බය නැති අගමැති – භාතිය බරුකන්ද

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මහ බංකු බැඳුම්කර කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණීම රාජපක්ෂික මාධ්‍යවලට වගේම ඒකාබද්ධ විපක්ෂයට රජ මඟුල් වැඩක් වුණා. ඒ ‘‘ඔන්න බැදුම්කර වංචාවට රනිලූත් හවුල් ’’ කියලා කියන්න පුළුවන් වෙන නිසා. ඒ නිසා මේ කල්ලිය අගමැතිවරයා කොමිෂම හමුවේ සාක්ෂි දෙනවා දකින්න පුල පුලා බලාගෙන හිටියා.
‘‘දැන් ඉතිං රනිල් ඇණ ගනියි’’
‘‘මිස්ටර් ක්ලීන්ගේ ක්ලීන් සූට් ගැළවෙයි’’
එහෙම තමයි ඔවුන් හිතුවේ. ඒකට හේතු තිබුණා. බැඳුම්කර කොමිෂම හමුවට මීට පෙර ගිය සියලූම දෙනා එළියට ආවේ අවුල් වෙලා. රටට, ජනමාධ්‍යවලට මුහුණ දෙන්න බැරුව.
ඒත් අගමැති රනිල් වික‍්‍රමසිංහ ඒ පාර වෙනස් කළා. ස්වේච්ඡුාවෙන් සාක්ෂි දීමට පැමිණි අගමැතිවරයා ඒ සාක්ෂි ලබාදීම තුළින්ම තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීම පමණක් නොවෙයි මූල්‍ය කළමනාකරණය සම්බන්ධ රාජපක්ෂ රෙජිමයේ කැත සෙළුව ද කොමිෂම හමුවේ මනාව නිරාවරණය කිරීමට සමත් වුණා. කොටින්ම අගමැතිවරයා කොමිෂම හමුවේ ගත කළ කාලයෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගෙන තිබුණා.
වගකීම හා වගවීම
ජනාධිපතිවරයා විසින් ඉතාම සද්භාවයෙන් යුතුව මහ බැංකු බැඳුම්කර කොමිෂම පත් පත් කළත් එහි ආරම්භයේ සිටම කොමිෂමේ ක‍්‍රියාකාරීත්වය ඍජුව ම එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ක‍්‍රියාත්මක වන මෙහෙයුමකට ස්වභාවය ගෙන තිබුණා. (වඩා නිවැරදි විය යුත්තේ රාජපක්ෂවාදී ජනමාධ්‍ය හා ඒකාබද්ධ විපක්ෂය එවැනි තැනකට බැඳුම්කර කොමිෂම නාමකරණය කරගත් බවයි* එයට ප‍්‍රධාන හේතුව වුණේ වංචාව හා ¥ෂණයට එරෙහිව යහපාලනය ක‍්‍රියාත්මක කිරීම සඳහා බලය ඉල්ලා සිටි එජාපයට (යහපාලන ආණ්ඩුවට* ආණ්ඩු බලය ලබාගත් විගස මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සිදු වූ බව කියන අක‍්‍රමිකතාවන්ට වගකීමට සිදුවීමයි.
මේ ලියුම්කරුගේ අදහස අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් එජාපයට (විශේෂයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට* වගකීමක් සේම වගවීමකුත් තිබුණා. වගකීම තිබුණේ මහ බැංකුව ඍජුව අගමැතිවරයා යටතේ ක‍්‍රියාත්මක වන ආයතනයක් වීම වගේම මහ බැංකු අධිපතිවරයා ද ඍජුව අගමැතිවරයා විසින්ම පත් කිරීමයි. විශේෂයෙන් සිංගප්පූරු පුරවැසියෙකු බව කියන අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඍජුවම අගමැතිවරයාගේ තෝරා ගැනීමක් වීම සහ ජනාධිපතිවරයා විසින් ඔහුගේ සේවය දිගු නොකිරීම දක්වා දීර්ඝ කාලය පුරාම අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටියා. ඒ නිසා මහ බැංකු බැඳුම්කර සිදුවීම හා සම්බන්ධයෙන් අගමැතිවරයාට තිබෙන වගකීම විශාල වූවා වගේම ඔහු එකී වගකීම සම්බන්ධයෙන් ඍජුව හා තීරණාත්මකව ක‍්‍රියාත්මක වූ බවත් අපට අමතක කළ නොහැකියි. අගමැතිවරයා අදාළ සිදුවීම ආරම්භයේදී ගාමිණි පිටිපන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කොමිෂමක් පත් කළා. ඒ වගේම කෝප් කමිටුව මගින් ද අදාළ සිදුවීම ගැන දීර්ඝ සොයා බැලීමක් කළා. මේ ක‍්‍රියාවලියේ අවසානයට අගමැතිවරයා තව වගකීම තවත් තහවුරු කරමින් බැඳුම්කර කොමිෂම හමුවේ සාක්ෂි ලබාදීමට ද පැමිණියා.
මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් අගමැතිවරයාට වගවීමක් තිබෙන බව අප කියන්නේ මේ සිදුවීම හරහා හෙළිවන රාජපක්ෂ ආණ්ඩුවේ මූල්‍ය කළමනාකරණයේ හා පාලනයේ අඳුරු තැන් ජනතාවට වහාම හෙළිකිරීමේ හැකියාව ඇත්තේ අගමැතිවරයාට පමණක් නිසයි. අගමැතිවරයාම කොමිෂම හමුවේ අවධාරණය කරමින් ප‍්‍රකාශ කළ ආකාරයට මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් 2008 සිට 2015 දක්වා කිසිදු වාර්තාවක් නැහැ. රාජපක්ෂලා සහ හෙංචයියන් හිතූ මතේ මහා භාණ්ඩාගාරය කොල්ලකා තිබෙනවා.
තවත් බැඳුම්කර කොමිෂමක් ඕනෑ
‘‘..ක‍්‍රියාකාරී අරමුදල් ක‍්‍රමය යටතේ ඍජු ස්ථානගත කිරීමේ සම්ප‍්‍රදාය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබෙනවා. 2008 වර දක්වා ඒ ක‍්‍රමය ඔස්සේ බැඳුම්කර නිකුත් කර ඇත්තේ ඍජු ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදය යටතේයි. එය විනිවිධභාවයෙන් තොරයි. 2015 දක්වා තොරතුරු නැහැ. එහෙත් 2015න් පසුව තොරතුරු තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් සහ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නිසි ක‍්‍රමවේදයට බැඳුම්කර නිකුත් කළා. එහෙත් අපැහැදිලි, නිශ්චිත තොරතුරු නොමැති කාල පරාසයක් තිබෙනවා. රුපියල් බිලියන ගණනින් මූල්‍ය ගනුදෙනු වී තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු නැහැ. පසුගිය පාර්ලිමේන්තුවේ තිබූ ප‍්‍රශ්නය එයයි. ඒවා පිළිබඳව සොයා බැලිය යුතුයි’’ කියලා අගමැතිවරයා බැඳුම්කර කොමිෂම හමුවේ කියනවා.
රාජපක්ෂ රෙජිමයේ ¥ෂණයට තිත තැබීමට යහපාලන ආණ්ඩුව බලයට පත් කළ ජනතාව ද කියන්නේ වහාම මේ සියල්ල ගැන සොයා බලන තැනකට යා යුතු බවයි. හාල්වලට නොවෙයි යකඩවලටත් ගුල්ලන් ගසා තිබුණු රාජපක්ෂ යුගයේ මේ ගනුදෙනු දේවකාරියක් වගේ සිදු වුණා කියලා මේ රටේ කිසිවකු පිළිගන්නේ නැහැ. අද ගාමිණි සෙනරත්ලා හැඟි හැංඟි බඳින වෙස් මුහුණු ගලවන්න පුළුවන් වෙන්නේ හිටපු මහ බැංකු අධිපති කබ්රාල් ඇතුළු නඩයත් මෙවැනි කොමිෂමක් හමුවට කැඳවීමෙන් පමණයි. මේ සිදුවීම සම්බන්ධයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට තිබෙන වගවීමත් ඒකයි.
ඒ වගේම රාජපක්ෂ යුගයේ මහ බැංකු අධිපතිවරයාව සිටි අජිත් නිවාඞ් කබ්ලාර් මහතාගේ සොහොයුරියක් ද අද ඒකාබද්ධ විපක්ෂයට වහ කඳුරු වී ඇති පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකාවක්ව සිටියා. අද ‘‘ළබැඳියාවන් අතර ගැටුමක් ’’ ගැන කතා කරන මහින්දා නන්ද අලූත්ගමගේලාට මේ කතා අමතක වෙන්න හේතුවක් නැහැ. ඒ නිසා මහින්දා නන්දලා, ගම්මන්පිලලා කියන ඊනියා කතා අහගෙන ඉන්න ජනතාව අගමැතිවරයාට අවධාරණය කරන්නේ 2008 -2015 කාල පරාසය තුළ මහ බැංකු බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කොමිෂමක් පත් කළ යුතු බවයි. එවැනි කොමිෂමක් පත් කර යහපාලනය සම්බන්ධයෙන් වන අගමැතිවරයාගේ වගවීම යළි තහවුරු කරන ලෙසයි.
චරිත ඝාතන ප‍්‍රයත්නය ලත් තැනම ලොප්වීම
ලිපිය ආරම්භයේදීම සඳහන් කළ ආකාරයට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට සේම එක්සත් ජාතික පක්ෂයටත් මහ බැංකු බැඳුම්කර කොමිෂම කොඩිවිනයක් වෙලා තිබුණා. වසර 40ක් සම්පූර්ණ වන අගමැතිවරයාගේ දේශපාලන ජීවිතයේ මහත්මා ස්වභාවය වගේම සුපිරිසිදුභාවයත් මේ හරහා බිඳ දැමීමේ ප‍්‍රබල ප‍්‍රයත්නයක් එළිපිටම ක‍්‍රියාත්මක වුණා. පසුගිය 19 වැනිදා අගමැතිවරයා කොමිෂම හමුවේ සාක්ෂි දෙමින් සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කර දැමීමේ ඒ ප‍්‍රයත්නය බව කිව යුතුයි. යම් කිසි හේතුවක් නිසා අගමැතිවරයා මෙවැනි තීන්දුවක් නොගෙන බැඳුම්කර කොමිෂම හමුවේ සාක්ෂි දීම මග හැරියා නම් අගමැතිවරයාගේ දේශපාලන චරිතයට ඉන් සිදුවන හානිය කිසිදා පිරියම් කළ නොහැකියි. ඒ නිසා රාජපක්ෂවාදී මාධ්‍ය කල්ලිවල සහ ඒකාබද්ධ විපක්ෂ කල්ලිය විසින් සැලසුම් කළ අගමැතිවරයාගේ චරිත ඝාතන ප‍්‍රයත්නය ලත් තැනම ලොප් කිරීමට හැකිවීම යහපාලනය ලැබූ ජයග‍්‍රහණයක් වශයෙන් සැලකිය හැකියි.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *