මාව අත්අඩංගුවට ගත්තා, පොඩ්ඩක් හොයලා බලන්න. – නාමල් ඇමරිකාවට දන්වයි!

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට බදුදීමට එරෙහිව ඒකාබද්ධ ව්පක්ෂය විසින් සංවිධානය කල විරෝධතාවයක් නිසා අධිකරණ නියෝගයක් කඩ වූ බව පවසමින් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ තවත් හය දෙනෙකු ඊයේ හම්බන්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

අත් අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලා.

තමන්ව අත් අඩංගුවට ගත් බව සටහන් කරමින් නාමල් රාජපක්ෂ මහතා ටුවිටර් පණිවිඩයක් නිකුත් කර ඇති අතර එය එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහකොමසාරිස් වරයාගේ නිල ටුවිටර් ගිණුම සහ එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම්වරියගේ නිල ටුවිටර් ගිණුම වෙත සම්බන්ධ කර තිබූ අතර එම පණිවිඩය පහතින් දැක්වේ.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *