ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් කුමන්ත්‍රණ කරුවන් ඉවතට

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ සිටිමින් පක්ෂ නායකයාට එරෙහිව කුමන්ත්‍රණය කළ බව කියන දහතුන්දෙනකු ඉවත්කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇති බව වාර්තා වෙයි .

එම පක්ෂයේ ව්‍යවස්ථාව අනුව මධ්‍යම කාරක සභාවට විසිපස් දෙනකු පත්කිරීමට නායකයාට අයිතිය ඇත . ඒ අනුව දැනට නායකයා විසින් පත්කර ඇති පිරිස වෙනුවට අලුතින් පත්කොට ඇති බව කියති . එහිදී ප්‍රධාන නිලතල දරන කිහිපදෙනකු ඇතුළු දහතුන් දෙනකු මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *