හෙද ඩිප්ලෝමාධාරීන්ට උපාධිධාරින් වීමට ජනවාරි 8 වෙනිදා ජනාධිපතිතුමා අතින් හෙද පීඨය ආරම්භ වේ හෙද ඩිප්ලෝමාධාරීන් සියල්ලටම උපාධිධාරින් වීමට අවස්ථාව – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න
අපි හෙද පීඨයන් 4කට මුල්ගල තැබූවා. හෙද යහපාලන ආණ්ඩුවට අවුරුදු තුන පිරෙන දවසෙ, ලබන අවුරුද්දෙ ජනවාරි 8 වැනිදා ජනාධිපති තුමා අතින් හෙද පීඨය ආරම්භවෙනවා. ඩිප්ලෝමාධාරීන් සියල්ලටම උපධිධාරීන් වීමට අවස්ථාව ඉදිරියේ දී සලසා දෙනවා. මේ සියල්ලම කරල තමුන්නාස්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ලෙඩ වී ඇති සෞඛ්‍ය සේවය නිරෝගිමත් කිරීම. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනානායක මහතා එසේ පැවසුවේ ඊයේ (29) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති උපාධි ප්‍රධානෝත්සවයේදීය.
හෙදසේවයේ අධ්‍යක්ෂිකා ආරියශීලී මහත්මිය, ආචාර්ය ජගත් සෙනෙවිරත්න, කොළඹ මහරෝහලේ අධ්‍යන්ෂ අනිල් ජාසිංහ, විශේෂඥ වෛද්‍යවරුන්, හෙද විදුහල් වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩලය, හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සහ හෙද ඩිප්ලෝමාධාරින් 1400ක් හා ඔවුන් ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මේ ඩිප්ලෝමා ප්‍රධාන උත්සවයට සහභාගි වී සිටියහ.
හෙද සේවයට පිවිසෙන ඔබ පිවිසෙන්නේ රාජ්‍ය සේවයට පමණක් නොවේ, සෞඛ්‍ය සේවයට විතරක් නෙමෙයි. ඔබ තමුන්නාසේලා පිවිසෙන්නේ මහා විශාල මානුෂික මෙහෙවරකට. තමුන්නාසේලා රාජකාරී පටන් ගත්ත දවසෙ ඉඳලා මුණ ගැසෙන්නේ අහිංසක රෝගීන්. ඒ රෝගීන්ට සත්කාර කිරීම තමයි තමුන්නාසේලාගේ රාජකාරිය. ඒ රෝගීන්ට ඉතාමත් අනුකම්පාවෙන් දයාවෙන් සැලකීම තමයි තමුන්නාන්සේලාගේ දේව කාරිය. රාජකාලෙ නම් රජකම නැතිනම් වෙදකම කියලයි හැඳින්වුවේ. වෙදකම කියල කිව්වෙ වෙද හෙද දෙකටම. හෙද සේවය අපේ රටේ රාජ ආණ්ඩුකාලෙම ඉඳල පැවතෙන එකක්. ආණුරාධපුර යුගයේ රෝහල්වල එක රෝගියට එක හෙදියක් ගානේ හිටිය. ඒ තරම් උත්තරීතර හෙද සේවයක් තවම ලෝකයේ කොහෙවත් පහලවෙලා නෑ.
අපි හෙද පීඨයන් 4කට මුල්ගල තැබූවා. හෙද යහපාලන ආණ්ඩුවට අවුරුදු තුන පිරෙන දවසෙ, ලබන අවුරුද්දෙ ජනවාරි 8 වැනිදා ජනාධිපති තුමා අතින් හෙද පීඨය ආරම්භවෙනවා. ඩිප්ලෝමාධාරීන් සියල්ලටම උපධිධාරීන් වීමට අවස්ථාව ඉදිරියේ දී සලසා දෙනවා. මේ සියල්ලම කරල තමුන්නාස්සේලාගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ලෙඩ වී ඇති සෞඛ්‍ය සේවය නිරෝගිමත් කිරීම.
මේ රජය බලයට එනකොට අපි පොරොන්දුවක් දුන්නා, ඒ තමයි සෞඛ්‍යට හා අධ්‍යාපනයට වෙන්කරන මුදල විශාල වශයෙන් වැඩිකිරීම. 2015 ට ඉස්සරවෙලා සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කෙරුවෙ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.6% යි. අපි පොරොන්දු වුනා ඒක 3% දක්වා වැඩිකරනවා කියල. අපි ඒක වැඩිකෙරුවා 3.4% දක්වා. අපි පොරොන්දු වුන ප්‍රමාණයටත් වඩා වැඩියෙන්. දළ දේශීය නිෂ්පාදනයෙන් දශම එකක් වැඩිකරනවා කියල කියන්නෙ බිලියන ගණනක්. පසුගිය වසරේ මේවසර සඳහා වෙන්කරපු ප්‍රමාණය රුපියල් බිලියන 235ක්. මිලියන වලින්නම් දෙලක්ෂ තිස්පන් දහසක්. එදා අධ්‍යාපනයට වෙන්කරල තිබුණෙ 1.75යි. අපි ඒ ප්‍රමාණය 6% දක්වා වැඩි කෙරුවා. එදා 1.75ට තිබුණ ප්‍රමාණය අපි වැඩි කෙරුවා ගිය අයවැයෙන් 6.01 දක්වා. අද ජාතික ආරක්ෂාවට පස්සෙ වැඩියෙන්ම මුදල් වෙන්කෙරෙන්නෙ සෞඛ්‍යට සහ අධ්‍යාපනයට.
අපිත් හිටපු පසුගිය රජය වියදම් කළේ මේ රටේ යටිතල පහසුකම් දියුණු කිරීමට. ගුවන් තොටුපලවල් හැදුවා. වරායවල් හැදුවා. අධිවේගි මාර්ග හැදුවා. දැවැන්ත පාලම් හැදුවා. මහා මාර්ග හැදුවා. නමුත් අපි මානව සම්පත හැදුවෙ නැහැ. අද ප්‍රමුඛතාවය දීලා තියෙන්නෙ මානව සම්පත හැදීමට. ඒනිසා තමයි අද හෙදි ඩිප්ලෝමාධාරීන් 1300 කට වැඩි ප්‍රමාණයක් පිටවෙන්නෙ. 1627 දෙනෙකුට පත්වීම් ලබන දිනයේදී පත්වීම් ලබාදෙනවා. අපි හෙද පීඨ හදන්නෙ මෙම මානව සම්පත දියුණු කරන්න. ඒ වගේම තමුන්නාන්සේලාගෙ පඩි දීමනා වැඩි කෙරුවෙ මානව සම්පත දියුණුකර ගැනීමට. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ රෝගී ජනතාවට දැවැන්ත සේවයක් කිරීමට.
1970 බණ්ඩාරණායක මැතිණියගෙ ප්‍රධානත්වයෙන් සමගි පෙරමුණු රජය බලයට පත්වුණා. මේ රටේ මාක්ස් වාදී පක්ෂ දෙකක් ඒ ආණ්ඩුවේ ප්‍රධාන හවුල් කරුවන් වුණා. ඒ ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂය. එදා බණ්ඩාරණයක මැතිණිය ඖෂධ වලට ප්‍රතිපත්තියක් සැකසීම සඳහා විද්වතුන් දෙදෙනෙක් පත් කළා. එක්කෙනෙක් ඖෂධවේදය පිළිබඳ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සේනක බිබිලේ. මටත් ඖෂධවේදය උගන්වපු මගෙත් ගුරුවරයා. අනිත් එක්කෙනා ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යමකාරක සභිකයෙක්. ඒ තමයි දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ. ඔහු ශ්‍රී ලංකාවේ කොමිනියුස්ට් පක්ෂයේ නායකයා. ඔහු වෛද්‍යවරයෙක්. මේ දෙන්නට බාර දුන්නා මේ රටේ ඖෂධ පිළිබඳ ප්‍රතිපත්තිය හදන්න. ඒ ඖෂධ ප්‍රතිපත්තිය 1971 වන විට එළිදරව් කෙරුවා. ඒ ප්‍රතිපත්තිය එදා මෙදාතුර කවදාවත් ක්‍රියාත්මක වුනේ නැ. 1982 වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත්තා, සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය තමයි ලෝකේ ඕනම රටකට හොඳ ඖෂධ ප්‍රතිපත්තිය කියලා. මුලු ලෝකෙම පිළිගත්තත් අපේ රටේ පිළිගැනීමක් තිබුණෙ නැහැ. හැම වසරකම, හැම සෞඛ්‍ය ඇමතිවරයෙක්ම සේනක බිබිලෙගෙ අනුස්මරණ දිනයට යනවා. ඒක පවත්වන්නෙ රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින්. මේ කාලෙ මම තමයි ප්‍රධාන අමුත්තා විදිහට යන්නෙ. හැම සෞඛ්‍ය ඇමතිවරයෙක්ම කතාකෙරුවා සේනක බිබිලෙගෙ ඖෂධ ප්‍රතිප්ත්තිය ගැන. ඒක කොච්චර හොඳද, ඒක කොච්චර ජනතාවාදීද කියලා කිව්වා. ඒත් කිසිම සෞඛ්‍ය ඇමතිවරයෙක් ඒක ක්‍රියාත්මක කෙරුවෙ නැහැ. හිටපු සෞඛ්‍ය ඇමතිතුමා, වර්ථමාන ජනාධිපතිතුමා මේක ක්‍රියාත්මක කරන්න හැදුවා. ඒත් ක්‍රියාත්මක කරන්න දුන්නෙ නෑ. ලිපිගොනු පවා හැංගුවා.
අවුරුදු හතලිස් ගණනකට පස්සෙ 2016 දී මට හැකියාව ලැබුණා මහාචාර්ය සේනක බිබිලෙගෙ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. 2015 දී දින සීයේ වැඩසටහනෙදි මම පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒකමතිකව සම්මත කරගත්තා මේ ප්‍රතිපත්තිය. අපි 2016 දි ඒක ක්‍රියාත්මක කෙරුවා.