මැතිවරණ කාලයේ ලේකම්වරු ඉවත් කරන්න බැහැ කීමට පදනමක් නැහැ – ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න

මැතිවරණයක් පවත්වන අවස්ථාවක පක්ෂ ලේකම්වරයකු ඉවත්කළ නොහැකි බවට ඇතැමුන් ඉදිරිපත් කරන තර්කයට කිසිදු නීතිමය පදනමක් නැති බවත් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් දුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉවත්කළේ ජනාධිපතිවරණය පවත්වන අතරතුර බවත් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න මහතා “යුක්තිය”ට ප්‍රකාශ කළේය .

කිසියම් පක්ෂයක ලේකම් වරයෙක් මැතිවරණ කාලයකදී වෙනත් පක්ෂයකට සහාය දීමට කටයුතු කළහොත් හෝ පක්ෂයට හනිවනසේ කටයුතු කළහොත් එවැන්නකු ඉවත් කිරීමට නීතියෙන් ඉඩක් නැතිනම් එය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද බලවත් ප්‍රශ්නයක් වන බවද වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය .

වික්‍රමරත්න මහතා මේබව ප්‍රකාශ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් තනතුරින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත්කොට විශ්වා වර්ණපාල මහතා පත්කිරීමේ නීත්‍යානුකුල භාවය පිලිබදව අපකළ විමසුමකට පිළිතුරු වශයෙනි .

විශ්වා වර්ණපාල මහතාට පක්ෂව ලබාදී ඇති අධිකරණ නියෝගයට ගරු කිරීමට මැතිවරණ කොමසරිස්වාරයටද සිදුවන බව වික්‍රමරත්න මහතා කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *