නව ව්‍යවස්ථාව ගැන ජනතාව නොමඟ යවන්න එපා අගමැති – මාධ්‍යයෙන් ඉල්ලයි // vedio//

යෝජිත නව ආණ්ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුලූ ආයතන තුනක් විසින් සිදුකළ සමීක්‍ෂණයේ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමින් 2017.10.19 දින පාර්ලිම්න්තු සංකීර්ණයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දක්වූ අදහස්:

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතමුන් ජනතාව නොමග යවමින් සිටින බව මේ පිළිබදව හැදින්වීමක් කරමින් ඔබතුමන්ලා චෝදනා කළාඑසේනම් ජනතාව නොමග යවන්නේ කවුරුන්දමෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන් ප්‍රකාශයක් කළා යැයි සදහන් කරමින්එම නාහිමියන්ගේ ඡායාරූපය සහිතව සියලුම පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවල ප්‍රවෘත්ති පළකර තිබෙන බව මම අද දුටුවානමුත් ඒ පිළිබදව විමසීමට මම මල්වතු මහනාහිමියන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ දීඑවැනි ප්‍රකාශයක් කිරීමට තබා තමන් වහන්සේ මේ දිනවල දිවයිනේවත් නොමැති බව නාහිමියන් වහන්සේ මා සමග පවසා සිටියාඑසේ නම් එවැනි ප්‍රවෘත්තියක් හෝ ඡායාරූපයක් මාධ්‍ය තුළ පළවන්නේ කෙසේද

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් අප මේ වන විට ජනතා අදහස් ලබා ගනිමින් සිටිනවා. ව්‍යවස්ථාව සැකසීමේ කටයුතු ඉදිරියට සිදුකරගෙන යාම පිළිබදව අප එළඹෙන සතියේ දී විවාදයක් පැවැත්වීමට සූදානම්එම විවාදයෙන් පසුව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් අදහස් විමසන අවස්ථාවේ දී ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් ඇතුළත් අද මේ ලබාදුන් වාර්තාවත් අපි ප්‍රයෝජනයට ගන්නවායෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබදව මෙවැනි වාර්තාවක් මට ලබාදීම පිළිබදව ඔබට ස්තුතිවන්ත වනවා.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතමුන් ජනතාව නොමග යවමින් සිටින බව මේ පිළිබදව හැදින්වීමක් කරමින් ඔබතුමන්ලා චෝදනා කළාඑසේනම් ජනතාව නොමග යවන්නේ කවුරුන්දමෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන් ප්‍රකාශයක් කළා යැයි සදහන් කරමින්එම නාහිමියන්ගේ ඡායාරූපය සහිතව සියලුම පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවල ප්‍රවෘත්ති පළකර තිබෙන බව මම අද දුටුවානමුත් ඒ පිළිබදව විමසීමට මම මල්වතු මහනාහිමියන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ දීඑවැනි ප්‍රකාශයක් කිරීමට තබා තමන් වහන්සේ මේ දිනවල දිවයිනේවත් නොමැති බව නාහිමියන් වහන්සේ මා සමග පවසා සිටියාඑසේ නම් එවැනි ප්‍රවෘත්තියක් හෝ ඡායාරූපයක් මාධ්‍ය තුළ පළවන්නේ කෙසේද?

එය මාධ්‍ය මගින් ජනතාව නොමග යැවීමක් නොවේ දමීට පෙර අවස්ථාවක ද මල්වතු මහනාහිමියන් වහන්සේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උන්වහන්සේගේ මතය ඉතා හොදින් හෙළිකර තිබුණාතවමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර නොමැති බවත්එය පවතින්නේ සාකච්ඡා මට්ටමේ බවත්මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යවරයා වන මමත් පවසන අදහස් පිළිගන්නා බව ද මහ නාහිමියන් එහිදී පැවසා තිබුණා.

නමුත් මෙම ප්‍රවෘත්තිය දැකීමෙන් පසු මම මහ නාහිමියන් සම්බන්ධ කර ගැනීමට කල්පනා කළාසත්‍යය තත්වය මට අවබෝධ වුණේ එවිටයිඑම ප්‍රවෘත්ති සාකච්ඡාව කැදවූයේ මහනුවර දියවඩන නිලමේ නම්එම ප්‍රවෘත්තිය සමග පළකළ යුත්තේ දියවඩන නිලමේගේ ඡායාරූපය මිස මල්වතු මහනාහිමියන්ගේ ඡායාරූපය නොවේඉදිරියේ දී මේ සම්බන්ධයෙන් දියඩවන නිලමේ තුමාගෙන් විමසීමට මම බලාපොරොත්තු වෙනවා.

මල්වතු මහනාහිමියන් පක්ෂව හෝ විපක්ෂව අදහසක් පලකරනවා නම් එය ඔබේ මාධ්‍ය තුල පළකිරීමේ කිසිදු ගැටළුවක් නැහැනමුත් උන් වහන්සේ එවැනි ප්‍රකාශයක් නොකරදිවයිනේවත් නොමැති අවස්ථාවක මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් පළකරන්නේ ඇයි දැයි මම මේ රටේ ජනමාධ්‍ය ආයතවලින් විමසීමට කැමතියි.

මාධ්‍ය ආයතන කැඳවා ඒ ආයතනවල මාධ්‍යවේදීන් ඉදිරිපිට මේ පිළිබඳව විමසන විට ඒ වෙනුවෙන් ඔබ ලබාදෙන පිළිතුර කුමක්දකිසිවෙකුටත් සෘජු පිළිතුරක් ලබාදුන්නේ නැහැඔබට හැකි නම්මගේ මෙම ප්‍රශ්න කිරීම අද දහවල් වන විට ඔබේ මාධ්‍ය තුළ පළ කරන්න යැයි මම ඉල්ලා සිටිනවා.

මල්වතු මහ නාහිමියන් මේ මොහොතේ වැඩසිටින්නේ කොහේදැයි ඔබේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් විමසා දැනුම් දෙන්නමෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීමෙන් රටට සිදු වන්නේ කුමක්දමේ සම්බන්ධයෙන් මගේ ප්‍රකාශය ඔබ පුවත්පත් ආයතන පළ කරන්නේ පළමු පිටුවේ දනැතිනම් අවසන් පිටුවේ දයෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් ඔබ ප්‍රචාරය කරනවා නම් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඒ සම්බන්ධයෙන් වන මගේ අදහසත් ඔබ මාධ්‍ය මගින් ඉඩ ලබාදිය යුතුයි.

මල්වතු මහනාහිමියන් රටේ වැඩ නොසිටින අවස්ථාවකත් ඔබ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක්ප්‍රධාන පුවතක් ලෙස පළ කරා නම් රට තුළ සිටින මගේ අදහසත් ඔබ ආයතනය තුළ පළ කළ යුත්තේ ප්‍රධාන පුවතක් ලෙස නොවේ දමෙම මාධ්‍ය සාකච්ඡාවේ දී මා දැක්වූ අදහස් ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකාවලත් විකෘති කිරීමකින් තොරව පළ කරන බවට ඔබට පොරොන්දු විය හැකිද?

ජනතාව අපට වරමක් ලබා දී තිබෙනවාඑවැනි තත්ත්වයක් තුළ මාධ්‍ය මගින් ජනතාව නොමඟ යවමින් ඔබ සිදු කරන මාධ්‍ය සෙල්ලම කුමක්දලංකාදීපදිවයිනඩේලි මිරර් ආදී පුවත්පත් මෙන්ම ඇතැම් විද්‍යුත් මාධ්‍ය ජනතා වරමට අනුව ක්‍රියා නොකරන ලෙස අපට බලකරනවාදරාජපක්‍ෂ රෙජීමයට කාලයක් පුරා කඩේ ගිය මාධ්‍ය ආයතනවලින් මම ඉල්ලා සිටින්නේ මේ සෙල්ලම නතර කරන ලෙසයි.

මෙවැනි අසත්‍ය ප්‍රචාරයක් පළ කළේ මන්දැයි මේ මොහොතේ ඔබ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් විමසා දැනුම් දෙන්නේ නම් ඊට මේ මොහොතේම පිළිතුරු ලබාදීමටත් මා සූදානම්එවිට ඔබ මාධ්‍ය ආයතනවලට එයත් පළ කිරීමට හැකියාව තිබෙනවා

 

https://www.facebook.com/ranil.wickremesinghe.leader/videos/1150195021746669/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *