මෛත්‍රීගේ “යක්ෂයා ” තොප්පිය මහින්ද රාජපක්ෂ දා ගනී !

යාපනයේ සංචාරය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී යක්ෂයා කීවේ තමාට බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාස කොට ඇත . තිස්සමහාරාම බෙරලිහෙල කුඩා ගම්මාන තුන ශ්‍රී සුධර්ශනාරාම විහාරස්ථානයේ ආගමික උත්සවයකට සහභාගී වෙමින් රාජපක්ෂ මහතා මේ බව කියා ඇත .” යාපනේ යන්න පාර හදලා දුන්නෙත් මම – මම හදපු පාරේම ගිහින් දැන් මට යකා  කියලා බනිනවා ” යි මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා ඇත .

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේදී කිවේ ” මව දුර්වල කලොත් යක්ෂයා ශක්තිමත් වෙනවා ” යනුවෙනි . යක්ෂයා කවුදැයි ජනාධිපතිතුමා කිවේ නැත . මහින්ද රාජපක්ෂ මහතා කියන්නේ ඒ තමා බවයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *