විමල් , ගම්මන්පිල , වාසු සන්ධානයේ නැහැ – වැඩි බලය මෛත්‍රීට

විමල් වීරවංශ , උදය ගමන්පිල ,වාසුදේව නානායක්කාර ආදීන් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මැතිවරණ තරග කළද ඔවුන්ගේ පක්ෂ නිළ වශයෙන් සන්ධානයේ නැති බවත් සන්ධානයේ විධායක සභාවේ නියෝජනයක් මොවුන්ට නැති බවත් තතුදත් ආරංචි මාර්ග කියයි . සන්ධානයේ සාමාජික පක්ෂ වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , මහජන එක්සත් පෙරමුණ , ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ දේශ විමුක්ති ජනතා පක්ෂය යන පක්ෂ හතර පමණකි .

වෙනත් පක්ෂවලට සන්ධානය යටතේ මැතිවරණ තරග කිරීමට අවස්ථාව දී ඇතත් සන්ධානයේ සාමාජිකත්වය ලබාදී නැත . ලංකා සමසමාජ පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයද සන්ධානයේ සාමාජික පක්ෂ නොවන බවද හෙළිදරවු වෙයි .

සන්ධානයේ විධායක සබාවේ බහුතර බලය ශ්‍රීලනිපයට හිමිවිය යුතු බව ව්‍යවස්ථාවේ සදහන්ය . දැනට පවතින විධායක සභාවේ බහුතර බලය සන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ කණ්ඩායමට හිමිව ඇති බවද කියති .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *