විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකලොත් යන්නේ යක්ෂයාගේ කටටයි

මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ සංඝ සභාවේ සභික හිමිවරුන් රැස් වි නව ව්‍යවසථාවක් අනවශ්‍ය බව ප්‍රකාශ කර ඇත.
මෙය පුදුමයට හේතුවන කරුණකී. දැනට සති කිපයකට ප්‍රථම මල්වතු මා හිමියන් හමු වූ නියෝජිත පිරිසකට උන්වහන්සේ පැහැදිලිව වදාලේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවය. සති කිහිපයක් අප වෙත එම තීරණය වෙනස් කිරිම පුදුම සහගතය. බුදුන් වහන්සේ වදාල යථාවාදී තථාකාරී – තථාකාරි යථාවාදි දේශණයත් සමග මේ ක්‍රියාව කොතරම් පැහැදේද යන්න අපට සිතා ගැනිමට අසිරුය.
1978 ජනාධිපති ව්‍යවස්ථාව ඇති වු දා සිටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ඒකාධිපති ස්වරය ගැන දේශපාලන සහ ආණ්ඩුක්‍රම පිළිබඳ විශාරදයින් පෙන්වා දෙන ලදි. ආචාර්ය එන්. එම්. පෙරේරා සහෝදරයා විසින් ලියන ලද -විවෙචනානාත්මක විශ්ලේෂණය- මගින් එම ව්‍යවස්ථාවේ ඇති ජනතා විරෝධි ක්‍රියාව මනාව පැහැදිලි කර දී ඇත. 1994 සිට බලයට පත් වු චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මැතිණිය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඇතුලු ජනාධිපතිවරු තම මැතිවරණ ප්‍රකාශ මගින් ජනතාවට දන්වා සිටියේ විධායක ජනාධිපතික්‍රමය අවසන් කරන බවය. චන්ද්‍රිකා ජනාධිපතිනිය 2002 දි එය වෙනස් කිරිමට උත්සාහයක් ගත්නේ වි නමුත් එ. ජා. ප සහ ජ. වි. පෙ විරෝධය නිසාත්, ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුල 2/3 බලයක් නොමැති වු නිසා එම වැයම පටන් ගැනීමත් සමගම අතහැර දමන්නට සිදුවුනි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා 18 වෙනි සංශෝධනය මගින් දෙවරක් තරග කිරිමට පමණක් වු වගන්තිය අහෝසි කර දමන ලදි.
ජේ. ආර්. ජයවර්ධන මහතා වරක් ප්‍රකාශ කලේ විධායක ජනාධිපති බලතල අනුව තමාට කල නොහැක්කේ ගැහැණියක් පිරිමියෙක් බවට පත් කිරිම පමණක් බවය. විධායක ජනාධිපති ක්‍රමයේ අනුහස් එහෙයින් මනාව පැහැදිලි වේ.
1980 ආණ්ඩුවේ වැඩ වර්ජණය එක රැයින් කඩාකප්පල් කර ලක්‍ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාවට රැකියා අහිමි කරමින් පවුල් විශාල සංඛ්‍යාවක් ආර්ථිකයේ ආගාධයට ඇද දැමුවේ මේ ව්‍යවස්ථා ආනුභාවයෙන් බව කිව යුතුය. මේ රටේ ආර්ථිකය උඩු යටිකුරු කලෙත්, සුදු වැන් ආණ්ඩු විරෝධි අතුරුදහන් කලේ විධායක ජනාධිපති ක්‍රමයට පින්සිද්ධ වන්නටය.
මෙයින් කට්ට කෑවේ අස්ගිරි මල්වතු සංඝ සභාව නොව මේ රටේ මහජනතාවය. ජනමාධ්‍යය ආයතනය. විධායක ජනාධිපතිගේ පුත්තු ශ්‍රී දළදා මාළිගාව අසල කානිවල් දමමින්, මෝටර් රේස් පැදවිම, මෙම මහා සංඝ රත්නය වැඩ සිටියේ කොහෙද යන්න අප දැන සිටිය යුතුය. එදා ජනාධිපතිවරයාට විරුද්ධව කතා කිරිමට ඇති බිය නිසා බව අපි දනිමු. විධායක ජනාධිපතිගේ බලතල හිතුවක්කාර ලෙස උපයෝගි කර ගනිමින් බැසිල් රාජපක්‍ෂ ඇමතිවරු පාලනයට යාම නිසා එදා ආණුඩුවේ සිටි ඇමතිවරු සිටියේ සන්තෝෂයෙන් යන්ද ඔවුන්ගේ හෘද සාක්ෂීය අනුව සොයා බැලිය යුතුය.
පසුගිය මැතිවරණයේ දි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්‍ෂකයා බවට පත් වි එම මැතිවරණයේදි ලක්‍ෂ 62ක ඡන්දයක් ලබා ගත්තත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබා දුන් ස්ථිර සාර පොරොන්දුව නිසාවෙනි. එම මැතිවරණවයේ දි අස්ගිරි මල්වතු පාර්ශව සිටියේ කොහෙදැයි අපි නොදනිමු. වසර 30ක් ඇදි ගිය යුද්ධයටද මුලිකත්වය වුයේ රටේ විධායක බලය එක් අයෙකු අත පැවති නිසා බව මොලේ ඇති අයට වැටහි යනු ඇත.
මේ ඒකාධිපති ව්‍යවස්ථාවට අස්ගිරි මල්වතු පාර්ශවයටද කැමති විමට හේතු ඇත. එනම් එම නිකායේ ව්‍යවස්ථාවද ඒ සමානව ඇති බැවිනි. මහා නායක තනතුර පත් විය හැක්කේ කාටද? සිංහල, බෞද්ධ, උඩරට රදළ පමණි. එහි ඒකාධිපති ස්වරුපය නිසා, දඹුලු පාර්ශවය හා රෝහණ පාර්ශවය වශයෙන් කොටස් 2කට කැඩි ඇත. මේ ව්‍යවස්ථාව පැවතුනුහෝත් රට කැඩෙන්නේද ඒ අයුරිනි. බුදුරාජාණානන් වහන්සේ සුනිත, සෝපාක යන අය සසුණට ඇතුලත් කර, දුකින් මුදවා ගත් බව බෞද්ධ ධර්මය ඉගැන්විමේදි අපට කියා දි ඇත. අද පහතරට, වෙනත් කුලයක, ධර්මධර, විනයදර වන්දනීය භික්‍ෂුවක් අතරමංවිමේන් මෙම විහාර වලට වැඩියෙන් භාර ගන්නවාද යන්න මෙම සංඝ සභාවේන් ගෞරව පුර්වකව අප විමසිය යුතුය. වෙනත් කුලවලට අයත් දරුවන් මහණ කිරිම ඔබ සංඝ සභාව අනුමත කරනවාද යන්න විමසිය යුතුය. ඒ හේතු අනුව ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමවයේ උන්වවහන්සේලාට වැදගත් බව අපට පෙනි යයි.
බලය බෙදිමෙ තුලින් සියලු ජන කොටස් එකතු කර ගනිමින් රටේ ආර්ථිකය දියුණු කිරිම ආණුඩුවේ වගකිමක් වනු ඇත. එසේ නොමැතිව එක් එක් ජන කොටස් බෙදා වෙන් කිරිම ආණුඩුවේ යුතුකම නොවේ. වාසෙට්ට සුත්‍රය දේශණා කරමින් බුදුරාජාණන් වහන්සේ දේශණා කලේ සියලු මිනිස් වර්ගයකම එක සමාන බවය. අපි උදේ සවස පංචශිලයේ පිහිටා භාවනා කරනු ලබන්නේ සියලු සත්වයෝ නිදුක් වේවා යනුවෙනි.
නිර්මල දහම පවත්වාගෙන යාම සඳහා කැප වි සිටින භික්‍ෂුන් වහන්සේලා එක් එක් නිචවාදින්ගේ චාටු බස් වලට රැවටි රට විනාශකාරි තිරණයක් ගැනිම බෞද්ධයින් වශයෙන් අපට සිත රිද්දවන්නෙකි.
බහුජන හිතාය- බහුජන සුඛාය අනුව ජනතාව සිතුම් පැතුම් අකුව කටයුතු කිරිම සහ ජනතා අපේක්‍ෂා මුදුන් පමුණුවාලිමට උදව් උපකාර කිරිම මහ සංඝ රත්නයගේ වගකිම බව අවසන් වශයෙන් සඳහන් කරමු.

ජගත් හේමචන්ද්‍ර-  නියෝජ්‍ය ලේකම්,  එක්සත් වාමාංශික පෙරමුණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *