චීවරයට මුවා වී ලේ සුවඳට ඉව කිරීම – භාතිය බරුකන්ද

‘‘එකම බොරුව සියවරක් කියන්න, ජනතාව එය සත්‍යයක් යැයි පිළිගනු ඇත’’ ජර්මන් අඥාදායක හිට්ලර්ගේ මාධ්‍ය ඇමැතිවරයා වූ ජෝෂප් ගොබොල්ස් කීවා යැයි කියන මේ කතාව ඔහු වචනයෙන් පමණක් නොව ක‍්‍රියාවෙන් ද ඔප්පු කර පෙන්නූ බව නාසි ඉතිහාසය සාක්ෂි දරයි. එකල යුරෝපයේ බුද්ධිමතුන්, දාර්ශනිකයින් බහුතරයක් ජීවත් වූ ජර්මනිය මානව ඉතිහාසයේ කුරිරුම රාජ්‍යය, බිහිසුණුම මානව සංහාරය කළ රට බවට පත් වූයේ ගොබේස්ලා පැය විසිහතර පුරාම අඛණ්ඩව ව්‍යාප්ත කළ බොරුවල පිහිටෙනි. අද ලංකාවේ ද සිදුවෙමින් පවතින්නේ එදා ජෝෂප් ගොබෙල්ස් විසින් වාර්ගික වෛරය අවුලූවා ලමින් ඉතාමත් අවස්ථාවාදී හා අන්තවාදී ආකාරයෙන් ජර්මන් මනස ¥ෂණය කළ ආකාරයෙන් ම ‘‘රට – ජාතිය – ආගමේ’’ නාමයෙන් සිංහල බෞද්ධ ජනතාවගේ සිත් ¥ෂණය කරමින් සුළු ජනතාවට එරෙහිව වාර්ගික වෛරය හා පිළිකුළ අවුලවා ලන අති බිහිසුණු වාතාවරණයි.
රාජපක්ෂ රෙජිමයේ පාලනය පැවැති 2005-15 සමයේදී ‘යුද්ධය’ සහ ‘යුද ජයග‍්‍රහයණය’’ ‘‘රණ විරුවන්’’ දඩමීමා කරගනිමින් ක‍්‍රියාත්මක වූ මෙම ක‍්‍රියාවලිය අද සිදුවන්නේ ‘‘රට බෙදන, බුද්ධාගම වනසන අලූත් ව්‍යවස්ථාව එපා’’ යන ඊනියා සටන් පාඨයට මුවා වෙමිනි. එදා සේම අදත් මේ ක‍්‍රියාවලිය පිටුපස ඉතාම පැහැදිලිව සිටින්නේ පරාජිත හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ රාජපක්ෂ කල්ලිය සහ ඔවුන්ගේ අනුබලය හා ආශිර්වාදය ලබන භික්ෂූන් පිරිසකි.
රාජපක්ෂ කල්ලියේ සහ ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ පොදු හා ජනප‍්‍රිය තර්කය වන්නේ අලූත් ව්‍යවස්ථාව මගින් ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවය සහ බුද්ධාගමට ඇති ප‍්‍රමුඛතාවය අහෝසි වන බවට වන ප‍්‍රවාදයයි. මේ බව පසුගිය 23 වැනිදා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාමියන් විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මගින් ද යළි තහවුරු වේ. එහි දී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාමියන්ගේ කියන්නේ ‘‘.. මේ මොහොතේ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට යාම කාලෝචිත ක‍්‍රියාවක් නොවේ. යෝජිත ව්‍යවස්ථාවට අදාළ රටේ ඒකීයභාවයට සහ බෞද්ධාගමට අදාළව කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විකල්ප යෝජනා රාශියක් ඉදිරිපත් වී තිබෙන බැවින් එම යෝජනාවලිය පාර්ලිමේන්තුව විසින් පිළිගතහොත් ගැටලූ රාශියකට මුහුණදීමට සිදුවනු ඇත’’ යනුවෙනි.
විමලතරන අනු නාහිමියන්ගේ පමණක් නොව අද ව්‍යවස්ථා විරෝධී පෙරමුණේ රාජපක්ෂලා සමග හරි හරියට සිටගෙන සිටින ශ‍්‍රී නීතඥ සංගමයේ ද ඊනියා තර්කය වන්නේ අලූත් ව්‍යවස්ථාව මගින් ( විමලරතන අනු නාහිමියන්ට අනුව ‘‘යෝජිත ව්‍යවස්ථාව’’* රටේ ඒකීයභාවය අහෝසි වන බවයි. ඒ බව ශ‍්‍රී ලංකා නිීතිඥ සංගමයේ සභාපතිවරයාගේ අත්සනින් පසුගිය 23 වැනිදා රජයට නිකුත් කළ ප‍්‍රශ්නාවලිය මගින් මනාව තහවුරු වේ. එම ප‍්‍රශ්නාවලිය මගින් ශ‍්‍රී ලංකා නීතිය සංගමය ද ආණ්ඩුවෙන් පිළිතුරු බලාපොරොත්තු වන පළමු ප‍්‍රශ්න දෙක වන්නේ,
x නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කුමක්ද?
x ලංකාව තව දුරටත් ඒකීය රාජ්‍යයක් වන්නේද ?
අ. එසේ නම් ඒකීය රාජ්‍ය සංකල්පය කෙටියෙන් පැහැදිලි කරන්න
යන්නය.

අද රාජපක්ෂලා සේම රාජපක්ෂ පවුලේ දේශපාලන න්‍යාය පත‍්‍රය වෙනුවෙන් පසුගිය කාලය පුරාම අඛණ්ඩව, කොන්දේසි විරහිතව පෙනී සිටි සියලූ පාර්ශ්ව ඉහත සඳහන් කළ ආකාරයේ ප‍්‍රශ්න නැගීම ගැන අපට පුදුමයක් ඇති වන්නේ නැත. මන්ද මේ කිසිදු පාර්ශ්වයක් මහින්ද රාජපක්ෂ විසින් අංග සම්පූර්ණ කරන ලද ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාව / බහුභූත ව්‍යවස්ථාව යළි කිසිදා වෙනස් වනු ඇතැයි සිහිනෙන් පවා විශ්වාස නොකළ පිරිසක් වන හෙයිනි. මන්ද ඔවුන් කිසිදා රාජපක්ෂ පවුල් පාලනයේ අවසානයක්, යළි ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයේ පුළුල් වීමක් අපේක්ෂා නොකළ පිරිසකි. යාවජීව රාජපක්ෂ පවුල් පාලනයක් මගින් සියලූ වරදාන ලබමින් ජීවත් වීමට සිතා සිටි පිරිසකි.
රාජපක්ෂලාගේ හෘදය සාක්ෂිය
රාජපක්ෂ කල්ලියේ සිහිනය වූයේ ‘‘ලෝකයේ ඒකාධිපතිම ව්‍යවස්ථාව’’ යනුවෙන් කලක් මේ කල්ලියේම අවමානට ලක් වූ ජේ.ආර්. ජයවර්ධනයේ 78 ව්‍යවස්ථාව තවත් ශක්තිමත් කරමින් තවත් චිරාත් කාලයක් පවත්වා ගෙන යාමය. උතුරු කොරියානු පන්නයේ යාවජීව රාජපක්ෂ පවුල් පාලනයක් සඳහා පදනම සකසා ගැනීමය. අද ජනතාවගේ අනුමැතිය ලබා ගැනීම වැනි ඊනියා ප‍්‍රකාශ කියන මහින්ද රාජපක්ෂ කුප‍්‍රකට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් කළේ ජේ.ආර්.ගේ ඒකාධිපති ව්‍යවස්ථාවේ තිබූ අවසන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පවා වසා දැමීමය.
‘‘අලූත් ව්‍යවස්ථාවක් එපා’’ යැයි කියන ගිහි පැවිදි සියලූ පාර්ශ්ව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසා සිටිය යුත්තේ තමන්ට එවැනි ප‍්‍රකාශයක් කිරීමට තිබෙන සදාචාරමය අයිතිය කුමක් ද ? මන්ද වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තරම් ලෝකයේ අවමානයට හා ගැරහුමට ලක් තවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තිබේදැයි සැකය. එය ආරම්භයේ දී සිට අඛණ්ඩව දශක හතරක් පුරා ‘‘බහුභූත ව්‍යවස්ථාව’’ ‘‘ඒකාධිපති ව්‍යවස්ථාව’’ යනුවෙන් ලැබූ ගැරහුම් නිමක් නැත. 1978 සිට 2015 දක්වා පැවැති සෑම මැතිවරණයකදීම ‘‘මේ ව්‍යවස්ථාව වෙනුවට අලූත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරනවා’’ යන්න සේම 78 ව්‍යවස්ථාවේ උපන්ගෙයි ව්‍යාධිය වශයෙන් සැලකෙන ‘‘විධායක ජනාධිපති ක‍්‍රමය’’ අහෝසි කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පවා සහතික වූ බව අපට අමතක කළ නොහැකිය.
පුරවැසි හෘද සාක්ෂිය
‘‘නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය කුමක්ද ?’’ යනුවෙන් අද ප‍්‍රශ්න කරන ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය අද ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරන්නේ කුමන පදනමකින් දැයි අපට වටහා ගත නොහැකිය. මන්ද අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්, බලය බෙදා හදා ගන්නා ව්‍යවස්ථාවක්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවක්, මනාප ක‍්‍රමය හා සමානුපාතික නියෝජනය ක‍්‍රමය ද ඇතුළත් වත්මන් මැතිවරණ ක‍්‍රමය අහෝසි කරන ව්‍යවස්්ථාවක්, වඩාත් නූතනවාදී, මානව හිමිකම් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පුළුල් කරන ව්‍යවස්ථාවක්, රටේ සියලූ ජනවර්ගවලට, ආගමිකයින්ට පිළිගත හැකි ව්‍යවස්ථාවක් ගැන ජනතාව දශක හතරක් පුරා, 78 ව්‍යවස්ථාව සම්මත වූ දා සිට සිහින දැක්ක බව, ඒ වෙනුවෙන් 1994, 2001, 2005, 2015 ආණ්ඩු බලයට පත් කළ බව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයට අමතකව ඇති හෙයිනි.
මෙහිදී ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විරෝධී පාර්ශ්වයන්ට ඉතාම පැහැදිලිව අවධාරණය කළ යුතු වැදගත්ම කරුණ වන්නේ ඔවුන්ගේ සිහින බිඳ දමා, දේශපාලන අනාථයින් බවට පත් කළ 2015 ජනවාරි 08 ‘‘වෙනස’’ නැතහොත් ‘‘දේදුනු විප්ලවය’’ පදනම් වන්නේ ම අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන ව්‍යවස්ථාවක්, ජාතිය ගොඩනගන ව්‍යවස්ථාවක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් පුළුල් කරන, සියලූ ජනකොටස්වල ගෞරවයට හා විශ්වාසයට පදනම් වූ සුජාතභාවයක් හිමි ව්‍යවස්ථාවක් බවය.
කොටින්ම ජනවාරී 08 වෙනසට තිඹිරිගෙය වූ ‘‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම’’ ප‍්‍රධාන තේමාව කොට ගෙන පූජ්‍ය මාදුළුවාවේ සෝහිත හිමියන් විසින් ආරම්භ කළ ‘‘සාධාරණ සමාජයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ ’’ පදනම වන්නේ ද අලූත් ව්‍යවස්ථාවක් බවය. සෝහිත හිමියන් සමග එක්සත් ජාතික පක්ෂය, හිටපු ජනාධිපතිනිය, ශ‍්‍රීලනිපයේ මහ ලේකම්, සෞඛ්‍ය ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන, දුමින්ද දිසානායක, ජාතික හෙළ උරුමය, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, දමිළ ජාතික සන්ධානය, සිවිල් සමාජ බලවේග ඇතුළු පුළුල් පෙරමුණක් එක් වන්නේ රාජපක්ෂ රෙජිමයේ පාලනය පෙරළා දැමීමට පමණක් නොව ගරාවැටෙමින් පැවැති සමස්ත රාජ්‍යයම යළි නිර්මාණය කර ගැනීමට බව අප කිසිසේත් අමතක නොකළ යුතුය.
එදා මහින්ද රාජපක්ෂගේ යාවජීව ඒකාධිපති පාලනයක් වෙනුවෙන් ප‍්‍රතිපත්ති විරහිතව පෙනී සිටි, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව, සමානාත්මතාවය වහකඳුරු වූ ගිහිපැවිදි බලවේග, අන්තවාදී සහ අවස්ථාවාදී කල්ලි සහ කණ්ඩායම් අද ‘‘අලූත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි ප‍්‍රශ්න කරන විට අප යළි යළිත් අවධාරණය කරන්නේ ඉහත සඳහන් කරුණයම. එනම් ලක්ෂ 62ක් වන මේ රටේ සියලූ වාර්ගික, ආගමික, දේශපාලනික විවිධත්වයන් නියෝජනය කරන අතිෂයින් වර්ණවත් හා ප‍්‍රගතිශීලී ජන බලවේගයක් රාජපක්ෂ රෙජිමය පෙරළා දැමුවේම නව ව්‍යවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ පරමාභිලාෂයෙන් බවය.
පුහු තර්ක
නව ව්‍යවස්ථාවක් තබා එහි කෙටුම්පත් පවා නොමැති අවස්ථාවක රාජපක්ෂ කල්ලිය සහ නිකාය ව්‍යවස්ථා බිල්ලෙක් මැවීමේ අර්ථය අපට ඉහත සඳහන් පසුබිම මත පැහැදිලිව වටහා ගත හැකිය. එහෙත් ප‍්‍රශ්නය වන්නේ ‘‘මුසාවාදය’’ පාපකර්මයක් ලෙස උදේ සවස දේශනා කරන, කෝටියක් සංවර ශීලය සමාදන්ව ඇති භික්ෂූන් වහන්සේලා ඉතාමත් අවස්ථාවාදී ලෙස නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගල් පැලෙන මුසාවාද කීමය.
උදාහරණයක් ලෙස ඇතැම් භික්ෂූන් වහන්සේලා විසින් මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ද, මාධ්‍ය හමු පවත්වමින් ද අවධාරණය කරන ආකාරයට මේ මොහොත දක්වා ‘‘යෝජිත ව්‍යවස්ථාවක් ’’ හෝ ‘‘ව්‍යවස්ථා කෙටුම්පකත්’’ ඉදිරිපත්ව නැත. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පසුගිය සැප්තැම්බර් මස 21 වැනිදා ඉදිරිපත් කරන ලද්දේ නීතිඥ ලාල් විජේනායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් විසින් වසර දෙකකට ආසන්න කාලයක් පුරා රටවටා යමින් පුරවැසියන්, දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, බලපෑම් කණ්ඩායම් ඇතුළු පුළුල් සහභාගීත්වයක් ඇති පිරිසක් විසින් ‘‘අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතු කරුණු වශයෙන් තමන් සලකන්නේ යැයි සිතන පදනමින් ’’ ඉදිරිපත් කරන ලද කරුණුවල සම්පිණ්ඩණයක් පමණකි. අගමැතිවරයා ඇතුළු කණ්ඩායම විසින් ඉතා පැහැදිලිව අවධාරණය කර ඇති ආකාරයෙන් ද එහි වචනාර්ථයෙන් ද සලකන්නේ නම් සැප්තැම්බර් 21 වැනිදා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ‘‘මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව’’ පමණකි. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් දක්වා ගමන් කිරීමට තව කොතරම් දුර යා යුතුදැයි ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සේම නීතිඥයින් වශයෙන් සැලකෙන මහින්ද රාජපක්ෂ, උදය ගම්මන්පිල සේම රාජපක්ෂ කල්ලියේ නීතිඥයින් නොදන්නවා විය නොහැකිය. එසේම ඒ බව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා ද නොදන්නවා විය නොහැකිය.
මේ අවස්ථාවේ පුරවැසි සංවාදය සඳහා ඉදිරිපත්ව ඇති, තවත් සංකීර්ණ පියවර ගණනාවක් මගින් ‘‘ව්‍යවස්ථා කෙටුම්පතක්’’ බවට පත්ව, ඊටත් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියට (2000 ව්‍යවස්ථාව මෙන්* යටත් කිරීම සඳහා දීර්ඝ පාර්ලිමේන්තු ක‍්‍රියාවලියක් ද ඊටත් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයට ද තවත් අවශ්‍ය නම් ජනමතවිචාරණයක් දක්වා ද ගමන් කළ හැකි මෙම ක‍්‍රියාවලිය ආරම්භක අවස්ථාවේදී බිල්ලෙක් බවට පත්කර කඩාකප්පල් කිරීම කොතරම් නරුම සහ අවස්ථාවාදී ක‍්‍රියාවක් දැයි විමල් වීරවංශ වැනි හුදු දේශපාලන චරිත නොවන ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු උගත් භික්ෂූන් වහන්සේලා කල්පනා කළ යුතුය.
මන්ද දීර්ඝ ක‍්‍රියාවලියකට යොමුවිය යුතු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව බිල්ලෙක් කිරීමට තැත් කරන ඊනියා රාජපක්ෂ කල්ලියේ තර්කය සමාන වන්නේ අද උදේ සවස රාජපක්ෂ කල්ලියට එරෙහිව විභාග වන ¥ෂණ චෝදනාවලටය. මූල්‍ය අපරාධ කොට්ඨාශය ආදි වශයෙන් අද රාජපක්ෂ යුගයේ අපරාධ, ¥ෂණ විමර්ශනය කරන අංශ කරන්නේ දීර්ඝ විමර්ශනයකින් පසු සත්‍ය බව තහවුරු වන පැමිණිලි අධිකරණය හමුවේ ගොනු කිරීමය. ඒවා කිසිසේත් ඔප්පු ඒවා වශයෙන් සලකන්නේ නැත. ඒ නිසා මූල්‍ය අපරාධ කොට්ඨාශය දඬුවම්දීමට යන්නේ ද නැත. ඒ ක‍්‍රියාවලිය සිදුවන්නේ අධිකරණමය යාන්ත‍්‍රණයක් තුළිනි. විත්තියේ හා පැමිණිල්ලේ තර්ක විතර්ක සියුම්ව හා තර්කානුකූලව සලකා බලා, වෘත්තීය මට්මේ ඉහළින්ම සිටින විනිසුරුවරුන් විසින් අවසානයේ තීන්දුව ලබා දෙන්නේය. ඊට පසු අදාළ තීන්දුවට අකමැති නම් හෝ එයින් තමාට යුක්තිය ඉටු නොවූ බව පැහැදිලි වන්නේ නම් ඔහුට අභියාචනාධිකරණයට ද එයින් ද ලබා දෙන තීන්දුවෙන් සෑහීමට පත් නොවන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ද යා හැකිය.
අලූත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ද ඉහත සඳහන් කළ ක‍්‍රියාවලිය හා සමානය. මෙම අතුරු වාර්තාව කිසිසේත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බවට පත් වන්නේ ම නැත. මුලින් සඳහන් කළ ආකාරයට එය අවසානයේදී ව්‍යවස්ථාවක් බවට පත් වන්නේ දීර්ඝ හා දැඩි වෘත්තීයභාවයක් ඇති ක‍්‍රියාවලියක් තුළින්ය.
එහෙත් රාජපක්ෂ කල්ලිය සිතා ගෙන සිටින බව පෙන්නේ යහපාලන ආණ්ඩුව ද තමන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සිදු කළ ආකාරයෙන් අතිෂයින් පටු සහ සැඟවුණු ක‍්‍රියාවලියක් මගින් අලූත් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට යන බවක් විය හැකිය. බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් ද ‘‘මෙය පාර්ලිමේන්තුවේ සම්මත වුවහොත් ’’ යන ප‍්‍රශ්නාර්ථය නගන්නේ ඒ නිසා විය හැකිය.
එහෙත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී රාජපක්ෂ රෙජිමය යටතේ සිදු වූ ආකාරයෙන් අතිෂය ¥ෂිත ආකාරයෙන් විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් බිලී බාගෙන කෘත‍්‍රිම 3/2 ක බලයක් යහපාලන ආණ්ඩුව විසින් නිර්මාණය කරගෙන අලූත් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමටක් සිදුවෙතැයි අපට කිසිසේත් සිතිය නොහැකිය. අනික් අතින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙන් පැය 24න් සකස් කර, කලින්ම අධිකරණයේ තීන්දුව ලියාගෙන නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමක් කිසිසේත් සිදුවන්නේ ද නැත. එය ජනමත විචාරණයකට යොමු වුවහොත් 1982 ජනමත විචාරණය (ලාම්පු – කළගෙඩි සෙල්ලම* මෙන් අන්ත ¥ෂිත, හෝ රාජපක්ෂ රෙජිමයේ මැතිවරණ මෙන් මුළු රාජ්‍ය යාන්ත‍්‍රණයම යොමු කරමින් අන්ත මර්ධනකාරී තත්ත්වයක් යටතේ ජනමතය විකෘති කරන ජනමත විචාරණයක් ද විය නොහැකිය. අප ඉතා පැහැදිලිව යුග දෙකක වෙනස මෙන්ම සමාජය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා යහපාලන අවකාශය පුළුල් වී ඇති ආකාරය මෙන්ම පාලකයින්ගේ දැක්මේ ද ඇති වී ඇති පුළුල් පරිවර්තනට වටහා ගත යුතුය. රාජපක්ෂලාගේ කණ්ණාඩියෙන් ලෝකය දෙස බලා ‘‘කබරගොයා – තලගොයා’’ කර ගැනීමේ අවස්ථාවාදී න්‍යායෙන් බැහැර විය යුතුය.
බෞද්ධ බහුතරයේ බල උන්මාදය
‘‘අලූත් ව්‍යවස්ථාව එපා’’ යනුවෙන් දැවැන්ත හඬක් නඟමින් සමස්ත ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියම කඩාකප්පල් කිරීමට වෑයම් කරන්නේ සිංහල බෞද්ධයින් යැයි කියා ගන්නා පිරිස් සහ ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් වීම අප වටහා ගත යුත්තේ කුමන පදනමකින් ද ? ඔවුන් විසින් දිගින් දිගටම ඉදිරිපත් කරන මිත්‍යා සහ පුහු තර්කවලින් අවසානයේ රටට උරුම වන්නේ කුමන ඉරණමක් ද ? අප මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුය.
මෙහිදී ප‍්‍රථමයෙන්ම ‘‘අලූත් ව්‍යවස්ථාව එපා’’ යැයි ඇතැම් භික්ෂූන් වහන්සේලා කරන ප‍්‍රකාශය අප විමසා බැලිය යුතුය. එහිදී ප‍්‍රථමයෙන්ම අපට පෙනී යන්නේ ව්‍යවස්ථා විරෝධී පෙරමුණේ මුල්පෙළ බලඇණි සියල්ලම මහින්ද රාජපක්ෂ පාලනය ඉවසා වදාළ කණ්ඩායම් බවයි. රාජපක්ෂ පාලනයේ වරදාන යටතේ සුඛිත මුදිත ජීවිත ගත කළ තවත් චිරාත් කාලයක් ඒවා අපේක්ෂා කළ අය බවයි. උදාහරණයක් ලෙස මේ කිසිවෙක් මහින්ද රාජපක්ෂ විසින් යුද විරුවා වන ජෙනරාල් සරත් ෆොන්සේකා දඩයම් කරනු ලැබීම, ඔහු සිරිගත කොට අසීමිත ලෙස පළිගැනීම, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වළපල්ලට යැවූ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරයාගේ සිට බැසිල් රාජපක්ෂ දක්වා දුර ගිය අන්ත¥ෂණය, මාධ්‍ය මර්ධනය ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයන් සීමා කිරීම ගැන වචන මාත‍්‍රයක් කතා කළේ නැත. කොටින්ම මේ කිසිවෙකු රාජපක්ෂ පාලනයේ කිසිදු වරදක්, දොසක් දුටුවේ නැත.
2015 ජනාවාරි වන විට රාජපක්ෂ රෙජිමය තීරණාත්මක ලෙස පරාජය කිරීම සඳහා මාදුළුවාවේ සෝහිත හිමියන් ප‍්‍රමුඛ අදීන භික්ෂූන් වහන්සේලා දිවි හිමියෙන් සටන් වඳින විට ඔවුන් සියලූ පාර්ශ්ව දිවි හිමියෙන් යළි රාජපක්ෂ පාලනය සහතික කිරීමට කැප වුණා මිස ඉන් එහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් ගැන, රාජපක්ෂවරුන්ගෙන් තොර පාලනයක් ගැන කල්පනා කළේ නැත. එනිසා මේ කිසිදු පිරිසකට නව ව්‍යවස්ථාව හා අනුගත වීමට හැකියාවක් නැත. එය අප පිළිගත යුතුය.
මෙහිදී මතුවන අනෙක් ප‍්‍රශ්නය වන්නේ ‘‘බුද්ධාගම ම ප‍්‍රමුඛ කොට සිතන විට මේ රටේ ජීවත් වන බෞද්ධ නොවන අනෙක් සියයට 31කට අත්වන ඉරණම කුමක්ද යන්නයි. ශ‍්‍රී ලංකාවේ සංඛ්‍යාත්මක බහුතරය සියයට 69ක් වශයෙන් බෞද්ධයින් වූ පමණින් එය සර්ව සම්පූර්ණයෙන් බෞද්ධ රාජ්‍යයක් නොවේ. ඉතිරි වෙනත් ආගම් අදහන ඉතිරි සියයට 31ක ද මේ රටේ පුරවැසියන්ය. ඒ අතර බෞද්ධයින් නොවන සිංහලයින් ද සැලකිය යුතු පිරිසක් ද සිටිති. අද බෞද්ධ භික්ෂූන් විසින් මේ වලිකන්නේ මේ බෞද්ධ නොවන සියයට 31ක ශ‍්‍රී ලංකා රාජ්‍යයෙන් පිටමං කිරීමට යැයි අපට බියක් පළ වේ. මන්ද ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ, තමන් පාලනය වන ව්‍යවස්ථාව තුළ තමන්ගේ වුවමනා එපාකම් නොමැති නම්, තමන්ගේ සහභාගීත්වයක් නොමැති නම් එයට අනුගත වීමට, එයට යටත්වීමට ඒ ජනතාවට හැකියාවක් නැත. එය ඔවුන් සලකනු ඇත්තේ තමන් බැහැර කළ, කොන් කළ ව්‍යවස්ථාවක් වශයෙනි. එය 1971, 78 ව්‍යවස්ථාව මෙන්ම ‘‘සුජාතභාවය’’ අහිමිකර ගත් ව්‍යවස්ථාවක් වනු ඇත. එය දශක තුනක් පුරා ලේ ගලන යුද්ධයක් අවසන් කරමින් යළි ජාතිය ගොඩනැගීමේ, සංහිඳියාව ගොඩනැගීමේ ප‍්‍රයත්නය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරන ව්‍යවස්ථාවක් බවට පත්වීම නොවැළැක්විය හැකිය. අද ඇතැම් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය කරන්නේ මෙවැනි රටක් දැයි අපට සැකයක් පළ වන්නේ ලංකාවේ පළමු වරට සුළුජාතීන්, ආගමිකයින්, දේශපාලන කණ්ඩායම් ඇතුළු පුළුල් පිළිගැනීමක් ඇති ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කඩාකප්පල් කිරීමට උන්වහන්සේලා ගන්නා අසීමිත ප‍්‍රයත්නය දකින විටය.
කෝටියක් සංවරශීලය සමාදම් වූ බව කියන, මුසාවාදය මහත් අකුසල කර්මයක් සේ සලකන බෞද්ධ භික්ෂූන් දේශපාලනය වැනි අතිෂයින්ම ගිහි කටයුත්තක් වෙනුවෙන් මේ ආකාරයෙන් පාපකර්ම කර ගැනීම අනුදැන වදාළ ධර්මය කුමක්දැයි අප විමසා බැලිය යුතුය.
මේ සමග අප ව්‍යවස්ථා විරෝධි භික්ෂූන් වහන්සේලාගෙන් ප‍්‍රශ්න කරන්නේ සියයට 31ක් වන අන්‍යාගමිකයින් පිමං කරන මේ රට කෙසේ නම් ඉදිරියට ගෙන යන්නේද යන්න ප‍්‍රශ්නයයි. ඔවුන් වෙනුවෙන් ඔබ වහන්සේලා විසින් ඉදිරිපත් කරන, ඔවුන්ට ද, පිළිගත නොහැකි විකල්ප විසඳුම කුමක්ද ? යන්නයි.
ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා බලය බෙදා හදා ගැනීම, සමානාත්මතාවය, මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන ඌන ආකල්පය අපට ඉතා පහසුවෙන් වටහා ගත හැකිය. මන්ද මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේ යනු ඉතා පැහැදිලිව බෞද්ධ ධර්මයට පමණක් නොව මිනිසත්කමට පවා නිඟා දෙන ‘‘කුලය’’ මත පදනම්ව නිකායන් 35කට පමණ බෙදී වෙන්වී සිටින පිරිසක් වන හෙයිනි. අනෙක් කුලයට අයත් පන්සලකට නොවඩින, මළ ගේකට නොවඩින අතිෂයින් පටු කුලය මත පදනම්ව සියලූ ආකාරයේ මානව හිමිකම් හා සමානාත්මතාවයන් පිටුදකිමින්, බුදුරජාණන් වහන්සේ අනුදැන වඳාළ සද්ධර්මයට සපුරා පටහැනි පැවැත්මක් ඇති මේ අතිබහුතරයක් භික්ෂූන් වහන්සේලා වෙතින් සුළු ජාතීන් සමග, සුළු ආගමිකයින් සමග බලය බෙදාහදා ගැනීම, සමානාත්මතාවය රැුක ගැනීම සිදුවිය නොහැක්කකි. ඔවුන් අද අපේක්ෂා කරන්නේ බුරුම පන්නයේ බුද්ධාගමක් සහ එවැනි පැවැත්මකට අනුබල දෙන පාලක පෙළෙන්තියක් යළි බිහිකර ගැනීමය. කෙසේ හෝ පරාජිත රෙජිමය යළි බලයට ගෙන ඒමය. ඒ සඳහා මහත් අකුසලක් වුවත් ව්‍යවස්ථාව ගැන බොරු කිරීමට උන්වහන්සේලා බිය වනු ඇතැයි අප විශ්වාස නොකළ යුතුය.
අප මෙහිදී අවසන් වශයෙන් අවධාරණය කරන්නේ රාජපක්ෂ රෙජිමය යළි ඔසවා තැබීම සඳහා දේශපාලන අවස්ථාවාදීන් සහ අන්තවාදීන් කල්ලියක් ඉතාමත් සටකපට ආකාරයෙන් චීවරයට මුවා වී ලේ සුවඳට ඉව අල්ලන බවයි. මුළු රටකම ලේ උරාබීමට යළි තැත් කරන ඩ‍්‍රැක්‍යුලාවන් පරාජය කිරීම අද ජාතිය හමුවේ ඇති අභියෝගයයි.

සටහන

භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *