රනිල්ගේ යෝජනාවෙන් රාජපක්ෂ නඩය පාර්ලිමේන්තුවේ ජෝකර්ලා බවට පත්විය හැක.

Daviරනිල් වික්‍රමසිංහ ලිබරල් රාමුව තුළ ක්‍රියාවට නැගිය හැකි යථාර්තවාදි යෝජනාවක් ඉදිරිපත්කර තිබේ. එය පරිපූර්ණ නැතිවූවත් කිසියම් ප්‍රමාණයකට ජාතික ආණ්ඩුවක් වනු ඇත. පරිපූර්ණ ජාතික ආණ්ඩුවක් නොවන්නේ දෙමළ සන්ධානය එම ආණ්ඩුවේ නිලතල භාරගැනීමක් නොවන නිසා ය. කෙසේ නමුත් ජනවාරි 08 වෙනිදා අරමුණු කරගෙන ජනාධිතිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආරම්භ කළ ගමන ඉදිරියට ගෙන යෑමට තමන් සහයෝගය ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්ධන් මහතා මේ වන විට ද ප්‍රකාශකර ඇත. ඒ අනුව දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට ඇතුලත් නොවීම එතරම් ප්‍රශ්නයක් වන්නේ නැත. අනික් අතට මුස්ලිම් ප්‍රජාව මේ වෙන විට ද එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙති. වතුකරයේ වෙසෙන කඳුරට දෙමළ ජනතාවගේ නියෝජනය ද ඒ ආණ්ඩුවට මේ වනවිට ද ලැබී තිබේ.
ප්‍රශ්ණය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ කරගැනීම ය. මාගේ කල්පනාවේ හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොටසක් ජාතික ආණ්ඩුවට ඇතුල්වීමට නියමිත ය. රාජපක්ෂ නඩය එයට ඇතුල් නොවී පාර්ලිමේන්තුවේ ජෝකර්ලාගේ චරිතය නිරූපනය කරනු ඇත. කෙසේ නමුත් ස්ථාපිත වීමට නියමිත් ජාතික ආණ්ඩුව ශක්තිමත් මෙන්ම ජනප්‍රිය ආණ්ඩුවක් බවට පත්විය හැක. එම ආණ්ඩුව පොරොන්දු වූ පරිදි බරපතල ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයකට යනු ඇතැයි බලාපොරොත්තු වියයුතු ය. ඒ තුළ කිසියම් ප්‍රමාණයකට දෙමළ ජනතාවගේ ප්‍රශ්නය ද ආමන්ත්‍රණය කිරීමට ඉඩ ඇත. අද තිබෙන ලෝක සන්දර්භය තුළ මෙන්ම ජාතික ආණුඩුව වටා එක්රැස් වී සිටින බලවේගයන් දෙස බලන විට කිසිසේත්ම දක්ෂිණාංශක ලිබරල් සමාජ ආර්ථික වැඩපිළිවෙලකට ඉඩක් නැත. විශේෂයෙන්ම වෘත්තිය සමිති, බහුජන සංවිධානවල තෙරපුමට ද මේ ආණ්ඩුව ලක්වීමට නියමිත ය. ජාතිවාදය පැත්තෙන් එන ප්‍රහාරයන්ට මුහුණදීමේ දි මේ මිතුරු බලවේගයන් අමනාප කරගැනීමට තරම් ආණ්ඩුව අඥාන වේ යැයි සිතිය නොහැක. ඒ නිසාම රනිල්- මෛත්‍රි -ආණ්ඩුව කිසියම් ප්‍රමාණයකට ලිබරල් ජනතාවාදී ආණ්ඩුවක් ලෙස හැඳින්වීමේ වරදක් නොපෙනේ. උක්ත ප්‍රතිසංස්කරණ සමාජවාදි ප්‍රතිසංස්කරණ නොවන නමුත් ලිබරල් රාමුවේ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ ලෙස පිළිගැනීමට සිදුවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *