2025 “පොහොසත් රටක්” රජයේ ආර්ථික දර්ශනයට පෙරවදනක් – මහාචාර්ය රොහාන් සමරජීව //vedio//

රජයේ ඉදිරි කාලින ආර්ථික දර්ශනය පිලිබදව “පොහොසත් රටක්” යන නමින් ඉදිරිපත් කොට තිබෙන්නේ  ඉතාම   වැදගත් ලියවිල්ලක්. 2015 ආණ්ඩුව පත්වීමෙන් පසුව වසර 10 ක් ඉදිරියට ලකාවේ ආර්ථික දැක්ම සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වීමට අගමැති තුමා ප්‍රමුඛ ආණ්ඩුව මුලිකත්වය අරන් තිබීම ඉතාම වැදගත් කාරණයක් හැටියටයි මම දකින්නේ .2015 මේ ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණ නේද කියල කෙනෙක්ට අහන්න  පුළුවන් . එකට හේතුව තමයි ලංකාවේ දේශපාලනයේ තිබෙන අවුල, විරුද්ධ පක්ෂයේ ඉන්නකොට ආණ්ඩු කිරීමට කිසිම සහයෝගයක් ලබා නොදීම . දැන් අවුරුදු දෙකකට අධික කාලයක් මේ ආණ්ඩුව මොකද කලේ කියල පොහොසත් රටක් ආර්ථික ප්‍රතිපත්තියේම ඉදිරිපත් කරලා තියෙනවා. අගමැති තුමා ප්‍රකාශ කරන්නේ  ආණ්ඩුවට  ණය අර්බුධයෙන් ගොඩ ඒම සදහා අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කාර්යය සිදු කිරීම  මේ අවුරුදු දෙකක කාලය තුල දී කරපු නිසා ඉදිරි ආර්ථික දැක්මක් පිලිබදව කතා කල හැකි බවයි . 2001 ආණ්ඩුව බාර ගන්නා විට පැවතුන ප්‍රශ්නයට අනුරුප ප්‍රශ්නයක් තමයි 2015 දීත් අගමැති තුමාට මුහුණපෑමට සිද්ධවෙන්නේ .2001 වන විට ලංකාවේ ආර්ථිකය තිබුනේ ඍන අගයක.  2001- 2003 දක්වා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවට ආර්ථිකය  ස්ථාවර මට්ටමකට ගන්න ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා . දැනුත් ඒවගේ අවස්ථාවක් තමා උදාවෙලා තියෙන්නේ කියල අගමැති තුමා ප්‍රකාශ කරලා තියෙනවා . එතැනදී කිසියම් වූ දේශපාලන යථාර්තයකට  මුහුන පෑමට සිද්ධවෙලා තියෙනවා. ඒ තමයි `යම්කිසි ආණ්ඩුවක් බලයට පත්වූ විගසම් පළමු දින 100 හෝ 200 තමයි ආර්ථිකයේ වඩා වැදගත්  පරිවර්තන සිදු කරන්න පුළුවන් . විරුද්ධ වාදීන් දුර්මුඛ වෙලා , ජනතා  ප්‍රසාදය වැඩි වෙලාවක් නිසා ඕනම් ප්‍රතිසංස්කරණ කාර්යක් සිදුකරන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ මුල් කාලය . 2001 පළමු දින 100 ඇතුලත වැඩ කොටස් රාශියක් සිද්ධ කළා. ඒ කරද්දී යම්කිසි ව්‍යුහාත්මක වෙනස් වීමකුත් සිද්ධ වුණා . තෙල් බෙදාහැරීමේ අකාර්යක්ෂම භාවය මුදාහැරලා යම්කිසි තරගකාරිත්වයක් ඇතිකළේ 2001-2002 කල වකවානුවේදී. ඒවගේම විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තිබුණු ජාත්‍යන්තර ඇමතුම් පිළිබද ඒකාධිකාරය නැතිකරලා දැම්මා .

සියළුම සේවකයින් සඳහා දායක විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ක්‍රමවේදයක් ආරම්භ කිරීම

2015 ආණ්ඩුව පත්වෙලා වසර 2ක් ගෙවිලා තිබෙන මෙවැනි මොහොතක අගමැති තුමා තමන්ගේ ජනතාව වෙත ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්බන්දව ඔහුගේ අදහස වුනේ ,තමන් ඉදිරිපත් කරන්නේ  වෙළද ආර්ථිකයක් පමණක් නොව  සමාජ වෙළදපොල ආර්ථිකයක් ( social market economy ) බවයි. සමාජ වෙළදපොල ආර්ථික ක්‍රමයට අදාලව කරුණු කීපයක් ඉදිරිපත් වෙලා තියෙනවා . ආණ්ඩුවෙන් ලැබෙන  විශ්‍රාම වැටුප් ක්‍රමය වියපත් ජනගහනයක් සිටින සමාජයක වැදගත් වූ සාධකයකි .

පුද්ගලික අංශයේ රැකියාවකින් ලැබෙන වැටුපෙන් බාගයක් පමණක් රජයේ රැකියාවකින් හිමි වුවත් විශ්‍රාම වැටුප නිසා බොහෝ අය රජයේ රැකියාව ප්‍රිය කරනවා .රජයේ රැකියාව කලත් විශ්‍රාම වැටුපේ අයිතිය තිබෙන්නේ දහයෙන් එකකට වඩා අඩු පිරිසකට පමණයි . අනික් අයට හිමිවන්නේ අර්ථසාධක හෝ වෙනත් ක්‍රමයක් පමණි . සමාජ වෙලදපොල ආර්ථිකයේ පොරොන්දුව ක්‍රියාත්මක වන්නේ මේ සියලු දෙනාටම තමන්  දායක වන විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදනවා කියල තියෙනවා. එක බොහොම ගැබුරු කියමනක්,දැනට තියෙන්නේ දායකත්වයෙන් තොර විශ්‍රාම වැටුප් ක්‍රමයක්. වැඩකරන ජනතවගෙන් 10% අඩු සංඛ්‍යාවකට  මෙම වැඩපිළිවල   තුළින් සියලුම දෙනාට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදනවා හැබැයි තමන්ගේ දායකත්වය එකට තිබිය යුතුයි. එ සදහා හැමෝටම ගෙවීම් කිරීමට සිදුවෙනවා. ඇයි ආණ්ඩුවට විශ්‍රාම වැටුප් මුල ඉදලම හැම දෙනාටම දෙන්න බැරි .වෙලා තියෙන්නේ යම් මුදල් ප්‍රමාණයක් එක් අයෙක්ට මාසෙට ලබාදිය යුතු වෙනවා. කෙනෙක් විශ්‍රාම යන වයස   59- 60   කියල අපි හිතුවොත්, ලංකාවේ පුරවසියෙක්ගේ ආයු අපේක්ෂාව  සාමාන්‍යයෙන් කාන්තාවකගේ නම් 78 පමණත් පිරිමියෙකුගේ 72 වෙනවා. අපි හිතමු ගුරුවරියක් හෝ ආණ්ඩුවේ සේවය කරන ලිපිකාරිණියක් වයස අවුරුදු 60න් විශ්‍රාම ගියොත්, අවුරුදු 18 ක් ඒ අයට රජයෙන් විශ්‍රාම වැටුප් ගෙවීම සිදු වෙනවා. මේක අද ගෙවන්නේ කෙලින්ම ලබා ගන්නා බදු මුදල් වලින්. වැඩිහිටි ජනකොටස වැඩි වන විට දැන් ඉන්න කොටසටත් එක්ක ආණ්ඩුවට ගෙවන්න සිදු වෙනවා. අපි එය   unfunded liability එකක්  කියල හදුන්වනවා . ඒ ගෙවීමට තිබෙන වගකීමේ සීමාවක් නැහැ. ඒ ගෙවන විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවීම නිසා ඒ අය විවිධ උද්ගෝෂණ , විරෝධතා පවත්වන ප්‍රවනතාව වැඩියි. අලුත් ආණ්ඩුවක් හෝ ඡන්දයක් ලං වූ අවස්ථාවක දේශපාලකයින් විශ්‍රාම වැටුප් ඉහල නංවනවා  කියල පොරොන්දු වෙන්න  පුළුවන්. මේ 2015 ත් විශ්‍රාම වැටුප වැඩි කිරීමක්  සිදුවුණා .  මේ ආකාරයෙන් ගෙවීම් වැඩි වීම තුළින්  අනෙක් පැත්තෙන් එම ගෙවීම් කිරීමට සිදුවන්නේ පොදු අරමුදල් වලින් ඒ නිසා අය-වැය  අවුල්  සහගත වෙන්න ඉඩ තියෙනවා. උදාහරණයක් ලෙස ඇමරිකාවේ ඉලිනොයි ප්‍රාන්තයේ විශාල මුල්‍ය අර්බුධයක් ඇතිවෙලා තියෙනවා. ඒ අය පොරොන්දු වෙලා තිබුණු විශ්‍රාම වැටුප් ගෙවාගන්න ඒ අයට ප්‍රතිපාදන නොමැති නිසා . මෙවැනි ප්‍රශ්න නිසා විශ්‍රාම වැටුපක් ගැන කතා කිරීම ඉතාම අභියෝගාත්මක කාර්යයක් වුවත් එය ඉතාම පරෙස්සම් සහගතව සිදුකල යුතු දෙයක් ලෙස අපි දකිනවා . වියපත් අයට විශ්‍රාම වැටුපක් තිබීම ඉතාම හොද දෙයක් . මේ විශ්‍රාම වැටුප හදනකොට එන අභියෝගය තමයි, දැනට කිසි ගෙවීමක් නොකරන රජයේ සේවකයන්ට මේ සදහා දායක වීමට කිසියම් ගෙවීමක් කරන්නට සිදුවෙනවා. ඒ සදහා වෘත්තිය  සමිති මාර්ගයෙන් කැරලි ගසන්න ඉඩ තියෙනවා. එතන අසාධාරණයක් තියෙනවා . එක් පිරිසකට  දායක නොවන විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ අනෙක් අයට දායක වන විශ්‍රාම වැටුපක් පවත්වාගෙන යන විට අසාධාරනයක් සිදුවෙනවා.

පුද්ගලික අංශයේ සමහර රැකියා වලට ශ්‍රම හිගයක් පවතිනවා. GSP plus සහනය නිසා අපේ අපනයනයන් ප්‍රසාරණය කරනකොට ඒ සදහා සුදුසු ශ්‍රම දායකත්වයක් නැතිවී යනවා. එකට හොදම විසදුම තමයි, රාජ්‍ය සහ පුද්ගලික අංශයේ දිරිගැන්වීම් සමාන මට්ටමකින් පවත්වාගැනීම. පුද්ගලික අංශයට අධික බදු ගෙවීමට සිදුවන අවස්ථා තිබෙනවා. ඒ අතර මේ අංශ දෙකේ සමබර බව පවත්වා ගැනීම ඉතාම වැදගත් කාර්යයක් . 2025 ආර්ථික දර්ශනයේ ඉදිරිපත් කර තිබෙන විශ්‍රාම වැටුප් ක්‍රමය අගය කල යුතු පොරොන්දුවක් ලෙස පෙන්වා දෙන්න පුළුවන් .

සැමට  නිරවුල් නිත්‍යානුකුල  ඉඩම් ඔප්පු

2020 ආර්ථික ප්‍රතිපත්තියේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඉදිරිපත් කල පොරොන්දුවක් තිබෙනවා .මැතිවරණ ප්‍රකාශනයේ තිබ්බා ආණ්ඩුව සතු ඉඩම් ජනතාව වෙත පැවරීම සිදුකරන බවට.ස්වර්ණ භූමි වගේ නම් දීලා ජනපදවල ගල්ඔය ව්‍යාපාරයේ මහවැලියේ ඉඩම් ජනතාවට ලබාදීලා තිබුණා .නමුත් ඒ ඉඩම් ජනතාවට අයිති වුණේ නෑ.ඒවාට නියම ඔප්පු ලබාදී තිබුණේ නෑ.මොකද එම ඉඩම් විකිණීමේ හැකියාවක් තිබුණේ නෑ.කරන්න පුලුවන් එකම දෙය වුනේ බැංකුවකට කියලා ණයක් ගැනීම පමණයි .ඒවා බාල ඔප්පු ලෙස පෙන්වාදීමට පුලුවන් .කෙනෙක් ඒ වගේම මේවයේ තියෙනවා රටේ නීතියට පටහැනි පියවරවල් කිහිපයක් .උදාහරණ ලෙස රටේ නීතිය අනුව අන්තිම කැමති පත්‍රයක් හදන්නේ නැතිව අභාවයට ගියොත් ඒ අයගේ දේපල සමානව දූදරුවන් අතර බෙදී යායුතුයි.නමුත් කොලනි වල ජේ්‍යෂ්ඨ පුතාට අයිතිය හිමිවීමේ ක්‍රමයක් ඒ පැරණි සම්ප්‍රදායේ පැවතියා. දැනට පවතින ක්‍රමයේ එවන් දුර්වලතා තියෙනවා . එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ පැහැදිලිවම සදහන් වෙනවා ,සියලුදෙනාටම ඉඩම් ඔප්පු ලබාදෙන බවට . මේ ඉදිරි අවුරුදු 2 -3 ඇතුලත සියලුම දෙනාට ඉඩම් ඔප්පු ලබාදීමට හැකියාව තිබෙනවා නම් එය ආණ්ඩුව ලබන අතිවිශාල ජයග්‍රහණයක් ලෙස පෙන්වාදීමට පුලුවන්

අපනයනය ප්‍රවර්ධන කිරීම සදහා ජාත්‍යන්තර නිශ්පාදන ජාල

2025 ආර්ථික ප්‍රතිපත්තියේ අපනයනය පිළිබඳව මූලික සාකච්ඡාවක් තිබෙනවා . අපනයනය සෘජුවම ආර්ථිකය හා සම්බන්ධ වනවා. සාමාජීය වෙලදපොලට අවශ්‍ය රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට මුදල් අත්‍යාවශ්‍යයි . ලංකාව ණය බරින් හිරවෙලා සිටින අවස්ථාවක ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට අවශ්‍ය මුදල් සෙවීම පිළිබඳව මූලික අවධානය යොමු විය යුතුයි .අපනයනය ප්‍රවර්ධන කිරීම සදහා ජාත්‍යන්තර නිශ්පාදන ජාල (Global production network ) ක්‍රියාත්මක කිරීමට මෙම ආර්ථික ප්‍රතිපත්තිය තුලින් අවධානය යොමු කරලා තියෙනවා . මෙම යෝජනාව මීට කලින් අවුරුදු වල ප්‍රතිපත්ති ප්‍රකාශන වල යෝජනා වෙලා නෑ.

ජාත්‍යන්තර නිශ්පාදන ජාලවලට හොදම උදාහරණය තමයි Smart Mobile Phone එක. රටවල් කිහිපයක සමාගම් වලින් ලබාගන්නා අමතර කොටස් වල එකතුවක් ලෙස Smart ජංගම දුරකථනය නිශ්පාදනය කරනවා. ඉතිං එහෙම වුණාම පරණ තේ,පොල් ,රබර් ආර්ථිකය පිළිබඳව ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන ඒ පරණ අදහස් කරපින්නාගෙන ඉන්නවාට වඩා ආර්ථිකය පිළිබඳ අලුත් දර්ශනයක් තිබීම ඉතා වැදගත් . ආර්ථික විද්‍යාව පිළිබඳ පැරණි ක්‍රමයට හිතන අයගේ මතය වන්නේ අපනයනය හොදයි ආනයනය නරකයි කියන මතය.ආනයන වලට මොනතරම් බාධා දැම්මත් ප්‍රශ්නයක් නෑ. අපනයන වලට ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කල යුතු යැයි කියා  යල්පැනගිය අදහස් දරන පිරිස හිතනවා .

නමුත් ගෝලීය නිශ්පාදන ජාලයන් වල තිබෙන පොදු ලක්ෂයක් තමයි අපනයන නොමැතිව ආනයන කිරීමේ හැකියාව නොමැති වීම. දෙපැත්තම සම්බාධක වලින් තොර විය යුතුය . මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට 2025 ආර්ථික දර්ශනය තුළින් පදනම වැටී තිබෙනවා . ආනයන අපනයන සදහා ලංකාවේ වසර 10කට පෙර තිබූ ලිහිල් ක්‍රමවේදය වර්තමානය වනවිට ගිලිහී ගොස් තිබෙනවා .ආනයන අපනයන සදහා පනවන බදු ලිහිල් කිරීම තුලින් වැඩි වශයෙන් ආර්ථික වාසි ලබාගත හැකි වෙනවා.පාර්ශවකරුවන්ගේ විශ්වාසය ඇති කිරීම තුලින් ජාත්‍යන්තර ගිවිසුම් වලට ඇතුලත් වීම ඉතාම පහසු කාර්යයක් වනවා. ජාල සම්බන්ධව ජාත්‍යන්තර ගිවිසුම් වලට එලබීමේදී වඩා හොද වෙන්නේ බහු පාර්ශවික ගිවිසුම් වලට එලබීමයි. අධික ණය බරින් මිරිකිලා ඉන්න අපේ රට සමග ගිවිසුම් වලට එලබීමට වඩා කැමැත්තක් දක්වන රටවල් වන්නේ චීනය,ඉන්දියාව ,සිංගප්පූරුව ,බංගලිදේශය වාගේ රටවල් පමණයි . බහුපාර්ශවීය ආසියානු සංගමය (BIMSTEC), RCEP වගේ ගිවිසුම් වලට අපට ආරාධනා කරලා නෑ.ඒවගේ වැඩි ගැම්මක් නෑ. 2025 ආර්ථික දර්ශනයේ බහුපාර්ශවීය ගිවිසුම් සහ බාධක ලිහිල් කිරීම සම්බන්ධව යෝජනා රාශියක් ඉදිරිපත් වෙලා තිබෙනවා.මූලික වශයෙන් ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළ තුල ආර්ථිකය සම්බන්ධ පැහැදිලි අරමුණක් තිබෙන බව අපට පැහැදිලිවම පෙනෙනවා. අපනයනය වර්ධනය කිරීම, ජාල, අපනයන වැඩිකිරීමට වෙලද ප්‍රවේශයක්, සන්නිවේදනය කිරීම සදහා වෙලද ගිවිසුම් වලට ඇතුලත් වීම .

මේවගේ හොද දේවල් කරන්න යනවිට කකුලෙන් අදින බොහෝ පිරිසක් ඉන්නවා . වෙළෙඳ ගිවිසුම් පිළිබඳව කිසිම දැනුවත් භාවයක් නැති වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය වගේ අය පෙලපාලි යනවා. විශ්‍රාම වැටුප් ක්‍රමය කොයි තරම් යහපත් වුනත් ලංකාවේ වෘත්තීය සමිති ඒවා කඩාකප්පල් කිරීමට ඉඩ තිබෙනවා .මැතිවරණයකට වසර තුනක් පමණ තිබෙනවා කියා අප හිතුවොත් එහෙම කාලයක මේක කරගන්න එක ලොකු අභියෝගයක් වෙනවා.

කෘෂිකාර්මික ක්ශේත්‍රය 2025 ප්‍රතිපත්තියේ නිශ්චිතව සදහන් වන කරුණක් තමයි කෘෂිකර්මාන්තය හැකිතාක් දුරට ජාත්‍යන්තර සැපයුම් ජාලවලට සම්බන්ධ කරන බවට දක්වා තිබෙනවා . අපේ රටේ වෙලදපොලට පමණක් සීමාවෙලා හිටියොත් ගොවීන්ට වෙන්නේ මෙතෙක් කල් හිටියා වගේ දුප්පත්ව ඉන්න . කෘෂිකාර්මික භෝග නිශ්පාදන අවධියේ සිට ආරක්ෂාකාරීව සකසුරුවම් කිරීම, කල්තබා ගැනීම සම්බන්ධව මෙහිදී මූලික අවධානය යොමුවෙලා තියෙනවා .දැනටමත් ලංකාවේ ඇතැම් ගොවීන් ජාත්‍යන්තර වෙලදාම සිදුකරනවා .රසායන ද්‍රව්‍ය අවම භාවිතය, ප්‍රමිතීන් වලට අනුගතව ආහාර නිශ්පාදන සිදුකල යුතුයි . 2025 දැක්ම ඉතාම යහපත් දර්ශනයක් ලෙස පෙන්වාදිය යුතුය .නමුත් එය යතාර්ථයක් කර ගතයුතුව තිබෙනවා .එය අභියෝගාත්මකය. අයවැය කියවීමට පෙර ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශනයක් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කරනවා. ඒක 2015 පසුව සිදු වූ දෙයක්.

සටහන – ගයාන් රත්නායක

https://www.facebook.com/yukthiyalk/videos/1587329431325283/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *