ශ‍්‍රීලනිපය විධායකයට පෙම් බඳින්නේ ඇයි ? කළගුණ සැලකීමද ? දේශපාලන උපායශීලීත්වයද ? – භාතිය බරුකන්ද

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පසුගිය 21 වැනිිදා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. දැන් මේ ගැන තැන තැන සංවාදයක් සිද්ධ වෙනවා. ඒ අතරේ ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ පරාජිත රෙජිමයට ආවඩන කල්ලි කළ ප‍්‍රකාශ බොහොමයක් ඔවුන්ටම පාරාවළලක් වෙලා තිබෙනවා. අලූත් ව්‍යවස්ථාව ගැන ඔවුන් මවපු බිල්ලා තව දුරටත් නඩත්තු කරන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ අලූත් ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ශක්තිමත්ව ඉදිරියට යයි කියලා අපට විශ්වාස කළ හැකි වාතාවරණයක් තිබෙනවා.
ධනාත්මක ප‍්‍රවේශයක්
අලූත් ව්‍යවස්ථාව ගැන අතුරු කමිටු වාර්තාව එළියට ආපසු ඒ ගැන විශාල පිරිසක් තමන්ගේ ධනාත්මක ප‍්‍රතිචාර හා ප‍්‍රසාදය පළ කරලා තිබුණා. ඒ අතර ඉදිරියෙන්ම හිටියේ දමිළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා. සම්බන්ධන් මහතා ප‍්‍රකාශ කළේ දමිළ ජනතාවගේ අදහස් හා අවශ්‍යතාවලට කන් දුන්න ප‍්‍රථම ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය මෙය බවයි. එහිදී ඔහු අවධාරණය කළේ දමිළ ජනතාවගේ සහභාගීත්වය සමග සම්මත වන අලූත් ව්‍යවස්ථාවට සුජාතභාවයක් වගේම ජාතික පිළිගැනීමක් ද නිශ්චිතවම හිමිවනු ඇති බවයි.
මෙහිදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිටින්නේ ඉතාමත් ධනාත්මක ප‍්‍රවේශයක බව දැකිය හැකියි. අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය දා ප‍්‍රකාශ කළේ ප‍්‍රධාන පක්ෂ දෙක වන ශ‍්‍රීලනිපය හා එජාපය එකට එක්ව සහයෝගී ආණ්ඩුවක් ගෙන යන මේ අවස්ථාවේ ඉතාම පහසුවෙන් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ඉතා පහසුවෙන් හැකියාව ලැබෙනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් වන ඉතාම පැහැදිලි ධනාත්මක සංඥාවක් පසුගිය දා 3/2කටත් වඩා වැඩි ඡුන්දයෙන් පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබීම සමග ලැබුණා. මෙය ඉදිරි දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා මෙන්ම සම්මුතිවාදී ආණ්ඩුවේ අනාගත පැවැත්ම සඳහා ද ලැබුණු ශක්තිමක් සංඥාවක් බව අපට වටහා ගත හැකියි.
එහෙත් ප‍්‍රශ්නය වන්නේ අලූත් ව්‍යවස්ථාව සඳහා වන ප‍්‍රධාන හා තීරණාත්මක යෝජනාව මේ සම්මුතිවාදී ආණ්ඩුව මගින් ඉටුකර ගැනීමට හැකියාව ලැබේද යන්නයි.
විධායක එපා: බහුතර මතයයි
මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවේ (පිටුව 23* ඪසසස ෙඡ්දයේ සඳහන් වන්නේ විධායක තෝරා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති නිර්දේශයි. එහි නිර්දේශ තුනක් (3* ඉදිරිපත්ව තිබෙනවා.
1ග අද පවතින ආකාරවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට ෙපාදු එකඟත්වයක් තිබුණිග
2ග නියම කර ඇති අවසේථාවලදී පළාත් සභාවලට අදාල බලතල ද ඇතුළත් බලතල ජනාධිපතිවරයාට ලබා දිය යුතුයග
3ග ජනාධිපතිවරයා නියමිත්‍ ධුර කාලයක් සඳහා පාර්ලිමේන්තුව මගින් තෝරා පත් කර ගත්‍ යුතුයග
මෙහිදී අපට පැහැදිලි වන්නේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මගින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පැවරෙන ක‍්‍රමයක් යෝජනා කොට තිබෙන බවයි.
මේ අනුව අපට ප‍්‍රථම වටයේදී ඉතාම පැහැදිලිව පෙනී යන්නේ අතුරු යෝජනා මගින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පොදු එකඟත්වයක් ලැබී තිබෙන බවයි. මෙය ජනවාරි 08 වෙනසට දායකත්වය දුන් සියලූ පාර්ශ්වවල සතුටට හේතුවන කරුණක් බව කිව හැකියි.
එහෙත් ප‍්‍රශ්නය වන්නේ වත්මන් ආණ්ඩුවේ බල තුලනය ජනවාරි 08 වැනිදා ප‍්‍රකාශ වූ තත්්තවයට වඩා අද හාත්පසින්ම වෙනස් ප‍්‍රවණතා සමග ඒකාබද්ධ වූ එකක් වීමයි. එයට ඉතා පැහැදිලි හේතුව වන්නේ එජාප, ජවිපෙ, දමිළ ජාතික සන්ධානය ඇතුළු සියලූ යහපාලන බලවේග එක්ව එක පෙරමුණක සටන් කොට, තමන්ගේ සියලූම ඡුන්ද මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් භාවිත කරමින් විධායක තෝරාපත් කර ගත්තත් රටේ ව්‍යවස්ථා සම්පාදකයා වන පාර්ලිමේන්තුව තුළ යහපාලන බලවේග වලට බහුතර බලයක් නොලැබීමයි.
2015 අගෝස්තු 17 මහ මැතිවරණයෙන් කිසිඳු පක්ෂයකට බහුතර බලයක් (113* නොමැති තත්ත්වය තුළ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට ආණ්ඩුව පිහිටුවීමට සිදුවන්නේ ඉතා පැහැදිලිවම ජනවාරි 08 වෙනසට ප‍්‍රතිවිරුද්ධ දේශපාලනය නියැලූණු ශ‍්‍රීලනිපය සමගයි. අපි පිළිගැනීමට අකමැති වුවත් අගෝස්තු 17 මහ මැතිවරණයෙන් ශ‍්‍රීලනිපය හරහා ජනතාවගේ ඡුන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වුණ අති බහුතර (අද ඒකාබද්ධ විපක්ෂය ලෙස නාමකරණය වී සිටින කල්ලිය ද සමග* ජනවාරි 08 යහපාලන බැඳීම් හා න්‍යාය පත‍්‍රය සමග කිසිඳු ආකාරය බැඳීමක් හෝ ඊට වගවීමක් නොමැති බව අපි පසුගිය කාලය පුරාම දකින තත්ත්වයක්.
යහපාලන ආණ්ඩුව හෝ යහපාලන න්‍යාය පත‍්‍රය කෙරෙහි කිසිඳු ආකාරයක වගවීමක් හෝ බැඳීමක් නොමැති මෙම කණ්ඩායම සමග යහපාලන න්‍යාය පත‍්‍ර නිසි පරිදි ඉටුකර ගැනීමට හැකියාව ලැබේද යන්න යහපාලන බලවේග පසුගිය කාලය පුරාම මුහුණ දුන් ප‍්‍ර‍්‍රශ්නයක්. එය ආර්ථික ප‍්‍රතිසංස්කරණවල සිට වඩාත්ම වැදගත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ද ඇතුළත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ දක්වා අපේක්ෂාභංගත්වයක් ඇති කරන්නක් බවට පත්ව තිබුණා. අලූත් ව්‍යවස්ථාවේ ඉතාම වැදගත් කාරණය වන විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සම්බන්ධ වන යෝජනාව සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපයේ ආණ්ඩුව සමග සිටින කණ්ඩායම දක්වන ස්ථාවර වඩාත් වැදගත් වනු ඇතැයි පසුගිය කාලය පුරාම කියවුණේ මෙම තත්ත්වය තුළයි.
ශ‍්‍රීලනිප ස්ථාවරය අවස්ථාවාදී ඇයි ?
විධායක ජනාධිපති ක‍්‍රම අහෝසි කිරීම සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ලැබී ඇතැයි මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සඳහන් කළත් ඒ හා සමග ම ප‍්‍රකාශ වුණේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒ අලූත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා (පාර්ලිමේන්තුව තුළ* සහයෝගය අනිවාර්යය වන ශ‍්‍රීලනිපය විධායක ජනාධිපති ක‍්‍රමය තව දුරටත් පවත්වා ගෙන යාමට පක්ෂව අදහස් ඉදිරිපත් කිරීමයි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නියෝජනය කළේ නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා සහ සුසිල් පේ‍්‍රමජයන්ත යන් ශ‍්‍රීලනිපයේ ජේ්‍යෂ්ඨයින් තිදෙනායි. ඔවුන් තිදෙනාගේ අත්සනින් යුතව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර තිබෙන තම යෝජනා මගින් දක්වා ඇත්තේ, වත්මන් විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීම ප‍්‍රඥාගෝචර නොවන බවයි. එහි ‘විධායකය’ යන පරිච්ෙඡ්දය යටතේ (පිටුව 35* විධායකය සම්බන්ධයෙන් වන යෝජනා දක්වා තිබෙන්නේ මේ ආකාරයෙන්.
‘‘අද පවතින ආකාරයේ විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කිරීම ප‍්‍රඥාගෝචර නොවන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි. විශේෂයෙන් විශාල බලතල ප‍්‍රමාණයක් පළාත් සභාවලට පවරා දෙන අවස්ථාවකදී රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහාත් අද ලෝකයේ විවිධ රටවල සිදුවන ත‍්‍රස්තවාදී හා බෙදුම්වාදී ක‍්‍රියාවලීන් පිළිබඳව සැලකිල්ලට ගනිමින් රටේ ස්ථාවරභාවය පවත්වා ගෙන යාම සඳහාත් රටේ ස්ථාවරභාවය රැුකගැනීම සඳහාත් බලතල ප‍්‍රමාණයක් සහිතව යම් ජනාධිපතිවරයෙකු කෙලින්ම ජනතා ඡුන්දයෙන් තෝරාගත යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතයයි. එවිට රටේ සෑම ජන කොටසකටම පටු ජාති, ආගම්වාදයෙන් තොරව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම තුළින් සියලූම ජාතීන්ට දේශපාලන බලයක් මෙන්ම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ කි‍්‍රයාවලියේ කොටස්කාරයෙකු වීමට අවස්ථාවක් ලැබෙන හෙයින් එය ජාතික සංහිඳියාව සඳහා ප‍්‍රායෝගික වූ ක‍්‍රමවේදයක් වේ’’
විධායක ජනාධිපති ක‍්‍රමය තව දුරටත් රැුක ගැනීම සම්බන්ධයෙන් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා වල පදනම වන්නේ,
x විශේෂයෙන් විශාල බලතල ප‍්‍රමාණයක් පළාත් සභාවලට පවරා දෙන අවස්ථාවකදී රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීම.
x අද ලෝකයේ විවිධ රටවල සිදුවන ත‍්‍රස්තවාදී හා බෙදුම්වාදී ක‍්‍රියාවලීන් පිළිබඳව සැලකිල්ලට ගනිමින් රටේ ස්ථාවරභාවය පවත්වා ගෙන යාම සඳහාත් රටේ ස්ථාවරභාවය රැුකගැනීම.
x රටේ සෑම ජන කොටසකටම පටු ජාති, ආගම්වාදයෙන් තොරව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම තුළින් සියලූම ජාතීන්ට දේශපාලන බලයක් මෙන්ම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ කි‍්‍රයාවලියේ කොටස්කාරයෙකු වීමට අවස්ථාවක් ලැබීම.
x එය ජාතික සංහිඳියාව සඳහා ප‍්‍රායෝගික වූ ක‍්‍රමවේදයක් වීම, යන තර්කයි.
විධායක ජනාධිපති ක‍්‍රමය තව දුරටත් රැුක ගැනීම සම්බන්ධයෙන් වන තම යෝජනා සනාථ කිරීම සඳහා ශ‍්‍රීලනිපය විසින් ඉදිරිපත් කර තිබෙන මෙම තර්ක ඉතා පැහැදිලිවම පදනමකින් තොර ඒවා වනවා පමණක් නොව ශ‍්‍රීලනිපය විධායක ජනාධිපති ක‍්‍රමය සම්බන්ධයෙන් එහි ආරම්භයේ සිට 2010 වසරේ කුප‍්‍රකට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම දක්වා දීර්ඝ කාලයක් පුරා දැරූ ප‍්‍රගතිශිලී ස්ථාවරය අතිෂය පටු අවස්ථාවාදී තැනකට ලඝු කිරීමක් වශයෙන් ද සැලකිය හැකියි. ඒ වෙන කිසිවක් නිසා නොව 1978 දී දෙවැනි ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් කිසිදු ආකාරයක ජනතා ඉල්ලීමකින් තොරව කඩිමුඩියේ හඳුන්වා දුන්, ‘ඒකාධිපති ව්‍යවස්ථාව’ යනුවෙන් ශ‍්‍රීලනිපයේම දැඩි විවේචනයට හා ගැරහුමට ලක් වූ විධායක ජනාධිපති ක‍්‍රමය තව දුරටත් පවත්වා ගෙන යාමේ වුවමනාව වෙනුවෙන් ශ‍්‍රීලනිපය ඉදිරිපත් කරන තර්ක කිසිදු පදනමක් නැති යල් පැනගිය ඒවා සහ කිසිදා යථාර්ථයක් නොවූ ඒවා වීම නිසයි.
උදාහරණයක් වශයෙන් දමිල ජනතාවගේ අති බහුතරය පවා රටේ ඒකීය ක‍්‍රමය පිළිගෙන, ව්‍යවස්ථාපිතව සිදුවන බලය බෙදීමක් ගැන සිය පැහැදිලි එකඟත්වය ලබාදී ඇති අවස්ථාවක, මතවාදීව දැඩි බලපෑමක් කළ හැකි බුද්ධාගමට ලබාදී ඇති සුරක්ෂිතභාවය ඒ ආකාරයෙන්ම පිළිගන්නා වාතාවරණයක් තුළ යළිත් ඒකීයභාවය, ස්ථාවරභාවය ගැන සලකමින් විධායක ජනාධිපති ක‍්‍රමය තව දුරටත් පවත්වා ගෙන යාම සාධාරණීකරණය කරන තර්කය දැක්විය හැකියි. මෙය අපට සැලකිය හැක්කේ ‘‘කබරගොයි-තලගොයි න්‍යාය’ ද ඉක්මවා ගිය අතිෂයින්ම අවස්ථාවාදී ස්ථාවරයක් වශයෙනුයි. මන්ද වාර්ගික අර්බුදයේ හැරවුම් ලක්ෂයක් වශයෙන් සැලකිය හැකි 1977 සිට යුද ජයග‍්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ විසින් කැඳවනු ලැබූ 2010 ජනාධිපතිවරණය දක්වා ශ‍්‍රීලනිපය දැඩිව පෙනී සිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙනුයි. උදාහරණයක් ලෙස යුද්ධය අතිෂයින්ම තියුණු සහ අවදානම් අවස්ථාවක පැවැති 1994 ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රීලනිපයේ අපේක්ෂා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ඉදිරිපත් වුණේම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ප‍්‍රධාන සටන් පාඨය කරගෙන බව අද ශ‍්‍රීලනිපය අමතක කිරීම හාස්‍යයට කරුණක්. (ජවිපෙ සමග මේ පිළිබඳ එකඟතා ගිවිසුමක්ද අත්සන් කළා බව අමතක නොකළ යුතුයි*. ශ‍්‍රීලනිපය නායකත්වය දුන් පොදු පෙරමුණු ආණ්ඩුවේ ව්‍යවස්ථාව තුළ (2000 අගෝස්තු* මූලික සාකච්ඡුාවට ලක් වූ කරුණක් ද වූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම බව අප අමතක නොකළ යුතුයි.
ඒ ආකාරයෙන් 2005 ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිප අපේක්ෂක දී මහින්ද රාජපක්ෂ මහතා ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් ඍජුව පෙනී සිටියේ රටේ ඒකීයභාවය හා ස්ථවරභාවය දැඩිව අවදානම්ව තිබූ අවස්ථාවක බව අද ශ‍්‍රීලනිපයට අමතකව තිබීම දේශපාලන ප‍්‍රහසනක් වශයෙන් නොසැලකිය යුතුයි. රටේ ඒකීයභාවය හා ස්ථාවරභාවය අතිෂයින්ම අවදානම් තත්ත්වයක පැවැති 1978 සිට 2010 දක්වා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ප‍්‍රමුඛ සටන් පාඨය කරගත් ශ‍්‍රීලනිපය අද එවැනි අවදානමක් නොමැති තත්ත්වයක් තුළ තව දුරටත් විධායක ජනාධිපති ක‍්‍රමයක් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළන්නේ කුමක් නිසාද ? කියා අප ගැඹුරින් විමසා බැලිය යුතුයි.
ගැටලූව මුලටම යළි යාම
රටේ ස්ථාවරභාවය සේම ජාති, ආගම්වාදයෙන් තොරව ජනාධිපතිවරයා තෝරා ගැනීමට ලැබීම තුළින් මුළු රටේම ජනතාවට බලයේ හවුල්කරුවන් වීමට අවස්ථාව ලැබෙන බව කියමින් ශ‍්‍රීලනිපය තම යෝජනා සාධාරණීකරණය කිරීමට තැත් කිරීම අපට සැලකිය හැක්කේ ‘ගහ දන්නා අපට කොළේ කඩා පෑමක් ’ වශයෙනුයි. මන්ද 1982, 88, 94, 1999, 2005, 2010 යන කිසිඳු අවස්ථාවක රටේ විධායක ජනාධිපතිවරයා පත්වීම සඳහා අද ශ‍්‍රීලනිපය කියන ආකාරයේ බහුවාර්ගික පදනමක පුළුල් සහාය නොලැබීමයි.
උදාහරණයක් වශයෙන් ලංකාවේ ප‍්‍රථම විධයක ජනාධිපතිවරණය වශයෙන් සැලකෙන 1982 ජනපතිවරණයේ එජාපයේ අපේක්ෂක ජේ.ආර්. ජයවර්ධන මහතා ජයග‍්‍රහණය කළේ වාර්ගික හා ආගමික බහුත්ව ඡුන්දයකින් නොවෙයි. ඒ මැතිවරණයේදී පරාජිත ශ‍්‍රීලනිප අපේක්ෂ හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජය ගත්තේ දමිළ ජනතාව අතිබහුතරයක් ජීවත් වන යාපනය පමණයි. (1995 දී චන්ද්‍රකා මැතිණියට සුළුජන ඡුන්ද විශාල වශයෙන් ලැබිණි* 1999 ශ‍්‍රීලනිපයට විධායක ජනපති ධූරය හිමි වූ මැතිවරණයේත් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජයග‍්‍රහණය කළේ සිංහල බෞද්ධ ඡුන්දවලින් මිස බහුත්වවාදී ඡුන්ද පදනමකින් නොවෙයි. ශ‍්‍රීලනිපයේ මතවාදී ආධිපත්‍ය සම්පූර්ණයෙන් වෙනස් කළ 2005 ජනාධිපතිවරණයේදී අති බහුතරයක් සුළු ජාතීන් සිටියේ පරාජිත එජාප අපේක්ෂ රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මිස ජයග‍්‍රාහී මහින්ද රාජපක්ෂ මහතා සමග නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතා යළි ජනපති පදවියට පත් වුණ 2010 ජනාධිපතිවරණය සැලකිය හැක්කේ අතිබහුතරයක් සිංහල බෞද්ධ ඡුන්දවලින් ජයගත් මැතිවරණයක් ලෙස මිස අද ශ‍්‍රීලනිපය කියන පරිදි සුළුජන, සුළු ආගමික නියෝජනයක් සහිත ජයග‍්‍රහණ වශයෙන් නොවෙයි.
ශ‍්‍රී ලංකාවේ සිංහල, දමිළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික යන ප‍්‍රබල බහුත්වවාදී ඡුන්ද පදනමකින් ජයග‍්‍රහණය කළ එකම ජනපතිවරයා වශයෙන් සැලකිය හැක්කේ 2015 ජනවාරි 08 වැනිදා බලයට පත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පමණයි.
‘‘රටේ සෑම ජන කොටසකටම පටු ජාති, ආගම්වාදයෙන් තොරව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම තුළින් සියලූම ජාතීන්ට දේශපාලන බලයක් මෙන්ම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ කි‍්‍රයාවලියේ කොටස්කාරයෙකු වීමට අවස්ථාවක් ලැබෙන හෙයින් එය ජාතික සංහිඳියාව සඳහා ප‍්‍රායෝගික වූ ක‍්‍රමවේදයක් වේ’’ යනුවෙන් අද ශ‍්‍රීලනිපය ඉදිරිපත් කරන අදහස එහි විධායක ජනාධිපති ක‍්‍රමයේ ආරම්භයේ සිටම ඉටු නොවූ කරුණක් බව අපට පැහැදිලියි. ලංකාව ජනවාර්ගික අර්බුදයේ කරවටක් ගිලී ගියේ 1977-2015 දක්වා පැවැති විධායක ජනාධිපති පාලන සමයේදී බව අමතක කළ හැකි වන්නේ දේශපාලන අවස්ථාවාදයෙන් දෑස් අන්ධකරගත් අන්ත අවස්ථාවාදීන්ට පමණයි. උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපතිවරයා වශයෙන් සිිටි 2005-15 කාලය තුළ ලංකාවේ සංහිඳියාව කොතරම් අභියෝගයට හා හෑල්ලූවට ලක් වූවාද යන්න අප කිසිවකුට අමතක කළ නොහැකියි.
මේ තත්ත්වය තුළ තව දුරටත් විධායක ජනාධිපති ක‍්‍රමය පවත්වා ගෙන යාමට ඇති වුවමනා ඉටු කර ගැනීම සඳහා අද ශ‍්‍රීලනිපය ඉදිරිපත් කරන තර්ක කිසිවක් නිවැරදි හෝ තර්කානුකූල ඒවා බව පැවසිය නොහැකිියි.
ඇත්ත කතාව මොකක්ද ?
මෙම ලේඛකයාගේ අදහස වන්නේ ශ‍්‍රීලනිපයේ වත්මන් ස්ථාවරය ඉතා පැහැදිලිවම යහපාලන ආණ්ඩුවේ මතවාදී පදනම බිඳ දමන ගමන් යළි මහින්ද රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ අනුප‍්‍රාප්තිකයෙකුට විධායක කිරුළ පැළඳීම සඳහා මතවාදී සහ නෛතික පදනම සකස් කරන බවයි. ඒ වෙන කිසිවක් නිසා නොව 2005-2010 කාලයේ මෙන් යළිත් සිංහල බෞද්ධ ඡුන්දවලින් පමණක් ඉතා පැහැදිලිව රටේ ජනාධිපතිවරයා යළි පත්කර ගැනීමට ඇති හැකියාව ගැන මේ වන විට ශ‍්‍රීලනිපයේ බහුතරයක් තබා ඇති දැඩි විශ්වාසය නිසයි.
මහින්ද රාජපක්ෂ මහතා විසින් නායකත්වය දෙන ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩුව සමග සිටින ශ‍්‍රීලනිපයේ බහුතරය මේ දක්වා අඛණ්ඩව ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සමින් ඒ ගින්න නොනිමා පවත්වා ගෙන යාමට තැත් කිරීමේ තාර්කික පදනම සිංහල බෞද්ධ ඡුන්දවලින් අති බහුතරයකට ආමන්ත‍්‍රණය කිරීමේ හැකියාව නොබිඳි වර්ධනය කර ගැනීම බව අප අමතක නොකළ යුතුයි. ඒකීයභාවය, ස්ථාවරභාවය, ආදි සාටෝපකාරී වචන තුළ සඟවා ශ‍්‍රීලනිපයේ බාහිර හා අභ්‍යන්තර පාර්ශ්ව දිගින් දිගටම කරගෙන යන්නේ සියයට සියයටක් සිංහල බෞද්ධ ඡුන්දවලින් යළි බලය අල්ලා ගැනීමට උත්හාස කිරීම පමණයි.
ශ‍්‍රීලනිපය විධායකට මේතරම් ලැදි ඇයි ?
විධායක ජනාධිපති ක‍්‍රමයේ ආරම්භයේ සිට අවුරුදු 17ක් (1977-94* ශ‍්‍රීලනිපය විධායක ජනාධිපති ක‍්‍රමයෙන් බැට කෑවත් 1994 සිට මේ දක්වා (ඇතැම් විට 2020 දක්වා* වසර 24කට ආසන්න කාලයක් අඛණ්ඩව ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය බලය දැරීමට (2001 දෙසැම්බර් 05- 2004 අපේ‍්‍රල් දක්වා එජාප ආණ්ඩුව සමයේ පවා* ශ‍්‍රීලනිපය අවස්ථාව ලැබී තිබෙන්නේ සම්පූර්ණයෙන් විධායක ජනාධිපති ක‍්‍රමයේ ආනුභවය නිසා බව අපට කිසිසේත් අමතක කළ නොහැකියි.
උදාහරණයක් වශයෙන් එජාපයේ 17 වසරක පාලනය නිමා කළ 1994 අගෝස්තු 16 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ශ‍්‍රීලනිප නායකත්වයෙන් යුත් පෙදුජන එක්සත් පෙරමුණ දිනාගත් පාර්ලිමේන්තු ආසනන ගණන 105ක් වන විට එජාපය ආසන 94ක් දිනා ගෙන අති ප‍්‍රබල තත්ත්වයක හිටියා. මේ අනුව පොදු පෙරමුණට ආණ්ඩුවක් පිහිටුවීමට බහුතරයක් නොමැති තත්ත්වය තුළ ආසන 7ක් දිනාගෙන සිටි ශ‍්‍රීලමුකෝ සහායෙන් ආසන 112කින් යුත් සුළුතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට හැකියාව ලැබුණා. පොදු පෙරමුණේ මේ සුළුතර ආණ්ඩුව 1994 නොවැම්බර් 09 පැවැති ජනාධිපතිවරණයෙන් පොදු පෙරමුණේ අපේක්ෂා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජයගත් වහාම ශක්තිමත් ආණ්ඩුවක් බවට පත් වුණා. ඒ විධායක ජනාධිපති ධූරයේ බලය ආණ්ඩුවට හිමි වූ නිසයි. එතැන් සිට බලවත් විපක්ෂයක්ව පැවැති එජාපයෙන් මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීම සමග 2000 ඔක්තෝබර් මස පැවැති පාර්ලිමේන්තු මැතිවරණය දක්වා (1999 ජනපතිවරණය ද යළි ජයගෙන* යළිත් බහුතර බලයකින් තොරව (2000 මහ මැතිවරණයෙන් ද ශ‍්‍රීලනිපය දිනා ගත්තේ ආසන 107ක් පමණයි* ආණ්ඩුව පවත්වා ගෙන යාමට ශ‍්‍රීලනිපයට හැකිවා ලැබුණේ විධායක ජනාධිපති ක‍්‍රමයේ අනුහස මත මිස සැබෑ ජනතා නියෝජනයක් මත නොවෙයි. (2017 අගොස්තු මහ මැතිවරණයෙන් එජාපයට ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව බලය නොදුන් බව කියන ඒකාබද්ධ විපක්ෂය 1994, 2000 මහ මැතිවරණ ප‍්‍රතිඵල ගැන දැන ගත යුතුයි* තනිකරම විධායක ජනාධිපති ක‍්‍රමයේ අනුහස මත පමණයි.
විධායක ජනාධිපති ක‍්‍රමය මත ශ‍්‍රීලනිපයේ යැපීම මේ ආකාරයෙන් සිදුවන විට එහි කූඨ ප‍්‍රාප්තිය සිදුවන්නේ 2001 දෙසැම්බර් 05 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 109ක් දිනාගෙන (මෙය 1994න් පසු තනි පක්ෂයක් විසින් දිනාගත් වැඩිම ආසන ගණන බව අමතක නොකළ යුතුයි. මෙම මැතිවරණයෙන් ශ‍්‍රීලනිපය නායකත්වය දුන් පොදු පෙරමුණ දිනා ගත්තේ ආසනන 77ක් පමණයි* එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වූ ආණ්ඩුව අත්තනෝමතිකව විසුරුවා හැරීමට ආසන 77ක් දිනාගත් පොදු පෙරමුණේ සහ ආසන 16ක් දිනාගත් ජවිපෙ බල කිරීම මත විධායක ජනාධිපතිනිය ක‍්‍රියා කළ අවස්ථාවයි. (මෙය ඉතාම පැහැදිලිව දැඩි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී අවස්ථාවාදී ක‍්‍රියාවක් බව අමතක නොකළ යුතුයි. *
එදා විධායක ජනාධිපති ධූරය ශ‍්‍රීලනිපය සතු නොවූවේ නම් විධායකයේ සියලූ බලතල සහ ශක්තිය යොදවා 2004 අපේ‍්‍රල් මස 02 වැනිදා පැවැති මහ මැතිවරණය දිනා ගැනීමට ශ‍්‍රීලනිපය නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. විධායක ජනාධිපති ධූරයේ බලය හා සියලූ රාජ්‍ය සම්පත් දැවැන්ත ලෙස අවභාවිත කළත් එම මැතිවරණයෙන් පවා ( ජනතා විමුක්ති පෙරමුණ සමග සන්ධානගත වී සිටියදී ද* එක්සත් ජනතා නිදහස් සන්ධානය දිනා ගත්තේ ආසයන 105ක් පමණයි. (එජාපය 82යි*
ශ‍්‍රීලනිපය විධායක ජනාධිපති ක‍්‍රමය මත යැපීම මෙතැනින්ද අවසන් වන්නේ නැහැ. පාර්ලිමේන්තු බලය, විධායක ජනාධිපති ධූරයේ බලය, පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා බලය ඇතුළු සකල විධ බලය ඉතාමත් ප‍්‍රබල ආකාරයෙන් අපයෝජනය කරමින් පැවැති 2005 නොවැම්බර් 17 ජනාධිපතිවරණයෙන් පවා ශ‍්‍රීලනිප අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ජයගත්තේ වැඩි ඡුන්ද 180, 786ක් වැනි අතිෂයින් සුළු අගයකින් බව අප අමතක නොකළ යුතුයි. මහ මැතිවරණයෙන් ආසන 105ක් පමණක් දිනාගෙන ජනපතිවරණයෙන් වැඩි ඡුන්ද 180, 786ක් ලබාගත් මහින්ද රාජපක්ෂ මහතා ඊට පසුව එජාපයෙන්, ජාතික හෙළ උරුමයෙන් ඇතුළු විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් බිලී බා ගනිමින් 2010 දක්වාත් ඊට පසුව යළි 2015 දක්වාත් රාජ්‍ය බලය පවත්වා ගෙන ගියේ හුදු විධායක බලයම නිසා මිස ශ‍්‍රීලනිපය සතු පාර්ලිමේන්තු බලය මත නොවන බව අප මනාව වටහාගත යුතුයි.
මේ තත්ත්වය නැවත අවධාරණය කළහොත් 1994 දී ආසන 105, 2000දී ආසන 107ක්, 2001 දී 77ක්, 2004දී 105ක්, 2015 දී 86ක් වශයෙන් පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් ප‍්‍රදර්ශනය කළ නොහැකි වූ දශක දෙකක් පුරා ශ‍්‍රීලනිපය රාජ්‍ය බලය, පළාත් සභා බලය ඇතුළු සියලූ බල ව්‍යුහයන් අත්පත් කොටගෙන මේ දක්වා රාජ්‍ය නායකත්වය හොබවන්නේ පාර්ලිමේන්තු බලය මත නොව විධායක බලය මතම බව අප පැහැදිලි කරගත යුතුයි.
මෙවැනි තත්ත්වයක් තුළ තමන්ගේ සැබෑ ශක්තිය හා හැකියාවන් දන්නා ශ‍්‍රීලනිපය විධායක ජනාධිපති ක‍්‍රමයට පෙම් බැඳීමේ අරුමය අපට මනාව වටහා ගත හැකියි. එනිසා විධායක ජනාධිපති ක‍්‍රමය චිරාත් කාලයක් ( විධායක ජනපතිවරයාට චිරාත් කාලයක් බලයේ සිටිය හැකි ලෙස කුප‍්‍රකට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර එය සම්මත කර ගත්තේ ද ශ‍්‍රීලනිපය බව අමතක නොකළ යුතුයි* පවත්වා ගෙන යාමට ශ‍්‍රීලනිපය යෝජනා කිරීම යහපාලනිකයින්ට වහ කඳුරු සේ වුවත් ශ‍්‍රීලනිප පාක්ෂිකයින්ට නම් දේශපාලන යථාර්ථයක්ම වන බව අප වටහා ගත යුතුයි.
අවසාන කිරීම
2015 අගෝස්තු මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 106ක් දිනා ගත් විට එජාපයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ජනතාව බලය දී නැතිබව කියමින් පදනමක් නොමැති වාචාල කතා කියන ඒකාබද්ධ විපක්ෂයේ සහ ඇතැම් ශ‍්‍රීලනිප ප‍්‍රබලයින් 1994 සිට මේ දක්වා තමන් විසින් දිනාගත් පාර්ලිමේන්තු ආසන ගණන ගැන යළි මෙනෙහි කළ යුතුයි. ඒ ආකාරයෙන්ම 1947 මහ මැතිවරණයේ සිට 1994 දක්වා පැවැති සියලූම මැතිවරණවලදී ( 1952 එජාපය 10,26,005/ ශ‍්‍රීලනිපය 361,250, 1956 එජාපය 738,551/ ශ‍්‍රීලනිපය නායකත්වය දුන් මහජන එක්සත් පෙරමුණ 10, 46,362, 1960 මාර්තු, එජාපය 908,996, ශ‍්‍රීලනිපය 648094, 1960 ජූලි එජාපය 11, 43,290 /ශ‍්‍රීලනිපය 10,22,154, 1965, එජාපය 15,79,181/ ශ‍්‍රීලනිපය 12,26,833, 1970 එජාපය 18,76,956/ ශ‍්‍රීලනිපය 18,12,849,යි.
මෙහිදී අපට ඉතා පැහැදිලිව පෙනී යන්නේ ශ‍්‍රීලනිපය ආණ්ඩු බලය පිහිට වූ 1960 ජූලි, මෙන්ම ශ‍්‍රීලනිපය ආණ්ඩු බලය පිහිටවූ 1970 මහ මැතිවරණවලදී ද ශ‍්‍රීලනිපයට වඩා වැඩි ඡුන්ද සංඛ්‍යාවක් එජාපය විසින් ලබා ගෙන රටේ ප‍්‍රධානතම පක්ෂය වශයෙන් සිිටි බවයි. එමෙන්ම 1994 සිට ශ‍්‍රීලනිපය නායකත්වය දුන් දේශපාලන සන්ධාන කිසිවක් කිසිදු පාර්ලිමේන්තු මැතිවරණයකින් බහුතර බලය (113* ලබා ගෙන නොමැති බවයි.
අද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යළි යළිත් විධායක ජනාධිපති ක‍්‍රමයම ඉල්ලා සිටීමට, එය රැුක ගැනීමට දක්වන පුදුමාකාර උනන්දුව අපට ඉහත තත්ත්වය තුළ මනාව පැහැදිලි කරගත හැකිය. එක් අතකින් යාවජීව විධායක ජනාධිපති ධූරයක් අනුමත කළ කුප‍්‍රකට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් පක්ෂයකින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන යෝජනා ඉල්ලීම මෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය මතම යැපුණ පක්ෂයකින් එය අහෝසි කිරීමේ යෝජනා අපේක්ෂා කිරීම හාස්‍යයට කරුණක්ම පමණකි. එනිසා යහපාලන ආණ්ඩුවේ, විශේෂයෙන් එජාපයේ වගකීම විය යුත්තේ 1947 සිට මේ දක්වා එජාපය සතුව පවතින ඉතාම පැහැදිලි ජන පදනම මත ඍජු තීන්දුවක් ගැනීමය. 1978 දී එජාපය කළ ඒ ෙඓතිහාසික වරද යළි නිවැරදි කළ හැකි වන්නේ විධායක බලයට ණය නැති එජාපයටම පමණකි.

සටහන
භාතිය බරුකන්ද

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *