මෛත්‍රීගේ කට්ටිය ගොඩදාන සැලැස්මක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙන්ම එක්සත් ජාතික පෙරමුණෙන්ද තරග වදින ජනාධිපතිවරයාට හිතවත් අපේක්ෂකයින් කවරකු හෝ මනාප සටනේදී පරාජය වුවහොත් දෙපැත්තේ ජාතික ලැයිස්තු මගින් පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ සැලසුමක් ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නගා ඇති බව අපේ ආරංචි මාර්ග කියයි . ජනාධිපතිවරයාට  උපදෙස් දෙන නීතිඥයන් වෙනත් ජේෂ්ට නීතිඥයන්ගෙන් මේ සදහා වැඩිදුරටත් උපදෙස් ලබාගෙන ඇති බවද දැනගන්නට ඇත .

ජනාධිපතිවරයාට හිතවත් අපේක්ෂකයින් මනාප වලින් පැරදවීමට මහින්ද හිතවාදීන් ක්‍රියාකිරීමත්, එජාපෙන් තරගවදින අපේක්ෂකයන් මුහුණදී ඇති දැඩි තරගකාරීත්වයත් සැලකිල්ලට ගෙන මෙම සැලසුම සකස්කොට ඇති බවද කියති . එජාප නායකයා සමග ජනාධිපතිවරයාගේ ඇති අවබෝදය මෙයට පහසුවක් වනු ඇතැයි විශ්වාස කෙරෙයි .

සන්ධානයේ ලේකම් තනතුර වෙනස්කිරීම මෙම සැලසුමේ ප්‍රධාන පියවරකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *