සම්බන්ධන්ගෙන් උගත යුතු පාඩම – භාතිය බරුකන්ද

‘‘රටේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය කේවල් කිරීමට දමිළ ජාතික සන්ධානය සූදානම් නැහැ. ඒ කාරණාවලට සියලූ දෙනා එකඟ වුණා. ශ‍්‍රී ලංකාවට එකඟවිය හැකි ක‍්‍රමවේදයක් නිර්මාණය කළ යුතුයි කියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්වා. එතුමා එදා කිවුවා, ජනතාව විසින් ජනතාවට බලය බෙදීම තමයි අවශ්‍ය කියලා. ඕනෑම යෝජනාවක් තුළිත් උපරිම බලය බෙදීමක් තිබිය යුතු යුතු අතර රට නොබෙදීම තමයි අවශ්‍ය වන්නේ කියලා. ඕනෑම යෝජනාවක් තුළින් උපරිම බලය බෙදීමක් තිබිය යුතු අතර රට නොබෙදීමක් විය යුතුයි කියා හිටපු ජනාධිපතිවරයා තහවුරු කළා. එතුමා එදා කළ ප‍්‍රකාශය අද තහවුරු කළ යුතුයි රටේ සාමය ගොඩනැගීමට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ දරපු තමය වෙනස්වීම පිළිබඳ අප කනගාටු වෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් පත් කළ තිස්ස විතාරණ කටිමුවත් බලය බෙදිය යුතු බව ප‍්‍රකාශ කරලා තිබෙනවා. ඒ සියලූ දෙනා අපේ ඉල්ලීම පිළිගෙන තිබෙනවා. නව ව්‍යවස්ථා අතුරු වාර්තා පිළිබඳ කතා කරන විට අපි කියන්න ඕන අපේ රටට අලූත් ව්‍යවස්ථාවක් සකස් විය යුතුයි. අපි, අපේ රටේ පක්ෂ විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා දෙකක් සකස් කර තිබෙනවා. ඒවා සියල්ල පැමිණියේ පක්ෂවලින්. නමුත් අද ගෙන එන අතුරු වාර්තාව සියලූම පක්ෂවල අදහස් අරගෙන, ජනතාවගේ අදහස් අරගෙන තමයි සකස් කර තිබෙන්නේ. එය නිසි ක‍්‍රියාපටිපාටියක් තුළ සිදුව තිබෙනවා. මෙය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය හා ජනමත විචාරණයක් අවශ්‍යයි. මෙයින් ජනතාවගේ ස්වාධිපත්‍යයයි උරගා බලන්නේ. සියලූ ජනතාවගේ විශ්වාසනීවත්වය මෙයින් පිළිබිඹු විය යුතුයි. පළාත් පාලන ආයතන හා ජනතා බලය පිළිබඳ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ අන්තර්ගත විය යුතුයි. ජනතාවගේ ස්වාධිපත්‍ය බලය තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් නිරූපණය වෙන්නේ. රටේ සමස්ත ජනතාව මේ සඳහා දායක වෙනවා. රටේ උත්තරීතර නීතිය සම්පාදනය වෙනවා. ඒ තුළින් නොබෙදුණු ශ‍්‍රී ලංකාවක් තහවුරු වෙනවා. ශ‍්‍රී ලංකාව සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් කිරීමයි නව ව්‍යවස්ථාවේ අරමුණ වෙන්නේ. අපේ ඉතිහාසය තුළින් අපි පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. යුද්ධය තුළින් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. සමානාත්මතාවය හා යුක්තිය කියන මූලධර්ම මත පදනම් වෙලා මේ රට ඉදිරියට ගමන් කළ යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා බහුවාර්ගිකත්වය එකට එකතු වුණ දෙයක්. එමගින් අපි සියලූ දෙනාගේ එකමුතුකම හා නොබෙදුණු ශ‍්‍රී ලංකාව තහවුරු කරන්න පුළුවන්. ශ‍්‍රී ලංකාවේ බලය බෙදීම අවශ්‍යයි’’
මේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ අතුරු කමිටුවේ වාර්තාව පිළිබඳ පසුගිය දා පැවැති පාර්ලිමේන්තු විවාදයේදී විපක්ෂ නායක හා දමිළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා කළ ෙඓතිහාසික ප‍්‍රකාශයේ උපුටා ගැනීමක්. මේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ලංකාවේ සිංහල මාධ්‍ය කොතරම් අවධානයක් යොමු කළා ද යන්න බරපතළ ප‍්‍රශ්නයක්. එහෙත් මධ්‍යස්ථ දේශපාලන විශ්ලේෂකයින්ට නම් විපක්ෂ නායකවරයාගේ ප‍්‍රකාශය නව ව්‍යවස්ථාව සම්බන්ධ ක‍්‍රියාවලියේ තීරණාත්මක කඩඉමක්. ඒ වගේම දමිළ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක්. බලය බෙදා හදා ගැනීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කරන ස්ථාවරයක්.
අන්තවාදීන්ට පිළිතුරු දීම
ලංකාවේ මේ වන විට ජීවත්ව සිටින කෘතහස්තම දේශපාලනඥයා වශයෙන් ආර්. සම්බන්ධන් මහතා සැලකිය හැකියි. ඉතා පැහැදිලිව මධ්‍යස්්ථ දමිළ ජනතාව අතර සේම මධ්‍යස්ථ සිංහල ජනතාව අතරත් සම්බන්ධන් මහතාට පොදු පිළිගැනීමක් තිබෙනවා. එතුමා එම පිළිගැනීම කෙළසා ගන්නා ආකාරයෙන් හුදු ප‍්‍රචාරකවාදී සහ ප‍්‍රදර්ශනවාදී පිළිවෙතක් අනුගමනය කරනවා අපි පසුගිය කාලය පුරා කිසිදු අවස්ථාවක දුටුවේ නැහැ. යුද්ධය අවසන් වෙලා සිංහල බෞද්ධ උත්තමවාදය උපරිම කලයේ පැවැති, දමිළ අභිමානය බින්දුවට වැටිලා තිබුණ අවස්ථාවේ පවා සම්බන්ධන් මහතා තමන්ගේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කළා. ඒ නිසා තමයි දමිළ ජාතික සන්ධානයට මහින්ද රාජපක්ෂ රජය යටතේම උතුරු පළාත් සභාව දිනා ගන්න පුළුවන් වුණේ. උතුරේ අන්තවාදය යටපත් කරමින් දමිළ ජාතික සන්ධානයේ මැදිපිළිවෙත ස්ථාවර කරන්න පුළුවන් වුණේ.
ආර්. සම්බන්ධන් මහතා අතුරු කමිටු වාර්තාව සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයේදී අන්තවාදීන්ට මෙන්ම අවස්ථාවාදීන්ටත් ඉතාම පැහැදිලි පිළිතුරක් දී තිබෙන බව ඉතාම පැහැදිලිව දැකිය හැකියි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉදිරියේ තබාගෙන ම ඔහු තිස්ස විතාරණ මහතාගේ සර්වපාක්ෂික කමිටු වාර්තාව ගැන මතක් කිරීම වාගේම බලය බෙදීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා බලයේ රැුඳී සිටියදී දැරූ ස්ථාවරය ගැන කළ පැහැදිලි කිරීම අතිෂයින් වැදගත්. මොකද මේ මොහොතේ ඉතාම අවස්ථාවාදී ආකාරයෙන් නව ව්‍යවස්ථාව සම්බන්ධ ක‍්‍රියාවලිය අඩපණ කිරීමට නායකත්වය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා විසින් නිසා. රාජපක්ෂ මහතාගේ ‘‘තර්ටීන් ප්ලස් ප්ලස්’’ කතාව පමණක් නොවෙයි, රාජපක්ෂ මහතා විසින්ම පත් කළ තිස්ස විතාරණ මහතාගේ සර්ව පාක්ෂික සමුළුවේ අවසන් වාර්තාව, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ ජනාධිපති කොමිෂමේ අවසන් වාර්තාව බලය බෙදීම ගැන නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බව අපට අමතක කළ නොහැකියි. ඒ නිසා බලය අහිමි වූ විට යළි බලයට ඒම සඳහා ජාතික ගැටලූව දඩමීමාකර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු අවස්ථාවක් ලබා නොදිය යුතුයි. ඒ ස්ථාවරයේ දමිළ ජාතික සන්ධානය රැුඳී සිටීම ගැන අප වඩාත් සතුටට පත්විය යුතුයි.
ප‍්‍රධාන පක්ෂ දෙක විසින් පිළිගන්නා විසඳුමක් තමන් ද පිළිගන්නා බව ආර්. සම්බන්ධන් මහතා ඉතාම පැහැදිලිව කියා සිටියා. ඒ වගේම ‘‘ඒකීය/ නොබෙදුණු ශ‍්‍රී ලංකාවක් තුළ බලය බෙදාහදා ගැනීමට තමන් තුළ ඇති කැමැත්ත ද සම්බන්ධන් මහතා ඉතා පැහැදිලිව අවධාරණය කළා. මෙය විමල් වීරවංශ, උදය ප‍්‍රභාත් ගම්මන්පිල හා දිනේෂ් ගුණවර්ධන වැනි ඊනියා පක්ෂ නායකයින්ට, ඒකීයවාදීන්ට දුන් පැහැදිලි පිළිතුරක් බව අප වටහා ගත යුතුයි. ඊට හේතුව වන්නේ ඉතිහාසය තුළින් සේම යුද්ධය තුළින් ද දමිළ සමාජය ලබාගත් අත්දැකීම් මත නොබෙදුණු ශ‍්‍රී ලංකාව තව දුරටත් දමිළ ජනතාවට ගැටලූවක් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ නොබෙදුණු ශ‍්‍රී ලංකාවක සමානාත්මතාවයෙන් යුතුව ජීවත් වීමයි. ඒ තුළ කිසිදු ආකාරයක බෙදී වෙන්වීමේ වුවමනාවක් හෝ අභිලාෂයක් නොමැති බවයි ආර්. සම්බන්ධන් මහතා අවධාරණය කළේ.
එහෙත් බලය බෙදීම සම්බන්ධයෙන් වන දමිළ ජනතාවගේ ඓතිහාසික වුවමනාව පවා දෙන්න සම්බන්ධන් මහතා සූදානම් නැති බව අපට පැහැදිලියි. ඒ බව පාර්ලිමේන්තු විවාදයේදී නොසඟවා හෙළි කිරීමට සම්බන්ධන් මහතා පියවර ගත්තා. සම්බන්ධන් මහතා තම කතාව අවසන් කරමින් ඒ බව ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ කළා. ‘‘ශ‍්‍රී ලංකාව සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් කිරීමයි නව ව්‍යවස්ථාවේ අරමුණ වෙන්නේ. අපේ ඉතිහාසය තුළින් අපි පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. යුද්ධය තුළින් පාඩම් ඉගෙන ගෙන තිබෙනවා. සමානාත්මතාවය හා යුක්තිය කියන මූලධර්ම මත පදනම් වෙලා මේ රට ඉදිරියට ගමන් කළ යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා බහුවාර්ගිකත්වය එකට එකතු වුණ දෙයක්. එමගින් අපි සියලූ දෙනාගේ එකමුතුකම හා නොබෙදුණු ශ‍්‍රී ලංකාව තහවුරු කරන්න පුළුවන්. ශ‍්‍රී ලංකාවේ බලය බෙදීම අවශ්‍යයි’’
සම්බන්ධන් මහතාගේ මේ ප‍්‍රකාශය දකුණට වැදගත් වන්නේ කාරණා කිහිපයක් නිසා. ඉන් ප‍්‍රධාන වන්නේ මේ කතා කරන්නේ මේ රටේ සියයට 18ක් පමණ වන දමිළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වුවමනා එපාකම්, අයිිතිවාසිකම් නියෝජනය කරන නායකයා. දමිළ ජනතාව වෙනුවෙන් ගෝලීය වශයෙන් හඬක් නැගිය හැකි නායතයා. ඔහු කියන දේට අන්තවාදී හා අවස්ථාවාදී නොවන මධ්‍යස්ථ දමිළ අතිබහුරය අවනත වන බව පසුගිය දශකයකට ආසන්න කාලය තුළ මනාව තහවුරු කරලා තිබෙනවා. කොටින්ම 2010, 2015 ජනාධිපතිවරණ ඒ සඳහා පැහැදිලි උදාහරණ. ආයුධ බලයෙන් ප‍්‍රභාකරන්ට කළ නොහැකි පරිදි තම දේශපාලන කෘතහස්තභාවයේ සහ මධ්‍යස්ථභාවයේ බලයෙන් සම්බන්ධන් මහතා රටේ ඉතාම තීරණාත්මක අවස්ථාවකදී දමිළ අති බහුතරයට නිසි නායකත්වයක් දුන්නා. විශේෂයෙන් වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ සාධකයේදී උතුරු නැගෙනහිර දමිළ අති බහුතරයෙන් ලැබුණු සහාය කිසිසේත් ලඝු කළ නොහැකියි. සරලව පැහැදිලි කළහොත් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට උතුරු නැගෙනහිර සුළුජන ඡුන්ද නොලැබුණා නම් මහින්ද රාජපක්ෂ අතඋඩින් දිනුම්.
දමිළ ජනතාව ආර්. සම්බන්ධන් මහතා කෙරේ දැඩි විශ්වාසයක් තබා තිබෙන්නේ ඔහු අවස්ථාවාදයට සහ අන්තවාදයට යට නොවී දමිළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් ඉටුකරාවි යන මහත් විශ්වාසය නිසයි. බෙදී වෙන්වීමේ අන්තවාදී අදහස පෝෂණය නොකරන, දේශපාලන අවස්ථාවාදයට යට නොවන මේ කෘතහස්ත දමිළ නායකයාගේ සංවේදී කතාව, විශ්වාසනීය කතාව අප නිසි පරිදි ග‍්‍රහණය කරගත යුත්තේ මේ නිසයි.
අන්තවාදී අති සුළුතරය
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන සංවාදය දෙස අවධානය යොමු කරන විට අපට ඉතාම පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ, නව ව්‍යවස්ථාව සම්බන්ධ සම්පූර්ණ ක‍්‍රියාවලියම අන්තවාදයේ සහ අවස්ථාවාදයේ ගොදුරක් බවට මුළුමනින්ම පත්ව ඇති බවයි. ජනමාධ්‍ය අවකාශය පමණක් නොව සිවිල් සමාජ අවකාශය, නව මාධ්‍ය අවකාශය තුළ වඩාත්ම ප‍්‍රබල ආධිපත්‍යයක් දරමින් සිටින්නේ නව ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන් එරෙහි ‘ව්‍යවස්ථාව කන්නද ?’’ යන අන්තවාදී, පටු ස්ථාවරයේ රැුඳී සිටින පිරිසක්. මේ අන්තවාදී සුළුතරය විසින් අත්පත් කොට ගෙන සිටින අසීමිත අවකාශය සහ ව්‍යාජ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් සිදුවිය යුතු විවෘත සංවාදය, වියත් සංවාදය වේගයෙන් පටු කරමින් සිටිනවා.
මේ තත්ත්වය අපට තවත් ආකාරයකට පැහැදිලි කරගත හැකියි. ඒකීය රටක් තුළ, නොබෙදුණු රටක් තුළ බලය බෙදා හදා ගැනීමට තමන් සූදානම් බව දමිළ ජනතාව නියෝජනය කරන ආර්. සම්බන්ධන් වගේම කොළඹ දමිළ ජනතාව නියෝජනය කරන මනෝ ගනේෂන් අවධාරණය කරන විට ඊට හාත්පසින්ම වෙනස් ආකාරයෙන් ‘‘නව ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා’’ යැයි අවධාරණය කරමින් (බිල්ලෝ මවමින්* දකුණේ අසීමිත මාධ්‍ය හා සිවිල් සමාඩ අවකාශයකට හිමිකම් කියන්නේ ඉතාම කුඩා දේශපාලන පක්ෂ තුනක නායකයින් වන, කොළඹ දිස්ත‍්‍රික්කයේ සිංහල බෞද්ධ බහුතරයේ ඡුන්දයට ඉව අල්ලමින් සිටින දිනේෂ් ගුණවර්ධන (මහජන එක්සත් පෙරමුණ* විමල් වීරවංශ ( ජාතික නිදහස් පෙරමුණ* සහ උදය ප‍්‍රභාත් ගම්මන්පිල ( පිවිතුරු හෙළ උරුමය* යි. මෙම දේශපාලන පක්ෂ ත‍්‍රිත්වයම සැලකිය හැකි වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්්ෂය සමග සන්ධානගතව තරග නොකළහොත් ප‍්‍රාදේශීය සභාවක මන්ත‍්‍රීකමක්වත් දිනාගත නොහැකි හුදු පුද්ගලයින් මත කේන්ද්‍රීය බෝඞ්ලෑලි පක්ෂ වශයෙන්. ඔවුන් අන්තජාතිවාදය හා ආගම්වාදය වපුරමින් මේ ඉව අල්ලන්නේ කොළඹ දිස්ත‍්‍රික්කයේ කොළම නගරසභා සීමාවෙන් බැහැර, මහරගම, කැස්බෑව, කඩුවෙල, කෝට්ටේ ආදි සිංහල බෞද්ධ අති බහුතරයේ ඡුන්දයට බව අපට පැහැදිලියි. එනිසා නව ව්‍යවස්ථා විරෝධයේ ඊනියා ප‍්‍රබලයින් ත‍්‍රිත්වයම කොළඹට සීමාවීම ගැන, ඔවුන්ට ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් තොර දේශපාලන පැවැත්මක් නොවීම ගැන මේ රටේ මධ්‍යස්ථ ජනතාව වගේම මෙම ත‍්‍රිත්වයේ හඬට යම් තරමක හෝ බියක් දක්වන ප‍්‍රධාන දේශපාලන පක්ෂ නායකයින්ගේ අවධානයට ලක්විය යුතුයි. මෙහිදී අප අවධාරණය කරන්නේ බලය බෙදීමට පක්ෂ දීර්ඝ කාලීන දර්ශනයක් ඇති එජාප, ශ‍්‍රීලනිප දැවැන්තයින් පරාජයට කිරීමට, දුර්වල කිරීමට කිසිදු ඡුන්ද පදනමක් නොමැති බෝඞ්ලෑලි පක්ෂවලට සේම පරපුටු නායකයින්ට අවස්ථාව ලබා නොදිය යුතු බවයි. වඩාත් සරවල පැහැදිලි කළහොත් දමිළ හා මුස්ලිම් ජනතාව ඇතුළු බලය බෙදීමට පක්ෂ අති බහුතරයේ හඬ යටපත් කිරීමට සියයට 01ක් වත් ජාතික තලයේ ස්ථාවර, අනන්‍ය ඡුන්ද පදනමක් නැති විමිල්, දිනේෂ් හා ගම්මන්පිල මාෆියාවට ඉඩ නොදිය යුතු බවයි.
අන්තවාදී සුළුතරයට යට වුවහොත්
බහුතරයේ මතය සුළුතරයට යට වුවහොත් හෝ සුළුතරය ජය ගැනීමට බහුතරයට නොහැකි වුවහොත් ගෙවීමට සිදුවන වන්දිය ගැන අපට ලංකාවෙන්ම අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සජීවී උදාහරණ ලබාගත හැකියි. ඒ සඳහා වන මුල්ම උදාහරණ ලැබෙන්නේ 1957 ජූලි 26 වැනිදා අත්සන් තැබීමට නියමිතව තිබූ ‘‘බණ්ඩාරනායක – චෙල්වනායගම්’’ ගිවිසුමෙන්.
1956 මහ මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබාගත් බණ්ඩාරනායක මහතා ඒ යුගයේ පැවැති සිංහල බෞද්ධ අවශ්‍යතාවන් කදිමට නිරූපණය කළා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ඒ අතර ප‍්‍රමුඛයි. එහෙත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සමග දමිළ ජනතාව සමග ඇති වූ දුරස්ථභාවය, සැකය දෙස ඉතා කෙටි කලකින් මධ්‍යස්ථ ආකාරයෙන් බලන්න බණ්ඩාරනායක මහතාට හැකියාව ලැබුණා. ඒ අනුවයි එතුමා පෙරඩල් පක්ෂ නායක එස්.ජේ.වී. චෙල්්වනායගම් මහතා සමග ගිවිසුමකට යාමට තීරණය කළේ. එහිදී බණ්ඩාරනායක රජය, පෙඩරල් පක්ෂයේ ඉල්ලීම වූ ‘‘පෙඩරල් ආණ්ඩුක‍්‍රමයක් ’’ වෙනුවට යෝජනා කළේ ‘‘රට සභා ’’ ක‍්‍රමයකි. …. පෙඩරල් පක්ෂය අදහස් කරන ඇතැම් කරුණු සාධාරණ අයුරින් ලබාදීම් වස් අවශ්‍ය විධිවිධාන සැලැස්විය හැකිදැයි සොයා බැලීම සඳහා ආණ්ඩුව විසින් කෙටුම්පත් කර ඇති රට සභා පනත පරීක්ෂණයට භාජනය කරන ලෙස අග‍්‍රාමාත්‍යවරයා යෝජනා කළේය…’’ මේ බණ්ඩාරනායක මහතා චෙල්වනායගම් මහතා සමග අත්සන් කිරීමට සූදානම් වූ ගිවිසුම ගැන එහි කෙටුම්පතේ වාර්තා කර තිබූ ආකාරය.
එදා බණ්ඩාරනායක – චෙල්වනාගයම් ගිවිසුම එය සැලකිය හැක්කේ ‘‘පොරවෙන් කැපීමට සිදුවිය හැකි දෙයක් නියපොත්තෙන් කැඞීමක් ’’ වශයෙනුයි. ඒත් අවසානයේ සිදු වුණේ පාර්ලිමේන්තුවේ අති බහුතරයක් දිනා බලයට පත් නායකයාට 56 මහ මැතිවරණයෙන් කූජිත වී සිටි එක්සත් ජාතික පක්ෂයේ අවස්ථාවාදයට සහ ඇතැම් බෞද්ධ භික්ෂූන්ගේ අන්තවාදයට යටවීමට සිදුවීමයි. මෙය සැලකිය හැක්කේ ඉතාම පැහැදිලිව බහුතරයේ මතය ඉතාමත් අවස්ථාවාදී ලෙස සුළුතරය විසින් යටපත් කිරීමක් වශයෙනුයි. ඒ වගේම බහුතරය තම මතය යළි ජයග‍්‍රහණය කරවීම සඳහා සටන් කරනු වෙනුවට තම අරමුණ හකුලා ගැනීම සැලකිය හැක්කේ දේශපාලන අවස්ථාවාදයක් ලෙසටයි.
1957 දී එජාපය බණ්ඩාරනායක – චෙල්වනාගයම් ගිවිසුමට එරෙහි වුණේ කිසිදු පදනමක් නැතිව අවස්ථාවාදීව බව තහවුරු වන්නේ 1965 දී බලයට පත් ඩඞ්ලි සේනානායක මහතාගේ එජාප ආණ්ඩුව 1965 මාර්තු 24 වැනිදා පෙඩරල් පක්ෂ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් මහතා සමග ‘‘දිස්ත‍්‍රික් සභා’’ ක‍්‍රමය පිළිගත් ගිවිසුම අත්සන් කිරීම සමගයි. (පෙඩරල් පක්ෂය 1965 ඩඞ්ලිගේ ආණ්ඩුවේ ප‍්‍රධාන හවුල්කරුවෙක් බව ද අමතක නොකළ යුතුය*
මේ ගිවිසුම ඇතුළත් ලේඛයේ ගිවිසුවේ අරමුණ දක්වා තිබුණේ …1956 මාර්තු 24 වැනි දින හමු වූ ඩඞ්ලි සේනානායක මහතා සහ එස්.ජේ.වී චෙල්වනාගයම් මහතා ද්‍රවි භාෂාව කතා කරන ජනතාවට බලපාන සමහර ප‍්‍රශ්නවලට අදාළ කරුණු සාකච්ඡුා කළ අතර ස්ථාවර රාජ්‍යයක පැවැත්ම සහතික කිරීම් වස් පහත සඳහන් පරිදි කටයුතු කිරීමට සේනානායක මහතා එකඟ විය…’’
ගිවිසුමේ (3* වගන්තිය සඳහන් කළේ .. නායකයින් දෙදෙනා විසින් අන්‍යෙන්‍ය වශයෙන් එකඟවන ආකාරයේ බලතල සහිත දිස්ත‍්‍රික් සභා ලංකාවේ පිහිටුවීමට ක‍්‍රියා කරනු ලැබේ. කෙසේ වුව ද, ජාතික අවශ්‍යතාවය තකා එම සභාවලට විධාන දීමේ බලය රජය සතු විය යුතු බවට එකඟ විය..’’
ඩඞ්ලිගේ දිස්ත‍්‍රික් සභා ගිවිසුමට සිදු වුණේ 57 බණ්ඩාරනායක මහතාගේ රට සභා ගිවිසුමට අත් වූ ඉරණම ම පමණකි. 1957 දී චෙල්වනායගම් මහතා සමග ගිවසුම අත්සන් කළ ශ‍්‍රීලනිපය ‘‘ඩඞ්ලිගේ බඬේ මසල වඬේ’’ කියමින් උද්ඝෝෂණය කරමින් අවසානයේ තම අවස්ථාවාදීභවය මනාව ප‍්‍රදර්ශනය කළා. බහුතර ජන බලයක් සහිත තම ආණ්ඩුවේ මතය ජයග‍්‍රහණය කරවනු සඳහා සටන් කරනු වෙනුවට ඩඞ්ලිගේ ආණ්ඩුව අවස්ථාවාදයට හා අන්තවාදයට යට වී නිහඬ වුණා.
අපට මේ අවස්ථා දෙකේදීම ඉතාම පැහැදිලිව පෙනී යන කරුණ වන්නේ ‘‘පෙඩරල් රාජ්‍ය’’ ඉල්ලීමෙන් පසුපසට බොහෝ දුර ගමන් කිරීමට එදා දමිළ ජනතාව කොතරම් සූදානම් වූවාද යන්නයි. එලෙසින්ම දමිළ ජනතාවට ‘‘අවමය’’ පවා ලබාදීමට ප‍්‍රධාන දේශපාලන පක්ෂ කොතරම් දුරට දුර්මුඛ වූවාද යන්නයි. අවස්ථාවාදී වූවාද යන්නයි.
මේ තත්ත්වය 1971 නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී ද සිදු වූ බව අප අමතක නොකළ යුතුයි. 1970 මහ මැතිවරණයෙන් ලත් 3/2ක බලයෙන් මත් වූ සමගි පෙරමුණේ ව්‍යවස්ථා සම්පාදකයෝ (කොල්වින් ආර් ද සිල්වා නායකත්වය දුන්නේය* දමිළ ජනතාව විසින් ඉදිරිපත් කළ තම යෝජනා මුළුමනින්ම නොසලකා හැරියා පමණක් නොව මෙරට සුළුජාතීන්ගේ හා සුළු ආගමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සොල්බරි ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව තිබූ 29 වැනි වගන්තිය සහ සෙනෙට් සභා ක‍්‍රමය (සුළුජනතාව තුළ තිගැස්මක් මෙන්ම කම්පනයක් ඇති කරමින්* අහෝසි කරමින් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ‘‘ඒකීය’’ නම් වචනය ද ඇතුළත් කළ බව අප අමතක නොකළ යුතුයි.
මේ ආකාරයෙන් අවස්ථාවාදී සුළුතරයේ හා බලලෝභී බහුතරයේ රැුවටීම් වලට දිගින් දිගටම ලක් වූ දමිළ සමාජය අවසානයේ නතර වුණේ සාම්ප‍්‍රදායික පෙඩරල් ඉල්ලීම ද ඉවත ලා වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ‘‘වඩුක්කෝෙඩෙයි’’ (1974* ළඟ බව අප අමතක නොකළ යුතුයි.
තව දුරටත් පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මගින් තම අවම ඉල්ලීම් පවා දිනාගත නොහැකි බව වටහා ගත් උතුරේ තරුණ දේශපාලනය ඊට වසරකට පසු යාපනය නගරාධිපති (ශ‍්‍රීලනිප* ඇල්ප‍්‍රඞ් දොරෝ අප්පා ඝාතනය කරමින් ඇරඹු සිවිල් යුද්ධය අවුරුදු 30ක් පුරා මුළු රටම විනාශ කළ බවත් අප අමතක නොකළ යුතුයි.
සම්බන්ධන් මහතා යළි කියවීම
පසුගිය දා ආර්. සම්බන්ධන් මහතා කළ අවධාරණය අප යළි යළිත් කියවා බැලිය යුතු වන්නේ මේ නිසයි. මෙරට දමිළ සමාජය සිංහල බහුතරය සමග අවම බලය බෙදාහදා ගැනීමට පවා සූදානම් වූ අවස්ථා අප කොතරම් මුඪ ලෙස, අවස්ථාවාදී ලෙස, බලලෝභී ලෙස පාවා දුන්නේ ද, අතපසු කළේද යන්නයි. ඊනියා විරුද්ධවාදීන් අභිබවා යාමට කොතරම් දුර්මුඛ වූවාද යන්නයි. අප දැඩිව අවධාරණය කරන්නේ අද, නව ව්‍යවස්ථාව සමග මේ සුපුරුදු විනාශකාරී අන්තවාදයට හා අවස්ථාවාදයට යට වීමට බහුතරය සූදානම් නොවිය යුතු බවයි.
අප මෙය අවධාරණය කරන්නේ ඉතාම පැහැදිලිව අද නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කැපී පෙනෙන ලෙස සටන් කරමින් සිටින අවස්ථාවාදීන් සහ අන්තවාදීන් පහසුවෙන් පරාජය කිරීමට වත්මන් යහපාලන ආණ්ඩුවට හැකියාව පවතින බවයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ දේශපාලන වුවමනාව සහ නිර්භීතභාවය පමණයි. බණ්ඩාරනායක, ඩඞ්ලි කළ දේ මෛත‍්‍රීපාල සිරිසේන, රනිල් වික‍්‍රමසිංහ නොකරනු ඇති බව අපගේ විශ්වාසයයි.

සටහන

භාතිය බරුකන්ද

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *