මහින්දගේ අපල දුරුවෙන්න කිරි අම්මාවරුන්ට දානයක්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ අපල දුරුවීම සදහා කිරි අම්මාවරු තුන්සියයකට දානය පිළිගැන්වීම අද (16දා) උදේ කුරුණෑගල  බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී  සිදුකොට ඇත . මෙය සංවිධානය කොට තිබුණේ ප්‍රදේශයේ තවත් ප්‍රබල අපේක්ෂකයකු විසිනි .

ප්‍රදේශයේ විහාරස්ථාන කිහිපයකදී සිල් රෙදි බෙදාදීමටද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් ක්‍රියාත්මක වී ඇති අතර පොලීසිය එය වලකා  ඇතත් කිසිවකු අත් අඩංගුවට ගෙන නැත . මේ පිලිබදව මැතිවරණ කොමසාරිස් වරයාටද පැමිණිලි කොට ඇතිබව වර්තවීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *