අනෙක් අයගේ අයිතියටත් ගරු කරන්න – මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය

ඡන්දය ඔබේ අelections-commissioner-mahinda-deshapriyaයිතියයි. ඔබට ඔබේ මතය දරන්න අයිතියක් තිබෙනවා වගේම, අනෙක් අයටද ඔවුන් ගේ මතය දැරීමට අයිතියක් තිබෙන බව සිතන්න. එම අයිතියට ගරු කරන්න. උදෑසනම ඔබේ ඡුන්ද පොළට ගොස් ඔබේ ඡුන්දය පාවිච්චි කරන්න.
මැතිවරණ කොමසාරිස්වරයා  මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළේය. එහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට කොමසාරිස්වරයා පිළිතුරු දුන්නේ මේ ආකාරයෙනි .

මැතිවරණයේ දී ඇතැම් අපේක්‍ෂකයන් නීති විරෝධි පෝස්ටර් අලවා තිබුණා. කටවුට් සවිකර තිබුණා. මේ දේවල් මැතිවරණ නීතියඋල්ංගනය කිරීම්. මේවට දඬුවම් දෙනවා දකින්න ලැබෙනව අඩුයි. ඒවට දඬුවම් නොදෙන්නේ ඇයි?

මැතිවරණ නීති උල්ලංගනය කිරීම්වලට අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙනවා. සාක්‍ෂි සහිතව ඔප්පු කරගන්න පුළුවන් ඒවට අපි නඩු පවරනව.

 මේ නීති විරෝධි කටවුට්, බැනර්, පොස්ටර් ඉවත් කරන්නේ රජයේ වියදමින්. එම මුදල් අපේක්‍ෂකයන්ගෙන්, පක්‍ෂවලින් අයකර ගැනීමේ වැඩපිලිවෙලක් නැද්ද?

ඒක මම දකින්නෙ වෙනස් විදිහකට. ඉදිරියෙදිවත් ඔවුන්ට තමාගේ අංකය, තමා ගැන, හැඳින්වීමක් ජනතාවට ඉදිරිපත් කරන්න ස්ථාන දැන්වීම් පුවරු, සලසා දිය යුතුයි. දුප්පත් අපේක්‍ෂකයන්ට මාධ්‍ය හරහා දැන්වීම් ප‍්‍රචාරය කරගන්න අපහසුයි.

අපේක්‍ෂකයන් විදිහටත්, ඡුන්ද දායකයා විදිහටත්, සමස්ත සමාජය විදිහටත් අද ඉඳලා මැතිවරණ දිනය දක්වා ඔවුන්ගේ වගකීම් සහ යුතුකම් වෙන්නේ මොනවද?

අංක එක තමයි නීතියට අනුකූලව කටයුතු කිරීම. ඡුන්ද නීතිය මේ දවස්වල කැඩෙන්න පුළුවන් අවස්ථා මොනවද? එස්. එම්. එස්., ෆේස් බුක් ප‍්‍රචාරයට වඩා, සමහර දේශපාලන පක්‍ෂ අතර අනෙකාට මඩ ගැසීම් යනව. එළඹෙන් ගිවිසුම් ගැන තියෙනව, මේ වෙලාවෙ ඒවට උත්තර දෙන්න බැරි නිසා, තමන් නිශ්චිතව, නියමානුකූලව දන්නැති කිසි කරුණක් කෙරේ විශ්වාස නොකර, තමන් මෙතෙක් දන්න දේ, මෙතෙක් කියවපු දේ බලලා චන්දෙ දෙන්න  ඕන කාටද කියන තීරණය කරගන්න අවශ්‍යයි.  තමන් තීරණය කරපු විදිහ ගැන ලකුණු, මනාප අංක ගැන දැනුම්ත් වෙන්න, තමන්ගෙ ගෙදරට එන කඩදාසිය ආවෙ නැත්නම්, කැමති කෙනෙකුට අපේ වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්.  ඕනෑම කෙනෙකුට ඡුන්ද පොළේ ඇති දැන්වීමෙන් ද බලාගන්න පුළුවන්.

ඒ නිසා අපි මේ අපේක්‍ෂකයන්ටත් කියන්න කැමතියි හෙට රාත‍්‍රියෙ ඡුන්ද පොළ අවට පොඩි පොඩි තුණ්ඩු කෑලි විසිකරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අනිද්දා උදේටත් තුණ්ඩු බෙදන්න යන්න  ඕනැ නෑ. තුණ්ඩු වීසි කරනව අහුවුණත්, තුණ්ඩු බෙදනව අහුවුණත් ඒ ගොල්ලන්ට නවතින්න වෙන්නෙ රජයෙන් කෑම දෙන පොලිස් ස්ථානයේ හෝ රක්‍ෂිත බන්ධනාගාරයේ. ඒක නිසා අපි හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ නීතියට අනුකූලව ක‍්‍රියා කරන්න. නීතියෙන් වරදට දඬුවමක් තියෙනව. මේ දඬුවම ක‍්‍රියාත්මක නොකර සිටිනව කියල හිතන්නට එපා. අපි ගිය ඡුන්දෙට කිව්වා වගේ ඒ බරපතල කතන්දරය කියන්නට  ඕනෙ නෑ. නමුත් අපි ඒක පරිච්චින්න කරල නෑ. ඡුන්ද පෙට්ටි උදුරන්න ආවොත් අපි ඒදේ ක‍්‍රියාත්මක කරනව. නමුත් ඊට වැඩිය සුළු සුළු වැරදි තමයි දැන් වෙන්නෙ.

ඒක නිසා කිසි වැරැුද්දක් කරන්න එපා. උදාහරණයක් විදිහට ආගමික සිද්ධස්ථානවල ආගමික උත්සව මුවාවෙන් කෙරෙන දේශපාලන ක‍්‍රියා නතර කරන්න. ඒක දේශපාලනයටත් හොඳ නෑ. ආගමටත් හොඳ නෑ.  තමන්ට  ඕන නම් බෝධිපූජාවක් තියලා, හාමුදුරුවන්ගෙන්, නැත්නම් අනිත් ආගමික කටයුත්තක් කරලා පූජකතුමාගෙන්, මව්ලවීතුමාගෙන්, පූසාරිතුමාගෙන් ආශිර්වාද ලබාගන්න එක වෙනම දෙයක්. පිරිසක් එක්ක යන්න එපා. ඒවගෙ මුවාවෙන් රැුස්වීම් තියන්න එපා. අනිවාර්යෙන්ම අයුතු බලපෑම් කියන වරදට අසුවෙනව. අයුතු බලපෑම් කියල එකක් අපේ පනතෙ තියෙනව. මන්ත‍්‍රී ¥රය අහිමිවෙනවා. හොර චන්ද දැමීම, සංග‍්‍රහ කිරීම, අයුතු බලපෑම සහ අල්ලස ඉතාම බරපතල වැරැුද්දක්. සුළු කරුණක් ඇති. අපේක්‍ෂකයන්ගෙ වගකීම තමයි ඒක.

ඡුන්දය දෙන්නෙ කොහොමද කියන එක බොහෝ දෙනෙකුට පැහැදිලි කරල දීල තියෙනව. තමන් දන්න දේ හරියට අනික් අයට කියල දෙන්න. ඡුන්ද පත‍්‍රිකාවේ එක් පසෙක පක්‍ෂවල නම් හා ස්වාධීන කණ්ඩායම්වල විස්තර තියෙනව. සලකුණු තියෙනව ඊට ඉදිරියෙන් හිස් කොටුවක් තියෙනව. පළමුව තමන් කැමති කණ්ඩායමට හරි, පක්‍ෂයට හරි එකම එක කතිරයක් අදාල කොටුව තුළ ලකුණු කරන්න. එම කොටසේ කතිර එකකට වඩා තිබුණොත් ඡුන්ද පත‍්‍රිකාව පතික්‍ෂේප වෙනව. කතිරය හැරෙන්න ඡුන්ද දායකයා හඳුනා ගන්න පුළුවන් දේවල් ලියන්න එපා. ඒවා ලිව්වොත් ඡුන්ද පත‍්‍රිකාව ප‍්‍රතික්‍ෂේප වෙනව.

තමන් කැමති පක්‍ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට ඡුන්දෙ දාලා තමයි මනාපය ලකුණු කිරීම ගැන හිතන්න  ඕනැ. මේ ඡුන්දෙදි එක්කෙනාට මනාප තුනක් දෙන්න පුලූවන් කියල එකක් නෑ. මනාප තුනම දෙන්න  ඕනෙ කියලත් නෑ. කැමතිනම් මනාප නොදී ඉන්න පුළුවන්. කැමතිනම් එක්කෙනෙකුට විතරක් මනාප දෙන්න පුළුවන්. කැමතිනම් දෙන්නෙකුට විතරක් මනාප දෙන්න පුළුවන්. තුන්දෙනෙකුට දෙන්න පුළුවන්. තුන් දෙනෙකුට වඩා දුන්නොත් මනාප අවලංගු වෙනව. මනාප ලකුණු නොකළත් ඡුන්ද පත‍්‍රිකාව ගණන් කරනව. යම් විදිහකින් ඡුන්දය නොදී මනාප ලකුණු කළොත් එම ඡුන්ද පත‍්‍රිකාව ප‍්‍රතික්‍ෂේප වෙනව.

ඡුන්ද පත‍්‍රිකාව ගැන තමාට ගැටළුවක් තියෙනවනම් ඡුන්ද මධ්‍යස්ථානය බාර ජේෂ්ඨ නිලධාරියාගෙන් ඒ ගැන අහන්න පුළුවන්. ඔහු පැහැදිලි කරදෙයි. ඔබගේ ගැටළු එම නිළධාරියා නිරාකරණය කර දීමට බැඳී සිටිනව.

ඡුන්ද පොළොවල් ළ`ගදි ඡුන්ද දායකයින්ට බලපෑම් කරන අවස්ථා තියෙනව. එක එක පක්‍ෂ වලට ඡුන්දය දෙන්න කියල. එවන් අවස්ථාවක ඡුන්දපොළ නිලධාරීන්ගෙ යුතුකම මොකක්ද? ඡුන්ද දායකයන් කුමක්ද මෙවන් අවස්ථාවලදී කළ යුතතේ?
ඡුන්ද දායකයෙක් ඡුන්ද පොළක් වෙත යනකොට මෙවන් කරදරයක් වෙමින් තිබුණා නම්, පහසුවෙන්ම එම ඡුන්ද පත‍්‍රිකාව දානකොට ඡුන්ද ස්ථානාධිපතිවරයාට කියන්න පුළුවන්, ඡුන්ද පොළට අපට එන්න කරදරයි කියල. ගේට්ටුවෙ ඉන්න පොලිස් නිලධාරියට කියන්න පුළුවන්. අපිට ඒ ගැන බයක් දැනෙනව නම් එස්.එම්.එස්. එකකින් ඡුන්ද පැමිණිළි අංශයට කියන්න පුලූවන්. එසේ පැමිණිලි කරන විට නිවැරදිව ඡුන්ද පොළ මොකක්ද කියල සඳහන් කළ යුතුයි.

මේ ප‍්‍රශ්නය ඡුන්ද පොළ නිලධාරීන්ගේ ගැටලූවක් පිළිබඳවයි. ඇතැම් නිලධාරීන් කලින් පෝරමයක් පුරවල කියනව ඡුන්ද පොළට යන්නය බැරි සාධාරණ හේතුවක් තියෙනව. ඒත් ඩියුටි ඇවිත්. ඒ වෙලාවට මොකක්ද කළයුත්තේ?

අපි මුලින්ම එවන දත්ත පත‍්‍රිකාවේ ඒ ගැන සඳහන් කරල තියෙනව. අපි නිදහස් කරනව ගර්භනී මව්වරු, කිරිදෙන අම්මාවරු, අසාධ්‍ය මව හෝ පියා බලාගන්න අය, පවුලේ කුඩා දරුවො ඉන්නවා, දෙන්නටම ඩියුටි ඇවිත්, ඒ වගේ අය, ආබාධවලින් පෙළෙන අය, රාජ්‍ය සේවයේ ඉන්න පූජකවරයක් දරණ අය. අපි ඒ ගොල්ල නිදහස් කරනව.

කවුරුන් හෝ ඡුන්ද පෙට්ටි උදුරා ගන්න වගේ දැඩි අයුතු බලපෑමක් කෙරුවොත් කොයි විදිහටද ක‍්‍රියාත්මක වෙන්න පුලූවන් වෙන්නෙ?
මම දන්න පාතාලෙ නම් මිනිරන් පතල්, මැණික් පතල්. ඔය කියන පාතාලේ ඉන්නෙත් මිනිස්සුනෙ.  ඕනෑම කෙනෙක් ඡුන්දපොළක කලබලයක් ආවොත්, කවුරුත් හෙනරාජ තෛලය ගාලා නැ නොවැ, ඒ ගොල්ලන්ට වෙන්නෙ මොකද කියල බලාගන්න පුළුවන්.

ඔබට දෙන්න තියන වෙනත් පණිවිඩයක් තියෙනවද?

මට මහජනතාවටත්, අපේක්‍ෂකයන්ටත් දෙන්න තියෙන පණිවිඩය නම්, ඡුන්දය අපේ අයිතියයි. ඔබේ අයිතියයි කියන එක හොඳට මතක තබාගන්න  ඕනැ. ඒ වගේම ඡුන්ද අපේක්‍ෂකයො දැනගන්න  ඕනැ, අපට අපේ ඡුන්ද ව්‍යාපාරය කරන්න අයිතියක් තියෙනව වගේම, අපේ මතය නොදරන, අන් මත දරණ අයටත් තමන්ගේ මතය ජනගත කරන්න ඒ හා සමානවම ශුද්ධ වූ අයිතියක් තියෙනව කියල. මට තියන අයිතිය ඔවුන්ටත් තියෙනව කියල හිතනනම් ඡුන්ද දායකයො ගිහිල්ලා නිදහසේ ඡුන්දෙ පාවිච්චි කරනව.

ඡුන්ද දායකයා උදේම ඡුන්ද පොළට ගිහිල්ලා ඡුන්දෙ පාවිච්චි කරන්න. හවස් වෙනකම් ඉන්නෙ නැතුව. ඊට පස්සෙ ඡුන්ද මධ්‍යස්ථාන අසල රැුඳෙන්නෙ නැතුව, තමන්ගෙ නිවසට, වැඩපොළට, කම්හලට, ගොවිබිමට යන්න.  ඡුන්දෙ දවසෙ රූපවාහිනී නාලිකාවකින් විනෝද වැඩසටහන් හෝ පුවත් වැඩ සටහන් බලන්න. නැත්නම් තමන්ගෙ එදිනෙදා වැඩකටයුත්තක යෙදෙන්න.

ඡුන්දය පාවිච්චි නොකර ඉන්න එපා. කිසිදු කෙනෙකුට නීති විරෝධි කටයුත්තක් කරන්න ඉඩ දෙන්න එපා. හැමට ඉහළිත් ඇත්තේ කරුණු දෙකයි. නීතිය හා අපගේ අවංකභාවයයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *