ඩිලානුත් දොට්ට ?

Dilaan 2ශ්‍රීලනිපයේ සහ සන්ධානයේ නව ලේකම්වරුන් වන දුමින්ද දිසානායක සහ විශ්වාවාර්ණපාල යන මහත්වරුන්ට නිලයේ වැඩකටයුතු කරගෙන යෑමට බාධා නොකරන ලෙසට දිසා අධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගය විවේචනය කිරීම හේතුවෙන් ඩිලාන් පෙරේරා ද පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ජනපති මැදුරෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
උක්ත සංවිධාන දෙකේම සභාපතිවරයා වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා ය. අධිකරණය ද කුමන්ත්‍රණයට සම්බන්ධ කරගෙන ඇතැයි කීමෙන් ඩිලාන් පෙරේරා නොකියා කියන්නේ පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතා කුමන්ත්‍රණ කාරයෙකු බව ය. පක්ෂ නායකත්වය විවේචනය කිරීම විනය විරෝධිවනවා පමණක් නොව පක්ෂ සභාපතිවරයා විසින් පත්කෙරුන ලේකම්වරුන් දෙදෙනා ද කුමනත්‍රණ කරුවන් බවත්, අධිකරණය ද කුමන්ත්‍රණයය සම්බන්ධ වී ඇති බවත්, ඩිලාන් පෙරේරාගේ ප්‍රකාශයෙන් කියැවේ.
මීට පෙර ද පක්ෂ සමගියට බිඳෙන ආකාරයට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස ඩිලාන් පෙරේරා කර ඇති ප්‍රකාශ පිළිබඳව සභාපතිවරයා වන මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී ඇති බව ද සැලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *