ධවල භීෂණ යළිත් ඔක්තෝම්බර් 1 වැනි දා – නාමෙල් – මාලනී පුංචි තියටර් හීදී

1990 රාජ්‍ය නාට්‍ය උළෙලින් වසරේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂක, හොඳම නළුවා, හොඳම සහය අධ්‍යක්ෂක ඇතුළු රාජ්‍ය සම්මාන 9 ක් දිනාගත් ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ වේදිකා නාට්‍ය යළිත් වරක් වේදිකාගත කිරීමට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක ඇතුළු නාට්‍ය කණ්ඩායම සූදානම් වී සිටිති.

ත්‍රීකෝණී සංස්කෘතික පදනමේ ගොඩනැගිලි අරමුදලට ආධාර පිණිස ‘ධවල භීෂණ’ නාට්‍ය විශේෂ දර්ශනයක් ඔක්තෝම්බර් මස 1 වැනි දින බොරැල්ල නාමෙල් – මාලනී පුංචි තියටර් නාට්‍ය ශාලාවේ දී සවස 3ට සහ 6.45 ට වේදිකා ගත වේ.

ප්‍රංශ නාට්‍ය රචක ෂෝන් පෝල් සාත්‍රේ විසින් රචිත Men without Shadows නාට්‍ය සිංහල අනුවර්තනයක් වන ධවල භීෂණ පරිවර්තනය සිරිල් සී. පෙරේරා විසින් වන අතර සංගීත නිර්මාණය කරන ලද්දේ පේමසිරි කේමදාස විසිනි. ඩබ්ලිව්. ජයසිරි, නීල් අලස්, ඕෂදී ගුණසේකර, ජෙහාන් ශ්‍රී කාන්ත අප්පුහාමි, ඉෂාර ප්‍රමුදිත වික්‍රමංසිහ, සුසංග කහඳවලආරච්චි, ජගත් චන්ද්‍රලාල් ද සිල්වා, අරුනෝද් විජේසිංහ, චරිත් සේනානායක, සුනිමල් පෙරේරා, නිමල් ගල්අංග, කෝසල ලක්ෂිත ඇතුළු නළු නිළි පිරිසක් රංගනයෙන් දායක වෙති.

‘මිනිසුන් ලෙසින් ඉපිද මිනිසුන් ලෙසින් මියැදෙන්නට මිනිසුන්ට ඇති අයිතියට ගරුකරන, ඒ වෙනුවෙන් හඬ නගන, උතුම් මිනිසුන්ට ප්‍රණාමය පිණිස මෙම නාට්‍ය යළි නිෂ්පාදනය කළෙමි’  නාට්‍ය නිෂ්පාදනය ගැන සටහනක් තබමින් ධර්මසිරි බණ්ඩාරණායක නාට්‍ය ‍වේදියා එසේ කියා සිටියි.

මනෝජ්

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *