රජ්ජුරුවන්ගේ කථා නොව වෙනත් කථා බලන්නට ද අද නිදහස ඇත.

Anoma Rajakarunaසිනමාවේදීන්ට අද රජ කථා නොව වෙනත් නිර්මාණ කරන්නට මෙන්ම ප්‍රේක්ෂකයින්ට රජකථා නොවන වෙනත් කථා බලන්නට නිදහසක් ලැබී ඇත. පත්තරයක් දිග දිගහැර බැලූවොත්, රජ්ජුරුවන්ගේ කථා ඇරුනම තවත් කථා බලන්නට අපිට නිදහසක් තිබේ. බලය අහිමි වූ රජ්ජුරුවන්ටත් අද පුළුවන් වී තිබෙනවා තවත් ජනාධිපතිවරයෙකු යටතේ ඔහුම පාලනය කළ ගුවන් විදුලිය, රූපවාහිණිය සහ අනිකුත් මාධ්‍ය හමුවේ අපිට කථා කරන්නට. ඒ නිසා තමයි ඒ සියල්ල පාවිච්චි කර ඔහු කියන්නේ අනේ මට ආයෙත් පාරක් පාර්ලිමේන්තුවට එන්නට දෙන්න කියන්නනේ. ජනවාරි 8 වෙනිදාට පසු ලැබී තිබෙන්නේ මොනවාද යනුවෙන් අසන රජ්ජුරුවන්ට කලාකරුවන් ලෙස අපිට දෙන්නට තිබෙන සරලම උත්තරය එයයි.
මේ රටේ කලාකරුවන්ට, මේ රටේ තරුණයින්ට, වෙනත් රටවල තරුණයින්ට වගේ ත කවියක් ලියන්නට, චිත්‍රපටියක් හදන්න, නව කථාවක් ලියන්නට, නාට්‍යයක් කරන්න, හා ඒක ප්‍රදර්ශනය කිරීමට අවකාශයක් හදාගන්න ලංකාවේ දී නොහැකි විය. ඒ අවකාශ ඇතුළේ බිහිවුණේ රජ කථා පමණි. ඔබට මතක නම් පසුගිය වසර ගනනාව තුළ ඔබ මොනවා ද ලංකාවේ සිනමා ශාලාවකට ගොස් බැලූවේ. ඒ බැලූ සැම එකක් ම රජ්ජුරුවන්ගේ කථා ය. ඒවාට සල්ලි ලැබුණෙ කොහෙන් ද? කලාවට උදව් කරන්න බැහැ කියන, කෙටි චිත්‍රපටියක් හදන්නට මුදලක් දෙන්න බැහැ කියන රජයෙන් ම, රජ කථාවලට, පම්පොරි කථාවලට, ආවඩපු සිනමාකරුවන්ට හැකිතරම් මුදල් දුන්නා. නිර්මාණ කිරීමට බොට්ටුවක් අවශ්‍ය වුවහොත් බෝට්ටු නොව නැව් වූවත් දෙන්නට ඉදිරිපත් වුණා. අපේ පොඩි සිනමා කරුවෙක් ගිහිල්ලා, ලංකාවේ අද දවස ගැන, ඔහු ජීවත්වන සමාජය ගැන චිත්‍රපටියක් කරන්න තුවක්කුවක් ඉල්ලූවා නම් ඔහුව අල්ලාගෙන ගොස් තුවක්කු මොකට ද කියලා හිරගෙට දැම්මා. හැබැයි රජ කථා වලට තුවක්කු පමණක් නොවෙයි කාල තුවක්කුත් දුන්නා. මේ ආකාරයට අපේ කලාකරුවෝ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැතිව ජීවත් වූ සමාජයක තමයි අපි ජීවත් වුණේ. ඒ නිදහස අගෝස්තු 17 අභියෝගයට ලක්කරන්නට නියමිතයි. රෑවටිලි කාරයෝ නැවතත් අපිව රවටමින් සිටිනවා. අපි නිදහසක් දිනාගත්තා නම් දිනාගත් නිදහස රැකගත යුතු යි. රැකගත යුත්තේ අපේ ඊළග පරම්පරාව වෙනුවෙන්.
13 වෙනිදා අනුරාධපුර බස් නැවතුම් පොළේ පැවති පුරවැසි බලයේ රෑස්වීමේ දී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *