ඡන්ද ව්‍යාපාරයේ නායකයා මහින්ද

මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිතුමා කළේ බලවත් වරදකි. 20 වෙනි සංශෝධනය අනුමතකර ගැනීම මේ රටට අත්‍යවශ්‍ය වූ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකි. ඒ කටයුත්තට එතුමා පොරොන්දුවක් වී තිබුණි. එය ඉටුවෙන්නට නොදී මෙය මෙසේ විසුරුවා හැරීම ඇත්තටම පොරොන්දු කඩකිරීමකි. දෙවෙනි කාරණය විශ්වාස භංග යෝජනා කිහිපයක් තිබුණා. ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබෙන අයිතිය, ඒ වගේම මේ මහ බැංකුවේ ඇතිවුණ බව කියන විශාල මගඩිය ගැන වාර්තාව මේ සියල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබූ අවස්ථාව නැති වී ගියා. මේ රටට පේන්නේ සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියා යැයි කියන තත්ත්වයයි.Vasudeva
ඒ වුනත් එය අපි අද ප්‍රශ්නයක් කරගන්නේ නැහැ සිරිසේන මැතිතුමා අපේ නායක මහින්ද මහතා සමඟ එකඟත්වයකට එනවා නම්. ඒ එකඟත්වය වන්නේ මහින්දගේ නායකත්වයෙන් පොදු ලැයිස්තුවකට සන්ධානයේ සියළුම දෙනා ඇතුලත් කරගත් එකක් විය යුතු ය. ඒ නිසා කළ වරද පිළිබඳ ප්‍රශ්නය මේ වෙලාවේ මේ ඇතිවෙන්නට යන එකඟත්වයට බාධාවක් කරගන්නට අවශ්‍ය නෑ.
දැනට ඇතිවන සාකච්ඡා වල ප්‍රගතිය කුමක්ද යන්න ඇසුවොත් කිව හැක්කේ සාකච්ඡාව අවසන් බව ය. ඒ සාකච්ඡාව අනුව එක ලැයිස්තුවක් දමන්නත්, ඒ ලැයිස්තුවේ මෛත්‍රි මහතාගේ නායකත්වයෙන් පෙළගැසී සිටින අයත් මහින්ද මහතාගේ නායකත්වයෙන් පෙළ ගැසී සිටින අයත් අපේක්ෂකයින් හැටියට ඇතුලත් කිරීමට එකගත්වයක් ඇතිවී තිබෙනවා. එහි දී අවසාන තීරණය නම් නාම යෝජනා ගැනීමේ දී මහින්ද මහතා මේ ඡන්ද ව්‍යාපාරය නායකයා හැටියට පිළිගෙන තිබෙන නිසා ඔහුගේ අනුමැතිය ඇතුවයි සිදුවන්නේ. ඒ අතර එතුමා අගමැති හැටියට පත්වෙයි කියා අපි බලාපොරොත්තු වෙනවා බහුතරයක් මන්ත්‍රිවරුන් සමඟ පාර්ලිමේන්තුවට එතුමා ආවොත් එය වැළැක්විය නොහැක. අනික් එක මේ ඡන්ද ව්‍යාපාරයේ දී ජනාධිපති තුමා මධ්‍යස්ථව සිටිම යහපත් ය.
ජනාධිපතිතුමා ජනවාරි 8 වෙනිදා පත්වන විට එයා පොරොන්දු වූ ප්‍රතිසංස්කරණ ආරම්භකර තිබේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සන්ධානය හැටියට එයට විරුද්ධව පෙනී සිටියේ වී නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සංශෝධනවලට යටත්ව එයට සහයෝගය දුන්නා. අර සිවිල් සමාජයට යන බලය පාර්ලිමේන්තුවට ගැනීම සඳහා එහි දි අපි සටන් කළෙමු. ඒ වගේම 20 වෙනි සංශෝධනයටත් තවදුරටත් සංශෝධන ඉදිරිපත් කර සම්මත කරගැනීමට තමයි බලාපොරොත්තුව තිබෙන්නේ. ඊට අමතරව ඕනේ නම් ප්‍රජාතන්තවාදය පැත්තෙන් සංශෝධන අපි ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.
ජාතික ප්‍රශ්නය පැත්තෙන් පවතින තත්ත්වය තුළ විශාල ප්‍රතිසංස්කරණ වලට ඉඩක් නැතිවිය හැක. එම ප්‍රශ්නයට විසඳුමක් සඳහා 13 සංශෝධනය පදනම් කරගෙන ඊ ළඟ පියවරකට යෑම තමයි අපිට බලන්න වෙන්නේ . ඒකයි ප්‍රායෝගික තත්ත්වය . ඒ සඳහා අපි මුලික වශයෙන් ටී. එන්. ඒ. එකත් සමඟ සාකච්ඡා ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. 13 වෙනි සංශෝධනය දැනට තිබෙන නීති රාමුව තුළ ඉදිරියට ගත හැකියි. දැනට ක්‍රියාත්මක නොවී තිබෙන වගන්ති හා බලතල සම්බන්ධයෙනුත් එකඟතාවයක් ඇතිකර ගත හැක. අන්‍යොන්‍ය විශ්වාසයක් මධ්‍යම රජයත් උතුරු පලාත් සභාවත් අතර ඇතිකර ගැනීම වැදගත්. ඒ ආකාරයට ප්‍රායෝගිකව අපිට පියවරක් ගතහැකියි ප්‍රශ්නය විසඳිම පැත්තට. ඒක පළවෙනි පියවර පමණයි. ව්‍යවස්ථාව සම්පුර්ණයෙන්ම වෙනස්කර අනාගත දිනයක මේ සියල්ල ඇතුලත් විය හැකියි. මම හිතන හැටියට ව්‍යවස්ථා සම්පාදක සභාවක් හදලා අලූත් ව්‍යවස්ථාවක් සම්පූරණයෙන්ම ගෙන ඒමට මම කැමති වූවත් ඒකට තත්තවය සන්ධානය තුළ තවම මෝරා නැතිබවයි මගේ තේරුම.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *