|

යහපාලන ආණ්ඩුවේ තෙවැනි අයවැය පාර්ලිමේන්තුවට..

2018 අයවැය යෝජනාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය. රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කරමින් සිටින බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය මංගල අයවැය කතාවේදී පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කල මුදල් අමාත්‍ය තුමා,

”2018 අයවැය ඉදිරිපත් කිරීමට ලැබීම මා ලද භාග්‍යයක්. අපේ යහපාලන ජාතික ආන්ඩුවේ සිව්වන වසර සඳහා අයවැයයි. එදා ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදනය අනුව ජපානයට පමණයි දෙවැනි වුණේ.අප දේශපාලන මතවාදී ලෙස කුලල් කා ගත්තා.දරුණු කැරළි දෙකකට දරුණු යුද්ධයකට මුහුණ දෙන්න සිදු වුණා. විවිධත්වය ගරු කරන අලුත් ශ්‍රී ලංකාවක් කරා යාමට මඟ පැදී තිබුණා.

ඉතිහාසයට වඩා අනාගතය හදන එක වටිනවා. සියලු බාධක මැද අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාදිපතිධූරයට පත් වුණා. මීතොට මුල්ල කුණු කන්දට වඩා ණය කන්දක් සහිත රටක් බවට පත් වී තිබුණා.නවෝත්පාදන සාමාජ වෙළඳ පොළ ආර්ථිකයක් ගොඩනැගීමටත් සමානාත්මතාව තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීම ආරම්භ කර තිබෙනවා.අපට මුහුණ දීමට සිදු වූ ගැටළුව වුණේ පහළ යැමට ලක් වූ රාජ්‍ය අදායම හා ණය බරතාවයයි.නියඟය,ගංවතුර,නායයෑම් වැනි අභියෝගවලට ද මුහුණ දුන්නා. අපේ ආර්ථික ප්‍රතිපත්තිවල සාධණීය   තත්ත්වයක් පෙන්නුම් කරනවා.ශ්‍රී ලංකාව පිළිබඳව නැතිව තිබූ විශ්වාසය නැවත ගොඩනැඟුණා.

අප රජයේ 2025 ප්‍රකාශය ප්‍රකාර ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් වෙලඳපොළ තුළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා.මැදි කාලීන ඉන් ඔබ්බට යාමට නම්  ප්‍රාග්ධන වෙලඳපොළ තුළ පූර්ණ විභව තාවය වර්ධනය කරගත යුතු වෙනවා. 2025 වනවිට ඉහළ මදි ආදායම් රටක් බවට පත් වීමට සීග්‍ර ආර්ථික වර්ධනයක් අවශ්ය වෙනව. ආර්ථිඅක් ලිහිල් කරණය ගෝලීයකර්ණය වැදගත් වෙනවා. රටෙන් වියැකී තරඟ කාරි විභවතා යළි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. දැඩි ආර්ථික ප්‍රතිපත්තිවලින් ඉවත්විය යුතුයි.ජාත්‍යන්තර වෙළඳාම පූර්ණ වෙනසකට ලක් කළ යුතුයි.”

නීල ආර්ථිකයක් ගොඩනගනවා

අප රජයේ 2025 ප්‍රකාශය ප්‍රකාර ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් වෙලඳපොළ තුළ ක්‍රියාත්මක කළ යුතු වෙනවා.මැදි කාලීන ඉන් ඔබ්බට යාමට නම්  ප්‍රාග්ධන වෙලඳපොළ තුළ පූර්ණ විභව තාවය වර්ධනය කරගත යුතු වෙනවා. 2025 වනවිට ඉහළ මදි ආදායම් රටක් බවට පත් වීමට සීග්‍ර ආර්ථික වර්ධනයක් අවශ්ය වෙනව. ආර්ථිඅක් ලිහිල් කරණය ගෝලීයකර්ණය වැදගත් වෙනවා. රටෙන් වියැකී තරඟ කාරි විභවතා යළි ප්‍රතිසංස්කරණය කළ යුතුයි. දැඩි ආර්ථික ප්‍රතිපත්තිවලින් ඉවත්විය යුතුයි.ජාත්‍යන්තර වෙළඳාම පූර්ණ වෙනසකට ලක් කළ යුතුයි

මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට ලබා නොදුන්නොත් දැඩි පියවර

වරින් වර තත්වයන්ට ජනතාවට මුහුණු දීමට සිදුවන අපහසුතවයන්ට ක්ෂණික සහන සළසන්න සිදුවෙනවා. ඒ නිසා ඊයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක භාණ්ඩ අඩු කළා. මිල ගණන් අනුව ජනතවට භාණ්ඩ ලබාදෙන්න කටයුතු කරන්න. එසේ නොකොළොත් දැඩි පියවර ගන්න කබිනට් මණ්ඩලයේ දී තින්දු කළා. පොදු ස්ථානවල සාධරණ වෙලඳසැල් පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් පිහිටුවනවා. පරිභෝගික අධිකරිය පනත හා එම අධිකාරිය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

ගොවීන් වෙනුවෙන් නව රක්ෂණයක් – රජයෙන් මිලියන 3000ක්

සෑම අවස්ථාවකදීම මුහුණ දීමට සිදු වූ නියඟ හා ගංවතුර හේතු නිසා කිසිදු අසාධර්ණයක් නොවන  ලෙස ලබාදුන්නා. කාලගුණ සාධක මත පදනම් වූ රක්ෂණ ක්‍රමයක් හදුන්වදීමට කටයුතු කරනවා. මෙම දායකත්ව රක්ෂණය සැකසෙනවා. මේ සඳහා රජයෙන් රුපියල් මිලියන 3000ක් වෙන් කරනවා .

මේ රක්ෂණය මගින් වී, බඩ ඉරිගු සෝයා, ලොකු ලූනු, අල, මිරිස් වැනි බෝග වර්ග 05 ඇතුළත් වන පරිදි බෝග වර්ග 06ක් ආවරණය කර ඇත. මේ මගින් අක්කරයකට රු. 40,000ක ආවරණයක් ලබා දීමට කට යුතු කරන අතර, ගොවියා හා රජය යන අංශ දෙකේම දායකත්වයෙන් මෙම රක්ෂණය සැක සෙනු ඇති.

රැකියා වෙළඳපොළ ඉලක්ක කරමින් තරුණ තරුණියන්ට පුහුණු වැඩසටහන් – අන්තර්ජාතික ශිෂ්‍ය ඇගයීම් ක්‍රමවේදයක්

 වසර 13 අධ්‍යාපනය ලබාදීම තනවුරු කිරීමට, ජාත්‍යන්තර තලයේ විශ්වවිද්‍යාල ඇති කරන්න ඕන. වෙළඳ පොළට වෘත්තීය පුහුණුවක් ලබාදෙන්න ඕන. උසස් පාඨමාලාවන් සකස් කළ යුතුයි. තරුණ කණ්ඩායම්වලින් පෞද්ගලික අංශයට අවශ්‍ය  මාස තුනක පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. යැපුම් දීමනාවක් මසකට ලබාදීමට  පියවර ගනු ඇත. මීළඟ වර්ෂ 3 තුළ තාක්ෂණික උසස් පාසල් 05ක් ස්ථාපිත කරන්න කටයුතු කරනවා. සිවිල්, සංචාරක, හෝටල් දැනුම ලබාදීමට මෙම පාසල් මඟින් ලබාදීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ස්මාර්ට් පන්ති කාමර සංකල්පය තවදුරටත් ශක්තිමත් කරනවා.

විශ්වවිද්‍යාල සිසුන්ට නව රක්ෂණ ක්‍රමයක්

සිසුන් සඳහා ලබාදෙන විද්‍යාපීඨ දීමනාව රුපියල් 3500 සිට 5000 දක්ව වැඩි කිරීමට පියවර ගන්නවා.  මිලියන 1250ක් වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා වෙන් කරනවා. මොරටුව, වයඹ සහ සබරගමුව නව වෛධ්‍යපීඨ සකස් කරනවා.යපනය විශ්වවිද්‍යාලයේ වව්නිය  මණ්ඩපය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. පසුගිය වසරේ පාසල් සිසුන්ට රක්ෂණය ලබාදුන් ආකාරයට විශ්වවිද්‍යාල සිසුන්ට රක්ෂන ක්‍රමයක්  හඳුන්ව දෙනවා.

නව නිපැයුම්කරුවන්ට කර්මාන්තවලට අවතීර්ණවීමට අවස්ථාව

පරිභෝගිකයන් ආරක්ෂා කරන නීති හඳුන්වා දෙනවා. කර්මාන්තය වර්ධනය හා පරිභෝගිකයන්ගේ ආරක්ෂාව සඳහා නීති හඳුන්වා දෙනවා. ජාත්‍යන්තර වෙලඳ පොළට ප්‍රවේශ වූ කර්මාන්ත වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා. අපනයන කරුවන්ගේ භාණ්ඩ සඳහා එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යෝජනා ක්‍රමය මඟින් ණය පහසුකම් සපයනවා.  ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය ඉහළ මට්ටමකට පත් කරනවා. නව නිපැයුම්කරුවන්ට කර්මාන්තවලට ප්‍රවේශවලට අවතීර්ණවීමට අවස්ථාව සළසා දෙනවා

ආනයන අපනයන සහිත සංවර්ධන බැංකුවක්- ව්‍යවසායකත්ව පරාදීසයක් රට තුළ ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා

අලුත් ව්‍යාපාරිකයන් නිර්මාණය කළ යුතුයි. සෑම ශ්‍රී ලාංකිකයකුටම අවස්ථාව ලබාදිය යුතුයි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් පහසුකම් සැලසෙනවා. අවදානම් දරන ව්‍යවසායකයන්ද රැකබල ගත යුතුයි. රටක ජනතාවට ආඩම්බර විය හැකි ගමනක් වෙනුවෙන් ජනතාවට උදව් කළ යුතුයි. ආනයන අපනයන සහිත සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරනවා.  මිලියන 10,000ක් මේ සඳහා යොදවනවා. 2018 ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා

විදුලි වාහනවලට ප්‍රමුඛතාවය- රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මකයි – ලංගම හරිතකරණයට

උද්ධමනය සියයට 6%ට අඩු කරන්න බලාපොරොත්තුවෙනවා.විවිධ භෝග වගාකිරීමට ඉඩ සැලසෙන පරිදි කුඹුරු පනත සහ කෘෂිකාර්මික ඉඩම් පනත  සංශෝධනය කළ යුතුයි.

නීලහරිත සංවර්ධන ක්‍රමෝපාය ඉදිරිපත් කළා.අපි ඉදිරිපත් කරන නීල හරිත ආර්ථික වැඩසටහන් මඟින් අපේ සාගර සම්පත් යෝදා ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් ලබගත හැකි වෙනවා. ආර්ථිකයේ විවිධාංගීකරණය පහසුකරනවා. වාහන ප්‍රතිපත්තිය පවිත්‍රබවක් හෝ හරිත බවක් තිබුණේ නෑ. 2040 ඛණිජ තෙල් නොවන වෙනත් ආකාරයෙකින් ධාවනය කරන තත්ත්වයට පත්කරන්න කටයුතු කරනවා. 2025 වනවිට රජයේ වාහන දෙමුහුම් හෝ විදුලියෙන් ක්‍රියාත්මක වාහන බවට  පත් කරනවා. ලංගම හරිතකරණයට ලක් කරන්න කටයුතු කරනවා. ඉලෙක්ට්‍රික්  බස් 50 සඳහා මිලියන 500ක් වෙන්කරනවා.

සංචාරකයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීම

ආකර්ෂණීය සංචාරක ස්ථාන කීපයක් වැඩි කිරීමට අපේක්ෂා කෙරේ. නානු ඔය, දුම්රිය මාර්ගය සංචාරකයන්ට හොඳ ප්‍රවාහන මාර්ගයක්. කොග්ගල අභ‍්‍යන්තර ගුවන්තොටුපල සංවර්ධනය කරනවා. මාදුරු ඔය, ගල් ඔය උද්‍යාන වැඩි දියුණු කරනු ඇත. සංචාරකයන්ගේ ආරක්ෂව සඳහා සංචරක පොලිස් ස්ථාන විස්සක් ස්ථාපිත කිරීමට පියවර ගැනෙණු ඇත.

ත්‍රී රොද රථ සංචාරකයන්ට ආකර්ෂණය වී තිබෙනවා. ත්‍රී රෝද රථ  ව්‍යවසායකයන් බිහි කිරීමට බලාපොරොත්තු වෙනවා. සංචාරයන්ට හිතැති ටුක් ටුක් සංකල්පය හඳුන්වාදීමේ වැඩසටහනක් ආරම්භ කරනවා. ඔවුන් සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පුහුණු කරනවා. ත්‍රි රෝද රථ නියාමන අධිකාරියක් ස්ථාපිත කරනවා. මීටර් අනිවාර්යය කරන රෙගුලාසි ක්‍රියාත්මක කරනවා.

මැදමුලන බද්ද

රුපියල් බිලියන 7000ක ණයක් ඉදිරි වසර තුනේදී ගෙවිය යුතුයි. අපි ආණ්ඩුව බාර ගත්තේ මහා ණය කන්දක් එක්කයි.  රාජ්‍ය මූල්‍ය තත්ත්වය කෙරෙහි මෙම ණය අහිතකර බලපෑමක් ඇති කරනවා. 2018 දී පමණක් රුපියල් ට්‍රිලියන 1.9ක් (ට්‍රිලියන යනු එකයි බින්දු 12යි) ණය ගෙවිය යුතුයි. ණය ගෙවන්න සහන අවශ්‍ය වෙනවා. ඒ ණය බර ජනතාවට දෙන්න අපි සූදානම් නෑ. බැංකු මගින් කරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20ක් වන ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ධක් ගෙවීමට යෝජනා කරනවා. ඕනා නම් මේකට මැදමුලන බද්ද කියන්නත් පුළුවන්

සම්පුර්ණ යෝජනාවලිය.පහත ලින්ක් එක ක්ලික් කරන්න

අයවැය 2018 සම්පුර්ණ යෝජනාවලිය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *