායකයා වීම … ? මේ කතාව ලංකාවේ පුරවැසියන්ගෙන් කී දෙනුගේ හිත භීතියෙන් මුසපත් කරවිද යන්න ගැන අප අමුතුවෙන් සිතා වෙහෙසිය යුතු නැහැ. මොකද රාජපක්ෂ පාලන සමයේ මහින්ද රාජපක්ෂ මහතාට පමණක් දෙවැනි වුණු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂගේ 2005-2015 දශකයක ක‍්‍රියාකාරීත්වය විසින් වගේම ඇතැම් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ජවිපේ භීෂණ සමයේ, 1988-89 හමුදා ක‍්‍රියාකාරීත්වය මගින් ද ඒ භයංකාර අතීත ජනතාවට නිරායාසයෙන් සිහිවන නිසා.
අද ගෝඨාභය රාජපක්ෂ මහතාව සිංහාසනයට ඔසවා තබන්න වෑයම් කරන්නේ ඉහත සඳහන් කළ සියල්ල ස්වේච්ඡුාවෙන් ඉවසූ හා ඒ මත යැපුණු පිරිසක් විසින් වීම යහපාලනයට පමණක් නොව යහපාලනය බිහි කිරීම සඳහා ඇපකැප වූූ සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගවලට දැවැන්ත තර්ජනයක්. මන්ද ගෝඨාභය රාජපක්ෂ පන්නයේ පාලනයක් තුළ ජනවාරී 08 වෙනස වෙනුවෙන් කැප වුණු බලවේග දඩයමට ලක්වීම සේම යහපාලන යාන්ත‍්‍රණයම ආපසු හරවා අධිකාරීවාදි පාලනයක් වෙත රට තල්ලූ කිරීම යථාර්ථයක් වන නිසා.
ඒත් ගෝඨාගමනය මේ රටේ ජනතාවට ප‍්‍රශ්නය වන්නේ යහපාලනිකයින් ජීවිත පරිත්‍යාගයෙන් අත්පත් කරගත් මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයට මේ ෆැසිස්ට්වාදීන් විසින් දැවැන්ත කෙලසීමකට ලක් කරමින් තම පටු අවස්ථාවාදී හා අන්තවාදී න්‍යාය පත‍්‍ර සාධනය කර ගැනීම හැකි සෑම අවස්ථාවක්ව භාවිත කිරීමයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, යහපාලනය වැනි නූතන සමාජ හා දේශපාලන වටිනාකම් ගැන කිසිදු තැකීමක් නැති, හුදු අවස්ථාවාදය සහ අන්තවාදය තම පැවැත්ම හා ජීවන දර්ශනය කරගත් මෙම කුඩා කල්ලිය විසින් රටේ සමස්ත ජනමතය ඉතාමත් කෘත‍්‍රිම ආකාරයෙන් විකෘති කිරීමට දැඩි ආයාසයක් ගැනීමයි. මේ සඳහා ගෝඨාභය රාජපක්ෂට පක්ෂපාතී කල්ලිය පසුගිය කාලය තුළ ඉතා සාර්ථක ක‍්‍රමෝපායක් අනුගමනය කරනවා. ඒ අතර ‘‘විද්වත් කතිකාව’’ ‘‘එළිය’’ සේම රාජපක්ෂවාදී ජාතික හා නව මාධ්‍ය උපයෝගී කොටගෙන දියත් කරන මාධ්‍ය මෙහෙයුම ප‍්‍රමුඛයි. මේ සියලූම මෙහෙයුම් මගින් මෙම කල්ලිය අපේක්ෂා කරන්නේ යහපාලන ආණ්ඩුවේ පදනම බිඳ දැමීම සහ ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රතිරූපය නගාසිටුවීම බව අපට දැකිය හැකියි.
මෙහිදී යහපාලන ආණ්ඩුවේ පදනම බිඳ දැමීමේ සැලසුමේදී අන්තජාතිවාදය හා ආගම්වාදය පෝෂණය කරමින් ද, මෙම අන්තවාදී බලවේග සමාජය වෙත මුදා හරිමින් සුළු ජාතීන් හා ආගමිකයින් භීතියට පත් කිරීම සහ ඒ හරහා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට ගන්නා වෑයම දැකිය හැකියි. එහි මූලෝපායික පදනම වන්නේ ‘‘යහපාලන ආණ්ඩුවට අපව ආරක්ෂා කළ නොහැකිියි’’ ‘‘ආණ්ඩුව කිසිවක් නොකර බලා සිටිනවා’’ ‘‘ආණ්ඩුව අන්තවාදීන්ට බයයි’’ යන මතය සුළු ජාතීන් හා ආගමිකයින් තුළ රෝපණය කිරීමයි. මේ තත්ත්වය යහපාලන ආණ්ඩුව කෙරේ කෙටි කාලීනව බලපෑමක් නොකළත් දීර්ඝ කාලීනව එය ආණ්ඩුව සහ සුළු ජාතීන් අතර පවතින අනෝන්‍ය විශ්වාස තහවුරු කිරීම සඳහා හේතු වන්නේ නැහැ.
අනෙක් පසින් මේ මෙහෙයුම තුළ යහපාලනිකයින් භීතියට පත් කිරීමේ සියුම් සැලසුමක් ද දියත් වෙමින් තිබෙනවා. ඒ සඳහා පෙරමුණේ රාළලා වශයෙන් ක‍්‍රියාත්මක වන්නේ ගෝඨාභය රාජපක්ෂ යටතේ විවිධ වරදාන ලැබුවා වූ හිටපු හමුදා ප‍්‍රධානීන් කිහිප දෙනෙක්. මේජර් ජනරාල් ජගත් ඩයස් මීට මාස කිහිපයකට පමණ ඉහතදී නව ව්‍යවස්ථාවට පක්ෂපාතීත්වය දක්වන පිරිස් ඉලක්ක කර ගනිමින් කළ තර්ජනාත්මක ප‍්‍රකාශය මෙහි එක් පියවරක් පමණයි. බලය සම්බන්ධ තීරණාත්මක අවස්ථාවකදී අපට මේ පිරිස් වෙතින් මීට වඩා බිහිසුණු වචන නොව ක‍්‍රියාකාරීත්වයක් ද අපේක්ෂා කළ හැකියි. ඔවුන් ඒ සඳහා කිසිදු බියකින් හෝ චකිතයකින් තොරව ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ සිදු කළ බොහෝ දේ වලින් පැහැදිලි වෙනවා. ඒ නිසා අප කියන්නේ භීෂණකාරී අතීතයක් තිබෙන, මර්ධනය දහම කරගත් පුද්ගලයෙක් යළි ඔසවා තැබීමට මේ කල්ලිය මේ ගන්නා වෑයම ආරම්භක අවස්ථාවේදීම පරාජය කිරීමට සියලූම යහපාලනික බලවේග පෙරමුණ ගත යුතුයි. ගමේ භාෂාවෙන් කියනවා නම් ‘‘නියපොත්තෙන් කපන්න හැකි දේ පොරවෙන් කපන්න සිදුවන තත්ත්වය දක්වා බලාසිටිය යුතු නැහැ.
නායකය කවුද ?
ගෝඨාභය රාජපක්ෂ යළි ඔසවා තැබීම සඳහා කාලයක් පුරා දියත් වෙමින් පවතින මාධ්‍ය මෙහෙයුම මෙහිදී අපගේ දැඩි අවධානයට යොමු විය යුතුයි. මේ සඳහා ඇතැම් විට අහඹු, සැලසුම් රහිත හුදු මාධ්‍ය භාවිතයක් වශයෙන් ද ඇතැම් පිරිස් විසින් ලඝු කරන ඉතා කදිම උදාහරණයක් පසුගිය ඉරිදා වාර්තා වුණා. ඒ ‘‘නායකයා කවුද ?’’ ඉරිදා මව්බිම පුවත්පතේ ප‍්‍රධාන ශීර්ෂ පාඨය වශයෙන් වාර්තා කළ පුවතයි. මේ වන විට ඉතා බොළඳ සේම සියලූම මාධ්‍ය ආචාරධර්ම කෙළෙසූ සිදුවීමක් බවට මෙම ප‍්‍රවෘත්තිය පත්ව ඇතත් ගෝඨාගමනයක් ගැන සංවේදී මෙන්ම භීතියෙන් පසුවන බොහෝ පිරිසක් පවසන්නේ මෙය පුවත්පතක හුදු අතේ රෝලක් වශයෙන් ඌනනය කිරීම සිදු නොවිය යුතු බවයි. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන තර්කය වන්නේ මෙම ප‍්‍රවෘත්තියේ අවසාන කොටසේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් අදාළ සමීක්ෂණයට ලක් වූ ජනතාව විසින් දක්වන ලදැයි කියන හේතු දැක්වීමයි.
‘‘වසර 2020 දී මේ රටේ ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන, ඒකාධිපති ස්වරූපයක් ද සහිත නායකයෙකු බවත්, ඔහු උගත් බුද්ධිමතෙකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකින් අවධාරණය කරයි’’
මේ ඊනියා ප‍්‍රවෘත්තිය (මෙම පුවතට අදාළ සමීක්ෂණය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඇති සම්බන්ධතාව එහි උපකුලපතිවරයා සේම ජනමාධ්‍ය අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයා ද තරයේ ප‍්‍රතික්ෂේප කර ඇත. පුදුමයකට මෙන් මේ සමීක්ෂණ සම්බන්ධය යැයි කියන එම අධ්‍යයන අංශයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මියගේ මතය විමසීමක් මේ දක්වා සිදුව නැත. මෙම ලේඛකයා ද අද දිනය පුරා මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මිය ඇගේ ජංගම දුරකථනය හරහා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද නොහැකි විය* ගෝඨාභය රාජපක්ෂ පාර්ශ්වය විසින් පසුගිය කාලය පුරා නානාප‍්‍රකාරයෙන් ගෙනයන මාධ්‍ය හා ප‍්‍රචාරක ව්‍යාපාරයේ තවත් දිගුවක් බවට වන සැකය කිසිවකුට පහසුවෙන් බැහැර කළ නොහැකියි.
මෙහිදී අපගේ අවධානය ඉතා සැලසුම් සහගතව ගෝඨාභය රාජපක්ෂට සුදු හුණු ගෑම පමණක් නොව ඔහු දේශපාලනයේ අසහාය පුද්ගලයෙක් වශයෙන් ඔසවා තැබීමට ගන්නා වෑයම වටහා ගැනීමට යොමු කළ යුතුයි. එවටි අප හමුවේ ප‍්‍රදර්ශනය වන්නේ,
x 2020 රටේ නායකයා විය යුත්තේ රටට ආදරය කරන (මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික‍්‍රමසිංහල මහතා රටට ආදරය නොකරන බව මෙම ඊනියා රාජපක්ෂවාදීන් පසුගිය කාලය පුරාම සමාජගත කිරීමට තැත් කරන බව සිහියට ගනන්*
x ඒකාධිපති ස්රූපයක් ද සහිත නායකයෙකු (වත්මන් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ රුසියානු නායක පුටින් පන්නයේ (මීට කලකට පෙර මුවමර් ගඩාෆි, සේම සදාම් හුසේන් ද * නායකයෙකු බව රාජපක්ෂවාදීන් පසුගිය කාලය පුරාම අවධාරණය කරමින් සිටින බව අවධානයට ගන්න*
x ඔහු උගත් බුද්ධිමතෙකු විය යුතු බවත් (මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රථම රැුකියාව වන ග‍්‍රාම සේවක වෘත්තිය රාජපක්ෂවාදීන්ගේ උපහාසයට ලක්වන අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය කාලය පුරා ‘‘වියත් මඟ’’ නමින් ආචාර්ය මහාචාර්යවරු සමග එකට සිටිමින් ගොඩනගා ගැනීමට තැත් කරන අධ්‍යාපන පසුබිම වන්නේ ඔහු උගත් බුද්ධිමත් පුද්ගලයෙකු බවයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සැබෑ අධ්‍යාපන සුදුසුකම් ඉතාම සාමාන්‍ය ඒවා බව මාධ්‍ය වාර්තා කර ඇත*
x හමුදා පාලනයක් වුව සුදුසු බව ( බළලා මල්ලෙන් එළියට පණින්නේ මෙතැනිදීය. නොබිඳි ගිය දීර්ඝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් ඇති ශ‍්‍රී ලංකාව තුළ හමුදා පාලනයකට කිසිදු අවකාශයක් නැත. එහෙත් 2015 ජනපතිවරණ පරාජය සමග රාජපක්ෂවරුන් සහ හිටපු හමුදා ප‍්‍රධානීන් විසින් ගත් එවැනි උත්සාහයක් ගැන මාධ්‍ය වාර්තා පළ විය. අද ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු හමුදා ප‍්‍රධානීන් පිරිවරා ගෙන යන ගමනේ අවසානය එයම වීමට ඇති සම්භාවිතාව පහසුවෙන් බැහැර කළ නොහැකිය*
මෙම ප‍්‍රවෘත්තිය මගින් 2020 ජනාධිපතිවරයා විය යුතු පුද්ගලයා සම්බන්ධයෙන් දක්වා ඇති උපමාන ගෝඨාභය රාජපක්ෂ මහතාට ම මැස්ම ගෙන මැසූ ඇඳුමක් හා සමානය. එසේ නොමැති නම් පසුගිය කාලය පුරාම ඊනියා රාජපක්ෂවාදීන් විසින් ඉතාම සැලසුම් සහගතව ජනමනය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නිර්මාණය කළ ප‍්‍රතිරූපයට සමානය.
මෙම සාවද්‍ය ප‍්‍රවෘත්තියේ ඇති වඩාත් කනගාටුදායක කරුණ වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ අසහාය දේශපාලන ප‍්‍රතිරූපයක් වශයෙන් තනන අතරම ඔහුවට එරෙහිව පසුගිය කාලය පුරාම එල්ල වූ බරපතළ චෝදනා පහසුවෙන් බැහැර කරන හා සාධාරණීකරණය කරන මතවාදයක් ද නිර්මාණය කිරීමට තැත් කිරීමය.
‘‘ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සියයට 39.18ක් පිරිසක් කැමැත්ත පළ කොට ඇත. සිංහල බෞද්ධ පදනම හා අමාත්‍යධූරයක් හොබවන්නේ නැතිව රටට කළ සේවය, කොළඹ නගරය අලංකාරය අගය කරන පිරිස බහුතරයකි. ඇවන්ගාඞ් නඩුව, ද්විත්ව පුරවැසිභාවය, මුදල් අවභාවිතය, සුදු වෑන් පිළිබඳව ප‍්‍රශ්නයක් නොමැත. ඒව රටේ ජනතාවගේ ආර්ථිකයට ප‍්‍රශ්නයක් නොවන අතර, දැඩි තීරණ ගැනීම, ඍජු තීරණ ගැනීම, යුද්ධය දැක්වූ දායකත්වය නිසා මෙසේ ඉහළ ප‍්‍රතිචාරයක් ලැබී ඇත’’
නැවත අවධාරණය කළ යුත්තේ මාධ්‍ය වෘත්තියට නින්දා දෙන මෙම ප‍්‍රවෘත්තිය යළි යළි විචාරයට ලක් කිරීම කිසිසේත් අවශ්‍ය නැති බවය. එහෙත් ඉතා සැලසුම් සහගතව සහ දීර්ඝ කාලීන ව්‍යාපෘතියක කොටසක් වශයෙන් එළියට පැමිණි මෙම සමීක්ෂණයේ අන්තර්ගතය, නැතහොත් සොයා ගැනීම් නම් රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව ගමන් කළ හැකි මහා අගාධයේ තරම පැහැදිලි කරන බවය.
x සිංහල බෞද්ධ පදනම හා ඇමැති ධූරයක් දරන්නේ නැතිව රටට කළ සේවය ජනතාවගේ ප‍්‍රසාදයට ලක්ව ඇති බව මෙම ඊනියා සමීක්ෂණය කියයි. මෙය අපට අලූතින් ලියා දිය යුතු දෙයක් නොවන්නේ බෞද්ධ භික්ෂූන් පිරිවරා ගනිමින් ගෝඨාභය රාජපක්ෂ බලයේ සිටියදී මෙන්ම බලය රහිත තත්ත්වය තුළදී ද රඟපාමින් සිටින දියසේන භූමිකාවයි. එහෙත් මෙම සිංහල බෞද්ධ පදනම මේ වන විට රටට පමණක් නොව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ගෙදර යාමට ද දක්වන ලද දායකත්වය අප මොහොතකට අමතක නොකළ යුතුය. බොදු බලසේනා ඇතුළු ඊනියා අන්තවාදී බෞද්ධ සංවිධාන සඳහා නොමසුරුව ආධාර හා අනුබල දෙමින් ගෝඨාභය රාජපක්ෂ පසුගිය කාලය තුළ වපුරා ඇති අස්වන්න අප සිතන තරම් නරක් නොවූ බව මෙම ඊනියා ජනමත සමීක්ෂණයේ සොයා ගැනීම් මගින් හෙළි කරයි.
x කොළඹ නගරයේ අලංකරණය ගැන ජනතාව දක්වන පුදුමාකාර උනන්දුව ගැන අපට පුදුමයක් නැත. දැවැන්ත හමුදාකරණයක් සමගින් ද ගණනය කළ නොහැකි තරම් විදේශ ණය කන්දරාවක් සමගින් ද ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකළ කොළඹ අලංකරණයේ සාරය උරාබීමට ලොබ බැඳ සිටියේ ජේම්ස් පැකරේ වැනි කැසිනේ සූදුකාරයින් පමණක් බව මේ ගෝඨාභයගේ කොළඹ අලංකරණයේ ගිනිකන වැටී සිටින හුදී ජනයාට මතක් කර දිය යුතුය.
x ඇවන්ගාඞ් නඩුව, ද්විත්ව පුරවැසිභාවය, මුදල් අවභාවිතය, සුදු වෑන් පිළිබඳව ප‍්‍රශ්නයක් නොමැති බව මෙම ඊනියා සමීක්ෂණය කියයි. යළිත් සඳහන් කළ යුත්තේ හොරාට කලින් කැණ වැට පනින බවට ජනතාව කියන්නේ මෙවැනි කතාවලට බවයි. අද ගෝඨාභය රාජපක්ෂ දන්න සෙල්ලම් සියල්ල දමා අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමට උත්සාහ දරන්නේ කෙසෙල් කැනක් කැපීම වැනි වරදක් සම්බන්ධයෙන් නොවන බව මේ සියලූ දෙනා සිහියට නගා ගත යුතුය. මේ සියල්ල හරහා ප‍්‍රදර්ශනය වන්නේ දැවැන්ත ¥ෂණ හා රාජ්‍ය බලය අවභාවිත කිරිම්ය. ඒ අතර ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම, වැලිකඩ රිමාන්ඞ් සිරකරුවන් ඝාතනය කිරීම, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, වැලිවේරිය සමූල ඝාතනය සේම කුප‍්‍රකට සුදු කොඩි කතාව ද එක් වුවහොත් මේ ඊනියා කල්ලිය එක්වී සුදු පිරුවට ඇන්ඳවීමට තැත් කරන ගෝඨාභය රාජපක්ෂගේ කැත සෙළුව මනාව දැකිය හැකි වනු ඇත.
x දැඩි තීරණ ගැනීම, ඍජු තීරණ ගැනීම, යුද්ධය දැක්වූ දායකත්වය නිසා මෙසේ ඉහළ ප‍්‍රතිචාරයක් ලැබී ඇති බව මෙම ඊනියා සමීක්ෂකයෝ කියති. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ගෝඨාභය රාජපක්ෂ දැඩි තීරණ ගත්තේ, ඍජු තීරණ ගත්තේ කාගේ යහපත සඳහා ද යන්නයි. උදාහරණයක් වශයෙන් කොළඹ පැත්පත් ජනතාව පළවා හැරීම, පාතාලය මර්ධනය කිරීමේ මුවාවෙන් සිදු වූ ඝාතන, වැලිකඩ බන්ධනාගාර සමූල ඝාතනය, රතුපස්වල, කටුනායක, හලාවත ආදී ස්ථානවල පැවැති සාමකාමී මහජන උද්ඝෝෂණ වලට එල්ල කළ දැවැන්ත ප‍්‍රහාර හා ඝාතනය කිරීම් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සහ මහජන යහපත කෙරෙහි කොතරම් දුරට ධනාත්මක වූවාදැයි ප‍්‍රශ්න කළ යුතුය. මහ දවාලේ දෙනෝදාහක් මිනිසුන් ඉදිරිපිටි භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර මහතා ඝාතනය කළ දුමින්ද සිල්වා රටින් පිටකරමින් ඍජු හා දැඩි තීරණ ගත්තේ කා වෙනුවෙන් දැයි අප මොහොතක් අපගෙන්ම විමසා සිටිය යුතුය.
x යුද්ධයට දැක්වූ දායකත්වය ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය කාලය පුරාම දැඩිව ප‍්‍රශ්න කිරීමකට ලක්වෙමින් සිටින්නේය. යුද්ධය තීරණාත්මක මොහොතකට පැමිණ තිබූ 80 දශකයේ අග භාගයේදී හමුදාවෙන් ඉල්ලා අස්වෙමින් ඇමෙරිකාවට ගොස් සාමාන්‍ය රැුකියාවක් කරමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ලංකාවට පැමිණෙන්නේ යුද්ධය වඩාත් තීරණාත්මක වූ, අලිමංකඩ, මුලතිව් ආදි දැවැන්ත පරාජයන් ලබමින් සිටි, හමුදාවට සොල්දාදුවන් ඉල්ලමින් හමුදාව රට වටේ ගිය 90 දශකයේ නොව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට සඳහා ඉදිරිපත් වූ 2005 වසරේදීය. ඊට පසුව සිදුවන දේ අද කාටත් රහසක් නොවේ. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු සුපිරි ලේකම්වරයෙකු වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ බලය සමග නොනිල වශයෙන් රටේ බල ධූරාවයේ දෙවැනි තැනට රිංගා ගන්නා ගෝඨාභය රාජපක්ෂ මහගා අවසානයේ යුධ ජයග‍්‍රහණයේ සින්නක්කර අයිතිය රාජපක්ෂවරුන්ට ලියා ගැනීම සඳහා හිටපු යුධ හමුදාපතිවරයා දඩයම් කළ ආකාරයට කිසිවකුටත් රහසක් නොවේ.
මේ සම්බන්ධයෙන් තවත් කරුණු දැක්වීමක් ද අප විසින් සිදුකළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන් සිටියදී සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති මිග් 28 ගනුදෙනුවෙන් (මෙම සිදුවීම රට හමුවට ගෙන සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග මහතාට අවසානයේ හදිසි මරණයක් උරුම වූ බව අමතක නොකොට* මේ දක්වා ගෝඨාභය රාජපක්ෂ මහතා නිදොස් කොට නිදහස් කර නොමැත. එසේම කුප‍්‍රකට ඇවන්ගාඞ් සිදුවීම ද ¥ෂණයක් බව අපට පහසුවෙන් බැහැර කළ නොහැකි අතර ‘‘අප වෙනුවෙන් අප’’ අරමුදලේ මූල්‍ය වංචා ගැන මේ වන විට යම් යම් චෝදනා එල්ල වෙමින් තිබේ. එසේම හමුදා බුද්ධි අංශ තම පුද්ගලික අභිලාෂයන් සඳහා භාවිත කළ බවට ද බැහැර කළ නොහැකි චෝදනා ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වන බව සඳහන් කළ යුතුය.
අපට යළි යළිත් මෙම කාරණා අවධාරණය කරන්නේ ඊනියා ප‍්‍රවෘත්තියක් දැක බියට පත්ව හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපතිවරයා වේයැයි භීතියට පත්ව ද නොවේ. මන්ද මෙම ඊනියා සමීක්ෂකයින් ම කියන ආකාරයට මෙවැනි සියලූ සුදුසුකම් සපුරා ඇති, මහා ප‍්‍රතිරූපයක් වන ගෝඨාභය රාජපක්ෂ මහතා 2020දී ජනාධිපති ධූරයට පත්වනු ඇතැයි විශ්වාස කරන පිරිස වන්නේ සියයට 39.18ක් පමණකි. මේ සමග ඇතිවන විස්මය දනවන කරුණ වන්නේ සියයට 71ක් වන සිංහලයින්ගේ පමණක් නොව පසුගිය මැතිවරණවලදී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් සියයට 48 ආසන්නයටත් ගෝඨාභය රාජපක්ෂ මහතා නොපැමිණීමය. සියයට 39.18ක ඡුන්ද ප‍්‍රතිශතයකින් ලංකාවේ විධායක ජනාධිපතිරයා ලෙස පත්විය නොහැකි බව ළදරුවකු පවා දන්නා සත්‍යක් නිසා අප ඒ ගැන වැඩි දුර කතා කළ යුතු නැත.
එහෙත් අවසාන වශයෙන් තවත් කරුණක් දැක්විය යුතුය. ඒ නව ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට එරෙහිව ඊනියා ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ රාජපක්ෂ කල්ලිය විසින් නඩත්තු කරන ‘‘වියත්මඟ’ ‘‘එළිය’’ ඇතුළු කල්ලි සේම රාජපක්ෂ නිකායේ යැයි කිව හැකි ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද කල්ලි ගැසෙන්නේ රටට හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇති ආදරය නිසා නොවන බවය. මේ සියලූ දෙනාටම අවශ්‍යව ඇත්තේ ගැහැනියක් පිරිමියෙක් කිරීමට පමණක් නොහැකි ලෝකයේ තිබෙන අපකීර්තිමත්ම විධායක ජනාධිපති ක‍්‍රමය චිරාත් කාලයක් තිබෙනු දැකීමය. (මේ කල්ලියේ පූර්ණ පිටුබලය සමග මහින්ද රාජපක්ෂ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය කළෙත් මේ සඳහාමය* ඒ වෙන කිසිවක් නිසා නොව, සිංහල බෞද්ධ, ඍජු තීරණ ගන්නා, ඒකාධිපති ලක්ෂණ ඇති පොල්පොට් පන්නයේ ව්‍යවස්ථාපිත ඒකාධිපතියෙකු / රජයෙකු ගැන මේ අවස්ථාවාදීන් කාලයක් තිස්සේ සිහින දකින නිසාය. අප රටක් වශයෙන්, ජාතියක් වශයෙන් ප‍්‍රවේශම් විය යුත්තේ මේ නිසාය. මේ කිසිදු ඒකාධිපතියෙක් සොඳුරු ආඥාදායකයින් නොවූ බව, හිට්ලර්, මුසලොනි, පොල්පොට්, සදාම් හුසේන්, ගඩාෆි සේම පසුගිය දා බලයෙන් පහ කළ මුගාබේ පවා අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා තහවුරු කර ඇත.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *