2020 ඊලග ආණ්ඩුව

2020 ඊලග ආණ්ඩුව 2015 ජනවාරි අලුත් ආණ්ඩු ක්‍රමයේත්  ,පැරණි ආණ්ඩු ක්‍රමයේත් සන්ධිස්ථානගතව ඇති ,ඉදිරියට යනවාද ? ආපසු හැරෙනවද ? යන ගැටලුව සාර්ථක අවසානයක් දැකීමට හැකි විසදුම මත ජයග්‍රහණය  කරන්නේය . ජනතාව නිර්මාණය කල පිරිසිදු යහපාලන ආණ්ඩුවේ සිට , සාමුහික වගකීම කඩ කිරීම , නායකයන්ට ගැරහීම , විවේචනය ,ඉල්ලා අස්වීම ,නෙරපා දැමීම වැනි  දේශපාලන ක්‍රියාවලින්  යුත් සංක්‍රමණිය   තත්වය සාධනීය තත්වයකට පරිවර්තනය කර ගැනීමට දක්වන ජනතා බලපෑම්වල ප්‍රතිපල  ශුභ අනාගතයක පෙර නිමිතිය  දිගුකලක්  සුභ සිද්ධියට  බාධා එල්ලවූ ,වැඩවසම් වැඩවසම් නින්දගම් බලවේග නිශේධ කිරීම ,රාජ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යවස්ථා වෙනස් කිරීම. ජාතික ප්‍රශ්නය විසදාගැනීම යන සම්මුතිවාදී ආණ්ඩුවේ උත්සාහයට වෙහෙස වූ, වෙහෙස නොවූ සියලු දෙනාම හදුනාගැනීමට, ජනතාව සතු ඓතිහාසික අත්දැකීම් ඊලග ආණ්ඩුව තේරීමේ  තීරණයට බලපානු ඇත . ජනවාරි අට පොරොන්දු ගිවිසුම් ඉටුකිරීමට එරෙහි ප්‍රතිගාමී පරාජිත බලවේග සමග ගනුදෙනු කරන සමුතිවාදී ආණ්ඩුවේ මැති ඇමැතින්ගේ පැටිකිරිය ආණ්ඩු අස්ථාවර කිරීමේ ඉතිහාසය පිළිබද  සිහිකැදවයි .
ඉතිහාසය නියමාකාරය. ජනසමාජය හුරුපුරුදුව සිටියේ එක පක්ෂයකින් අනෙක් පක්ෂයට බලය පවරාදී තම ඉරණම විසදා ගැනීමටය . පොදු  චින්තනය ක්‍රියාවට නැගු   බහු ජනතාවගේ ජයග්‍රහණය යනු, තමන් සතු දේශපාලන අයිතිය පැහැරගෙන සිටි ප්‍රතිගාමී සතුරු බලය දේශපාලන කරලියෙන් ඉවත් කිරීමය . ජාත්‍යන්තරය එය දේදුනු විප්ලවය නමින්  හැදින්විය .සෝභිත  හාමුදුරුවන් ප්‍රමුඛ බලවේගය පොදු අපේක්ෂක චින්තනය ඔස්සේ පොදු අපේක්ෂකයාගේ   බලය ස්ථාපිත කලේ පොරොන්දු න්‍යාය පත්‍රය ඉටුකර ගැනීමටය . එම ගිවිසුවේ පොරොන්දු කඩ කරන ජනතා ද්‍රෝහීන්ගේ ඉරණම තීරණය වන්නේ 2020 දිය . අභිනව ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට යෝජනා වී ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයට යටත් වුවහොත් එම පක්ෂයේ ඉරණමද එතරම් යහපත් නොවනු ඇත .
පොදු අපේක්ෂක සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ, පවතින ව්‍යවස්ථාව වෙනස් කොට පාර්ලිමේන්තුවට වැඩි බලතල ලැබෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවට පොරොන්දු වී ඇත. නමුත් 2015 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා  මෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතාත් 2020 දී නැවත ජනාධිපති වරයා වීමේ සිහිනය දකින බව එතුමා ලගින්ම සිටින අයගේ ප්‍රකාශ වලින් තහවුරු වී ඇත. යහපාලන සංකල්පය පෙරටු කර ගනිමින්  බලයට පැමිණි එතුමන්ට මුල අමතක නැතැයි අප සිතමු .පොරොන්දු කඩ කිරීම ජනතාඅභිලාෂයන්ට එරෙහි වීමකි. 18 සම්මත කර යාවජීව කරගෙන ක්‍රියාත්මක කල වැඩවසම් ප්‍රවේණිදාස  ගෝත්‍රික අන්තවාදී ප්‍රචණ්ඩ බලය ඉවසිය නොහැකි වූ ජනතාව , ජනාධිපති මහින්ද රාජපක්ෂව පලවා හැරියේ තමන්ගේ ඉරණම තමා  විසින්ම විසදා ගත යුතුය යන   අභිලාෂයෙනි .

අගෝස්තු මැතිවරණයෙන් පසු යහපාලනයට රිංගගෙන පරාජිත බලයට ආවඩන  සමහර මැති ඇමතිවරු ජනමත විචාරණයක් නැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ප්‍රමාණවත් කියමින් විධායක බලය සම්පුර්ණයෙන් ඉවත් කිරීමට විරුද්ධ වෙති .ජනතා ද්‍රෝහීන් පලවාහැර දිනාගත් යහපාලන ආණ්ඩුව තුල සිටින නිල නොවන ඒකාබද්ධ විපක්ෂයට කත්  අදින මැති ඇමතිලගේ වත ගොත ද  රටට හෙළි වෙමින් පවතී. මේ සියලු දෙනාගේම ඉරණම 2020 දී විසදෙනු ඇත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *