සිල් රෙදි වංචාව මිලියන 600 යි – සිරිලිය හොරකම් ගැන කතාවක්වත් නෑ – ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

අද අපේ සමාජය ආර්ථික, දේශපාලන සංස්කෘතික අර්බුදයක තිබෙන්නේ. සියල්ල පිරිහිලා. කෙළෙසිලා. අධ්‍යාපනය පිරිහිලා; ආගමික සංස්ථා පිරිහිලා. සමාජය නැවත සකස් කළ යුතු තත්වයක තිබෙනවා. රට මහා දැවැන්ත ණය කන්දක හිර කරලා. සෑම පුරවැසියෙක්ම රුපියල් ලක්ෂ පහක ණයකාරයෙක් බවට පත්වෙලා. හාල් සීයයි. පොල් සීයයි. ගෑස් මිල රුපියල් එකසිය දහයකින් වැඩි කරලා. ජීවන බර වැඩිවෙලා. ජීවිතය දුෂ්කර වෙලා. ඒ මදිවට බදු බර දඩ බර නිසා ජීවිතය අමාරුවෙන් තමයි ඇදගෙන යන්නේ.
ලංකාවේ සේවා නිෂ්පාදනය කඩා වැටිලා. අධ්‍යාපනය විශාල අර්බුදයක. ඒ නිසාම පෞද්ගලික අධ්‍යාපනය වැඩිවෙලා. සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවන් අධ්‍යාපනයෙන් ඈත්කරමින් තිබෙනවා. සෞඛ්‍ය සේවා කඩා වැටිලා. ජනතාවට බරපතල රෝග තත්වයක් ඇති වුණාම හොඳ කරගන්න සල්ලි හොයන්න සම්මාදමේ යන්න වෙලා. හොරකම් වංචා ¥ෂණ වැඩිවෙලා. ආණ්ඩුවේ අයම දැන් බැංකු සුද්ධ කරනවා. මීට කලින් හොරකම් ගැන කතා කළේ ලක්ෂ ගණන්වලින්. දැන් කතාව මිලියන ගණන්වලින්. පොඩි හොරු හිරේ යනකොට ලොකු හොරු ගෙදර යනවා. ලලිත් වීරතුංගලාගේ සිල් රෙදි වංචාව මිලියන 600යි. වසර 03ක් හිරේ දැම්මාම සතියක් යන්න කලින් අභියාචනා කරලා නඩුත් අහලා ඇප අරගෙන ගෙදරත් යනවා. සාමාන්‍ය අය ඇප ගන්න බැරිව අවුරුදු ගානක් හිරේ ඉන්නවා. නාමල්ගේ ලේකම් කියන කාන්තාව ජාත්‍යන්තර වරෙන්තු පිට හිටියේ. අල්ලගත්තා. උසාවියට ඉදිරිපත් කළා. දවසින් ඇපත් දුන්නා. සිරිලිය හොරකම් ගැන කතාවක්වත් නෑ. කරනවානම් පොඩි හොරකම් කරන්න එපා ලොකු හොරකම් කරපල්ලා කියලයි මේ පණිවිඩයෙන් කියන්නේ.
මේ සමාජය මුහුණදීලා තිබෙන තත්වය වෙනස් කරන්න ඕනෑ. මේ වෙනස වෘත්තීය සමිතිවලට, දේශපාලන පක්ෂයකට පමණක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සාමාන්‍ය ජනතාව පෙරට එන්න ඕනෑ. අද අපේ රටේ තිබෙන අර්බුදය පොදු ජනතාව බහුතරයක් නිහ`ඩතාවයක, මිත්‍යාවක ගිලිලා, රැුවටිලා සිටීමයි. අර්බුදය දැක දැක ජනතාව වෙනත් පැත්තකට ගමන් කරමින් ඉන්නවා. ජනතාවගෙන් බහුතරයක් මේ ඇත්ත තත්වය තේරුම් ගන්න තුරු අපේ රටට ගොඩ එන්න බැහැ. ජනතාව මිත්‍යාවෙන් මුදවා ගන්න ඕනෑ. අපේ රටේ ගුරු පරපුරට ඒ වෙනුවෙන් කාර්යභාරයක් තිබෙනවා. මාක් ට්වේන් කියන ඇමරිකානු ජාතිකයා කියා තිබුණා ජනතාව රැුවටීමෙන් මුදවා ගන්නවාට වඩා ඔවුන් රැුවටීම පහසුයි කියලා. එජාපය ශ‍්‍රීලනිපය අද කරමින් ඉන්නේ ඒ පහසු වැඬේ.ජනතා විමුක්ති පෙරමුණ කරමින් ඉන්නේ ජනතාව රැුවටීමෙන් මුදවා ගැනීමේ අසීරු කාර්යයි. එය කොපමණ අසීරු වුවත් අපි කරනවා. අපේ රටේ ගුරුවරුන් විදියට සමාජය ගිලී තිබෙන මේ මිත්‍යාව පලවා හැරලා සත්‍ය ගේන කණ්ඩායමක් බවට පත්විය යුතුයි.
මහින්ද රාජපක්ෂ දේශපේ‍්‍රමියෙක් කියලා මිත්‍යාවක් හදලා තිබෙනවා. 2007දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඝෝඨාභය ආරක්ෂක ලේකම්වරයා විදියට ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළා. යුද්ධයකදී ඇමරිකාවට සහය දෙන්න. එවැනි ගිවිසුමක් දේශපේ‍්‍රමියෙකුට අත්සන් කරන්න බැහැ. දේශපේ‍්‍රමය ගැන කතා කරන රාජපක්ෂ සහෝදරයින් අදටත් ඇමරිකන් පුරවැසියන්. මහින්ද මහත්තයා ගෝල්පේස් එකේ හමුදා කඳවුර ඉවත් කරලා අක්කර හතක පමණ ඉඩමක් සැංග‍්‍රිලා සමාගමට දෙනවා. රටට ආදරය කරන කෙනෙක්ට ඒවා කරන්න පුළුවන්ද? මේ පරස්පරය තේරුම් ගන්න සමහරුන්ට බැහැ. මහින්ද රාජපක්ෂ හොඳ බෞද්ධයෙක් කියනවා. මහනායක හිමිවරුන් එපා කියද්දී මහින්දගේ දරුවන්ගේ සතුට වෙනුවෙන් දළදා මාලිගාව ඉස්සර කාර් රේස් පැද්දා. දළදා මාලිගාවට බෝම්බ තිබ්බ කරුණා අම්මාන්ට ශ‍්‍රීලනිපයේ උප සභාපතිකම දුන්නා. කතරගම දේවාලේ නිලමේකම තමන්ගේ අයියගේ පුතාට දෙන්න විහාරදේවාලගම් පනත වෙනස් කළා. එහෙම කෙනෙක් කොහොමද බෞද්ධයෙක් වෙන්නේ. මෛත‍්‍රී සරල ජනාධිපති කියලා මතයක් හැදුවා. දැන් මෛත‍්‍රීත් මහින්දට ඇඳලා ජනතා මුදල් නාස්ති කරන්න පටන් අරගෙන. ‘සරල ජනාධිපති’ තමන්ගේ දුවට කියලා තමන් ගැන පොත් ලියාගන්නවා. මහින්ද මෛත‍්‍රී රනිල් අවබෝදයෙන් වැඩකරමින් ගනුදෙනු කරමින් ඉන්න අතරේ ජවිපෙ එජාපය අතර ගනුදෙනු ගැන අසත්‍ය පතුරනවා. මේවා ඇතැම් අය විශ්වාස කරනවා. ඒ නිසා අපේ රටේ බහුතරයක් ජනතාව සත්‍ය තේරුම් නොගෙන මිත්‍යාව පස්සේ යනවා.
අද අපේ සමාජය විශාල අර්බුදයක, ඛේදවාචකයක තිබෙන්නේ. ඉන් මුදවා ගැනීම හැර වෙන උත්තරයක් අපිට නැහැ. ඒ සඳහාසමාජය දැනුවත් කරන්න ඕනෑ. සමාජයට හොඳ පුරවැසියන් හදන්න ඕනෑ. විචාරශීලී හොඳ නරක තෝරාගන්න පුළුවන් පුරවැසියෙක් හදන්න ඕනෑ. ලේසියෙන් රවට්ටන්න බැරි කෙනෙක් හදන්න ඕනෑ. ඒ කාර්යභාරය දරුවන්ගේ සිට ආරම්භකරන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපේ රටේ ගුරුවරුන්ට විශාල කාර්යභාරයක් තිබෙනවා. දරුවන් අපේ සමාජය වෙනස් කරන්න පුළුවන් හිතන්න මතන්න පුළුවන් විචාරශීලිත්වය තිබෙන සැබෑ පුරවැසියෙක් ලෙස සකස් කිරීමට මනස පෝෂණය කළ යුතුයි. ඒ වගේම මේ සමාජය යහපත් කිරීම සඳහා ඔබ අප සියලූ දෙනාම පෙරමුණ ගත යුතුයි කියලා අපි හිතනවා.
අද අපේ රටේ දේශපාලනය පිරිහිලා. දේශපාලඥයා හොරෙක් තක්කඩියෙක් ස්ත‍්‍රී දුෂකයෙක් වංචාකාරයෙක් බවට පත්වෙලා. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස ඒකෙන් මිදිලා තිබෙන්නේ. තක්කඩිකමට, හොරකමට, පෞද්ගලික අරමුණුවලට කරන දේශපාලනය වෙනුවට සමාජයට සේවය කිරීමේ අරමුණ පෙරදැරි කරගත් දේශපාලනයක් අපේ සාමජයට එකතු වෙන්න ඕනෑ. ජනතා විමුක්ති පෙරමුණ ඒ කටයුත්ත ඉටු කරලා තිබෙනවා. ඒ සඳහා හොඳ මිනිස්සු දේශපාලනයට එන්න ඕනෑ. නරක මිනිස්සු දේශපාලනයට එන වළක්වන්න ඕනෑ. වැඩිපුර දැනුම තියෙන අය දේශපාලනයට එන්න ඕනෑ. හොරකම් කරන, තක්කඩිකම් කරන පුද්ගලයින් ස්ත‍්‍රී ¥ෂකයින්, ගුරුවරු දණගස්වන අය, රාජ්‍ය සේවකයින් ගස් බඳින අය දේශපාලනයට එනවා වෙනුවට ගුරුවරයා රාජ්‍ය සේවකයා වැනි සමාජයට වැඩක් කරන්න පුළුවන් පුද්ගලයින් දේශපාලනයට අතට ගන්න ඕනෑ.
දැන් ඒකට හොඳ අවස්ථාවක් උදා වෙලා තිබෙනවා. පළාත් පාලන මැතිවරණය ළඟ එනවා. ගම්මට්ටමේ අපේක්ෂකයින්ට අවස්ථාව උදා වෙලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අපි තීරණයක් අරගෙන තිබෙනවා මේ මැතිවරණයේදී ජවිපෙ අපේක්ෂකයින්ට අමතරව සමාජය ගැන හොඳට හිතන සමාජයට අලූත් දේශපාලන සංස්කෘතියක්හදන්න පුළුවන් පෞද්ගලිකත්ව නැති සාමූහිකත්වය තිබෙන වංචා දුෂණවලට විරුද්ධ නව දේශපාලන සංස්කෘතියක් සකස් කිරීම සඳහා කාර්යභාරයක් කරන්න කැමති දැනුම හැකියාව තිබෙන අයට අවස්ථාවක් දෙන්න අපේ පක්ෂය ඇතුලේ. ඒ වෙනුවෙන් අපි ජනතාවට ආරාධනා කර තිබෙනවා. රට හදන්න කැමති, හැකියාව ඕනෑකම තිබෙන පාදඩ දේශපාල සංස්කෘතිය වෙනස් කරලා දේශපාලනය වඩා යහපත් කිරීම සඳහා මැදිහත්වීමට ඕනෑකම තිබෙන අය අපිත් එක්ක එන්න. අපේ පක්ෂය විවෘතයි. අපේක්ෂකයින් වෙන්න කියලා අපි ආරාධනා කරනවා. මිනිසුන්ගේ මනස හැදීම කුඩා කාලයේ සිට ආරම්භ කළ යුතු වගේම මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම බිම්මට්ටමින් ආරම්භ කළ යුතුයි. ඒ සඳහා හොඳම අවස්ථාව තමයි පළාත් පාලන මැතිවරණය. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකත්වයට එන්න පුළුවන් අයට එන්න කියලා අපි ආරාධනා කරනවා. ඉදිරියේදී රට වෙනස් කරන්න පුළුවන් දිගු ගමනක් ජවිපෙ විසින් ආරම්භ කරලා තිබෙනවා. ඒ සඳහා මේ වනවිට බොහෝ පිරිසක් සහාය දෙමින් ඉන්නවා. ඒ දේශපාලන බලවේගය සඳහා ඔබේ දායකත්වයත් ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා.

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *