නාමල් ඇතුළු 6ක් අත්අඩංගුවට..

මත්තල ගුවන්තොටුපොළ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉන්දියාවට ලබාදීමට එරෙහිව ඔක්තෝබර් හයවෙනිදා (06) හම්බන්තොට නගරයේ ගෙන ගිය උද්ඝෝෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කළ කැඳවීමක් අනුව අද හම්බන්තොට පොලිසියට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුණි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ හම්බන්තොට මූලස්ථාන පොලිසියට පැමිණි ඩී. වී. චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඊට අමතරව උපාලි කොඩිකාර,සම්පත් අතුකෝරල සහ මේජර් අජිත් ප්‍රසන්න යන පළාත් සභා මන්ත්‍රීවරුන් ද අද (10) අත්අඩංගුවට ගත් කණ්ඩායමට ඇතුළත් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *