ජනවාරි අට ජය අයිතිය කාටද? – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

ජනවාරි අට ජයග්‍රහනයෙ අයිතිකාරයන් කවුද කියල මුල ඉදන්ම ‍ලොකු විවාදයක් තිබුණ කියල කී‍වොත් නිවැරදියි.  එක්සත් ජාතික පක්ෂයෙ සාමාජිකයො හිතුවෙත් තවමත් හිතන්නෙත් එක්සත් ජාතික පක්ෂය නැත්නම් පසුගිය ජනාධිපතිවරණයෙන් මෛත්‍රී හබක් කියලයි. අනිත් පැත්තෙන් ගත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ මෛත්‍රි හිතවාදින් හිතන්නෙ අපේ ලොක්ක පොදු අපේක්ෂකය වුණේ නැත්නම් යූ.එන්.පී. එක බම්බු ගහයි කියලයි. මේ කාරණා දෙකේ ඇත්ත නැත්ත වටහාගන්න අපට උපකල්පන කීපයක් කරන්න පුළුවනි. ඒ,

  1. මහින්ද ඡන්දෙට එද්දි හිතුවෙ කුමක්ද?
  2. මහින්දගෙ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ වුණා නම්, ජනාධිපතිවරණ පුතිඵලය වෙන්නේ කුමක්ද?
  3. ජනාධිපතිවරණ සටනමහින්දත් මෛත්‍රිත් අතර (රනිල් වික්‍රමසිංහ ගෙ සහය මෛත්‍රිට ලැබෙන්නෙ නැතුව) සටනක් වුනානම් විය හැකිව තිබුණෙ කුමක්ද?

1.ජනාධිපතිවරණයට එද්දී මහින්දහිතුව දේ – තමන්ගෙ ධුරකාලය අවසන් වනතුරු ජනාධිපතිවරණය තියන්න කල් ගත්තොත් තමන්ට අවාසි වෙන බව මහින්ද සහසුද්දෙන්ම දැනෙගන හිටිය. රටෙ ණය බර, ජාත්‍යන්තරය හමුවෙ මතුවිය හැකි ප්‍රශ්න වගෙ දෙවල් ගැන අවබෝධයක් තිබුණ නිසා තමයි කල් අතුව මැතිවරණයකට යන්න මහින්ද කල්පනා කළේ.

පොදු අපෙක්ෂකයා කියන සටන් පාඨය කරළියට ඒනකම්ම මහින්ද රාජපක්ෂ ගණන් හදල තිබුණෙ රනිල් වික්‍රමසිංහ ප්‍රතිවාදයා වශෙයන් ඉන්න ජනාධිපතිවරණයක්.

1.මහින්ද රාජපක්ෂගෙ ප්‍රතිවාදියා රනිල් වික්‍රමසිංහ වුණා නම් කුමක් වෙයිද?

මුලින් කීව වගේ පසුගිය ජනාධිපතිවරණය මහින්දත් – රනිලුත් අතර සටනක් වුණානම් මහින්ද උඩින්ම දිනවනව සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ඒක්සත් ජාතික පක්ෂයට ඡන්ද විශාල සංඛයාවක්, නැත්නම් ස්ථාවර ඡන්ද සංඛ්‍යාවක් ඡන්ද බැංකුවක් තිබුණා වුණත් ඒක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයට ඒ වෙද්දි තිබුණෙ දරුණු පරාජිත මානසිකත්වයක්.

 

ඒක්සත් ජාතික පක්ෂය ඒ වෙනෙකාට මුහණ දීලා තිබුණු දරුණුතම ප්‍රශ්නය තමනගෙ ඡන්දදායකයන්ව ඡන්දෙපාලට ගෙන්වා ගැනීමට හැකියාවක් නොතිබීම.  ‘මොනව කළත් මහින්ද දිනනවා. ඡන්දෙන් බැරිනම් හොර ඡන්ද දාලා හරි දිනනවා. ඡන්දෙ පැරදුනත් මහින්ද බලය අත්අරින්නෙ නැහැ. බලෙන් හරි ඉන්නවා.’  වගෙ මතයක් තමයි ඒදා සමාජගතවෙලා තිබුණෙ. මහින්ද ඡන්දෙකට ගියෙත් ඒ මතයෙ වාසිය අරගෙන ඡන්දය දිනා ගන්න.  ඒක්සත් ජාතික පක්ෂයෙ තිබුණු අභ්‍යන්තර අර්බුදයත් ඒක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයට අවාසියක් වශෙයන් බලපාල තිබුණ. මෙ තත්ත්වය අනුව පසුගිය ජනාධිපතිවරණය මහින්ද රනිල් සටනක් වුණා නම් මහින්ද දිනනවට කිසිම සැකයක් නැහැ. මහින්දගෙ හිතවතුන් මහමැතිවරණයක් වෙනුවට ජනාධිපතිවරණයකට වැඩි ඇල්මක් දැක්වුවෙත් මහින්ද ගෙ ජනප්‍රියත්වෙයන් සහ ඒක්සත් ජාතික පක්ෂයෙ දුර්වලකමෙන් වාසිය අරන් ජනාධිපතිවරණය දිනාගෙන පස්සෙ මැහමැතිවරණයකින් වාසිය ගන්නයි.

 

  1. පසුගිය ජනාධිපතිවරණය රනිල් වික්‍රමසිංහගෙ සහය මෛත්‍රිට නොලැබී මහින්ද – මෛත්‍රි සටනක් වුණා නම් –

රනිල් වික්‍රමසිංහගෙ සහය නොලැබුණා නම් මෛත්‍රි මහිදගෙ අාණ්ඩුවෙන් ඒළියට ඒන්න තියා හිතන්නෙවත් නැති වෙයි. කොයි විදිහෙන් හරි මහින්ද – මෛත්‍රි අතර ජනාධිපතිවරණය සටනක් තිබුණ නම් මහින්ද -රනිල් සටනකටත් වැඩිය ගොඩක් ලේසියෙන් මහින්ද ජයගන්නව සුවර්. හැබැයි ඒ වෙනෙකාටත් මහින්ද ඒපා වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ගොඩක් හිටිය. විශෙෂෙයන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ප්‍රගතිශීලි පිරිස් මහින්ද ගෙ ඒකාධිපතිත්තවය, මර්දනය, ජාතිවාදය අනුමත කළේ නැහැ. ඒ නිසා ඒ අයගෙ (සියල්ලන්ගෙමත් නොවිය හැකියි) ඡන්ද මෛත්‍රිට ලැබෙන්න ඉඩ තිබුණ. නමුත් ඒ ඡන්ද වලින් මහින්ද පරාජය කරන්න මෛත්‍රිට බැහැ. ඒවැනි වටාපිටාවක මහින්ද – මෛත්‍රි අතර ජනාධිපතිවරණ සටන කෙළවර වෙන්න නියමිතව තිබුණෙ මහින්ද – සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ සටනින් පස්සෙ සරත් ෆොන්සෙකාට මුහුණ දෙන්න සිදුවුණු අත්දැකීමටත් වඩා දරුණු ඛෙදවාචකයකට මෛත්‍රි  මුහුණ දීමෙන්.

‘මෙ ඡන්දයෙන් මම පරාජය වුණානම් මට ඉන්න වෙන්නෙ අඩි හයක් යට’ කියල ඡන්දෙන් පස්සෙ මෛත්‍රි කීවෙ පැවති වතාවරණය තේරුම්ගත් නිසයි.

පාවෙන ඡන්ද

ලංකාවෙ මැතිවරණවල ඡයග්‍රහණය තීරණය කරන්නෙ ද්ශපාලන පක්ෂ සාමාජිකත්වය නෙමෙයි. ඒ ඒ අවස්ථාවෙ පවතින වාතාවරණය අනුව සුදුසුය කියල හිතෙන අපේක්ෂකයාට හෝ පක්ෂයට ඡන්දය පාවිච්චි කරන ස්වාධීව පුද්ගලයන් මත බව ප්‍රකට රහසක්.

පාවෙන ඡන්ද යනුවෙන් හදුන්වනු ලබන මෙම ඡන්ද පාවිච්චි කරන්නෙ පොදු යහපත වෙනුවෙන්. පාක්ෂිකයො ඡන්දය පාවිච්චිච කිරීමෙන් බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ පක්ෂය බලයට පත්වුණාම රස්සාවක්, මාරුවීමක්, උසස්වීමක්, ඉඩමක්, ගෙයක් සමෘද්ධි සහනාධාරයක් ලබා ගන්න. ඒත් පාවෙන ඡන්දදායකයා තමන්ගෙ ඡන්දය පාවිච්චි කරන්නෙ රටෙ පොදු යහපත වෙනුවෙන්.

විශෙෂයෙන්ම ගත්තොත් පසුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පාවෙන ඡන්දදායකයන්ගෙ බලාපොරොත්තු ඉහළින්ම ක්‍රියාත්මක වුණු මැතිවරණයක දෙකක්. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, කොමිෂන් සභා පිහිටුවීම, ව්‍යවස්ථා දායක සභාව, ඡන්ද ක්‍රමය වෙනස් කිරිම, ඒ සියල්ලටම වඩා මහින්ද රෙජිමෙයෙ ඒකාධිපති වියරුව සහ නාස්තිය, දූෂණය, මර්ධනය පරාජය කිරීමෙ අවශ්‍යතාව තිබුණෙ පවෙන ඡන්දදායකයාට. සිවිල් සංවිධාන ආදිය හරහා ඉස්මතුවුණෙ ඒ අව්‍යයතාවය.

උතුරු නැගෙනහිර

මහින්ද රාජපක්ෂ තමන්ගෙ පළමු ජනාධිපතිවරණය දිනුවෙ උතුරෙ ජනාතාව ජන්දය දීමෙන් වළක්වන්න කොටි සංවිධානයට අල්ලස් දීමෙන්ය කියල මතයක් තියෙනව. ඇත්තෙන්ම ඒ ජනාධිපතිවරණයෙදි ඒල්,ටී.ටී.ඊ, සංවිධානය උතුරු – නැගෙනහිර ප්‍රදේශවල ජනතාවට ඡන්දය දැමීම තහනම් නොකළ නම් දිනන්නෙ රනිල්.

පසුගිය ජනවාරි අට ජනාධිපතිවරණෙයදි සිදුවුණෙ ඒහි ප්‍රතිවිරුද්ධ දෙය. උතුරු – නැගෙනහිර ඡන්දදායකයො මෛත්‍රිට නැත්නම් පොදු අපෙක්ෂකයට ඡන්දය නොදුන්න නම් මහින්ද ගොඩ.

මහින්ද විරෝධි ශ්‍රී.ලං.නි.ප. ඡන්ද අවසානයෙ වැඩ කළේ ශ්‍රි ලං.නි.ප. නැති කරන ආකාරයට. ඊට අමතරව මහින්දගෙ ඒකාධිපති වියරුව මර්ධනය දූෂණය සැබෑ ශ්‍රි.ලං.නි.ප. පාක්ෂිකයා අනුමත කළේ නැහැ.

මේ ලියන මට දැන් අවුරුදු පනස් හතරක්. මගෙ මුල්ම ඡන්දයත් ඊට පසුව ඡන්ද දෙකතුනක්මත් මම දුන්නෙ ජනතා විමුක්ති පෙරමුණට ඉන්පස්සෙ ඒක වතාවක් චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඡන්දය දුන්නෙ ආර්. ප්‍රේමදාස පරාජය කළ යුතු නිසා.

ජනවාරි අට වෙනිදා මගෙ ඡන්දය දුන්නෙ පොදු අපෙක්ෂකයට. ඒ රාජපක්ෂ වියරුව පරාජය කිරීමෙ මූලික අරමුණ ඇතිව. ව්‍යවස්ථා සංසෝධනය, කොමිෂන් සභා පත්කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අල්ලස දූෂණය නැති කිරීම, මහින්ද පාලන සමයෙ දූෂිතයන්ට මිනීමරුවන්ට දඩුවම් කිරීම වැනි දේ ඉටුවෙයි කියන බලාපොරොත්තුවක් මට තිබුණ.

ඒ අපේක්ෂා අතරින් කීපයක් ඉටු වෙලා තියෙනව. නමුත් හිතපු මට්ටමෙන් නෙමෙයි. උදාහරණයක් ගත්තොත් ව්‍යවස්ථාදායක සභාවෙ සංයුතිය මම බලාපොරොත්තු වූවාට වඩා බාලයි. විගණන කොමිසම තාම නැහැ. තවත් කරුණු තියනවා. ඒවා මේ කතා කරන කරුණට අදාල නැහැ.

මාතෘකාව ජනවාරි අට ජයග්‍රහණයෙ අයිතිය කාටද කියන ඒක. ඒගැන ලියන්න හිතුවෙ ජයග්‍රහණයෙ  සැබෑ පසුබිම අමතක කරල ජයග්‍රහණයේ අයිතිය බෙදාගන්න ඒක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ලොකු බල පොරයක නිරත වෙලා ඉන්න බව පෙනෙන නිසයි. තනියම තරග කරල මැතිවරණ පහෙළාවක් විස්සක් පැරදුණු යු.ඒන්.පී ඒකයි. මහින්ද දිනවන්න අන්තිමට දරදිය ඇදල යහපාලනයට හවුල් වුණු ශ්‍රී.ලං.නි.ප.යෙ අයයි. දැන් ජයග්‍රහණයෙ උරුමක්කාරයො වෙන්න දඟලනව.

ජනවාරි අට පුද්ගලයකුගෙ හරි පක්ෂයක හරි ජයක් නෙමෙයි. සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒක තේරුම් ගැනීම ජයග්‍රහණෙයේ අයිතිය බෙදාගන්න සටන් කරන දෙපැත්තටම එකසේ වැදගත්, තෙරුම් නොගත්තොත් ඒ අයටත් මහින්දට යන්න වුණු පාර පෙන්වන්න ජනතාව දෙපාරක් හිතන්නෙ නැති වෙයි.‍

අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *