ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය කුමකට ද ? – භාතිය බරුකන්ද

‘හාල් 100යි, පොල් 100යි. අපිට ජීවත් වෙන්න බෑ. පඩි වැඩි කරවු’’ කියලා පසුගිය දවස්වල පෙරටුගාමී සමාජවාදීන් රටපුරාම පෝසටර් ගහලා තිබුණා. රුපියල් 100ක් කෙසේ වෙතත් 70-80ක් දීලා ගමේ කඩෙන් පොල් ගෙඩිය ගන්න මිනිහා වාගේම වත්තේ එකම පොල් ගහේ ගෙඩි ටික කඩලා එකක් 60 ගානේ ගමේ කඬේටම විකුණන ගමේ මිනිහත් මේ පෝස්ටර් එක දකින්න ඇති.

රට වැහෙන්න පෝස්ටර් ගහන එක බොහොම පහසුයි. වියදම් කරන්න සල්ලියි තාප්පයි පාප්පයි තියෙනවා නම් ඕනෑම දෙයක් රටපුරා ගහන්න පුළුවන්. ඒත් ප‍්‍රශ්නේ තියෙන්නේ කටින් බතල කොළ හිටනවා වාගේ නෙමෙයි වැඩක් කරන්න ගියාම තියෙන කන්දක් ප‍්‍රශ්න.

ගෝලීය වශයෙන් නිරන්තරයෙන් උද්ගත වන යුද අවදානම්, දේශගුණික විපර්යාස සහ විවෘත වෙළෙඳපොළ සාධක හමුවේ ආහාර සඳහා වෙනත් රටවල් මත යැපීම මේ වන විට දැඩි අවදානම් කාර්යයක් බවට පත්ව තිබෙනවා. මුළු ලෝකයම යළි ස්වයංපෝෂිතභාවය වෙත ගමන් කරමින් සිටින්නේ මේ අවදානම මනාව හඳුනා ගෙන ඇති නිසා. දේශීය ආහාර අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ආනයනය කරන රටක් ලෙස ශ‍්‍රී ලංකාව මේ අවදානම සිය අවධානය යොමු කළේ පසුගිය 2015 වසරේදීයි. ඒ අනුව 2015 සැප්තැමබර් මාසයේදී ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ‘‘මනුෂ්‍යත්වය සහ අදීනත්වය උදෙසා වන දේශීය ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන’’ නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළා. පසුගිය කාලය තුළ කෘෂිකාර්මික කලාපවලට බලපෑ අනපේක්ෂිතව දැඩි නියං තත්ත්වය ආදි ස්වභාවික ආපදා තත්ත්වයන් හමුවේ කල්ගිය මෙම වැඩසහන නිල වශයෙන් ආරම්භ කිරීම ප‍්‍රමාද වුණා.
මේ වන විට කෘෂිකාර්මික කලාප වලට වැසි ලැබෙමින් පවතින තත්ත්වය තුළ ‘එක් වෙමු – නැගිටිමු අටුකොටු පුරවමු’’ යන තේමාව යටතේ ‘‘ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය ඔක්තෝබර් මස 06 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වුණා. මේ එම වැඩසහන ගැන කෙටි හැඳින්වීමක්.
අනාදිමත් කාලයක සිට ශ‍්‍රී ලංකාව සැලකෙන්නේ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් සහිත රටක් විදිහටයි. පුරාවිද්‍යාඥයින්ට සහ මානව විද්‍යාඥයින්ට අනුව ලංකාවේ කෘෂිකාර්මික ශිෂ්ටාචාරය ක‍්‍රිස්තු පූර්ව 5000 දක්වා ඉතාමත් දිගු ඉතිහාසයකට ගමන් කරනවා. මේ ඉතිහාසය පුරාවිද්‍යාත්මකව වගේම පොසිල විද්‍යාත්මකවත් තහවුරු කළ හැකි සාධක මේ වන විට රට පුරා විවිධ ස්ථානවලින් හමු වෙමින් තිබෙනවා.
ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයේ ස්වර්ණමය අවධිය ලෙස අදත් සැලකෙන්නේ මහා පරාක‍්‍රමබාහු රජු රාජ්‍යය කළ ක‍්‍රි.ව 1123-1186 කාලයයි. ලංකාව ‘පෙරදිග ධාන්‍යාගාරය’ නමින් ලොව පතළ වුණේ මහ පැරකුම්බාවන් රාජ්‍ය කළ අවධියේදීයි. මේ තත්ත්වය යම් යම් බිඳ වැටීම් මධ්‍යයේ පවා නොනැසී පැවති බව අපට දැකිය හැකි වෙනවා. පැරකුම් යුගයට සියවස් පහකට පමණ පසු දීර්ඝ කාලයක් පුරා මෙරට සිරකරුවකු වශයෙන් ජීවත් වූ ‘රොබට් නොක්ස් ’ (1641-1720* නම් බි‍්‍රතාන්‍ය ජාතිකයාට තම ඓතිහාසික ග‍්‍රන්ථය ්බ ්‍යසිඑදරසජ්ක ඍැක්එසදබ දෙ එයැ ෂික්බා ක්‍ැහකදබ (එදා හෙළදිව* හි ‘‘මඩ සෝදාගත් කළ ගොවියා රජකමට පවා සුදුසුය’ යනුවෙන් සඳහන් කිරීමට සිදු වූයේ සියවස් ගණනාවක් පුරා මේ බිමේ ගොවියා දැරූ ඒ සාඩම්බර තත්ත්වය හේතුවෙනුයි.
වත්මන් තත්ත්වය
ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ශිෂ්ටාචාරය සහ එහි වැදගත්කම වර්තමානය වන විට ජාතික වශයෙන් කොතරම් වැදගත් තැනක් ගන්නවාද ? යන්න ඇතැමුන් ප‍්‍රශ්න කරනවා. ඔවුන් තර්ක කරන්නේ ජාතික නිෂ්පාදිතය තුළ සේවා සහ කර්මාන්ත අංශය වර්තමානය වන විට වඩාත් ප‍්‍රමුඛ වන බවයි. මිල ගණනය කිරීම් අනුව මෙය පිිළිගත හැකියි. මේ වන විට සමස්තයක් ලෙස ජාතික ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තයේ දායකත්වය සියයට 14ක් වැනි අගයක් දක්වා පහත බැස තිබෙනවා. ඒත් ජාතික ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තය උසුලන ආධිපත්‍යමය වටිනාකම හා මානවාදී වටිනාකම කිසිසේත් අවප‍්‍රමාණය වීමකට ලක්ව නැහැ. වර්තමානය වන විට රටේ මුළු භූමි ප‍්‍රමාණයෙන් සියයට 65ක් පමණ කෘෂිකර්මාන්තය වෙනුවෙන් යොදා ගැනීම තුළ ඉහත තර්කය මනාව පැහැදිලි වෙනවා. මෙම සියයට 65ක් පමණ වන භූමි ප‍්‍රමාණයෙන් සියයට 40ක් වී වගාව සඳහා ද සියයට 38ක් වැවිලි භෝග සඳහා ද තවත් සියයට 22ක් පමණ අනෙකුත් භෝග වගාව සඳහා ද යොදා ගන්නවා.
කෘෂිකර්මාන්තය ලංකාවේ ප‍්‍රමුඛ ආර්ථික කටයුත්ත වන්නේ එහි භූමි භාවිතය අනුව පමණක් නොවෙයි. ඒ තුළ ලංකාවේ ජනගහනයෙන් අති බහුතර පිරිසක් තම ජීවනෝපාය මාර්ගය ද සලසා ගන්නවා. උදාහරණයක් ලෙස සියයට 70ක් පමණ වන මෙරට ග‍්‍රාමීය ජනතාවගේ ප‍්‍රධාන යැපුම් මාධ්‍ය වන්නේ කෘෂිකර්මාන්තය. ඒ වගේම බැංකු, රක්ෂණ, මූල්‍ය, ප‍්‍රවාහන ආදි සේවා අංශයේ බහුතරයක් ආයතන ඍජුව කෘෂිකර්මාන්තය හා සම්බන්ධ වෙනවා. මේ නිසා ජාතික ආර්ථිකයට සැබෑ වටිනාකම ලබා දෙන ප‍්‍රධානතම අංශය වශයෙන් වර්තමානයේදීත් කෘෂිකර්මාන්තයට තිබෙන වැදගත්කම අභියෝගයකින් තොරව පවතිනවා.
වත්මන් ගැටලූව
දේශීය ආර්ථිකය තුළ කෘෂිකර්මාන්තය වඩාත් ප‍්‍රමුඛ භූමිකාවක් නිරූපණය කළත් මුළු රටේම ආහාර අවශ්‍යතාව දේශීය වශයෙන් සම්පූර්ණයෙන් ඉටුකර දීමට එයට නොහැකි වෙලා තිබෙනවා. ඒ සඳහා පාරිභෝජන රටා, කාලගුණ විපර්යාස හේතුවෙන් අස්වැන්න හානිවීම වැනි සාධක කිහිපයක් හේතු වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ රටේ ජනතාවට අවශ්‍ය විවිධ ආහාර වර්ග ආනයනය කිරීමට වාර්ෂිකව විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් වැය කිරීමට සිදු වෙලා තිබෙනවා. එය ක‍්‍රමිකව වර්ධනය වීම අභියෝගාත්මක කරුණක් බවට පත් වෙලා තිබෙනවා.
ප‍්‍රධාන අරමුණ
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ මුඛ්‍ය අරමුණ වන්නේ ඉහත සඳහන් කළ පරිදි ආහාර නිෂ්පාදන ආනයනය සඳහා පිට රටට ඇදී යන ජාතික ධනය රට තුළ ඉතිරි කර ගනිමින් යළි ස්වයංපෝෂිතභාවය අත්පත් කර ගැනීමයි. මේ අරමුණ ඉතා සරල ආකාරයෙන් පැහැදිලි කළහොත් ‘ස්වයංපෝෂිත ආර්ථිකයක්’ බිහි කර ගැනීමයි මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වන්නේ.
පසුබිම
ඉහත සඳහන් කළ ආහාර නිෂ්පාදන කේෂත‍්‍ර හා සම්බන්ධව පවතින පොදු ගැටලූ කිහිපයක් අපට හඳුනා ගත හැකියි.
1ග වැඩි වන ජනගහනයට සමගාමීව ආහාර සඳහා පවතින ඉල්ලූමේ අඛණ්ඩ වර්ධනය.
2ග දේශීයව නිෂ්පාදනය කළ හැකි ආහාර ද්‍රව්‍ය තව දුරටත් ආනයනය කිරීම සහ ඒ සඳහා විශාල වැය බරක් දැරීමට සිදුවීම.
3ග ගොවියා ආර්ථික වශයෙන් දුර්වල වීම සහ අනවශ්‍ය පොහොර, කෘෂි රසායන භාවිතය හා වැරදි පුරුදු මත වකුගඩු වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වීම.
4ග අවිධිමත් කෘෂිරසායන භාවිතය නිසා සිදුවන පාරිසරික හානිය.
5ග ආර්ථික සංවර්ධනයේදී භූමිය පරිහරණය කරන සෙසු ආයතන සමග භූමිය සඳහා වැඩිවන තරගකාරීත්වය.
6ග දේශීය ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියේදී ප‍්‍රමාණවත් පරිදි යෝග්‍ය තාක්ෂණික ක‍්‍රම අනුගමනය නොකිරීම.
7ග තරුණ ප‍්‍රජාව කෘෂි අංශයෙන් බැහැර වීම.
8ග ආහාරවල සෞඛ්‍ය ආරක්ෂාව සහ අතිරේක සංචිතවල සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලූ.
9ග අපනයන ප‍්‍රවර්ධනය සඳහා අන්තර්ජාතික ප‍්‍රමිතීන් අනුව ආහාර ද්‍රව්‍ය නිෂපාදනය නොවීම.
10ග තරගකාරීත්වය අඩු වීමට තුඩු දෙන පරිදි ඵලදායිතා වර්ධනය ප‍්‍රමාණවත් නොවීම.
11ග දේශගුණික විපර්යාස හේතුවෙන් අහිතකර බලපෑම් ඇතිවීම.
12ග නිෂ්පාදනය කරනු ලබන ආහාරවල ගුණත්මක තත්ත්වය අඩුවීම.
13ග කෘෂි කේෂත‍්‍රයට සම්බන්ධව ආයතන ගණනාවක් සඳහා වන අධික වැය බරට සාපේක්ෂව නිෂ්පාදන ඵලදායීතාවයක් නොලැබීම.
ඉහත සඳහන් වන විවිධ හේතු නිසා වර්තමානය වන විට දේශීය ආහාර අවශ්‍යතාව රට තුළම නිෂ්පාදනය කර ගැනීමට අපට නොහැකි වෙලා තිබෙනවා. ඒ නිසා අතිරේක භෝග ද ඇතුළුව ආහාර ද්‍රව්‍ය ගණනාවක් විදේශයන්ගෙන් ආනයනය කිරීමට වාර්ෂිකව රුපියල් බිලියන 100ක් වැනි මුදලක් වැය කිරීමට අපට සිදුවෙලා තිබෙනවා. දේශීය ආහාර නිෂ්පාදනය ශක්තිමත් කරමින් ශ‍්‍රී ලංකාව තුළ දේශීය ආහාර නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කරමින් ආනයනික ආහාර සඳහා වන විදේශ විනිමය රට තුළ ම රඳවා ගැනීම අද ජාතික අවශ්‍යතාවක් බවට පත් වෙලා තිබෙනවා.
තුන් අවුරුදු සැලසුමක්
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ‘‘ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන’’ නමින් තුන් අවුරුදු මධ්‍ය කාලීන සැලසුමක් සකස් කිරීම සිදුවන්නේ මේ අනුවයි. මේ සැලසුම සම්පාදනය කිරීම සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළත් රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය ඇතුළු කෘෂි අංශයේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන් සමග සාකච්ඡුා පැවැත්වූවා. (මෙහිදී සහභාගිත්වය ක‍්‍රියාදාමයක් අනුගමනය කරනු ලැබිණි* ඊට පසුව සැලසුම් කරන ක‍්‍රියාවලියේදී ප‍්‍රධාන කේෂත‍්‍රයන්, ක‍්‍රමෝපායන් හා වැඩසටහන් හඳුනා ගත්තා. ඒ පිළිබඳ පූර්ණ විශ්ලේෂණයකින් පසුව ‘දේශීය ආහාර නිෂ්පාදනය සඳහා වන ජාතික වැඩසටහන’ නිර්මාණය කළා.
අරමුණු මොනවාද ?
මෙම වැඩසටහන මගින් අරමුණු 08ක් ඉටුකර ගැනීමට අපේක්ෂා කරනවා.
1ග දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාරවලින් රට ස්වයංපෝෂිත කිරීම සහ ඒ මගින් ආහාර ආනයනය සඳහා වැය වන විශාල විදේශ විනිමය ප‍්‍රමාණය ඉතිරි කර ගැනීම.
2ග ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනයේදී රසායනික පොහොර සහ පිළිබෝධනාශක අවම කොට පරිසර හිතකාමී ක‍්‍රම අනුගමනය කිරීම මගින් ගුණාත්මක ආහාර ද්‍රව්‍ය සුලභ කිරීම.
3ග අතිරේක ආහාර සංචිත විධිමත්ව කළමනාකරණය කිරීම මගින් ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීම.
4ග කෘෂි පාරිසරික කලාප පදනම් කරගත් භෝග නිෂ්පාදන වැඩසටහනක් හඳුන්වාදීම හා ක‍්‍රියාත්මක කිරීම.
5ග නිෂ්පාදන කාර්යයේදී යෝග්‍ය තාක්ෂණික ක‍්‍රම භාවිත කර නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම.
6ග දේශීය ආහාර නිෂ්පාදන ක‍්‍රියාවලියට සම්බන්ධ සියලූ ආයතන අතර මනා සම්බන්ධීකරණයක් ඇති කිරීම හා පාසල් ප‍්‍රජාව, සිවිල් සංවිධාන සහ මහජනතාවගේ එදිනෙදා ජීවිතයට මෙම වැඩසහන බද්ධ කිරීම.
7ග ආහාර නිෂ්පාදකයින් සඳහා ගුණාත්මක යෙදවුම් ලබාදීම සහ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා විධිමත් ක‍්‍රමවේද ඇති කිරීම.
8ග සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටට දායාද කිරීම.
ක‍්‍රමවේදය කුමක්ද ?
ආහාර නිෂ්පාදන ජාතික වැඩසහන ක‍්‍රියාත්මක වන්නේ වසර තුනක කාලයක් සඳහායි. මෙම කාලය තුළ ආහාර නිෂ්පාදනයට අවශ්‍ය සියලූම ඉලක්කයන් ජයගැනීම අවශ්‍ය වන බැවින් මේ සඳහා දායක විය හැකි සියලූම පාර්ශ්වයන් ‘‘කෘෂි නිෂ්පාදන බළකායක්’’ නැතහොත් ‘ගොවි හමුදාවක් ’ ලෙස ගොඩනැගීම සිදු වෙනවා. මේ සඳහා පාසල් දරුවන්, තරුණ ¥ පුතුන් සහ ආරක්ෂක සේවයේ සහාය ලබා ගන්නවා. පාසල්වල, විශ්වවිද්‍යාලවල, ගොවි පුහුණු කඳවුරුවල, ප‍්‍රායෝගික වැඩමුළු හා ආදර්ශනයන් ඇති කිරීමට පියවර ගන්නවා. එක් පුද්ගලයෙකුට හෝ ආයතනයකට කාර්යයන් පැවරීමට වඩා ඒකාබද්ධ ප‍්‍රවේශයකින් මෙම කාර්යයන් ඉටු කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙනවා. පර්යේෂණ දැනුම හා තොරතුරු හුවමාරු කර ගැනීමේදී විශ්වවිද්‍යාල, රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශය සමග කටයුතු කිරීමට ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන බලාපොරොත්තු වෙනවා.
වප් මඟුල, පැළ සිටුවීමේ උත්සව, අස්වනු නෙළීමේ මංගල්‍යයන්, දෙවියන් බුදුන් උදෙසා අලූත් සහල් මංගල්‍යයන් වැනි සංස්කෘතික අංගයන් මගින් රටේ ජනතාවගේ ආකර්ෂණය සහ උද්දීපනය ලබා ගැනීම සුදුසු බව මෙහිදී යෝජනා වී තිබෙනවා. එමෙන්ම, සංග‍්‍රාමයක් ජය ගැනීමට කටයුතු කරන ආකාරයෙන් මෙම ජාතික වැඩසටහන ජය ගැනීම සඳහා සියලූ පාර්ශ්වයන්ගේ දායකත්වය ලබා ගැනීමට විශේෂයෙන් අපේක්ෂා කරනවා.
අධීක්ෂණය සිදු වන්නේ කෙසේද ?
මෙය දැවැන්ත වැඩසටහනක්. ඒ නිසාම මෙම ජාතික වැඩසටහනට අදාළ අධීක්ෂණය හා ප‍්‍රගති සමාලෝචනය ද නිරන්තරව සිදුවිය යුතුයි. එමෙන්ම මෙම අධීක්ෂණය ප‍්‍රාදේශීය වශයෙන්, කලාප වශයෙන්, දිස්ත‍්‍රික්ක වශයෙන්, පළාත් වශයෙන් සහ ජාතික වශයෙන් සිදුවිය යුතුයි. ඒ සඳහා අදාළ පාර්ශ්වයන්ට අමතරව, අධීක්ෂණය සහ ප‍්‍රගති සමාලෝචනය සඳහා කලාප මට්ටමේදී ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේද, දිස්ත‍්‍රික් මට්ටමේදී දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේද, සහාය ලබා ගන්නා අතර ජාතික මට්ටමේදී ජනාධිපතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම මත ජනාධිපති ලේකම්තුමාගේ සුපරීක්ෂණය යටතේ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන විසින් මෙම කාර්යය ඉටු කරනවා.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සඳහා වැඩිම දායකත්වය, කැපවීම කරන ගොවීන්, නිලධාරීන් සහ ව්‍යවසායකයින් ප‍්‍රදේශ, කලාප, දිස්ත‍්‍රික්, පළාත් මට්ටමින් ඇගයීමකට ලක් කර ඒ සඳඑා ත්‍යාග හා ප‍්‍රශංසා ලබා දීමට ද ජාතික මට්ටමේ ජයග‍්‍රාහකයින් සඳහා විදේශ පුහුණුව හා ජනාධිපති සම්මාන ලබාදීමට ද යෝජනා කරලා තිබෙනවා.
මෙහි පාර්ශ්වකරුවන් කවුද ?
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනේ ප‍්‍රධාන පාර්ශ්වකරුවන් ලෙස, ජනාධිපති ලේකම් කාර්යාලය, ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශයඳ ධීවර හා ජලඡු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශයඳ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරිය, සියලූම පළාත්, පළාත් කෘෂිකර්ම, පශු සම්පත්, ධීවර, වාරිමාර්ග අමාත්‍යාංශ, සියලූම දිසාපතිවරු සහ ප‍්‍රාදේශීය ලේකම්වරු සම්බන්ධව සිටිනවා.
ආයතනික සම්බන්ධීකරණය
කෘෂිකාර්මික අංශයේ අපේක්ෂිත වර්ධනය මුදුන්පත් කර ගැනීම සඳහා දිවයින පුරා සම්බන්ධීකරණය වූ වැඩසටහන් ක‍්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව තිබෙනවා. ඒ අනුව මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා ජාතික, පළාත් හා ප‍්‍රාදේශීය මට්ටමින් මෙහෙයුම් කමිටු පිහිටු වීමට පියවර ගැනීමට සැලසුම් කර තිබෙනවා.
මේ අනුව ප‍්‍රධාන කමිටු වශයෙන්,
1ග ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ‘ජාතික මෙහෙයුම් කමිටුව’
2ග ජනාධිපති ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන, තුන් අවුරුදු සැලැස්ම ක‍්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවන ලද අන්තර් ආයතනික කාර්ය බළකාය
3ග කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ප‍්‍රධානත්වයෙන් යුත් ‘‘අමාත්‍යාංශයීය මෙහෙයුම් කමිටුව.
4ග පළාත් මහ ඇමැතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් ‘‘පළාත් මෙහෙයුම් කමිටුව’’
5ග දිස්ත‍්‍රික් කමිටු – විවිධාංගීකරණය හා නවීකරණය කරන ලද කෘෂිකාර්මික පද්ධති ප‍්‍රවර්ධනය අරමුණු කර ගනිමින් දිස්ත‍්‍රික් කෘෂිකර්ම කෙෂ්ත‍්‍රයට සම්බන්ධ සියලූම පාර්ශ්වකරුවන්ගේ එකතුමුවෙන් මෙය සකස් කරනු ලැබේ.
6ග ප‍්‍රාදේශීය කමිටුව – ගොවිතැන් ක‍්‍රම මූලික කරගත් ප‍්‍රාදේශීය පාර්ශ්වකරුවන්ගෙන් මෙම කමිටුව සමන්විත වේ.
7ග ග‍්‍රාමීය මට්ටම – පොකුරු ගම්මාන/ ගොවි සංවිධාන
‘‘කන්න අදින්නා පිට රටින් එනතුරු මුහුද දත නියවන්නා’’ කියලා මීට දශක කිහිපයකට පෙර ප‍්‍රවීන ගායිකාවක් වන ලක්ෂ්මි බායි කියා සිටියා. ඒත් යම් යම් හේතු නිසා අපට මේ දක්වා හෙළරජ දවස පැවැති ස්වයංපෝෂිත භාවය යළි අත්පත් කර ගැනීමට නොහැකි වුණා. පැරකුම් යුගයක් ගැන යළි සිහින දකින මෛත‍්‍රීපාලනය යටතේ අපි ඒ සිහිනය සැබෑ කර ගත යුතුයි. රටක්, ජාතියක් වශයෙන් අපට අදීනව ජීවත් විය හැකි වන්නේ එවිට පමණයි.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසහන මගින් නිකුත් කළ ප‍්‍රකාශන ඇසුරින්

භාතිය බරුකන්ද

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *